මට ඔය සාමාන්‍ය සමාජයේ කතා කරන විදියට කතා කරන්න හිතෙන්නෙ නෑනෙ. අවුලක්ද මොකක්ද මන්දා.
උදාහරණයකට කවුරුහරි කියනවා "දැන් තමයි හොඳ වැඩේ වෙන්නෙ" කියලා, එතකොට ඒ කතාව අහන් ඉන්න අනිත් එකත් අරූ එක්කම "වෙන්නෙ" කෑල්ල කියල අමුතුම facial expressions එකකුත් දානවා ඔලුව උස්සලා වගේ.
මම අරූ කියන එක අහගෙන ඉන්නවයි ප්‍රශ්නයක් තිබ්බොත් ඌ කියල ඉවර උනාම හරි ඔහොම පොඩ්ඩක් ඉන්න කියල එතනින් නතර කරල ඒක අහලා ආයෙ continue කරන්න කියනවයි විතරයි.
ඒ උනාට මිනිස්සු කැමති අර අනිත් පොරට. මට තේරෙන්නෙ නැත්තෙ මිනිස්සුන්ගෙ මොන ස්වභාවයක් නිසාද ඒ කියලා.
🫤