'ඒ' වාර්තාව සහ 'බී' වාර්තාව

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,910
    3,248
    113
    පොලීසියෙන් දෙන 'ඒ' වාර්තාව සහ 'බී' වාර්තාව කියන්නේ මොකක්ද ?

    පොලීසිය විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් පිළිබඳ විමර්ශනයක් පවත්වා එකී විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කිරීමට යොදාගනු ලබන විධිමත් වාර්තා වර්ග දෙකක් වේ. ඒවා නම් 'ඒ' වාර්තාව සහ 'බී' වාර්තාවයි. මෙම වාර්තා දෙවර්ගය සඳහා වෙන වෙනම ආකෘති පොලීසිය වෙත නිර්දේශ කර ඇත.

    'ඒ' වාර්තාවෙන් ඉටුවන කාර්යයන් අතර හදිසි මරණයක් මහේස්ත්‍රාත් උසාවියට වාර්තා කිරීම, අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස් කිරීම, අයිතිකරුවෙකු නොමැති භාණ්ඩය ක් ඉදිරිපත් කිරීම, යමෙකුගේ ස්වාමිත්වය තිබී සොයාගත් පීඩාකාරී ආයුධ උසාවියට ඉදිරිපත් කිරීම, වරෙන්තුවක් නොමැතිව යම් ස්ථානයක් සෝදිසි කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම, සෝදිසි වරෙන්තුවක් ලබා ගැනීම, ආරක්ෂාව අවශ්‍ය දරුවකු පිළිබඳව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීම, සිහිවිකල පුද්ගලයකු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීම පෙන්වා දිය හැකියි.

    'බී' වාර්තාවෙන් ඉටුවන කාර්යයන් වන්නේ පොලිස් විමර්ශනය සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම, සැකකරුවකුට එරෙහිව සිදු කරන්නා වූ විමර්ශන පිළිබඳ ප්‍රගතිය වාර්තා කිරීම වේ.

    මේ වාර්තාවේ අඩංගු විය යුතු කරුණු අතර අදාල අධිකරණයේ නම, නඩු අංකය, බල අපරාධ ලේඛනයේ අනුක්‍රමික අංකය, 'බී' වාර්තාවේ අනුක්‍රමික අංකය, දිනය හා සිද්ධිමය කරුණු, සාක්ෂි සාරාංශය, චූදිතගේ නම හා ලිපිනය, චූදිතගේ සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවල සාරාංශ, චූදිත ඇප පිට නිදහස් කර ඇත්නම් ඇපකරුගේ නම හා ලිපිනය, මීට අමතරව ලේඛණගත සාක්ෂි ඇත්නම් ඒ පිළිබඳ ලැයිස්තුවක්, නඩු භාණ්ඩ ඇත්නම් නඩු භාණ්ඩ ලැයිස්තුවක්, රැඳවුම් නියෝග මත රඳවා සිටින චූදිතයෙක් නම් රැඳවුම් නියෝගයේ පිටපතක් වෙයි. එහි ස්ථානාධිපති ගේ අත්සන සහ නිලය සඳහන් විය යුතුය.

    ඒ අනුව බොහෝවිට අපරාධ වරදක් සඳහා ඔබට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදු වුවහොත් පොලීසිය ඔබට විරුද්ධව 'බී' වාර්තාවක් ඉදිරිපත් කිරීමේ වැඩි නැඹුරුතාවයක් පවතී. එබැවින් අධිකරණ කටයුතු සඳහා සහභාගි වීමේදී 'බී' වාර්තා පිළිබඳ දැනුවත් වී තිබීම වැදගත් වේ. එවිට විමර්ශණයෙන් තමා පිළිබඳව කවරාකාරයේ කරුණු අනාවරණය කර ගෙන ඇත්දැයි දැන ගැනීමට හැකියාවක් ලැබේ. එය නීතීඥවරයෙකු මගින් කටයුතු කිරීමේදී ද වැදගත් වනු ඇත.
    ෆ්බ්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    There need not be a suspect or an accused to file a B report. It can be filed in any murder without a suspect being called (eg Rabukkana)
    or in any theft case where only a complaint is made and police are investigating. Eg Bomb exposition.
    it is simply a facts report of Police to Magistrate! There is no need to mention any law in that(but usually it is done and Magistrates think that is the law!!) . Police has to report facts only , court can decide what wrongs were committed and under what law it can fall. There is no obligation for court to follow and consider only the laws stated in B report. eg Rabukkana case police will not state it is as murder, but the court can consider it from B report alone or B report and death inquest and order police to take steps as it is a murder !
    B reports are not charge sheets so there are no accused person , though there can be a suspect/s. After investigation is completed a charge needs to be filed against that person who becomes an accused.
    almost all applications to police are in the nature of B reports. Only in traffic offences Police file charge sheet directly in court.