ඔක්සිජන් සෙන්සර්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔක්සිජන් සෙන්සර්



    ඔක්සිජන් සෙන්සර්

    මෝටර් රථයක ඔක්සිජන් සෙන්සර්යෙන් කරන්නේ මොකක්ද?

    මෝටර් රථයක හිමිකරුවෙකු දැකීමට අනවශ්‍ය දෙයක් තමයි ඩෑෂ් බෝර්ඩ් එකේ තැඹිලි පාටින් දැල්වෙන "CHECK ENGINE LIGHT" කියන වර්නින එක.මේකට හේතුව තමයි සයිලන්සරයේ තියෙන ඔක්සිජන් සෙන්සර් මගින් මෝටර් රථයේ වායු විමෝචනයට සම්බන්ධ ගැටලුවක් තියෙන බව හඳුනාගැනීම.ඊට අමතරව තවත් හේතුවක් තමයි ඔක්සිජන් සෙන්සර් තාප පරිපඨ(heater circuit)දෝෂ ඇ‌ති බව මෝටර් රථයේ එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක(ECU)මගින් හඳුනාගැනීම.චෙක් එන්ජින් ලයිට් එක සහ ඔකසිජන් සෙන්සර් තාප පරිපඨයේ දෝෂයක් ඇ‌ති විට එය ඔක්සිජන් සෙන්සරය දෝෂ සහිත බව සහ මේ නිසා අධික වායු විමෝචන ප්‍රමාණයක් නිකුත් කරන නිසා මෝටර් රථය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව සිතිය හැක.හේතුව කුමක් වූවත් මෝටර් රථයේ ඔක්සිජන් සෙන්සරය ඉහළ කාර්‍ය්‍යය සාධනයක් සහිතව ක්‍රියාකරන බවට තහවුරු කරගැනීම සඳහා එන්ජින් ටියුන් අප් පරීක්ෂා කිරීමක් මගින් කිරීමේ හැකියාව තියෙනවා.

    මේ ඔක්සිජන් සෙන්සර් ලැම්බ්ඩා සෙන්සර් ලෙස ද හඳුන්වනවා.1960 ගනන් වල අග භාගයේ දී ජර්මනියේ Robert Bosch GmbH සමාගම සඳහා Dr. Gunter Bauman විසින් මේ ඔක්සිජන් සෙන්සරය මුලින්ම දියුණු කිරීම කරලා තියෙනවා.මේ ඔක්සිජන් සෙන්සර් මගින් දියර හෝ ගෑස් වල අඩංගු සමානුපාතික ඔක්සිජන් ප්‍රමාණය මැනීම සඳහා යොදා ගන්නා විද්‍යුත්
    උපකරණයක් ලෙස හඳුන්වන්න පුලුවන්.මුල් කාලයේ ඔක්සිජන් සෙන්සර් සඳහා සෙරමික් ආ‌වරණ සහිත සර්කෝනියා සහ ප්ලැටිනම් භාවිතා කරලා තියෙනවා.පසුව මේ ඔක්සිජන් සෙන්සර් සඳහා ඇ‌ති වුණ වැඩි ඉල්ලුම නිසා මහාපරිමාණ නිෂ්පාදන සඳහා ප්ලැනර් ඔක්සිජන් සෙන්සර් කියන
    සෙන්සර් වර්ගය වැඩි දියුණු කිරීම ආ‌රම්භ කරලා තියෙනවා.මේ ආ‌කාරයට නවීකරණය කරන ලද ඔක්සිජන් සෙන්සර් 1990 දී හොන්ඩා සිවික් සහ ඇ‌ක්රොඩ් යන මෝටර් රථ සඳහා NTK සමාගම විසින් නිපදවලා තියෙනවා.පැරණි ඔක්සිජන් සෙන්සරයේ හැඩයට සමාන ලෙස මෙම නව සෙන්සරය නිෂ්පාදනය කරලා තියෙන අතර පැරණි සෙන්සරයට වඩා වැඩි කාර්‍ය්‍යයක්ෂමතාවයකින් යුක්ත වෙනවා.

    මෝටර් රථයේ ඇ‌ති මේ ඔක්සිජන් සෙන්සරයෙන් කරන්නේ මොකක්ද?

    1980 අග භාගයේ සිට නිෂ්පාදනය කරන ලද සියලුම මෝටර් රථ වල ඔක්සිජන් සෙන්සර් පහසුකම ද ඇතුළත් කරලා තියෙන අතර එය මෝටර් රථයේ වායු විමෝචන පාලනයට පද්ධතියට ඇ‌තුලත් අංගයක් වෙනවා.එන්ජිම ක්‍රියාත්මක වන විට ඔක්සිජන් සෙන්සරය මගින් වායු විමෝචන දත්ත එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එකට යවනවා.මෝටර් රථයේ ඔක්සිජන් සෙන්සර්ය ක්‍රියාත්මක වන විට ඒ‌ මගින් එන්ජිම ඉහළ කාර්‍ය්‍යයක්ෂමතාවයකින් ක්‍රියාත්මක වන බව සහතික කරන අතර ඔක්සිජන් සෙන්සරය මගින් වායු විමෝචනය අධික වෙන විට ඒ‌ බව එනජින් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් එන්ජින් ලයිට් එක පත්තු කරලා වායු විමෝචන ගැටලුවක් තියෙන බවට අනතුරැ අඟවනවා.එන්ජින් ලයිට් පත්තුවෙලා තියෙන ඕනිම අවස්ථාවක මෝටර් රථයේ වායු විමෝචන පරීක්ෂණ අසමත් වෙනවා.

