ඒ රොහාන් 'ආමි රොෂාන්' නොවේ...
ඒ රොහාන් 'ආමි රොෂාන්' නොවේ...
'පාතලයට' ඇඳපු රේඩියෝ නළුවෙක්
ගයාන් සමරසිංහ
එක්තරා එෆ්. එම්. නාලිකාවකට පැමිණෙන පුද්ගලයකු සජීවී වැඩසටහනකට සහභාගි වෙයි... නමින් රොහාන් ප්‍රදීප් වන ඔහු නිවේදක තැන හඳුන්වන්නේ ආමි රෝෂාන් යන අන්වර්ථ නාමයෙනි. ඒ සමඟම එම වැඩසටහන ඉතා රහසිගත ස්ථානයක සිට පටිගත කරන බවත්, එහි නිවේදක තැන ශ්‍රාවකයන්ට සඳහන් කරයි.
රොහාන් ප්‍රදීප් නොහොත් "ආමි රෝෂාන්" නමැති පුද්ගලයා තමා ගැන විස්තරයක් එම එෆ්..එම්. නාලිකාව ඔස්සේ සජීවීව ඉදිරිපත් කරයි.
මගේ නම රොහාන් ප්‍රදීප්. නමුත් ගොඩක් අය මාව හඳුන්වන්නේ ආමි රෝෂාන් කියලා. මම ඉපදුණේ රාගම රෝහලේ දී. තාත්තගේ ගම බලංගොඩ. ඒ නිසා අපි බලංගොඩ ජීවත් වුණේ.
පාසල් අධ්‍යාපනය හමාර කළ මම යුද හමුදාවට බැඳුණා. අවුරුදු දහතුනක් මම එහි සේවය කළා. රට ජාතිය රැකගන්න තමයි මම ආමි එකට බැඳුණේ. ආමි එකේදී මම හොඳම වෙඩික්කරු වුණා. ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ විශේෂ කෝස් එකක් කළා. එලෙස යුද හමුදාවේ සිටි මම සේවා කාලය අවසන් වීමට පෙර එයින් ඉවත් වුණා..."
ආමි රෝෂාන්ගේ කතාවට බාධා කරන නිවේදකයා... "ඇයි ඔබ ආමි එකෙන් ඉවත් වී රට වනසන පාතාල කල්ලියකට සම්බන්ධ වන්නේ..." කියා විමසයි.
යළිත් කටහඬ අවදි කරන ආමි රෝෂාන්... "මම හීනෙකින්වත් හිතුවේ නැහැ පාතාලයට සම්බන්ධ වෙන්න. ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් ගෙන් පවා බණ අහපු කෙනෙක් මම. එහෙත් මට පාතාලයට සම්බන්ධ වෙන්න වුණේ මගේ මාමා කෙනෙක් නිසා. එලෙස පවසන ඔහු මාමා නිසා පාතාලයට සම්බන්ධ වුණ හේතුව මෙලෙස පැහැදිලි කරයි.
"අපේ මාමා කෙනෙක් ඉන්නවා. එයා අපිට කළේ අසාධාරණකම්. මගේ තාත්තට තුන් පාරක් ගැහුවා. මම කීවා හතරවැනි පාර ගහන්න එපා කියලා. ඒත් ඇහුවේ නැහැ. ගැහුවා. මාව ජාතක කළ තාත්තට එහෙම ගහන එක මට බලන් ඉන්න බැරි වුණා..."
"හික්කඩුවේ මගේ යාළුවෙක් ඉන්නවා. එයාගෙන් මම තුවක්කුවක් ඉල්ලන් ඇවිත් මාමාට වෙඩි තියලා, ගෙවල් දොරවල් කුඩු කරලා, ගිනි තියලා දැම්මා. පස්සෙයි මම දැනගත්තේ වෙඩි වැදුණට මාමා මැරුණේ නැහැ කියලා. හැබැයි ඉන් පස්සේ එයා අපේ ගම් පළාතටවත් ආවේ නැහැ. හැංගිලා තමයි ඉන්නේ..."
එලෙස පාතාලයට සම්බන්ධ වන ආමි රෝෂාන් ඉන් පසු කුලියට මිනිසුන් මරණ අයුරු, බන්ධනාගාරය තුළ සිට මිනිස් ඝාතන සැලසුම් කිරීම ආදී නොයෙක් වර්ගයේ අපරාධ සිදු කරන ආකාරය ගැන සජීවීව එම වැඩසටහන තුළින් පවසයි.
