ඔත්තු සේවා සහ යුධ සැලසුම්කරණය (Tactical Management)
ලෝකයේ සෑම රජ්‍යකයම පාහේ රාජ්‍ය චරපුරුෂ සේවයන් ක්‍රියාත්මක වේ. විවිධ මුහුණුවරයන්ට ආරූඪ වෙමින්, විවිධ අවශ්‍යතා සඳහා ක්‍රියාත්මක වේ. සුළු අවබෝධයක් ගැනීමට පහත උදාහරණ සළකන්න.
(i) ජනාධිපති ආරක්ෂක අංශය.
රටක රාජ්‍ය නායකධූරයට එක් රැයකින් පත් වීමට නොහැක. කාලයක් මුළුල්ලේ සිදු වන්නා වූ ක්‍රියාදාමයන් රැසක ප්‍රතිඵලය ලෙස එවන් තනතුරක් හිමි වේ. ඒ සා විශාල කාලය තුල තමන්ගේ ආරක්ෂක නිළධාරීන් විය යුත්තේ කව්රුන්දැයි ඔහුට හෝ ඇයට තීරණය කල හැක. ජනාධිපතිධූරයේ බලතල හිමි වූ සැණින් එම නිළධාරීන් හා එක්ව තම ආරක්ෂක පවුර ජනාධිපතිවරයා විසින් සකසා ගනී. (හමුධා කුමන්ත්‍රණයකදී බොහෝ විට මෙහි නිළදරුවන්ට දරුණු ඉරණමක් අත් වේ)
(ii) යුධ හමුධාපති ආරක්ෂක අංශය.
වසර 25 ක පමණ යුධ පිටිය පිලිබඳවත්, දක්ෂතම නිළධාරීන් ගැනත් අවබෝධයක් ඇති පුද්ගලයෙකුට තම ආරක්ෂකයන් විය යුත්තේ කව්රුන්දැයි තෝරා ගැනීම සංයමයෙන් යුතුව කළ හැකිය. (මෙය එතරම් සිල්ලරට නොසලකන්න) මෙම අංශය යුධ හමුදාපති අණට පමණක් කීකරු වේ. වෙනත් කිසිවෙකුට මෙල්ල නැත. අවශ්‍ය ඕනෑම මොහොතක උපරිම වෙඩි බලය භාවිතා කරයි.
(iii) මෙයට අමතරව වෙනත් අවශ්‍යතා මත විවිධ චරපුරුෂ සේවයන් ක්‍රියාත්මක වේ.
✒ ත්‍රස්තවාදය වැලැක්වීම පිණිස ක්‍රියාත්මක චරපුරුෂ සේවයන්.
මෙය ක්‍රියාත්මක වන්නේ යුධ හමුධාපතිවරයාගේ අධිකාරිය යටතේය. කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව ක්‍රියාත්මක වේ. යුධ හමුදාපති අණට පමණක් කීකරු වේ. දැඩි යුධමය වාතාවරණයක් පවතින වකවානුවක් තුළදී මෙම ජාලය බූවල්ලෙක් මෙන් සක්‍රීය වේ. මෙහි ගොදුරක් වන ඕනෑම කෙනෙකුට යුධ හමුදාවෙන් ගැලවුමක් නොමැත.
✒ රටෙහි සිවිල් අපරාධ වැලැක්වීම සඳහා වන තොරතුරු ජාලය.
මෙය ක්‍රියාත්මක වන්නේ පොලිස්පතිවරයාගේ අනුදැනුමට යටත්ව පොලිස් විශේෂ ඒකකයන් මගිනි. බොහෝ අවස්ථාවන්හීදි වත්මන් අපරාධ රැල්ලත් සමගින් සක්‍රීය වේ. එනම් සිවිල් අපරාධයන් වැඩි වන කාලසීමාවන්හීදී ඉතා තදින්ද, නැවත තත්වය සමනය වෙමින් යෑමත් සමග නිශ්ශබ්ධ මුහුනුවරකට ආරූඪ වෙමිනි.
✒ ජනාධිපතිවරයා නම් කරණු ලබන විශේෂ මෙහෙයුම් සඳහා.
