ඔටුවන් දස දහසක් මරා දැමීම හෙවත් ගෘහාශ්‍ර&#3514

pocahontas.1

Member
Nov 15, 2018
13
3
3
ඔටුවන් දස දහසක් මරා දැමීම හෙවත් ගෘහාශ්‍ර&#3514

ඔස්ට්‍රෙලියාවෙ තමා ලෝකෙ ලොකුම ඔටු ගහණය ඉන්නෙ. වනසතුන් ලෙස සැලකෙන ඔටුවන් සාමාන්‍යයෙන් කිසියම් රටක ඉන්නෙ දාහක් දෙදාහක් වගේ. ගෝබි කාන්තාරෙ තමා ප්‍රධාන වශයෙන්. වෙන බොහෝ රටවල ඔටුවො කියන්නෙ මිනිසා පාලනය කරන ෆාම් ඇනිමල් කෙනෙක්.

ඒත් ඔස්ට්‍රෙලියාවෙ මිනිස් පාලනයක නොඉන්න ඔටුවන් ලක්ශ දොලහක් ඉන්නව.

ඇෆ්ඝනිස්තානය ඉන්දියාව වගෙ පැතිවලින් ඔස්ට්‍රෙලියාවට ඔටුවන් ගේන්නෙ රටේ තියෙන කාන්තාර හරහා භාණ්ඩ ප්‍රවාහනයට. අශ්වයින්ට ඔස්ට්‍රෙලියාව හරහා දිගු දුර යන්න බෑ. මැද්දෙ කාන්තාරෙ නිසා. විශේශයෙන්ම ඇඩිලේඩ් සිට උතුරට බිහිවන රත්‍රන් පතල් ජනපද වලට ද්‍රව්‍ය සපයන්නෙ මේ ඔටුවන් සහ ඔවුන් සමග ආ ඇෆ්ඝන් ජාතිකයන්. පසුව ඔස්ට්‍රෙලියාවෙ උතුර දකුණ යා කරමින් දුම්‍ රියක් පටන් ගන්නව, ඒකට නම දාන්නෙ ද ඇෆ්ඝන් එක්ස්ප්‍රස් කියල, ඒ ඇෆ්ඝන් මිනිසුන් හා ඔටුවන් සිහි වන්න. පස්සෙ කෝච්චියෙ නම කොට කරනවා ද ඝන් කියල. දැනටත් දුවන ප්‍රධාන සහ ලෝක ප්‍රකට දුම්රියක් නම් කර තියෙන්නෙ ඇෆ්ඝන් ඔටුවන් සහ මිනිසුන් නමින්. ඔය කෝච්චි පාර හදන්නත් භාණඩ ගෙන ගියේ ඔටුවොම තමා. එක්දාස් නවසිය ගණන් මුල ඒ දහස් ගාණක ඔටු රැළ කාන්තාරෙට මුදා හරිනවා.

උන් ස්වදේශික සතෙක් හෝ වන සතෙක් නෙවි. ෆෙරල් හෙවත් මිනිස් පාලනයෙන් පළාගිය සතුන් ලෙස සැලකෙන්නෙ. ඒ නිසාම උන් ජෛව පද්ධති වලට හානිකර ආක්‍රමණික සතෙක් ලෙස සැලකෙනවා. ඔස්ට්‍රෙලියාවෙ ඉන්න ලොකුම සතා නිසා ඌට අනතුරක් කළ හැකි වෙනත් සතුන් නෑ. ඒ නිසා මුන් වේගෙන් බෝවෙනවා. වසරකට 10% පමණ වේගයකින්. වසර නවයකට වරක් ගහණය දෙගුණ වෙනවා කියනවා.

ලක්ශ දොලහක් !!! ස්වදේශිකයෙක් වන කොආලා ඉන්නෙ ලක්ශ තුනක් පමණ.ඔටුවන් බෝවීම නිසා වෙනත් සතුන් රාශියකට නිජබිම් අහිමිවීමේ අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඔස්ට්‍රෙලියානු භුමිය වසර එකසිය පනහකදි විතර මේ තරම් තඩි සතුන් මේ තරම් ගොඩක් නඩත්තු කරන්න පරිණාමය වෙලා නෑ. මේක හරියටම මිනිසුන් වසර 45000 කට පෙර ආවා වගේම, එහෙමත් නැත්නම් ආසියානු වල් බල්ලා වසර 4000 පමණ පෙර මිනිසුන් ගෙනාවා වගේම [ඩින්ගෝ කියන්නෙ ඌට] ශොක් ඉෆෙක්ට් එකක්. පාරිසරික අර්බුදයක්.