    මෝටර් රථයක ඔක්සිජන් සෙන්සර් කීයක් තියෙනව ද?

    මෝටර් රථයක ඔක්සිජන් සෙන්සර් එක කැටලික් කන්වටරයට කලින් සහ එක්සෝස්ට් මැනිෆෝල්ට් එක උඩ ලෙස ඔක්සිජන් සෙන්සර් 2 ක් තියෙනවා.මෝටර් රථයක ඔක්සිජන් සෙන්සර් සංඛ්‍යාව මෝටර් රථයේ නිෂ්පාදන වර්ෂය,මාදිලිය සහ එන්ජිම කියන කරැණු රඳා පවතිනවා.ඒ‌ කොහොම වුණත් පසුව පැමිණි බොහෝ මෝටර් රථ වල ඔක්සිජන් සෙන්සර් හතරක් තියෙනවා.උදහරණ ලෙස
    2013 Honda Civic 1.8L 4 cylinder,2010 Chevrolet Tahoe 6.0 L 8 cylinder,
    2004 Jeep Wrangler 4.0L 6 cylinder,2000 Toyota Land Cruiser 4.7L 8 cylinder දක්වන්න පුලුවන්.

    ඊට අමතරව සිලින්ඩර
    සංඛයාව සහ එන්ජින් වර්ගය අනුව ද ඔක්සිජන් සෙන්සර් සංඛ්‍යාව වෙනස් වෙනස්වෙනවා.

    සාම්ප්‍රදායික V6 හා V8 එන්ජින් වල අපර්ස්ට්‍රීම් සහ ඩවුන්ස්ටීම් ඇතුලුව ඔක්සිජන් සෙන්සර් තුනක් තියෙනවා.

    සිලින්ඩර හතරේ ට්‍රාන්ස්වරස් එන්ජින් වල අපර්ස්ට්‍රීම් සහ ඩවුන්ස්ට්‍රීම් ලෙස ඔක්සිජන් සෙන්සර් දෙකක් තියෙනවා.

    ට්‍රානස්වරස V6 හා V8 එන්ජින්වල ඔක්සිජන් සෙන්සර් 4 ක් තියෙනවා.

    සිලින්ඩර 4 සහ 6 ඉන්ලයින් එන්ජින් වල අපර්ස්ට්‍රීම් සහ ඩවුන්ස්ට්‍රීම් ඇ‌තුලුව ඔක්සිජන් සෙන්සර් 3 ක් තියෙනවා.

    මේ ඔක්සිජන් සෙන්සර් එකෙන් මොකද කරන්නේ?

    පෙට්‍රල් ඉන්ධන එන්ජින් වල ඉන්ධන දහනය සඳහා ඔක්සිජන් අවශ්‍ය වෙනවා.එන්ජිමක ඔක්සිජන් ප්‍රමාණය වාතයේ උෂ්ණත්වය,
    උණ්නතාංශය,එන්ජින්, උෂ්ණත්වය,එන්ජින් ලෝඩ් සහ වායුගෝලීය පීඩනය ඇතුලු කරුණු ගණනාවක් මත සහ ඉන්ධන වර්ග මත පදනම්ව වෙනස් වෙනවා.ඔක්සිජන් සහ පෙට්‍රල් සඳහා සුදුසුම දහන අනුපාතය 14.7:1 ලෙස සැලකෙනවා.මෙම දහනයේ දී අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ලැබෙනවා නම් ඒ‌ කියන්නේ ඔක්සිජන් අඩු වෙලා පෙට්‍රල් වැඩි වීමට කියනවා සරැ ඉන්ධන/වායු මිශ්‍රණයක්(ritch air/fuel mixture)කියලා.අනෙක් අතට ඔක්සිජන් ප්‍රමාණය වැඩිනම් ඒ‌ කියන්නේ ඉන්ධන ප්‍රමාණය අඩු වෙලා ඔක්සිජන් ප්‍රමාණය වැඩි වීම දුර්වල ඉන්ධන/වායු මිශ්‍රණයක්(lean air/fuel mixture )ලෙස හඳුන්වනවා.මේ කියන සරැ හා දුර්වල ඉන්ධන/වායු මිශ්‍රණ යන දෙකම මෝටර් රථ සඳහා මෙන්ම පරිසරය සඳහා අහිතකර වෙනවා.සරැ ඉන්ධන/වායු මිශ්‍රණ නිසා ඉන්ධන හරියට දහනය නොවීම හේතුවෙන් පරිසර දූෂණය ඇ‌ති කරන අතර දුර්වල ඉන්ධන/වායු මිශ්‍රණයක් නිසා එන්ජින් අඩු කාර්‍ය්‍ය සාධනය සහ එන්ජින් හානි ඇති විය හැකි නයිට්‍රජන් ඔක්සයිඩ් දූෂක උත්පාදනය කරනවා.මේ නිසා මෝටර් රථයක සරැ හෝ දුර්වල ඉන්ධන/වායු මිශ්‍රණ තියෙනවා නම් ඒ‌ බව තීරණය කිරීමට පිටාර වායු පද්ධතිය අසලම ඔක්සිජන් සෙන්සර් සවිකරලා තියෙනවා.

