ඒ නිර්භීත ගැහැණු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඒ නිර්භීත ගැහැණු තම නගරයෙන් මත්ද්‍රව්‍ය කල්ලිද, පොලිසියද, දේශපාලකයන්වද එළවා දැමූහ

    208525749_1017495605661722_3692305326745357189_n.jpg


    එය ලෝකයේ රාජ්‍ය පොලිසියක් නැති දේශපාලකයන් නැති එකම ප්‍රධාන නගරයයි. සත්තකින්ම එය ප්‍රචන්ඩ විප්ලවයකි. 2016 ඔක්කෝබර් 13 වැනි දින මාගරිටා එල්විරා රොමේරෝ CNN එකට පැවසුවෙි මට ඒ දිනය සිහිකර අඩන්න අවශ්‍යයි යනුවෙනි. ඇය කැරැල්ල මෙ‍හෙයවු කාන්තාවන් හතරදෙනාගෙන් එක් අයෙකි.

    මාරියා ජුරායස් ගොන්සාලේස් ,ජොසපිනා එස්ට්‍රඩා, මාගරීටා එල්වීරා සහ මෙලීසා මෙක්සිකෝ ඉතිහාසය වෙනස් කලෝය. ඔවුහු මෙක්සිකොව උඩියටිකුරු කළහ.

    මෙක්සිකෝවේ අපරාධ රජයන ප්‍රධාන නගර 10 අතර චැරන් Cheran නගරය සුවිශේෂය. මක්නිසාද එහි වෙසෙන්නේ නූතනත්වය වැළදගත් ආදිවාසී ප්‍රජාවකි. .2010 ඡනවාරි සිට මැයි අතර කාලය තුළ පමණක් එහි මරා දැමූ මිනිසුන්ගේ සංඛ්‍යාව 599 කි. විසිදහසක ඡනගහණයක් ඇති මේ කුඩා නගරයේ දිනපතා කප්පම් ගැනීම් හා මත්ද්‍රව්‍ය වෙළදාම නිසා මිනිසුන්ට අතපය අහිමි විය; ජීවිත අහිමි විය. නගරය පාලනය කලේ මෙක්සිකෝවෙි කුප්‍රකට මත්ද්‍රව්‍ය වෙළෙන්දා වන ලා ෆැමිලියා මිචෝවාකානා ය.(La Familia Michoacana ) ෆැමිලියා ඉදිරියේ චෙරන් නගරයේ උසස් පොලිස් නිලධාරීන්ද නගරාධිපතිද සියලු පක්ෂවල දේශපාලකයෝද සිය අවලං නගුට වැනූහ. මෙි වෙළෙන්දා සිය අපරාධ විවිධාංගීකරණය කලේය. එහි ප්‍රතිපලයක් ලෙස නගරයේ ගැහැනු සිය ගෙවල්වල එලිපත්ත මත බලාසිටියදී අවට ඇති කැලයේ දැවැන්ත ගස් කපා පටවාගත් ට්‍රක්රථ එක පෙලට නගරයේ නිවාස පසුකරමින් තිබුනේය.

    වඩාත් බැරෑරුම් වූයේ නගරයට ජලය සපයන ජලපෝෂිත ප්‍රදේශවල දිය උල්පත් දැව ඡාවාරම්කරුවන්ගේ පොරෝ පහරවලින් ගස් කපා වනාන්තර එලි කිරීමෙන් දිනපතා සිඳී යාමට පටන් ගැනීමයි.. නගරයට ජලය නැතිවුවහොත් එය අපායක් වනවාට කිසිම සැකයක් නැත. චැරන් හි ගැහැනු මූලික වී වනාන්තරයට වැදී දැව ඡාවාරම්කරුවන්ට මෙසේ පැවසූහ.