ඩින්ගෝ කතාව කිව්වොත් වැඩේ තේරෙයි. ඩින්ගෝ වගෙ සතෙකුට මුහුණ දෙන්න ලෝකල් සතුන් හැඩ ගැහිලා නෑ. ලෝකල් සතුන් ට තියෙන ස්වාභාවික ආරක්ශණ විධි ඩින්ගෝ අතින් නිකම්ම ගැලවෙනවා. එකිඩ්නා වැනි සතුන් අඩු වන්න ඩින්ගෝ ප්‍රධාන හේතුවක්.

ඔටුවා විලෝපිතයෙක් නොවේ. ඒත් කාන්තාර පරිසරයෙ ස්වදේශික සතුන්ට වඩා හොදින් ඔටුවා සර්වයිව් වෙනවා. කාන්තාර ව්‍යාප්තිය වෙන්නෙ පහුගිය වසර 50000 පරාසයේ නිසා දේශිය සතුන්ගේ කාන්තාර වලට හැඩ ගැහීම දුර්වලයි. ඒත් ඔටුව අවු මිලියන පහ හයක් මේ වගෙ පරිසරයකටම හැඩ ගැහුන සතෙක්. ඔටුවා ප්‍රශ්නයක් වන්නෙ මිනිසාට පමණක් නෙවි ඔස්ට්‍රෙලියාවෙ සෙසු සතුන්ටත්. එකිනෙකා අතර තරගයෙන් ඔටුව දිනනව. ඒ නිසා ඔටුවන් පාලනය කිරීම ටෙක්නිකලි අයිති වන්නෙ ජෛව පද්ධති රැක ගැනීම වන සත්ව සන්‍රක්ශණය වගෙ මාතෘකාවකට. ඒකෙන් වෙන්නෙ බොහෝ ලෝකල් සතුන් සුරක්ශිත වීම.

එසේම පරිසරය සහ මිනිසා වෙන්ව දකිනා පින්තුරය නිසා මිනිස් ක්‍රියාකාරකමක් සේ සැලකෙන ඔටු ගහණය සෙසු පරිසරයට කරන බලපෑම අවම කරන්න ඕනෙ කියන මතයකුත් තියෙනවා.

සමාන්තර සිද්ධියක් ලෙස ලන්කාවට ආසන්නව ගැලපෙන්නෙ අලි සහ වෙනත් වන සතුන්ගෙ පාරිසරික පද්ධති අස්සට නිවැසි හරක් පට්ටි රින්ගවන එක. මේකෙන් වන සතුන් සැහෙන්න පීඩා විදිනවා. ඒත් හරක් පට්ටි මිනිසුන්ගෙ නිසාත් නීති මගින් ඒක තහනම් කල හැකි නිසාත් උන්ව ගහණ පාලනයකට ලක් කරන්න වෙන්නෙ නෑ. ලන්කාවෙ ආක්‍රමණික ශාඛ වලට නම් ගහණ පාලනය කරවනවා.

ඔටුවගෙන් මිනිසාටත් හිරිහැර වෙනවා. ඒ කාන්තාර ආශ්‍රිත මිනිසුන්ගේ ජනාවාස සහ විවිධ සන්ස්කෘතික වටිනාකම් තියෙන ස්තාන කඩා බිද දැමීමෙන්. ජලය සහ ආහාර හොයා ෆෙරල් ඔටුවන් ගම් වදින්නෙ අලි ගම් වදිනවා වගේ තමා. දරුවන් උන්ට පෑගෙන රිස්ක් එකකුත් තියෙනවා. මුන් හීලෑ ඔටුවන් නොවේ.

මිනිස්සු මේකට පාලනයක් ලෙස ඔටු මස් හා ඔටු කිරි බිස්නස් පටන් ගත්ත. ගොවිපොල හැදුව. ඒත් ගහණ වර්ධනය ට සමගාමිව ඒවා නතින්. ඊට පස්සෙ රජය විවි සහ වන සත්ව ඒජන්සි රාශියක් එක්ව 2009 සිට ඔටුවන් ලක්ශ ගාණක් මරා දැම්ම. කොම හරි 2013 වෙද්දි ගහණ පාලනය කර ගත්ත. ඒත් දශකයකට අඩු කාලෙකින් ඔටු ගහණය දෙගුණ වෙනව.