    සාමාන්‍යයෙන් මේ ඔක්සිජන් සෙන්සරයෙන් සමබර ඉන්ධන/වායු අනුපාතයට වඩා වෙනස් අනුපාතයක ප්‍රතික්‍රියාවක රසායනික ප්‍රථිඵලයක් නිසා වෝල්ටීයතාවයක් නිර්මාණය කරනවා.බොහෝ මෝටර් රථ එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් ඔක්සිජන් සෙන්සර් වෝල්ටීයතාවය මත පදනම්ව කොපමණ ඉන්ධන ප්‍රමාණයක් එජින්ජිම තුලට නිරාවරණය වන්නේ දැයි හඳුනාගැනීමේ හැකියාව තියෙනවා.ඒ‌ නිසා මේ ඔක්සිජන් සෙන්සරය නිසි ලෙස ක්‍රියාත්මක වීමට අසමත් වෙනවා නම් එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් ඉන්ධන/වායු අනුපාතය තීරණය කිරීමට නොහැකි වෙනවා.එම නිසා එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් කොපමණ ඉන්ධන ප්‍රමාණයක් භාවිතා කල යුතුදැයි අනුමාන කර එන්ජිම ක්‍රියාත්මක වීමට සලස්වන අතර එන්ජිම දූෂිත ලෙස සහ දුර්වල ක්‍රියාකාරිත්වයකින් යතුව ක්‍රියාත්මක වෙනවා.

    ඔක්සිජන් සෙන්සර් පරීක්ෂා කරන්නේ කොහොමද?

    ඔක්සිජන් සෙන්සර් පරීක්ෂා කිරීම ක්‍රම දෙකකට කරන්න පුලුවන්.එකක් තමයි සෙන්සරය මෝටර් රථයෙන් ගලවලා ඉවත් කරලා පරීක්ෂා කිරීම.එහෙම නැත්නම් අනෙක් ක්‍රමය තමයි සෙන්සරය මෝටර් රථයට සම්බන්ධ කර තිබියදී පරීක්ෂා කිරීම.සාමාන්‍ය ඔක්සිජන් සෙන්සර් පරීක්ෂා කිරීම සඳහා ඩිජිටල් වෝල්ට්මීටරයක් සහ බැක්ප්‍රෝබ් නමින් හඳුන්වන ඉලෙක්ට්‍රිකල් වයරිං කනෙක්ටර් සම්බන්ධ කරන ටෙස්ට් ලිඩ් දෙකක් අවශ්‍ය වෙනවා.එහෙම නැත්නම් ඔක්සිජන් සෙන්සර් පරීක්ෂා කිරීම සඳහාම ඇ‌ති විශේෂිත ටූල් එකක් මගින්ද පරීක්ෂා කරන්න පුලුවන්.ඔක්සිජන් සෙන්සර් දෝෂ පරීක්ෂා කිරීමට කලින් සෙන්සර් වයර් වල පලුදුවීම් හෝ හානි තියෙනවද කියලා තහවුරු කරගැනීම වැදගත් වෙනවා.ඊළඟට සෙන්සර් නිවැරදි කියවීම සහතික කරගැනීම සඳහා එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ තිබීම ද අවශ්‍ය වෙනවා.වෝල්ට් මීටරය සහ බැක්ප්‍රෝබ් භාවිතා කරලා ඔක්සිජන් සෙන්සර් ඕනෑම වරදක් තීරණය කිරීම සඳහා විශේෂ කොන්දේසි යටතේ මිනුම් කිහිපයක් සිදුකරන අතර මේ ඔක්සිජන් සෙන්සර් පරීක්ෂණ සඳහා විශේෂිත පුහුණුවක් සහ ඒ‌ සඳහා උපකරණ ද අවශ්‍ය වෙනවා.හොඳම දේ තමයි මෝටර් රථ කාර්මික ශිල්පියාට වෝල්ටීයතාවය මත පදනම්ව කරන පරීක්ෂා කිරීම සඳහා ඉඩ ලබා දීම.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    29/03/2017
     
    • Like
    Reactions: lgask