    '' දැනටමත් දිය උල්පත් හිඳිල ! ඉතිරි උල්පත් ටිකත් ඔය විදිහට ගස් කැපුවොත් හිඳිල යයි. ඔබේ දරුවනුත් අපේ දරුවනුත් බොන්නෙ මොනවද ?
    තිත්ත කුණුහරපෙන් ඔවුනට බැණවැදුණ දැව ඡාවාරම්කරුවෝ මේ අසරණ ගැහැණුන්ව පන්නා ගත්හ. එහෙත් ඔවුන් ගියේ පුපුරා යන තරම් කේන්තියෙනි. ප්‍රංශ විප්ලවයේදී පිරිමින්ට වඩා දරුණු වූයේ ගැහැණුන් බව ඔබ සමහර විට අසා ඇත. චෙරන්හි ගැහැණුත් එසේ වූහ. ඔවුහු මුලු නගරයේම ගෙන් ගෙට ගියහ. සාකච්ඡා කළහ. මනා ලෙස සංවිධානය වූහ.

    2011 අප්‍රේල් 15 උදෑසන චෙරන් නගරයේ අහසකරා හඩ නගමින් මල් වෙඩි ඉගිල ගියේය. සියලුම පල්ලිවල ඝණ්ඨා නාද දිණි. විප්ලව‍ය ඇරඹී තිබිණි. මුකවාඩමි ලා ගත් ගැහැණු කැති පොරෝ මන්නා ගෙන ගෙවලින් එළියට බැස්සෝය. මරියා ඡුරායස් ගොන්සාලෙස් , ජොසපිනා එස්ට්‍රාඩා සහ මෙලීසා අත තුවක්කු තිබිණි. ඔවුහු පළමුව නගරයට පිටතින් ඇති ප්‍රදේශවලින් නගරයට සම්බන්ධ වන පාරවල් තුනෙහිම ආයුධ සන්නද්ධ මිනිසුන් තබා පාරවල් වසා දමා මුර කපොලු දැමූහ. අනතුරුව ගැහැණු සෙමින් සෙමින් වනාන්තරයට ඇදුණහ. ගස් කපා ලොරිවලට පටවාගෙන එන පළමු ට්‍රක් රථය තුවක්කු පෙන්නා නතර කළහ.

    බිමට ඇදගත් ලොරි රියදුරා සහ සහායකයාව බැඳ දැමූහ. මෙසේ 30දෙනෙක් අත්අඩංගුවට ගත් පසු ට්‍රක් රථ 7 ක් මහ මාර්ගය මැද ගිනි තැබූහ. ඡාවාරම්කරුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත්හ. ප්‍රාන ඇපකරුවන් බෙිරා ගැනීමට මුර කපොලු හරහා පොලීසිය සමඟ ආ නගරාධිපතිවරයා පන්නා ගත්හ. පොලිසිය මේ නගරයෙන් පිටවිය යුතු බවට තර්ජනය කළෝය පොලිසිය නොගිය බැවින් ඹවුහු පොලිසිය ඉදිරියේම ප්‍රාන ඇපකරුවන් දෙදෙනෙකුට වෙඩි තැබූහ. . පොලීසිය නගරයෙන් පිටවිය. නමුත් ඔවුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් ක‍ලේ නැත. සියලු දේශපාලකයෝ නගරයෙන් පිටවිය යුතු යැයි අණ කළහ. සියලු දේශපාලකයෝ නගරයෙන් පිටවූහ. අනතුරුව මේ ප්‍රචණ්ඩ ගැහැණු නගරය තම අත්වලට ගත්හ.

    208138197_1017495645661718_6089495215456025385_n.jpg


    නගරයේ සියලු දෙනාම සන්නද්ධ කළ ඔවුහු නගරය වටා ආරක්ෂක වළල්ලක් සෑදූහ. මුර කපොලුවලින් පිටතින් එන්නවුන් තම අනන්‍යතාව පෙන්විය යුතුය. එය සෑහේ නම් පමණක් ඔවුන්ට නගරයට ඇතුළුවිය හැක. ඹවුහු මෙක්සිකෝ පෙඩ්‍රල් ආණ්ඩුවට තමන්ට ස්වයං පාලනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. යමි කොන්දේසි වලට අනුව මධ්‍යම ආණ්ඩුව එකී ස්වයං පාලනය පිලිගෙන තිබිණි. ඔන්න ඔහොම දැන් මේ නගරය පාලනය කරන්නේ ඒ නගරයේම මිනිස්සුය. උසාවිවල නඩු අහන්නේ නගරයේ කීර්තිමත් මිනිසුන්ය. ඔවුන්ට විභාග කිරීමට බැරි නඩු මෙක්සිකෝ නීතිපති වෙත හරවා යවයි.

