රටේ ඉන්ධන හිඟයක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    නැවක් හරවා යැවීමෙන් ඔක්ටේන් 92 හිඟයක් ඇතිවන ලකුණු 95 ම ගහන්න වෙයි

    collage.jpg



    මෙරට තුළ ඉන්ධන අලෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික්ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමග නැවත හරවා යැවීම හේතුවෙන් රට තුළ ඉන්ධන ගැටලුවක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාර්තාවේ.එම්.ටී. හෆ්නියා ටයුරුස් නැමැති එම නෞකාව මෙම මස 2 වැනිදා මෙරට මුහුදු සීමාවට ළඟාවී පසුගිය 6 වැනිදා නැවත පිටත්ව ගොස් තිබේ.

    එම සමාගමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට පොරොන්දු වුවත් මේ දක්වා ඉන්ධන පිරවුම්හල් 70 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් දීම හේතුවෙන් ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් අදාළ සමාගම ඉන්ධන නෞකාව හරවා යවා ඇතැයි දැනගන්නට ලැබේ.එම නෞකාව තුළ ඔක්ටේන් 92 ක පෙට්‍රල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 15,000 ක් තිබූ බවත් එම තොගය නොලැබීමෙන් කොළොන්නාව තොග පර්යන්ථය තුළ ඔක්ටේන් 92 පෙට්‍රල් තොගවල හිගයක් ඇතිවී තිබෙන බවත් වාර්තා වේ.


    මෙම තත්වය හේතුවෙන් ඔක්ටේන් 92 පෙට්‍රල් හිගයක් ඇති වුවහොත්


    ඒ වෙනුවට ඔක්ටේන් 95 පෙට්‍රල් නිකුත් කිරීමේ සූදානමක් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවැසුවේ. අදාළ නෞකාව ඉන්ධන තොගය සමග නැවත හැරීයෑම සත්‍ය බවත් එම ඉන්ධන තොගය නොමැතිවීම ඛනිජ තෙල් තොග පර්යන්තයේ තොගවලට එතරම් බලපෑම් නොකරන බවත්ය.එම ඉන්ධන තොගය නොමැතිවීම මත රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව ද නෙත්තිකුමාරගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ( යොහාන් භාසුර) Gossip Lanka News
     
    • Haha
    Reactions: monson

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ ඇත්තටම ඇමරිකාවෙ ඉන්නව කිව්වට ලංකාවෙ ඉන්න කලු කැත අනාථ කැම්පේන් පොන්ස් කෙනෙක් නේද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ඔව් පට්ටම හිඟයි 92 කොහෙවත් නෑ 95 විතරයි ෂෙඩ් වල තියෙන්නේ. පිට විකුනනවා 92 ලිටරේ 800යි මම හවස ලීටර් 20 ක් ගහ ගත්ත. දැන් මම සතුටින්
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    හරවා ගිය තෙල් නැව ගැන කරුණු පැහැදිලි කරයි​


    මෙරටට පැමිණි තෙල් නැවක් නැවත ආපසු පිටත්ව යාම සම්බන්ධව පළවන පුවත් සම්බන්ධව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කරුණු පැහැදිලි කර තිබේ.
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් පැවසුවේ එම තෙල් නැව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වූ තෙල් නැවක් නොවන බැවින් ඒ සම්බන්ධව රටට කිසිදු බලපෑමක් නොමැති බවය.
    "තෙල් නැවක් හරවලා යවපු එකක් නෙමෙයි සිදුවුණේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම 02 වැනිදා තෙල් නැවක් ගෙනාවා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15,000කුත් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000කුත්. අන්න ඒ නැව ගොඩබෑමකින් තොරව නැවත අරගෙන ගිහිල්ලා තියෙනවා. ඇත්තටම ගත්තොත් ඒකෙන් රටට කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නෑ මොකද ඒක පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගෙනාපු නැවක් නෙමෙයි. පහුගිය කාලේ සමාගම් තුනන් ලංකාවේ තෙල් වෙළෙඳාම් සඳහා අවතීරණ වුණා එතකොට ඒගොල්ලෝ තෙල් වෙන වෙනම තමයි ගෙන්නන්නේ. මේ තෙල් නැව එයාලගේ අභ්‍යන්තරයේ තියන ගැටළුවක් හින්දා ගොඩබාන්නේ නැතිව නැවත රැගෙන ගිහිල්ලා තියෙනවා. ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා. අපි තෙල් ඇනවුම් කරලා තියෙනවා ලබන වසරේ අප්‍රේල් මස දක්වා..."

    https://sinhala.adaderana.lk/news/204309
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    92 ගන්න ආපහු ත්‍රීවීල් කාරයොන්ට දොල පිදේනි දෙන්න වෙයිද 😄
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    @Walter White වරායෙන් අමතන්න . . වාර්තාව දෙන්න
    නැව හරවන් ගියා.. පෙට්කෝ එකට ආපු එකක් නෙමේ..
    92 ගැහුවේ පුලුවන් ශ්‍රී ලන්කා යුගයේ..
    පුනරුද යුගයේ 95 ගහන්නෙ..
    ඔවර් ♻️
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !