ඒක ලොකු ප්‍රශ්නයක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    3,023
    7,468
    113
    43
    Living in an Atom
    425523418_352835211048687_6422709740779625416_n.jpg

    අද දවල් අවුරුදු 18 ක්වත් නැති වගේ පේන පොඩි එකෙක් කරන බඩ ඉරිඟු කඩයක් හම්බුණා. මාත් එකක් ගත්තා. මේක රුපියල් 100 යි. හැබැයි එ‍් වෙලාවෙ දැක්ක දෙයක් නිසා පොඩ්ඩක් මේ ගැන ලියල දාන්න ඕනමයි කියල හිතුණා.

    තම්බපු බඩ ඉරිඟු මම අ‍ාසම කෑමක්. එ‍් නිසා නිතරම කනවා. රසටත් වඩා බඩ ඉරිඟුවලට අ‍ාස එ‍්ක ස්වභාවික කෑමක් නිසා. ගහේ තියෙන ඉරිඟු කරල අරන් ලුණු වතුරෙ තම්බන එක විතරයිනෙ වෙන්නෙ. ෂෝට් ඊට් වර්ග වගේ ජාති හැට හුට හමාරක් දාලා තෙල්වල බැදලා හදන දේකට වඩා මේක පොඩ්ඩක්වත් බය නොවී කන්න පුළුවන් කෑමක්.

    බඩ ඉරිඟු නිතරම කන නිසා මම දන්න දෙයක් තමයි එ‍්ක විකුණන සාමාන්‍ය විදිහ. මෙච්චර කාලෙකට ගත්ත හැම බඩ ඉරිඟුවක්ම අතට හම්බුණේ පොලිතින් බෑග් එකක දාලා. ගමනක් යන ගමන් හරියට අත හෝදන්න අමාරු නම් දූවිලි ගෑවෙන් නැතිව කන්න එ‍්ක හොඳ ක්‍රමයක්. හැබැයි ඉතින් රස්නෙ බඩ ඉරිඟුවක් පොලිතින් බෑග් එකේ දාල අල්ලගෙන ඉන්න ලේසි නැති බව දන්නවනෙ. අත පිච්චෙනවා.

    හැබැයි මේ‍ පොඩි එකා පාවිච්චි කරන්නෙ වෙනස් ක්‍රමයක්. බඩ ඉරිඟු තම්බන මුට්ටියටම බඩ ඉරිඟුවෙ වටේ තියෙන මේ කොළෙත් ගලවලා දානවා. ටිකක් තැම්බුණාම කොළ ටික අරන් වෙනම ගොඩ ගහනවා. බඩ ඉරිඟු විකුණද්දි එ‍් වෙලාවෙ කන අයට අතට දෙන්නෙ මේ කවරෙ ඔතලා.

    ලොකුවට කතා කර කර හිටියෙ නැති වුණාට එ‍් අ‍ැයි කියල අ‍ැහුවාම කිව්වෙ තැම්බෙන වතුරට මේ කවරෙ දැම්මාම බඩ ඉරිඟු වැඩිපුර රස වෙනවලු. අනික තැම්බුණාම මේ කවරෙ ඉරෙන්නෙත් නෑලු. පොලිතින් බෑග් එකකට රුපියල් 5 ක් දෙන්න ඕන නිසා මේ ක්‍රමේ ලේසියිලු.

    මේක කන ගමන් මට කල්පනා වුණේ මේ පොඩි එකා මොන තරම් මොළේ තියෙන එකෙක්ද කියලා. කියපු කතාවෙ අ‍ැත්තක් තියෙනවා, අ‍ැත්තටම එ‍් බඩ ඉරිඟු සෑහෙන රසයි. කවරෙ තම්බපු නිසාද නම් දන් නෑ. හැබැයි රස වැඩි වෙන කතාව පැත්තකින්ම තිබ්බත් මේ ක්‍රමය මොන තරම් සාර්ථකද බලන්න.

    ගොඩක් වෙලාවට බඩ ඉරිඟු තම්බන අය කරන්නෙ මේ කවරෙ සම්පූර්ණ ගලවලා පැත්තකට දාලා ඉරිඟු ටික විතරක් තම්බන එක. ඊට පස්සෙ පොලිතින් බෑග්වල දාල විකුණනවා. බඩ ඉරිඟු තැම්බුණාම තියෙන 80°-90°C උෂ්ණත්වය එක්ක එ‍්ක හිතකරද කියන එකත් ලොකු ප්‍රශ්නයක්. අනික අ‍ැත්තටම බෑග් එකට පිටින් අ‍ැල්ලුවත් අත පිච්චෙනවා.

    මේ කවරෙ එ‍් අතින් මොන තරම් සාර්ථකද? වෙනම පොලිතින් බෑග් ඕන නෑ. අතේ දූවිලි තිබුණත් කවරෙන් අල්ලගෙන කන්න පුළුවන්. අනික බඩ ඉරිඟුවලම කවරෙ නිසා ගාණට එ‍්කෙ ප්‍රමාණයට එතිලා තියෙනවා. කිව්වා වගේම තැම්බිලා නිසාද මන්දා කවරෙ මාර හයියයි. උවමනාවෙන් ඉරන්න හැදුවත් ඉරන්න අමාරුයි. අනික දුම් දාන තරම් රස්නෙ ඉරිඟු කරලක් වුණත් මේ කවරෙන් අල්ලද්දි අත පිච්චෙන්නෙ නැහැ. රස්නෙ නිසා පොලිතින් බෑග් එක වගේ අහිතකර දෙයක් එකතු වෙන්නෙත් නෑ කියල ෂුවර්නෙ. අනික කන්න අ‍ාස හිතෙන හොඳ සුවඳක් පවා එනවා. බඩ ඉරිඟුව කාලා ඉවර වෙනකල්ම රස්නෙටත් තියෙනවා.

    කාලා ඉවර වුණාට පස්සෙ හිතුණෙ එ‍්කෙ තවත් පැතිකඩ කීපයක් ගැන. එක අතකින් පොඩි එකාට හවසට විසි කරන්න ගොඩක් බඩඉරිඟු කවර ඉතිරි වෙන් නෑ. මොකද වැඩි හරියක් ගන්න අය අතේම යවනවනෙ. අපිට වුණ‍ත් කාලා මේක විසි කරද්දි ඕනම තැනක දාන්න වුණත් බයක් නෑ. පොලිතින් කවරෙක ඔතලා විසි කරොත් එ‍්ක පරිසර හානියක්. ඉරිඟු cob එක කන සතෙක්ට වුණත් පොලිතින් කැවෙන්න පුළුවන්. හැබැයි මේ කවරෙ එහෙම කිසිම බයක් නෑනෙ. 100% ස්වභාවික නිසා පරිසරයට කිසිම හානියක් නැතිව ඉබේම දිරල ගිහින් පොහොරකුත් වෙයි.

    මට තියෙන ප්‍රශ්නෙ ලංකාවෙ බඩඉරිඟු තම්බලා විකුණන අයට මේ අදහස අ‍ැවිත් නැත්තෙ අ‍ැයි කියලා. කොටින්ම දුර ගෙනියන කෙනෙක්ට පොලිතින් බෑග් එකක දාලා දෙනකොට වුණත් මෙහෙම මේ කවරෙන් ඔතලා දුන්නා නම් පිච්චෙන එක අවම වෙනවා. පොලිතින් අංශු රස්නෙත් එක්ක බඩ ඉරිඟුවට එකතු වෙන එකත් නවතිනවා.

    ඉතින් කවුරු හරි අහම්බෙන් මේක දැක්කා නම් එ‍් ගැනත් හිතන්න. Share කරත් කමක් නෑ, හැබැයි ඊටත් වඩා හොඳම දේ මේක මතක තියාගෙන ගිහින් තමන් බඩ ඉරිඟු කන වෙලාවට විකුණපු මනුස්සයාට මේ කතාව කියන්න. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න හොඳම ක්‍රමය වැඩි දෙනෙක් මේ ක්‍රමයට හුරු කරන එක.

    එ‍්ක කන අපිටත් හොඳයි, පරිසරයටත් හොඳයි, විකුණන මනුස්සයාටත් වාසියි.

    Indrajith Gamage

    lilman

    Well-known member
  • May 10, 2009
    35,699
    45,692
    113
    Colombo

    අහ් ජම්ගියගෙ තවත් ෆේක් එකක්...
     
    • Haha
    Reactions: Xi Jinping

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,430
    20,557
    113
    Fantasy
    බඩ ඉරිගු කරලට ගහන වස විස ඔක්කොම මේ කරලේ පොත්තේ බව අමතක කරන්ඩ එපා. ඒක තව තැම්බෙන බඩ ඉරිගු මුට්ටියට දාලා තැම්බෙන කරලත් ඒ විසෙන් පොගවන බව අමතක කරන්ඩ එපා
     
    • Like
    Reactions: gamerlk

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    7,348
    12,808
    113
    බඩ ඉරිගු කරලට ගහන වස විස ඔක්කොම මේ කරලේ පොත්තේ බව අමතක කරන්ඩ එපා. ඒක තව තැම්බෙන බඩ ඉරිගු මුට්ටියට දාලා තැම්බෙන කරලත් ඒ විසෙන් පොගවන බව අමතක කරන්ඩ එපා
    :yes: :yes:
     
    Similar threads