ඒක තියන්නේ නෑ. දැන් ඔයාල ගෙදර යන්න.

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මැකො සූදානම් වුවත් ඡන්දය කල් යන හැඩ

    කල් දමනු ලැබූ පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මස විසිපස් වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති නමුත්,මැතිවරණය තවදුරටත් කල් යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

    මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා ඇතත් ,මෙතෙක් එම මුදල් නිදහස් නොකිරීම හේතුවෙන් මැතිවරණය කල් යනු ඇති බව එම ආරංචිමාර්ග වලින් පැවසේ

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය ලබන අප්‍රේල් මස 25 වැනි දා බවට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා රැස්වී තීරණය කළේය.

    මේ අතර, පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 28 වැනිදා සිට 31 වැනි දා දක්වා දින හතර තුළ සිදු කිරීමට ද කොමිෂන් සභාව තීරණය කර ඇත .

    පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව මුලින් තීරණය කර තිබුණ ද, මුදල් ප්‍රතිපාදන සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන්,එය කල් දමනු ලැබීය.

    මේ අතර, මැතිවරණය සඳහා අයවැයෙන් වෙන්කරන ලද මුදල් නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉකුත් දා අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.

    තත්වය එසේ වුවද මුදල් අමාත්‍යාංශය අදාළ මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිකුත් කර නොමැති බව දැනගන්නට තිබේ.

    මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා,රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා ඉකුත්දා කොමිෂන් සභාවට කැදවනු ලැබුවද ඊට සහභාගි වූයේ පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය පමණි .

    ආරක්ෂක මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන බැවින් ,තමා ඊට සහභාගී නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.

    ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පියවර ගන්නා ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයා රජයේ මුද්‍රණාලයාධිපතිනියට දැනුම් දී ඇති අතර ඇය සඳහන් කර ඇත්තේ මුදල් ලබා දෙන්නේ නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ හැකි බවය.

    මේ අතර රජයේ මුද්‍රණාලයාධිපති නිය ඉකුත් බදාදා මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය රුපියල් කෝටි 30ක මුදලක් ලබා දෙන ලෙසය.

    ඒ සමගම ඇය පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබුණේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙසටය.

    එසේ වුවද පවතින තත්වය හමුවේ ඇතිව තිබෙන කඹ ඇදිල්ල හේතුවෙන් මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වීමට නොහැකි වනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    රනිල්ට ජනවරමක් ලැබුනෙ වැඩ බැරි පොන්න නන්දයා විනාස කරපු රට ගොඩදාන්න මිසක් ඡන්ද තිය තිය රටේ සල්ලි නාස්තිකරන්න නෙවෙයි
     

    Sen-lu

    Well-known member
  • රනිල්ට ජනවරමක් ලැබුනෙ වැඩ බැරි පොන්න නන්දයා විනාස කරපු රට ගොඩදාන්න මිසක් ඡන්ද තිය තිය රටේ සල්ලි නාස්තිකරන්න නෙවෙයි
    ජනවරම කීවෙ පොහොටාටුවේ 134 ද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,675
    87,053
    113
    ආශ්චර්යමත් රටක
    පුස් ඇටයා : දැන් රට දියුණුයි රටේ ඇති තරං සල්ලි තියෙනවා.

    Also පුස් ඇටයා : ඡන්දෙ තියන්න සල්ලි නෑ. ඉහි ඉහි
     
    • Like
    Reactions: Dubairox

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල

    ගොටාට කඩෙ ගිය උන් තමා අයේ චන්ද ඉල්ලන්නෙ. ඔකුන්ගෙ චන්ද අයිතිය නැති කරලා දාන්නම ඔනේ. :lol: :lol:

     
    • Love
    Reactions: monson

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    2024 thama dates
    apita awee
    ඔව් සූදානම් සරීරෙන් ඉන්න එක හොඳයි. ලං වෙනකොට වෙනස් වෙන්න පුළුවන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    :lol:


    xiXeCIH.jpg
     
    • Love
    Reactions: EVC

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ IMFඑකේ හිත රිදවන්නත් හොදනෑ..

    Amarica වෙ හිත් බිදින්නත් හොදනෑ..

    ඒ ඔක්කොටම වඩා නාමල් පුතාව අන්කල් ඒදණ්ඩෙන් අතින් අල්ලාන එතෙර කරවන්න ශිරන්ති නන්ගිට වෙච්චි පොරොන්දුව කඩන්න හොදම නෑ...👨‍👦
    ඒ පොරොන්දුව මතනෙ ඔයාට 2022 අගමැතිකමත් දුන්නෙ අන්කල් 😁😁

    No election - bye - See you in 2048😁😁😁
     
    • Haha
    Reactions: Thoththa_Baba

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    1988/89 කලබල ඇති උනෙ ජෙප්පන්ට පලාත්සබා එපා කියල නෙද?
    දැන් එවා ඔන කිය කියල කලබලකරන්නෙ ඇයි මුන්?