ඒ කාලේ මගේ අතේ සතේ නෑ - බැසිල්
මං ඉස්කෝලෙ යන කාලේ හොස්ටල් ගාස්තුවටවත් සල්ලි තිබුණේ නෑ
තමන් අධ්‍යපානය ලබන කාලයේ නේවාසිකාගාරයට දෙන්නවත් මුදල් නොතිබූ බවත් පවුලම නැගිට්ටේ අම්මාගේ ධෛර්යයෙන් බවත් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ ගම්පහදී පැවති ‘ලිය අබිමන් – දිරිය දරු නැණ පහන්’ වැඩසටනේ උත්සව සභාවක් අමතමිනි.
ඇමතිවරයා එහිදී මෙසේද කීය.
‘අපේ පවුලේ නව දෙනෙක් හිටියා. මගේ පියා මට නැති වුණේ මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අවුරුද්දේ. ඒ වෙද්දී අපේ පවුලේ රැකියාව කළේ දැන් කතානායකතුමා වන මගේ ලොකු අයියා විතරයි. මට බාල සහෝදරයකුයි, සහෝදරියො දෙන්නෙකුයි හිටියා. මගේ තාත්තා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයෙක්ව සිටියත්, තාත්තා නැති වුණාට පස්සේ මට හොස්ටල් එකට ගෙවන්න සල්ලි තිබුණේ නැහැ.
අපිට සල්ලි ලැබුණු පොල් ඉඩම අවුරුදු දෙකකට බදු දීලා තිබුණේ. නමුත් ඒ අවස්ථාවේ අපට උදවු කරන්න කිහිප දෙනෙක් හිටියා. මගේ මෑණියන්ගේ ධෛර්යයෙන්, ඒ වගේම අපේ පවුලේ හැම දෙනාගේ එකමුතුවෙන් අපි නැගී සිටියා.
අපට උදවු කළ කිහිප දෙනාගේත්, මගේ මැණියන්ගෙත් ධෛර්ය නිසා තමයි මේ රටේ නායකයා බවට මගේ සහෝදරයා පත් වෙලා ඉන්නේ’
පව් නේද බන් ?

මට නම් ඇඬෙනව.උඹලට ඇඬෙන්නේ නැද්ද?