ඒකාබද්ධ විපක්‍ෂය තහනම් ........

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ඒකාබද්ධ විපක්‍ෂය තහනම් ........

පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නමින් ඊයේ (28 දා) අප වෙත ඉතා සුවිශේෂී මාධ්‍ය නිවේදනයක්‌ එවනු ලැබ තිබේ. ජනමාධ්‍ය ලේකම්වරයා මෙම නිවේදනය එවන්නේ ජනමාධ්‍ය ප්‍රධානීන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඉතාම සුහද ලෙසත් අවබෝධාත්මකවත් සිදුවූ

රැස්‌වීමට පසුදා වීම ද විශේෂය. ජනමාධ්‍ය නිදහස යන්න පුන පුනා උත්කර්ෂයට නංවමින් එහෙත් අපට හැඟෙන ආකාරයට කිසියම් දැඩි ස්‌වරයක්‌ද සහිතව එවා ඇති මෙම ලිපිය අපි අපගේ පාඨකයාගේ සහ හුදී ජනතාවගේ පහන් සංවේගය පිණිස කිසිදු සංස්‌කරණයකින් තොරව මේ සමඟ සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරන්නෙමු.


සියලු මාධ්‍ය ආයතන හා සියලු මාධ්‍යවේදීන් වෙත ඉතා ගෞරවයෙනි,

උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත කිරීමට ඉඩ නොතබමු·

යහපාලනය මත පදනම් වූ වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය අනුව කිසිදු වාරණයකින් තොරව මෙරට මාධ්‍ය නිදහස රිසි සේ දලුලා වැඩෙන්නට ඉඩදී තිබියදී නීතියට, සදාචාරයට හා ජනමාධ්‍ය කලාවේ වෘත්තීය ආචාරධර්මවලට ද පටහැනිව යම් යම් පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා එය ඉතා සූක්‍ෂම ලෙස අවභාවිතා කිරීමක්‌ පිළිබඳව මා වෙත වාර්තා වී ඇති බැවින් ඒ පිළිබඳව ඔබගේ ගෞරවනීය අවධානය යොමුකරවමි.

වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය කුමක්‌ද යන්න ඉතා පැහැදිලිව අර්ථ නිරූපණය කර තිබියදී එකී විපක්‍ෂයට අයත් විපක්‍ෂ නායකවරයා නියෝජනය කරන දේශපාලන පක්‍ෂයේ හෝ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නියෝජනය කරන දේශපාලන පක්‍ෂයේ කිසිදු සම්බන්ධතාවයකින් තොරව ආණ්‌ඩු පක්‍ෂය නියෝජනය කරන්නාවූ එක්‌ ප්‍රධාන දේශපාලන පක්‍ෂයකට අයත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එක්‌ව "ඒකාබද්ධ විපක්‍ෂය" නමින් කිසියම් සංවිධානාත්මක දේශපාලන ප්‍රචාරක කටයුත්තක නිරත වී ඇති බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හා ඇතැම් මාධ්‍යවේදීන් කිසිදු වග විභාගයකින් තොරව එය ප්‍රවර්ධනය කිරීම සඳහා අනුබල දෙමින් සිටින බවත් එකී වාර්තාවල සඳහන් වේ.

වත්මන් යහපාලන රජය බලයට පත් වී ගෙවී ගිය පළමු වසර තුළදීම මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දර්ශකයේ පියවර 24 ක්‌ ඉදිරියට රැගෙන එමින් මෙරට මාධ්‍ය නිදහස තවදුරටත් ශීඝ්‍රයෙන් පුළුල් කරදීම වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය වී තිබියදී එකී උතුම් වූ මාධ්‍ය නිදහස Rජුවම අවභාවිත කරමින් ජනතාව නොමඟ යවන්නා වූ පද භාවිතයක්‌ සඳහා මාධ්‍ය දායකත්වය ලබාදීම ඉහත කී පරිදි නීතියට, සදාචාරයට මෙන්ම වෘත්තීය ආචාරධර්මවලට ද පටහැනිය.

තවද මෙහි පවත්නා දොaෂසහගතභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමා විසින් ද දැඩිව අවධානය කර ඇති බව ඉතා හොඳින් දන්නා පළපුරුදු, කීර්තිමත්, පරිණත මාධ්‍යවේදීන් වන ඔබ මෙවැනි අවභාවිතයන් ක්‍රියාවට නැංවීම සඳහා දායක වීමෙන් ඔබගේ වෘත්තීය ගරුත්වයට සිදුකර ගන්නා හානියද සුළුපටු නොවේ.

එපමණක්‌ ද නොව ඔබ විසින් දැන හෝ නොදැන මෙබඳු අවභාවිතයකට ඉඩදීම හෝ එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායකවීම තුළින් අනවශ්‍ය, අහිතකර හා නීති විරෝධී පූර්වාදර්ශයක්‌ සමාජගත වීම වැළැක්‌විය නොහැකි අතර එමගින් ඔබ නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමට ද ඉඩ ඇත. එහි වඩාත් අහිතකර ප්‍රතිඵලය වන්නේ ඉදිරියේදී විවිධ පුද්ගලයන් විසින් මෙවැනි මාධ්‍ය අවභාවිතයන් ඔස්‌සේ තම පටු අරමුණු මුදුන්පමුණුවා ගැනීමේ ප්‍රවණතාවයක්‌ නිර්මාණය වීමය.

එබැවින් ඉතාමත් සංවේදී කාරණයක්‌ වන උතුම් වූ මාධ්‍ය නිදහසට අබමල් රේණුවක තරම් හානියක්‌ නොවන පරිදි එය තව තවත් පුළුල් කිරීමේ උදාර අරමුණින් මෙවැනි අවභාවිතයන් නිෂ්ක්‍රීය කිරීමේ තීන්දුවට එළඹීම සඳහා තම හෘද සාක්‍ෂිය පමණක්‌ම විනිශ්චයාසනාරූඪ කරවා කටයුතු කරන මෙන් මෙරට සමස්‌ත පොදු ජනතාවට තොරතුරු වාර්තා කිරීමේ ඒකායන අධිෂ්ඨානයෙන් යුක්‌තව ඉතා ගෞරවයෙන් ඉල්ලමි.

ලේකම් පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය


http://www.divaina.com/2016/04/29/news05.html
 
Last edited:

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඒකාබද්ද විපක්ෂයෙන් මේ ගැන ප්‍රකාශයක් කරලා නැද්ද
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒකාබද්ද විපක්ෂයට පුදුම බයක්නේ තියෙන්නෙ....
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    32.jpg