ඒකාධිපතියෙකුට බිරිඳක්ව - Eva Braun

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    බිරිඳක් කියන්නේ එක පැත්තකින් ස්වාමි පුරුෂයෙක්ගේ ශක්තිය, අනිත් පැත්තෙන් දුර්වලතාවය කියලා ප්‍රකාශයක් කොහේදීහරි අහලා තියනවා කියලා මතකයි. ඒ ප්‍රකාශයෙන්ම තේරුම්ගන්න පුළුවන් බිරිඳකට තමන්ගේ සැමියාට කොයිතරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. බලපෑම කියන වචනය වැරදි විදිහට තේරුම්ගන්න එපා. කොහොමවුනත් එයින් කියවෙන්නේ බිරිඳ‍ක‍ගේ ක්‍රියාකලාපය මත සැමියාගේ පැවැත්ම කොයිතරම් දුරට තීරණය වෙනවාද කියන එක.

    අපි මේ කතාකරන්න යන කාන්තාව Eva Braun කියන්නේ ලෝක ඉතිහාසයේ එක් තැනක නම කියවුනු විශේෂ කාන්තාවක්. සරලවම කියතොත් ලෝක ඉතිහාසයේ දරුණු ඒකාධිපති ෆැසිස්ට් පාලකයෙක් විදිහට හඳුන්වන ඇඩොල්ෆ් හිට්ලර්ගේ බිරිඳ Eva Braun විදිහට හැඳින්වූවොත් වඩාත් නිවැරදියි. ඒත් ඇය හිට්ලර්ගේ බිරිඳ විදිහට ජීවත්වෙන්නේ පැය 40කටත් අඩු කාලයක් වීම විශේෂත්වයක්.

    1912 උපත ලබන Eva ජර්මනියේ ඈත ගම්මානයක සාම්ප්‍රදායික පවුලක දරුවෙක්. ඇයට හිට්ලර්ව මුණගැහෙන්නේ 1929දි පැවැත්වෙන උත්සවයක් අවස්ථාවකදි. ඒ වෙද්දි ඇය නිරූපණ ශිල්පිණියක් විදිහට හිට්ලර්ට් ඉතාම කිට්ටු ඡායාරූප ශිල්පියෙක් (මුල් අවධියේ හිට්ලර්ගේ පුද්ගලික ඡායාරූපශිල්පියා) හෙන්රිච් හොෆ්මන් යටතේ කටයුතු කලා. පස්සේ කාලෙක ඇය හොෆ්මන්ගෙන් ඡායාරූප ශිල්පය ඉගනගෙන එයින් දස්කම් පෙන්වන්න පටන්ගන්නවා.

    Eva කලාතුරකින් දක්නට ලැබෙන ජර්මන් කතකට හිමි සුන්දර බවින් යුත් තැනැත්තකියක් නිසාවෙන් අවුරුදු 20 පහුවෙද්දිම ඇය හිට්ලර්ගේ හිතවතියක් බවට පත්වෙනවා. දෙවනි ලෝක යුද්ධය කාලේ බර්චෙස්ගැඩන්වල ජීවත්වෙන Eva පස්සේ හිට්ලර්ට ආසන්නම කණ්ඩායමේ සාමාජිකාවක් බවට පත්වෙනවා වගේම හිට්ලර්ගේ නිල ඡායාරූප ශිල්පිණිය සහ සහායිකාව බවට පත්වෙනවා.

    369a200000000000


    ඒ කාලේ සුප්‍රසිද්ධ කතාවක් තමයි හිට්ලර් ආසන්නයෙන්ම හිටපු කාන්තා ආරක්ෂක කණ්ඩායම ගැන. ඉතා දක්ෂ සහ හිට්ලර් වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුනත් සූදානම් කණ්ඩායමක් බව. ඇත්තටම Eva ඒ කණ්ඩායමටත් වඩා හිට්ලර්ට කිට්ටුවෙන් හිටපු කෙනෙක්. හිට්ලර්ගේ ජීවිතයේ බොහෝ වැදගත් අවස්ථාවල වර්ණ ඡායාරූප අරගෙන තියෙන්නේ ඇය විසින්. කොතරම් කිට්ටුවෙන් හිට්ලර් සහ ඊවා ආශ්‍රය කලත් 1944 වනතෙක්ම කිසිම අවස්ථාවක ඔවුන් ප්‍රසිද්ධියේ එකිනෙකා එකට ඉඳගෙන පෙනී ඉඳලා නැති එකත් විශේෂයි.