සමහරු යෝජනා කරනවා දැක්ක ඔටුවන් අපරාදේ මරනව අඩුම ගානෙ උන්ගෙ මස් වලින්වත් මොකවත් කරන්න පුළුවන් නේද කියල. ඒත් මේ ඔටුවන් සත්ව පාලන සම්මුති යටතේ හදාපු උන් නෙවි. සාමාන්‍යයෙන් වනගත සතුන් මරා මස් කෑම සෞඛ්‍ය අතින් නුසුදුසු කියා තමයි සම්මුතිය තියෙන්නෙ. පෙර කී ඔටු බිස්නස් වල ඔටුවන් කුඩාකළ සිට මිනිසුන් ආශ්‍රයේ පාලිත තත්ව යටතේ හැදෙන්නෙ. අනික මේ කාන්තාරෙ ඉන්න ඔටුවන් මිනිස් වාසවලින් බොහෝ දුර නිසා උන්ගෙ මළ සිරුරු ආපහු ගේන්න ලොකු වියදමක් යනවා. උන්ව මරන්නෙ හෙලිකොප්ටර්වලින් ගිහින්.

මෙතන ආයෙත් ජෛව විද්‍යාත්මක ලෙස වැදගත් කාරණයක් තියෙනවා. මිලියනයකට වඩා සෙට් එකක් පරිසරයෙන් දේවල් උකහා ගත්තම උන් මරල උගේ මස් වික්කොත් පරිසරයේ කොලිටිය තවත් හීන වෙනවා. උන්ගෙ මස් ආපහු ඔස්ට්‍රෙලියන් භුමියට ම එකතු වෙන්නයි ඕනෙ චක්‍රියභාවය පවතින්නෙ එහෙම. මූ ලොකු සතෙක් නිසා මුන් ගොඩක් පරිසරයෙන් ඉවතට ගත්තොත් මේ වගේ ඉතාම දුබල පරිසර පද්ධතියකට දැනෙනවා තදින්.

හිතන්න ඔටුවා ස්වාභාවිකව උන්න්නු පරිසරයක ඌට විලෝපිතයෙක් උන්න කියල. එහෙමනම් ඒ විලොපිතය ඔය ලක්ශ දොළහක ඔටු ගහණයෙන් කීප දාහක් කනවනෙ හැමදාම. ඒ කන උන්ගෙ දාල යන කොටස් ඒ පරිසරයේ ඉන්න අනිත් සතුන් කනවා. ඉතින් මේ කෘතිම ඔටු ගහණයට මිනිසා කරන්නෙ කෘතිම විලෝපිතයකුගේ භුමිකාව. ඒ මැරෙන සිරුරු ස්කැන්වෙන්ජර්ස් ලා කන එකෙන් ආහාර දාමයක් හැදෙනවා. ඒ නිසා මළ සිරුරු දාල යන එක තමා නිවැරදි. 2009-2013 මහා ඝාතනය කරන්නෙ සයන්ටිස්ට් ලා ගේ අනු දැනුමින් ඒ නිසා ඕකත් කල්පනා කරන්න ඇති.

මේ පාර කරන්නෙ නම් ඉතා කුඩා ගහණ පාලනයක්. 10000 කියන්නෙ නතින් සාමාන්‍ය ගහණ පාලනයකට සාපෙක්ශව. මේක ලෝකල් ඒරියා එකක් වනසන එකට කරන විසදුමක්. රියල් ගහණ පාලනයක් ආයෙ කෙරෙයි දීප ව්‍යාප්තව මොකද මිලියනය පනිනව කියනෙන් ලොකු කේස් එකක්.

මේ ඔටුවන් මරා දැමීම නිතර වෙන එකක්. ගමකට හෝ කිසියම් වැදගත් ස්තානයකට හානි කරන ඔටුවන් කීප දාහක් මරණ එක. ඒත් මීට අමතරව ගහණ පාලනයට ඔටුවන් ලක්ශ ගාණක් මරණ එකනම් කරන්නෙ සත්ව සන්‍රක්ශණ කටයුතු වලට වග කියන ආයතන විසින්.

ඔටුවා වන සතෙක් බවට පත්වෙන දවසක් එන්න වසර දාස් ගාණක් මිලියන ගාණක් උන් එක්ක පරිසරය වෙනස් වෙන්න ඕනෙ. එතකල් ඌ පවතින පාරිසරික රාමුවට තර්ජනයක්.

ඒත් මේක ලාන්කිකයට පට්ට කුණුහබ්බයක් වෙන බව තේරෙනවා. Feral animal culling කියන එක සින්හලට හරවගන්නවත් විදියක් දන්නෙ නෑ. ෆෙරල් සහ කලින් කියන දෙකට වචන තියේද? ඒ තරම් ආගන්තුකයි.

මෙතෙක් දිගටම වෙච්ච ඔටුවන් මරා දැමීම මෙවර බොහෝ දෙනාගෙ අවධානය දිනාගන්නෙ මාධ්‍ය ආයතන කීපයක් ඒක ලැව්ගිනි සමග පටලා දැමීමෙන්. ඒක වැරදි අවබෝධයක්. මේ සියල්ල වෙන්නෙ බුශ්ෆයර් වෙන පළාතක නෙවි. ඔටුවො ගස් තියෙන කැලෑ වල ඉන්නෙ නෑනෙ. ඒ දෙකේ සම්බන්ධයක් නෑ.

