ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්...
රෑහියෙකු ළඟ ඇණ තියාගෙන
නෑසියෙකු නැති රැය ගෙවාලන
අමාවක අද වෙඩි තියාගෙන
සඳ වැටුණි හදවත පලාගෙන...
මෙච්චරක් කාලයක් ඒ තරම් කලුවරක්
ඇති අමාවක හදක්, හංගාන උන් සඳක්
සුසුමකින් නොඅගවා ප්‍රේමයක් ඇති වගක්
කවි ලියා තිබුනාලු, පිරෙන්නට ඩයරියක්...
...............................................................................
ප්‍රේමයේ ඉඟි මැරුම් නොපෙනෙනා කලුවරක
සඳ පරිස්සම් කලෙමි හදවතේ හරි මැදක
අමාවක හා සඳක් නොපෑහෙන ලෝකයක
සඳ නිදහස් කරමි, කලුවරින් මම සබඳ...
ග්‍රීෂ්මෙට හැකිලිච්ච වියළි තණපතක් යට
කුඹියෙක් නැවතුනත් මොහොතකට හෙවනකට
ආයිමත් ඈ මෙහේ නේන වග දැනෙන කොට
විඳවීම මිසක මට අරුත් නැත ප්‍රේමයට...
රෑහියෝ මං නැතත් නුඹේ ගී උස් හඬින්
ගයාපන් තනි වෙච්ච නිශාචර හිත් ලඟින්
ඈ හිනැහෙන්නෙ, මං හඬන්නෙත් එක හදින්
ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්...
.....................................................................................
W.A.w.k.W@දෙව්රංගි
රෑහියෙකු ළඟ ඇණ තියාගෙන
නෑසියෙකු නැති රැය ගෙවාලන
අමාවක අද වෙඩි තියාගෙන
සඳ වැටුණි හදවත පලාගෙන...
මෙච්චරක් කාලයක් ඒ තරම් කලුවරක්
ඇති අමාවක හදක්, හංගාන උන් සඳක්
සුසුමකින් නොඅගවා ප්‍රේමයක් ඇති වගක්
කවි ලියා තිබුනාලු, පිරෙන්නට ඩයරියක්...
...............................................................................
ප්‍රේමයේ ඉඟි මැරුම් නොපෙනෙනා කලුවරක
සඳ පරිස්සම් කලෙමි හදවතේ හරි මැදක
අමාවක හා සඳක් නොපෑහෙන ලෝකයක
සඳ නිදහස් කරමි, කලුවරින් මම සබඳ...
ග්‍රීෂ්මෙට හැකිලිච්ච වියළි තණපතක් යට
කුඹියෙක් නැවතුනත් මොහොතකට හෙවනකට
ආයිමත් ඈ මෙහේ නේන වග දැනෙන කොට
විඳවීම මිසක මට අරුත් නැත ප්‍රේමයට...
රෑහියෝ මං නැතත් නුඹේ ගී උස් හඬින්
ගයාපන් තනි වෙච්ච නිශාචර හිත් ලඟින්
ඈ හිනැහෙන්නෙ, මං හඬන්නෙත් එක හදින්
ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්...
.....................................................................................
W.A.w.k.W@දෙව්රංගි