මෙවන් දෑ බොහෝ විට සිදු වන්නේ පුද්ගලික උවමනාවන් ඉටු කරගැන්ම සඳහායි. දේශපාලන පළි ගැනීම්, වෙනත් රාජ්‍ය නායකයන් ගැන කරුණු සෙවීමට, විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් හා ගණුදෙනු කිරීමට වැනි අවශ්‍යතා.
✒ විශේෂ හේතු මත ක්‍රියාත්මක චරපුරුෂ සේවයන්.
මෙවැනි ජාලයන් ක්‍රියාත්මක වන්නේ විදේශ ආක්‍රමණයක් එල්ලව පවතින අවස්ථාවක් තුළදී රටෙහි ජාතික ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වීම පිණිසය. සෝවියට් සමූහාණ්ඩුව, ජර්මනිය, අයර්ලන්තය, චීනය, ඊශ්‍රායලය, ඉරානය වැනි රාජ්‍යන් වෙනුවෙන් මෙතෙක් පැවති/පවතින බිහිසිණුම චරපුරුෂ සේවා සපයයි.
ඉහත දක්වා ඇත්තේ රජයක් සතුව පවතින ඔත්තු සේවා සහ චරපුරුෂ සේවයන් ගැන සරළ අවබෝධයක් ලබා ගත හැකි පරිදි සිදු කෙරුණු පැහැදිළි කිරීමකි. මෙම පද්ධතීන් ක්‍රියාත්මක වන්නේ බොහෝ විට ස්වාධීනවය. එනම් ජනාධිපති ආරක්ෂක අංශයේ නියෝග වෙනත් ආරක්ෂක අංශයකට වලංගු නැත. වෙනත් ආරක්ෂක අංශයක නියෝග යුධ හමුදාපති ආරක්ෂක අංශයට වලංගු නැත. ඒ ඒ ආයතන ආරම්භවීමේදීම තම සීමාවන්, තමන් යටත් විය යුත්තේ කාටද, යටත් නොවිය යුත්තේ කාටද යන්න පිළිබඳව අවබෝධයක් ලබා දේ.
සියලුම දෑ නියෝග මත පමණක් සිදු වේ. කිසිදු මානුෂීය සීමා මායිමක් නොමැතිව අණට පමණක් මෙම ආයතන ක්‍රියාත්මක වේ.
✦ දැන් ඉහත උක්ත කථානායකයන් ගැන විමසා බලමු.
ඉහත විස්තර කියවූ ඔබට මෙවන් දෑ ගැන යම් වැටහීමක් දැන් ලැබී තිබිය යුතුය. මෙම ජාලයන්හි කාර්යභාරය බොහෝ ක්ෂේත්‍රයන් පුරා විහිද පවතින්නකි. ප්‍රධානවම රහසිතගත ආකාරයෙන් තොරතුරු එක් රැස් කිරීම, ඉලක්කයන් හඳුනාගැනීම, මෙහෙයුම් සකස් කිරීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා චරපුරුෂයන් යෙදවීම සිදු වේ.
එවන් අවස්ථා වලදී විවිධ ආකාරයේ පුද්ගලයන්ගේ සේවය ලබා ගැනීමට සිදු වේ. (උදාහරණ ලෙස පමණක් මේවා සළකන්න)
(i) චන්ද්‍රිකා ඇමතුමක් වැනි දෙයකට සවන් දීමට නම් විදුලි සංදේශ තාක්ෂනය ගැන නිපුණත්වය දරණ කෙනෙකුගේ සහය ලබා ගැනීමට සිදු වේ.
(ii) ත්‍රස්තවාදී කල්ලියක ක්‍රියාකාරකම් ගැන අවබෝධයක් ලැබීමට නම් මුළු සන්නිවේදන ජාලයම පීරිය යුතුය. වසර ගණනාවක සිට ඉලක්කගත පුද්ගලයන්ගේ පුද්ගලික හැසිරීම් නිරීක්ෂණය කල යුතුය. ඒ සඳහා දක්ෂ නිළදරුවන්ගේ සහය ලබා ගත යුතුය.
