ඔක්ටේන් 92 හිඟයක් ඇති වෙන්නේ නෑ. ශුවර් 🤌

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නැවක් හරවා යැවීමෙන් ඔක්ටේන් 92 හිඟයක් ඇතිවන ලකුණු 95 ම ගහන්න වෙයි

    12/12/2024 12:30:00 PM

    මෙරට තුළ ඉන්ධන අලෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික්ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමග නැවත හරවා යැවීම හේතුවෙන් රට තුළ ඉන්ධන ගැටලුවක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාර්තාවේ.එම්.ටී. හෆ්නියා ටයුරුස් නැමැති එම නෞකාව මෙම මස 2 වැනිදා මෙරට මුහුදු සීමාවට ළඟාවී පසුගිය 6 වැනිදා නැවත පිටත්ව ගොස් තිබේ.




    එම සමාගමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට පොරොන්දු වුවත් මේ දක්වා ඉන්ධන පිරවුම්හල් 70 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් දීම හේතුවෙන් ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් අදාළ සමාගම ඉන්ධන නෞකාව හරවා යවා ඇතැයි දැනගන්නට ලැබේ.එම නෞකාව තුළ ඔක්ටේන් 92 ක පෙට්‍රල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 15,000 ක් තිබූ බවත් එම තොගය නොලැබීමෙන් කොළොන්නාව තොග පර්යන්ථය තුළ ඔක්ටේන් 92 පෙට්‍රල් තොගවල හිගයක් ඇතිවී තිබෙන බවත් වාර්තා වේ.


    මෙම තත්වය හේතුවෙන් ඔක්ටේන් 92 පෙට්‍රල් හිගයක් ඇති වුවහොත්

    ඒ වෙනුවට ඔක්ටේන් 95 පෙට්‍රල් නිකුත් කිරීමේ සූදානමක් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවැසුවේ. අදාළ නෞකාව ඉන්ධන තොගය සමග නැවත හැරීයෑම සත්‍ය බවත් එම ඉන්ධන තොගය නොමැතිවීම ඛනිජ තෙල් තොග පර්යන්තයේ තොගවලට එතරම් බලපෑම් නොකරන බවත්ය.එම ඉන්ධන තොගය නොමැතිවීම මත රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව ද නෙත්තිකුමාරගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    ( යොහාන් භාසුර)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එම සමාගමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට පොරොන්දු වුවත් මේ දක්වා ඉන්ධන පිරවුම්හල් 70 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් දීම හේතුවෙන් ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් අදාළ සමාගම ඉන්ධන නෞකාව හරවා යවා ඇතැයි දැනගන්නට ලැබේ.

    ranil hadapu prashnayak neda
     
    • Like
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,155
    34,750
    113
    පෙට්‍රල් නම් සීමා කරන්නම ඕනේ. ඩීසල් මිල අඩුකරලා පොදු ප්‍රවාහනය දියුණු කරනකල් රට ගොඩයනවා බොරු. සිංහලු බොරුවට පෙට්‍රල් පුච්චනවා
     
    • Like
    Reactions: nppcheguevara

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,281
    113
    Mother Earth
    Tyre dala jepponwa maruwe unp aanduwa, JR, premadasa.
    අපරාදෙ ඉතුරු කරේ. ඌ දැනන් හිටියා බන් ජෙප්පො ඉන්නකන් රට හදන්න බෑ කියලා. ඒ නිසා මරල දැම්මා. මොනා වුණත් ප්‍රේමදාස කියන්නෙ අනාගතේ දැකපු එකෙක්. 🤷‍♂️
     

    Similar threads