    ඉන්මාස තුනකට පසු නගර වැසියන් තමන්ගේම ප්‍රජා පොලිසියක් වන “රොන්ඩා කොමියුනිටාරියා” සංවිධානය කළහ. මධ්‍යම රජයේ පොලිසිය සංවිධානාත්මක අපරාධවලට “අනුබල දෙන” බැවින් මෙය අවශ්‍ය බව ඔවුහු පැවසූහ. නීතිවිරෝධී ලෙස දැව කැපීම වැළැක්වීම සඳහා ඔවුහු වනාන්තර මුර සංචාර ආරම්භ කළ අතර ටිකෙන් ටික නගරය සාමයේ කේන්ද්‍රයක් කලහ.

    "චෙරොන්හි අද්විතීය ආණ්ඩු ක්‍රමය තුළ, සැබෑ බලය මුළුමනින්ම ජනතාව අතර පවතී. ඉදිකිරීම් කටයුතුවලදීද, රැකියා අවස්ථා ලබා දෙන්නේ කාටද, රාජ්‍ය සේවා වෙන් කිරීම සහ අයවැය වියදම් අධීක්ෂණය කිරීම දක්වා එකමුතුවකින් තොරව ගත් එකම තීරණයක් හෝ නොමැත. ප්‍රජා එක්රැස්වීමේ බලය වෙනත් ඕනෑම පළාත් පාලන ආයතනයකට වඩා ඉහළින් පවතී. ”

    ප්‍රජාව සතුව ඇති කැලෑ හෙක්ටයාර 22,000 න් හෙක්ටයාර් 12,000 ක්ම 2019 වනවිට පයින් සහ ඕක් වනාන්තරවලට අනුරූප වි ඇත.. කෙසේ වෙතත්, අපරාධ කණ්ඩායම් හෙක්ටයාර් අට දහසකට වඩා කපා තිබු අතර එය ප්‍රජා ආර්ථිකයට දැඩි ලෙස බලපෑවේය.

    නගරයේ අවංක මිනිසුන් අතින් නගර සභාව පාලනය වේ. දැව ඡාවාරම්කරුවන් අතින් විනාශ වී ගිය හෙක්ටයාර් අට දහසේද ඔවුහු නැවත රුක් රෝපණය කරති. 2018 දී ඔවුහු තමන්‍ගේම ගුවන්විදුලි මධ්‍යස්ථානයක් පිහිටුවාගත්හ. 2010 අප්‍රේල් සිට මැයි දක්වා ඝාතන 599 ක් සිදුවූ නගරයේ ඔවුන් පාලනය බලය ලබාගත් 2011 වසරේ සිට 2016 දක්වා එකදු ඝාතනයක් හෝ වාර්තා වී නැත. ඒ ඔවුන් පාතාල කල්ලි මැරයන් පන්නා දැමු බැවිනි. මෙක්සිකෝ රඡය මේ වනවිට ස්ථිරවම චැරන්හි ස්වාධීන පාලනය පිළිගෙන ඇත.

    අප මේ කියන්නේ දැන් මෙක්සිකෝවේ චැරන් නගරය සුඛිත මුදිත බව නොවේ.තවමත් එහි දරිද්‍රතාව තිබේ. තවමත් පුංචි පුංචි රංඩු සරුවල් තිබේ. එහෙත් කලින් පැවතියාට වඩා එය දස දහස් ගුණයක් අගනේය. දේශපාලන පක්ෂ තහනම් කර ඇති නිසා එහි මිනිසුන්ට බෙදෙන්න මරාගන්න දෙයක් නැත.