    1932 වෙද්දිත් හිට්ලර් එකට ජීවත්වෙන්නේ ඔහුගේ ඥාතිවරියක් සමග සබඳතාවයක් පවත්වාගනිමින්. ඒත් කුමක්හෝ ගැටළුවක් අතරේ එම ඥාතිවරිය ගෙලී රූබල් හිට්ලර්ගේ තුවක්කුවෙන්ම වෙඩි තබාගෙන ජීවිත හානි කරගන්නවා. තවත් පිරිසක් කියන්නේ හිට්ලර් ඇයව ඝාතනය කලා කියලා. කොහොම නමුත් හිට්ලර්ගේ ජිවිතේ ඇතිවෙන මේ හිස්තැන පුරවන්න ඉදිරිපත් වෙන්නේ ඊවා, ඒත් හිට්ලර් ඇයට එතරම් වැදගත් තැනක් නොදුන් තැන ඊවා දෙපාරක්ම තමන්ගේ ජීවිතය නැතිකරගන්න උත්සහ කරන්නේ හිට්ලර්ගේ අවධානය දිනාගැනීමට. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 1933 වෙද්දි ඇය හිට්ලර්ගේ පෙම්වතිය බවට පත්වෙනවා. මියුන්ච් නුවර හිට්ලර් රැ‍‍දෙන අවස්ථාවලදි ඇය සමග එක නිවසේ වාසය කරලා තිබෙනවා.

    නාසි පක්ෂයේ දෘශ්ඨිවාදය අනුව කාන්තාව නිවසේ කාර්යභාරය කරගෙන සිටීම සහ පුර්ෂයා දේශපාලන කටයුතු කිරීම යන අදහස නිසා හිට්ලර් Eva ප්‍රසිද්ධියේ බිරිඳ හෝ සහකාරිය කරගන්නා තැනට පත්වෙන්නේ නෑ. ඒත් 1936 ශීත ඔලිම්පික් තරඟාවලිය ජර්මනියේ පැවැත්වෙද්දි ඔහුගේ අසල ඇය සිටිනා ඡායාරූපයක් පුවත්පත්වල පලවීම නිසා දෙන්නාගේ ආල කතන්දරය ජර්මනිය පුරා පැතිරෙන්නට පටන්ගන්නවා.

    Eva Braun épouse Hitler Atlantis Télévision


    කොහොමවුනත් Eva කියන්නේ දේශපාලනයට කැමැත්තක් දක්වපු, නාසි පක්ෂයේ සාමාජිකාවක්වත් වුණු කෙනෙක් නෙවෙයි. ඇය හුදෙක්ම හිට්ලර් වෙනුවෙන් ජීවිතය කැප කරපු කාන්තාවක් විතරමයි කියලා හිට්ලර්ගේ ජීවිත කතාව කෘතියට නගපු ‍හෙයික් ගොරේට්මේකර් එක් තැනකදි කියනවා. බොහෝ විට හිට්ලර්ගේ දේශපාලන කතා සිදුවුණු කාමරයෙන් ඇයට පිටවෙන්න සිදුවුණු අවස්ථා එමටයි.

    හිට්ලර් කියන්නේ සුනඛයන් ඇතිකරන්න දැඩි කැමැත්තක් දක්වපු කෙනෙක්. කාලයක් තිස්සේ හිට්ලර් ඇතිදැඩිකල ‍බ්ලොන්ඩි කියන ජර්මන් ශෙෆර්ඩ් සුරතලා වගේම ඊවාට අයත් සුරතල් බල්ලන් කිප දෙනෙක්ම 1936 හිට්ලර් මිලට ගත්ත කඳුකර බංගලාවේ ජීවත්වෙලා තිබෙනවා. එම නිවසේ ඉතා දැඩි ආරක්ෂාව යටතේ හිට්ලර් සහ ඊවා ඇතුළු පිරිස ඇතැම්කාල ගතකරලා තිබෙනවා.

    1024px Bundesarchiv B 145 Bild F051673 0059 Adolf Hitler und Eva Braun auf dem Berghof


    1945 දි හිට්ලර්ගේ නාසි හමුදාවේ බලය හීනවෙලා ඔහු ඇතුළු ආශ්‍රිතයින් ආරක්ෂාව වෙනුවෙන් යටිබිම්ගත වෙනවා. ඒ වෙද්දි හිට්ලර් අතහැර යන්නේ නැතිව Eva ඔහු සමග බංකරයේ ජීවිතය අරඹනවා. රතු හමුදාව වේගයෙන් ආක්‍රමණය අරඹා තිබියදීත් හිට්ලර්ව අතනොහැර ගිය මේ කාන්තාව තමන්ගේ ජීවන සහකාරිය විදිහට බාරගන්න හිට්ලර් තීරණය කරනවා. බංකරය ඇතුලේ ඉතා චාම්ව පැවති විවහයකින් පස්සේ Eva Braun නමින් ජීවත්වුණු ඇය Eva Hitler බවට පත්වෙනවා. ඒ අප්‍රේල් මාසේ 28 වෙනිදා. පසු දින සාම්ප්‍රදායික උදෑසන භෝජනයක් බංකරය තුල පැවැත්වෙන්නේ හිට්ලර්ගේ සහ ඊවාගේ විවාහය වෙනුවෙන්.

