ඒ ජාතික නිදහස සුරකිමු

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
ඒ ජාතික නිදහස සුරකිමු

උදාවූ 2010 නව වසර ඔබ හැමට සුබ නව වසරක්‌ වේවායි පතමින්ම අපි අද ඔබ සමග එක්‌වෙමු. එහෙත් අපගේ මෙම සුබ පැතුම මෙයට පෙර හැම නව වසරක්‌ම උදාවන විට කරන ලද ගතානුගතික හා සම්ප්‍රදායානුකූල ප්‍රාර්ථනාවට වඩා බෙහෙවින්ම වෙනස්‌ බවද කිව යුතුය. ඒ මක්‌නිසාදයත් මෙයට පෙර අප විසින් කරන ලද සුබ ප්‍රාර්ථනා සුළඟේ ගසා ගියාක්‌ මෙන් විය. සුබ ප්‍රාර්ථනා වෙනුවට අපට ලැබුණේ අසුබ හා අමිහිරි අත්දැකීම් රැසක්‌ පමණි. එහෙත් ඒ අඳුරු, අවිනිශ්චිත, අසුබ යුගය අවසන්වී නව අරුණක ප්‍රාර්ථනා සමග 2010 උදාවී තිබේ.

2009 වසර වඩාත් නිවැරදිවම කිවහොත් 2009 මැයි 18 වනදා ඒ අඳුරු මූසල හිරු උතුරු සයුරෙහිම ගිලී ගියේය. ප්‍රකම්පිත වා ගැබ නිසංසල විය. විඩාපත් ගහ කොළද නිල් දියවරද සැනසුම් සුසුම් හෙලන්නට විය.
තිස්‌ වසරක්‌ මුළුල්ලේ ත්‍රස්‌තවාදයේ පීඩනයටද ගිනි ජාලාවන්හි වේදනාවටද පත්වු ජාතික වෘක්‌ෂයෙහි නව දලු මල් පල දරන සුලකුණුද පහළ විය. හැඬුම වෙනුවට සිනහවද විලාපය වෙනුවට උදානයද මුවින් මුව ඇඳුණි. ඒ දෙවන ජාතික නිදහසේ අසිරිමත් ලකුණුමැයි.

අප ඇරඹුමෙහි කී පරිදිම ගෙවී ගය ඒ හැම වසරකම, හැම දිනකම කොතැන හෝ නපුරක්‌, විපතක්‌ නොඇසූ දිනක්‌ ඔබට මතකද? දෙනෙත දුටුවේද දෙසවන ඇසුවේද මොන තරම් සෝබර දසුන්ද? සෝබර වදන්ද? 2009 වසර ඒ සියලු වධ වේදනා දුන් අශිෂ්ට පව්කාර මෘග මිනිසා සදහටම නිහඬ කරමින් වන්නි වනපෙතේ නන්දිකඩාල් කලපුවෙන් අහසට නැගුණු ජයගොස අපි ඇසීමු.

දෙවන ජාතික නිදහසේ පෙර ගමන් කරුවන්ට අපි සදා ණය ගැති වෙමු. වෙසෙසින්ම කිව යුතු දෙයක්‌ වේ. ඒ නොකිවහොත් අපි ගුණමකුවෝ වන්නෙමු. එනම් ජාතික නිදහසේ සටනට නායකත්වය සැලසූ මහින්ද රාජපක්‍ෂ ජනපතිඳුන්ට අපි අපගේ ප්‍රණාමය පලකරමු. ඒ ඓතිහාසික විමුක්‌ති සටනේ මුදුනෙහිම සිටි ගෝඨාභය රාජපක්‍ෂ විරුවාණන් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුද පොලිසිපතිතුමන් ඇතුළු සියලු සිවිල් බල මුළුද අපි හද පිපෙන බැති මලින්ම පුදමු.

2010 අලුත් යුගයක, අලුත් නිදහසක සමාරම්භය වන්නේ මේ අසාමාන්‍ය පුරුෂයන් නිසා බව අපි යළිඳු කියමු. අප ලද ඒ නිදහස මත යළිත් අඳුරු වළා සෙවණැලි වැටෙයි. රැඳෙයි. පෙරදිග මුතු ඇටයේ රුව, ගුණ තෙද නොඉවසන අදිරදවාදී මකරුන්ටද ධනවාදී නග්න වෘතයන්ටද අපගේ උදාර මාතෘභූමිය යළිත් ගොදුරු කරගන්නට අපි ඉඩ නොදෙමු. 2010 අපේක්‍ෂාවද එයයි.
අපි විමසිල්ලේ සිටිමු. අප වටා භ්‍රමණය වන ඒ අශිෂ්ට අසංස්‌කෘතික රූකඩවලට අපගේ දෙවන නිදහස්‌ සටනේ විජයග්‍රහණය ආපසු හරවන්ට ඉඩ නොදෙමු. ජාතික ගසේ නිදහස්‌ මල් පිපෙන තුරු සිය රුධිරයෙන්ම එය නැහැවු අපගේ විරු දරුවන්ගේ ඒ අප්‍රමාණ පරිත්‍යාගයන් පාවා නොදෙමු.

|සිංහල, දෙමළ. මුස්‌ලිම් ඇතුළු සියලු ලක්‌දරුවෝ ලක්‌මවගේ සදාදර උණුසුම හැර අන් කිසිවක්‌ නොපතන්නෝය. පෙර දිග මුතු ඇටයේ, මුතුහර සෝබාමත් කරනු ලබන්නේ ඒ සිංහල, දෙමළ, මුස්‌ලිම් ඈ සියලු මුතු ඇටමය. ඒ මුතුහර විසිරී ගියේ අපගේ පවකට වඩා අපගේ නොසැලකිල්ලට යෑයි අපි සිතමු. යළිත් ඒ මුතුහර නොවිසිරේවා, මුතු පබළු සිනා සේවා. එවන් අසිරිමත් දැයක්‌ කෙතරම් උදාරද?

සබඳ අපි එක්‌ව මේ රට නගමු. නැගෙන රළක්‌ සේද පිපෙන පියුමක්‌ සේද විචිත්‍රව විසිතුරුව සුවඳ දෙන මාතෘභූමිය සදා වාසනාවන්. 2010 වසරේ ඔබ හැමට යහපත්, පැහැපත්, සුවපත් හිතවත් වසරක්‌ම වේවා!
 

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    353cp7d.jpg


    jayawewa sf
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    mata dukai 'CoolKasun' tikak hodata balapan ada ubata back karanne Fake Id karayo vitharai. ai machan uba ubawama nathi karaganna :(:(:(:(:(