ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් උතුරු පළාතේ එළවළු මිල සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
බීජ මිල ඉහළ යාමෙන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ.
උතුරු පළාතේ වැඩි වශයෙන් එළවළු තොග රැගෙන ඒම සිදුකෙරෙන්නේ වව්නියාව ප්‍රධාන එළවළු පොල වෙතයි. සෙසු පළාත්වල ව්‍යාපාරිකයින් එළවලු මිලදී ගැනීම සදහා වව්නියාව පොළ වෙත පැමිණිය ද එළවළු තොග ඉතාමත් සීමිත ලෙස ලැබී ඇති බවයි ඔවුන් පවසන්නේ. ඉන්ධන හිගය හේතුවෙන් ප්‍රවාහන ගැටලු මත මෙලෙස එළවළු තොග ලැබීම අඩුවීම හේතුවෙන් ව්‍යාපාරිකයින් මෙන්ම ජනතාව ද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.
මේ අතර වෙළෙදපලේ බීජ මිල ගණන් ද අධික ලෙස ඉහළ යාම නිසා වගා කටයුතුවලදී ගැටලු රැසකට මුහුණ දී ඇති බව වැලිමඩ එළවළු වගාවේ නියුතු වූවන් පවසනවා.
වෙළෙදපොලේ පවතින බීජ මිල කෙටි කාලයක් තුළ ඉහළ අගයකට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
බීජ සපයා ගැනීමට නොහැකිවීමෙන් බොහෝ දෙනෙකු වගාවෙන් ඉවත්වීමේ අවදානමක් ද මතුව තිබෙනවා. රජය මැදිහත්ව සහනදායී මිලකට බීජ ලබාදෙන ලෙසයි ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ.