ඒ ආප්ප ද?
චන්ද්‍රසිරි, බිරිය විසින් පිළියෙල කරන ලද රාත්‍රී ආහාරය වළදා සාලයේ වාඩිවී පුවත්පතක් බලමින් සිටියේය. ඔහුගේ දුවත් පුතාත්, තම මව සමඟ කෑම මේසය වටා හිඳ රාත්‍රී ආහාරය ගනිමින් සිටියෝය.
‘හොඳට අඹරලා ගත්තු දියාරු පොල් සම්බෝලෙකුයි, සාම්බාරු හොද්දකුයි තිබුණා නම් ඔය රෑ කෑම වේලට මරේ මරු.’ ඔවුන් ආහාර බුදින ආකාරය දෙස බලා චන්ද්‍රසිරි කීවේය.
‘තාත්තට පිස්සු ද? අම්මා මේ හදලා තියෙන්නෙ තෝසෙ යැ. ආප්පනෙ.’ අකිලා සිනාසෙමින් කීවාය.
‘එහෙම නං දැන් ටිකකට කලින් මං කෑවේ ආප්ප ද?’ චන්ද්‍රසිරි පුදුම වෙමින් ඇසීය.
අටවැනි පුදුමය
“දවසක් දා අපෙ මහත්තයා මට කිව්වනෙ අනේ ‘ඔයා තමයි මේ ලෝකෙ මට මුණ ගැසුණු අටවැනි පුදුමේ’ කියල.” යමුනා තම මිතුරියක වන චම්පා සමඟ කීවාය.
‘ඉතින්...?’ චම්පා වහා ඇසුවේ පුදුම වෙමිනි.
‘ඉතින් මම කිව්වා, හැබැයි ගොයියො, ඔයා කවදාවත් ඔය ඉතුරු පුදුම හතෙන් එකක් එක්කවත් ඉඳලා මට අහුවෙන්ඩ එහෙම එපා කියල.’ යමුනා කීවේ කෝපයෙනි.
හඳයි - බකමූණයි
ඉතා රූමත් තරුණියක් බස් රථයක් අපේක්ෂාවෙන් බස් නැවතුම් පළේ සිටියාය. එතැනට හදිසියේම පැමිණි සිරිමාන්න ඈ දෙස බලා, කෑදර සිනාවක් පාමින්, අහස දෙසට මුහුණ දික්කොට මෙසේ කීවේය.
‘හඳ පායන්නෙ රෑටනෙ. මේ මහ දවාලෙ මෙතනට හඳක් පාත්වුණේ කොහොම ද මන්දා!’
තරුණිය නොපහන් ලීලාවෙන් සිරිමාන්න දෙස බලා තමන්ටම මෙසේ කියා ගත්තාය.
‘බකමූණා අඬන්නෙ රෑටනෙ. මේ මහ දවාලෙ බකමූණෙක් මෙතනට කඩා පාත්වෙලා අඬන්නෙ කොහොමද මන්දා.’
හිටියා ඇති
‘මට හිතෙනවා සුනිල්, මම මේ ආයතනයෙ පත්තරේක හිටියා ඇති කියල. මම මෙහෙන් යන්ඩයි තීරණය කරලා ඉන්නෙ.’ උපාලි සවස තේ බොමින් සිටියදී තම වෘත්තීය සගයකු වන සුනිල් සමඟ කීවේය.
‘උඹ ඕක කිව්වහම මට එකපාරටම මතක් වුණේ අර එළදෙනගෙයි මැස්සාගෙයි කතාව.’ සුනිල් සිනාසෙමින් කීවේය.
‘මොකද්ද ඒ කතාව?’ උපාලි කුතුහලයෙන් දෑස් දල්වා ඇසීය.
“එළදෙනෙකුගෙ ඇඟේ කාලයක් තිස්සෙ වහලා හිටිය මැස්සෙක් දවසක්දා එළදෙනගෙ කනට කරලා කිව්වලු ‘මම දැන් උඹේ ඇගේ වහල හිටියා ඇති. මම වෙන තැනකට දැන් යන්ඩයි යන්නෙ’ කියල. එතකොට එළදෙන පුදුම වෙලා, ‘ඇත්ත ද උඹ මෙච්චර කල් මගෙ ඇඟේ වහලා හිටිය ද?’ කියලා ඇහැව්වලු.” සුනිල් සෝපහාසයෙන් කීවේය.
මඤ්ඤොක්කයි, ඉඟුරුයි
වෙළෙඳ සංගමයේ රැස්වීමට කල්වේලා ඇතිව පැමිණි සිරිල් බෙහෙත් බඩු කඩේ වෙද මහතා ගෙන් මෙසේ ඇසුවේය.
‘වෙද මහත්තයා, ඔය මඤ්ඤොක්කා වලට ඉඟුරු මුහු වුණාම බොහොම විසයි කියන එකේ ඇත්තක් තියෙනව ද?’
‘මේ මොනවා කියනව ද සිරිල් මහත්තයො. ඒ විස මාරාන්තිකයි. ඔය හන්දියෙ තිබුණු පරණම සිල්ලර කඩේ මුදලාලි දවසක් දා පිටකොටු ගිහින් බඩු තොගයකුත් අරගෙන ඇවිත් තියෙනවා. මඤ්ඤොක්කා අල තොගේකුයි, ඉඟුරු පාර්සලයකුයි ඒ බඩුවල එක ළඟ තිබිලා. මිනිහා බඩු මල්ලත් කරගහගෙන කොටිකාවත්ත හන්දියෙ පාර පනිද්දි බස් එකකට යටවෙලා මළානෙ.’ වෙද මහතා කීවේය.
එඩ්වඩ් චන්ද්‍රසිරි
Source by Silumina 15/12/13