පුටු හිඟයි
ඔහු රජයේ කාර්යාලයක විධායක නිලධාරියෙකි. තම රූමත්, තරුණ පෞද්ගලික ලේකම්වරිය සමඟ ඔහු පවත්වා ගෙන ගිය ඇසුර පිළිබඳව ඔහුගේ බිරිඳට ද ඉව වැටී තිබුණි. ඇය සිටියේ මේ හොරය කොයි මොහොතක හෝ අතටම අල්ලා ගැනීමට මාන බලමිනි.
දිනක් ඔහු තම නිල කාමරයේ තම පුටුවේ වාඩි වී, පෞද්ගලික ලේකම්වරිය ඔඩොක්කුවේ තබාගෙන හුරතල් කරමින් සිටියේ ය. හදිසියේ ම තම බිරිඳ කාමරයට කඩා වදිනවා ඔහු යන්තමින් දුටුවේය. ලේකම්වරිය ඔඩොක්කුවෙන් මෑත් කරන්නට තරම් වත් කාලයක් ඉතිරි වී නොමැති බැව් ඔහුට වහා වැටහිණ.

ඔහු බිරිඳ නොදුටුවාක් මෙන් වහාම තම ලේකම්වරිය දෙස බලා මෙසේ කීවේය.
‘හරි ඊළඟට ලියාගන්න… මෙම කාර්යාලයේ පවත්නා උග්‍ර පුටු හිඟය හේතුවෙන් ඇතැම් අවස්ථාවන්හිදී
දෙදෙනෙකුට එකම පුටුවේ වාඩි වී රාජකාරි කටයුතු කිරීමට පවා සිදුවී ඇත.”