කෝම වුණත් ගෘහාශ්‍රයෙන් පළා ගිය ඔස්ට්‍රෙලියානු සතුන් අතර උඩින්ම ඉන්නෙ ඔටුවා නොවේ. බල්ලා සහ පූසා. උන් ගෙවල් වලින් පළා යනවා වගේම අකාරුණික සතුන් හදන්නන් උන්ව කැලේට ගිහින් දාන එකකුත් [ලන්කාවෙ තරම් නොවුණට] එක්තරා දුරකට වෙනවා. ලන්කාවෙ නම් මෙහෙම අතාරින සතුන් වෙනත් සතුන් කා දමනවා. ඒත් මේ කිසිම සතෙකුට විලෝපිතයන් නෑ මෙහෙ. ඔස්ට්‍රෙලියාවෙ උන්නු නියම සතුන් ස්වදේශිකයන් අතින් වද වී යාමෙන් පස්සෙ මෙහෙ ඉන්නෙ අතන මෙතන ඉතුරු වෙච්ච සත්තු. වෙන්නෙ මොකද වනගත බලු සහ පූස් රන්චු වේගයෙන් බෝ වෙනවා. බල්ලො නම් ස්වදේශිකයන් ගෙන් පළා ගිය ඩින්ගෝ එක්ක මුහු වෙනවා.

ගෘහාශ්‍රයෙන් පළා ගිය පූසන් ලක්ස විස්සේ සිට හැට අතර ප්‍රමාණයක් වන්නන්තරේ ඉන්නව කියනව. මේ පූසර් ලා සත්ව විශේශ විස්සක් දැනට මිහිමතින් අතුගාල දාල තියේ කියනවා. මේ වසරෙ පටන් ගන්න වැඩසටහනකින් මේ පූසන් ලක්ශ විස්සක් මරා දාන්න ඔස්ට්‍රෙලියාව හිතාගෙන ඉන්නවා. ඒත් ඒක නිව්ස් හිට් වෙන්නෙ නෑ බුශ් ෆයර් වගේ ට්‍රෙන්ඩින් කතාවකට එල්ලන්න බැරි නිසා.

ඕකට අමතරව ඔස්ට්‍රෙලියාවෙ ගොවිපොල සතුන් ලක්ශ ගානක් හැමදාම මරා දානවා. ඒක නම් මොන නිව්ස් එකක්ද? ලන්කාවෙත් මරනවනෙ.

මේ කතාව සන්වේදී කතාවක්. පුද්ගලිකව ගත්තොත් මට මේ ක්‍රියාව එක්ක එකගතාවයක් නෑ. ඒත් මට මේ ගැටලුවට විසදුමකුත් නෑ. මේ සටහනේ අරමුණ පවතින තත්වය ගැන වාර්තා කිරීමක් පමණයි.

මේ ලියන්නෙ මාතෘකාව ගැන පවතින ලෝකල් මතය. ලෝකල් මතය එහි අර්ත දැක්වීම් සමග කන්සිස්ටන්ට් ලෙස ඉදිරිපත් කළ හැකියි. මේ ගැන වෙනත් කන්සිස්ටන්ට් මතවාදයක් හෝ සන්විධිත දැනුමක් නෑ. විකල්පයක් ලෙස තියෙන අනිත් එකම එක මොකුත්ම නොකර ඉන්න එක. එය ප්‍රශ්නවලට විසදුමක් නොවේ.




Source : http://vagathuga.blogspot.com/2020/01/blog-post.html
 
Last edited:
  • Like
Reactions: pissupoosa jr.

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ochchratama karadarayak nam. mn kiyanne sampurnayenma marala dana eka hodai. nattan dan 10000 aye aurudu ganakin thawa kiyakda 20000 k ? ratata aithi sathek newe nam list eken ain karana eka thamai hoda
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    up
    මිනිසා යනු පරිසරයේ පාලකයා නෙවෙයි..
    අන්න ඒක අපි මතක තියා ගන්න ඕනේ..
    මෙතන මුලින්ම වැරැද්ද කරේ මිනිසා...දැන් ඒක බැලන්ස් කරන්න යනවා :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    මරන්නේ නැතුව ලංකාවට එවන්න කියපන්කෝ
    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ලොකු ඔටු ගාලක් තියෙනවා .
    දැනට ඉන්නේ 225 එකට ඕකුන් දාන්න පුලුවන්​