(iii) ගරිල්ලා සටන් පවතී නම් එයට අවේනික වූ සන්නිවේදන ජාලයක් ස්ථාපනය කළ යුතුය. එවන් ජාලයක ග්‍රහණයට හසුවන ඕනෑම පුද්ගලයෙකුගේ හෝ ත්‍රස්තවාදී නායකයෙකුගේ භෞතික පිහිටීම් 'ග්‍රිඩ් මැප්' එකක් තුළ ලබා ගෙන ප්‍රහාරයන් ක්ෂණයෙන් දියත් කිරීමට නම් අති දක්ෂයන් සේවයේ නිරත විය යුතුය.
(iv) හඳුනාගත් ඉලක්කයන්ට පහර දීම සඳහා සිත් පිත් නැති, අණට පමණක් කීකරු රොබෝවරුන් සේවයේ යෙදවිය යුතුය.
මෙයාකාරයෙන් සළකන විට බොහෝ ක්ෂේත්‍රයන් පුරා මෙවැනි චරපුරුෂ සේවයන් ව්‍යාප්ත වේ. විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණත්වයක් දරණ සුළු පිරිසක් මගින් මේ සියල්ල පාලනය කෙරේ.
► සාමාන්‍ය සන්නද්ධ සේවා
ඔබ බොහෝ දෙනා දැක ඇති පරිදි යුධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සේවාවන් වල නිළධාරීන් මේ යටතට ගැනේ. නිළයට/ඒකකයට උචිත නිශ්චිත අවි පුහුණුවක්, උපකරණ පුහුණුවක්, තවත් අමතර පුහුණු වීම් කීපයකින් පසු රටක ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සේවයේ යොදවයි. තම ඉහළ නිළධාරීන්ගේ අණට යටත්ව ක්‍රියාකරන අවිකරුවන් ලෙස හැඳින්විය හැකිය (යම් හේතුවක් මත) .
මෙයටම පොලිස් සේවයද එක් කළ හැකිය. ඉහත සඳහන් ත්‍රිවිධ හමුදා රටෙහි ආරක්ෂාව සම්බන්ධව වෙහෙසෙන විට රටෙහි සිවිල් නීතිය අරක්ෂාකිරීමේ වගකීම පැවරී ඇත්තේ පොලිස් සේවය වෙතටයි. ඒ සඳහාද අවශ්‍ය විටදී අවි ආයුධ භාවිතා කිරීම සඳහා නිසි පුහුණුවක් පොලිස් සේවය සතුය.
► චරපුරුෂ සේවයන්
ප්‍රධානවම මොවුන්ගේ වගකීම නම් සන්නාහ සන්නද්ධ සේවා වෙනුවෙන් අවශ්‍ය කරන බුද්ධි තොරතුරු, මෙහෙයුම් සකස් කිරීම, සැළසුම් ලබාදීම, තාක්ෂණික උපකරණ සැපයීම, තාක්ෂණික නිළධාරීන් සැපයීම, විශේෂ මෙහෙයුම් සඳහා ගරිල්ලා/කමාන්ඩෝ පුහුණව සහිත අවිකරුවන් සැපයීම, මෙහයුම් සඳහා උචිත අවිආයුධ නිර්දේශ කිරීම, මෙහෙයුම් සඳහා සෙබළුන් පුහුණු කිරීම, මෙහෙයුමක් සඳහා වටපිටාව සකස් කිරීම, වත්මන් අවශ්‍යතාවය මත නව ඒකක පිහිටුවීම වීම වැනි කාර්යයන්ය. ඒ සඳහා ඍජුවම රාජ්‍ය නායකයා හෝ යුධහමුදාපති හා සම්බන්ධ වීමට බලය ඇත.
✦ මෙහි ඇති වගකීම් සහගත බව සහ බලය මෙසේ දැක්වීමට හැකිය.
උදාහරණයක් ලෙස යුධ හමුදාපති වරයාට මෙහෙයුමක් සඳහා ඍජුවම සටන් බිමට යෑමේ අවශ්‍යතාවයක් පැන නැගුණු මොහොතක ඔහු අනිවාර්යෙන්ම ඒ සඳහා බුද්ධි අංශයේ අවසරය පැතිය යුතුය.