නිවේදකයා ප්‍රේක්ෂකයන් තවත් ත්‍රාසය හා කුතුහලයට පත් කිරීම සඳහා වරින් වර මෙම වැඩසටහන කොළඹ ටවර් ගොඩනැඟිල්ලේ ඉතා රහසිගත ස්ථානයක සිට ප්‍රචාරය කරන බව පවසයි. ඒ සමඟම ආමි රෝෂාන් නමැති එම පුද්ගලයා පාතාලයේ තවත් අපරාධ සිදු කරන ආකාරය ගැන දීර්ඝ ලෙස විස්තර කරයි.
මෑතකාලීනව රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකළ සමයාගේ ඝාතනය සහ අංගොඩ ලොක්කා ගැන ඔහු විස්තර කළේ මෙලෙසින්ය.
"සමයා සමඟ මම කාලයක් ළඟින් ඇසුරු කළා. පසුකාලීනව ඇතිවූ ප්‍රශ්නයක් නිසා මම ඔහුත් එක්ක තරහ වුණා. සමයාව මරන්න සතියකට විතර ඉහතදී කඩුවෙල අධිකරණයේ දී මට ඔහුව මුණගැහුණා. අංගොඩ ලොක්කත් එක්කත් මගේ සම්බන්ධයක් තිබුණා..." එවැනි පාතාල ඇම්බැට්ටයන් සමඟ සමීප සම්බන්ධතාවක් තිබූ බව ඔහු රටටම ඇසෙන ලෙස පැවසුවේය.
අවසානයේ ඔහු පවසන්නේ තමා දැන් පාතාලය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඒවාට සම්බන්ධ අය වහාම එයින් මිදී දැහැමි ජීවිතයක් ගත කරන ලෙසයි.
දැනට වසර කිහිපයකට ඉහතදී මෙරට ආමි රෝෂාන් නමැති පාතාල ඇම්බැට්ටයකු ජීවත් වූවේය. කුලියට මිනීමැරීම්, ස්ත්‍රී දූෂණ, පැහැර ගැනීම්, කප්පම් ගැනීම් සහ හෙරොයින් ජාවාරම් ආදී දරුණු ගණයේ අපරාධ
රැසක් කර අකාලයේ මැරුම් කෑවේය. මෙම වැඩසටහන අසා සිටි බොහෝ දෙනෙක් සිතුවේ එලෙස කතා කරන්නේ ආමි රෝෂාන් නමැති පාතාල ඇම්බැට්ටයා බවයි.
එම පාතාලය සම්බන්ධ වැඩසටහන අසා සිටි එක් පුද්ගලයකු පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) දුරකථන ඇමතුමක් ලබාගෙන පැවසුවේ අසවල් එෆ්.එම්. නාලිකාවේ පාතාල නායකයකු සජීවී වැඩසටහනකට සම්බන්ධ වී සිටින බවයි.
එම දුරකථන ඇමතුමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු එෆ්.එම්. නාලිකාව පිහිටි ගොඩනැඟිල්ල වැටලූහ. ඉන්පසුව වැඩසටහන අවසන් වී ආමි රෝෂාන් නමැති එම පුද්ගලයා එළියට පැමිණෙනවාත් සමඟම අත්අඩංගුවට ගත්තේය.
පසුව පොලිස් නිලධාරීහු දීර්ඝ ලෙස ඔහුගෙන් ප්‍රශ්න කළේය. එහිදී අනාවරණය වූයේ ඔහු කිසිම වරදකට සම්බන්ධ නොමැති පුද්ගලයකු බවයි. එහෙත් යුද හමුදාවෙන් පළා ආ පුද්ගලයකු නිසා පොලිසිය විසින් එම පුද්ගලයාව යුද හමුදා පොලිසිය වෙත භාර දුන්හ. රටටම පාතාලය ගැන පාඩමක් කියා දෙන්න ආ රොහාන් ප්‍රදීප් නොහොත් ආමි රෝෂාන්ට අවසානයේ අත්වූයේ එම ඉරණමයි.
http://www.divaina.com