    55424da56bb3f7be1c009eef


    අප්‍රේල් 30 වෙද්දි රතු හමුදාව හිට්ලර් සිටි බංකරය ආසන්නයට පැමිණි සිටියදී හිට්ලර් සහ ඊවා තමන්ගේ ආශ්‍රිත කණ්ඩායමට සමුදීලා ඔවුන්ගේ බංකර් කාමරයට පිටත්ව යනවා. ඒ සවස 1 විතර වෙද්දි, සවස 3.30 විතර බංකර් කාමරය තුලින් ඇහෙන වෙඩි හඬ නිසා බංකරය තුල හිටපු හිට්ලර්ගේ ආශ්‍රිතයින් කාමරය ඇතුලට යද්දි දකින්නේ එහි සෝපාව මත මියගොස් සිටින හිට්ලර් සහ ඊවා. හිට්ලර් තමන්ගේ පුද්ගලික පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙනත්, ඊවා ඔහු අසල සිට විෂ සහිත කැප්සියුලයක් පානය කර ජීවිත හානි කරගෙන තිබුණේ රතු හමුදාවට අසුවීම වැලැක්වීමටයි.

    article 2617784 1D80092600000578 274 636x382


    මොහොතකට පසුව ඔවුන්ගේ සිරුරු පිටට ගෙන ගිනිතබා විනාශ කරන්නට නාසි කණ්ඩායම කටයුතු කරන්නේ හිට්ලර්ගේ සිරුර පවා රතු හමුදාවට හසුවීම වැලැක්වීමටයි. පසුව රුසියානු බුද්ධි අංශ හිට්ලර්ගේ වෛද්‍යවරයාගේ සහය සහිතව ඔවුන්ට පසුව හමුවෙන මිනිස් අළු සහිත මංජුසා කිහිපයක තිබූ අස්ථි සහ දත් පරික්ෂාවෙන් ඒවා හිට්ලර්ගේ සහ ඊවාගේ බව සනාථ කරනවා.

    වසර 33ක් තරම් කෙටි Eva Braun ගේ ජීවිත කතාවේ වැඩි කොටසක ඇය කටයුතු කරන්නේ චිරප්‍රසිද්ධ ඒකාධිපතියෙකුට බිරිඳක් හා සමානවය. ඒත් ඇයට නීත්‍යානුකූලව ඔහුගේ බිරිඳ ලෙස දිවි ගෙවන්නට ලැබෙන්නේ පැය ගණනාවක් විතරයි. ඒත් ලෝක ඉතිහාසයේ හිට්ලර් ගැන කියවෙන බොහෝ තැන්වලදි මැකී යන ඊවාගේ කතාව අද ජර්මනියේ පවා බොහෝ දෙනෙක් නොදන්නා කතාවකි.

    උපුටා ගැනීම - www.her.lk
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,613
    113
    Colombo
    හිට්ලර් ගෙ බොඩි එකේ පොටෝ තියනවද ??

    පොර බ්‍රසීලෙට පැනල ගියා කියල කතාවක් තියනව.
     

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    හිට්ලර් ගෙ බොඩි එකේ පොටෝ තියනවද ??

    පොර බ්‍රසීලෙට පැනල ගියා කියල කතාවක් තියනව.
     

    Attachments

    • 638442cb-0001-0004-0000-000000621574_w996_r1.77_fpx68.08_fpy50.jpg
      638442cb-0001-0004-0000-000000621574_w996_r1.77_fpx68.08_fpy50.jpg
      73.4 KB · Views: 115
    • reports-of-adolf-hitlers-death.jpg
      reports-of-adolf-hitlers-death.jpg
      38.5 KB · Views: 151

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    හිට්ලර් ගෙ බොඩි එකේ පොටෝ තියනවද ??

    පොර බ්‍රසීලෙට පැනල ගියා කියල කතාවක් තියනව.
    ඔය ප්‍රසිද්ද අය මරුනහම ගොඩාක් වෙලාවට ඔහොම කතා කියනවානේ බන්