    ඔවුහු කතාබහ කරමින් එකිනෙකාට උදව් කරමින් සිය ඡිවිත ගෙන යති. දැන් ඔවුන්ට මරණ තර්ජන නැත. අතපය අහිමිවීම් නැත. ගැහැණුන් නිකරුණේ වැන්දඹුවන් නොවෙති. කොටින්ම චැරන් ජනතාවගේ හිස්වලට ඉහලින් දැන් තුවක්කු නැත. දැන් ඇත්තේ නිදහසේ යමක් සොයාගෙන කා සතුටෙන් නින්දට වැටීමය.

    මෙක්සිකෝවේ චෙරන් යනු අද ලෝකයේ දේශපාලකයන් නැති එකම නගරයයි. මැතිවරණ නොමැති එකම නගරයයි.
    දේශපාලන පක්ෂ පාට නැති එකම නගරයයි. කොටින්ම රාඡ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධාන දැති රෝදයක් වන පොලිසියක් නැති නගරයයි. ඔවුන් ඔප්පු කර ඇත, තමන්ට දේශපාලකයන් නොමැතිව ජීවත් විය හැකිබව. නගරයට පොලීසියක් නැති වූවාට මිනිසුන් සාමකාමී නම් එකිනෙකාට ගරු කරන්නේ නම් නගරයකට පොලීසියක් අවශ්‍ය නැතිබව.
    ===================
    උපුටා ගැනීමක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    Tama lankawe minissu uparimeta suffer une na. Anna ehema unata passe oya wage deyak aniwa patan gannawa. Ehema suffer wenna kalin eka terum aran wenas wenna taram buddimath bahuthara janathawak na lankawe. Mexico walath ehemane.

    Me tatwen digatama giyoth oka wei. Kawada wenawada kiyala tamai danne natte. Ikmanata suffer wena taramata hodai. 🙂 Corona walata pinsidda wenna wade ikman una kiyala hithenawa tikak. 🙂
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Lankawet me widiyata politicians la set ekama pannala dammoth nam patta ban. Et oya widiyata paalane civilians la aragena aith tika kalayak yaddi thamange goda wadi karaganna oni wenawa ekai sinhala gathiya. Ea nisa kalin widiyatama aith wade wenawa
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    Tama lankawe minissu uparimeta suffer une na. Anna ehema unata passe oya wage deyak aniwa patan gannawa. Ehema suffer wenna kalin eka terum aran wenas wenna taram buddimath bahuthara janathawak na lankawe. Mexico walath ehemane.

    Me tatwen digatama giyoth oka wei. Kawada wenawada kiyala tamai danne natte. Ikmanata suffer wena taramata hodai. 🙂 Corona walata pinsidda wenna wade ikman una kiyala hithenawa tikak. 🙂
    මේ අවුරුද්දේ නම් මොකක් හරි වෙයි කියලා හිතෙනවා
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    මේ අවුරුද්දේ නම් මොකක් හරි වෙයි කියලා හිතෙනවා

    Ochchara deyak nam wenne na ban mama hithana widiyata. Mexico walata wada suffer wena tanakata lankawa awama tamai eka wenne. Guns aran minimarana , mexico wage drug empires tama lankawe nane. Moda higana bayyo/toyyonta topiyak deela shape karanawa wade kelawenna patan gattot. E nisa meka ohoma deyak wena welawa newei. Mama me kiyana welawa wenakota ballo balallu wage dahas ganak, laksha ganak marei. 🙂
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඔක්කොම හොඳයි. නමුත් ප්‍රතිවිරුද්ධ මත දරන දේශපාලන පක්ෂය සඳහා ඉඩක් නොමැතිවීම අනාගතයේ එම නගරය අඳුරු වනු ඇත. එමෙන්ම ඒකාධිපතියන්ද රජවනු ඇත.
     
    Last edited:
    • Sad
    Reactions: your_love