ඓතිහාසික - බිසෝවෙල රජමහා විහාරය ☸️🙏❤️ ( Bisowela Rajamaha Viharaya )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඓතිහාසික - බිසෝවෙල රජමහා විහාරය ☸️🙏❤️ ( Bisowela Rajamaha Viharaya ) - Your Choice Way
    අද අපි කතා කරන්න යන්නේ තවත් සුවිශේෂි පුදබිමක් ගැන..ඒ නමින් බිසෝවෙල විහාරයයි..

    ඔයාලා මේ විහාරයට නොගියත් ගොඩක් අය දැකලා නම් ඇති..

    කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව නගරය කෙළවරක කඳු පාමුල පිහිටි මෙම පුදබිම මහපාරට මුහුණලා තමා පිහිටා තියෙන්නේ...

    මේ විහාරයට මේ නම ලැබීම සම්බන්ධයෙන් ජනප්‍රවාද කිහිපයක් තියෙනවා..

    ‍ශ්‍රී ලංකාවේ බොහෝ ලෙන් විහාරස්ථානවල මෙන්ම මෙම ස්ථානයේද වළගම්බා රජ කලක් නැවතී සිටි බව කියවෙනවා...

    රජුගේ බිසවක් මෙම විහාරස්ථානය සෑදීමට මුල් වූ බැවින් බිසෝවෙල යන නාමය ලැබුණු බව ද ඊට දායකත්වය දැක්වූ ගම්වැසියන්ට බිසෝවෙල ගම රාජකාරී සඳහා පවරා දුන් බව ද මුඛ පරම්පරා කතාවන්හි සදහන් වෙනවා...


    ඒ වගේම පළමුවන රාජසිංහ රජුගේ බිසවක් මෙම විහාරය කරවූ බවක් කියවන ජනප්‍රවාදයකුත් මේ විහාරයට තියෙනවා..

    කොහොම වුනත් සිත් සුවපත් වෙන පුදබිමක් කිව්වොත් නිවැරදී...

    මෙහී පියගැටපෙළ නැඟ ඉපැරණි ක්‍රමයේ වාහල්කඩින් ඇතුළුවෙත්ම හේවිසි මණ්ඩපයට ද එතනින් ලෙන් විහාරයට ද ඇතුළු වන්නට පුලුවන්...

    විහාරය තුළ පැරණි ක්‍රමයට හීන් රැළි යොදා සකස් කළ දොළොස් රියන් සමාධි පිළිම වහන්සේ හා දෙපසින් පිහිටි සත්රියන් සමාධි පිළිම වහන්සේ දෙනමක් ද දකින්න ලැබෙනවා..

    අතින් අඳින ලද අගසව් රූප, රහත්හිමි රූප, බෞද්ධ සාහිත්‍ය කතා ඇසුරින් ඇඳි චිත්‍ර, නාරිලතා චිත්‍ර අතරට දේව රූපයක් ද දකින්න ලැබෙනවා.. සමහර පින්තූර අද වන විට ඒවා මැකී යමින් පවතිනවා...

    ඉතින් මේ ගැන අවධානය දීලා මේ පුදබිම ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම වගකීමක්...

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here