01. බුද්ධි තොරතුරු මත මූලිකවම ඔහුට ඒ සඳහා ඇති ඉඩ සළකා බැලෙයි.
02. යුධ හමුදාපතිවරයා සටන් බිමෙහි සිටිය යුතුමද?
03. ඔහු සිටීමේ වාසි සහ අවාසි.
04. ඔහු වෙනුවෙන් අනුයුක්ත කල යුතු නිළයන් ගණන.
05. ඔහු වෙනුවෙන් සැලසිය යුතු වෙඩි බලය.
06. ප්‍රහාරයක් එල්ලවුවහොත් ඇති වන බලපෑම.
07. අහිමි විය හැකි සම්පත් ගණන.
08. ප්‍රධාන මෙහෙයුමට ඇති වන බලපෑම.
09. එවැන්නකදී සමස්ථ යුධ හමුදා සොල්දාදුවන් සියල්ලගේ මානසික මට්ටම (කමාන්ඩර්ට ගැහුවා කියන්නේ තමන්ගේ මව අහිමි වීමටත් වඩා පීඩනයක්).
10. යුධ හමුදාපති වරයා ඍජුවම සටන් බිමට පැමිණීමකදී සතුරු පාර්ශවයේ හැසිරීම් සහ අමතරව යෙදවිය යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග.
11. යම් හෙයකින් යුධහමුදාපතිවරයා මරුමුවට පත් වීමකදී ඇති විය හැකි සමස්ථ තත්වය.
12.
i ....................................................................................
ii ..................................................................
iii ..................................................
13. මෙවැනි දහසක් තීන්දු හා තීරණ රැසකින් පසුව යුධහමුදාපතිවරයාට අවසරය ලැබීම හෝ නොලැබීම සිදු වේ.
14. ඔහු මෙම අවසරයන්ට පිටින් යෑමක් යනු සමස්ථ යුද්ධයම අනතුරේ හෙළීමකි.
15. එසේම යුධ හමුදාපතිවරයාගේ සේවය නිසි පරිදි අවශ්‍ය තැනට ලබා දීම සඳහාද බාධා පැමිණිවිය නොහැකිය. ඇතැම් අවස්ථාවවලදී යුධහමුදාපති සහය ඍජුවම තත්පරයෙන් තත්පරය සටන් බිමට අවශ්‍යවේ. එවැනි විටකදී කෙසේ හෝ ඔහුව සටන් බිමට කැඳවිය යුතුය. ඇතැම් රහසිගත ක්‍රියාන්විත සඳහා මුහුණෙන් මුහුණ අණ දීම් සිදු වන බැවින් දැඩි වගකීමකින් යුතුව යුධ හමුදාපති කැඳවිය යුතුය.
මොකද චර පුරුෂයනව සෑම විටම 100% ක් විශ්වාස කල නොහැක. සමහරෙක් චර පුරුෂයෙක් වගේ පෙනී හිටියට ඇත්තටම සේවය කරන්නෙ අනිත් පැත්තට, සමහර විට දෙපැත්තටම. ඒ වගේ අවස්තාවක යුධ හමුදාපති වෙනුවෙන් ආරක්ෂාව සළසන බළකාය දිවා රෑ නැතුව වෙහෙසෙන්නේ පාවා දීමකින් වුණත් ඇති විය හැකි හානි අවම කිරීම සඳහායි. යුද්ධයක් පවතිද්දී කිසිම කෙනෙක් මත යැපෙන්න බැහැ. කෝටි ගණනකගේ ජීවිතවල වගකීම දරද්දී අරයව මෙයාව හුරතල් කරන්න ඉඩක් නැහැ. යුධහමුධා සේවය කියන්නේ එයටයි. ඕනෑම මොහොතකදී සතුරාව විනාශ කිරීමට පෙළඹෙනවා ඇර විකල්පයක් නැහැ. මෙවැනි සිද්ධීන් නොයෙක් රටවලින් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා
01. පණිවිඩ ජාලය නිතරම වෙනස් කරනවා .
02. "අරයා දන්න දේ මෙයා දන්නේ නැහැ - මෙයා දන්න දේ අනිත් කෙනා දන්නේ නැහැ" වර්ගයේ තොරතුරු සංනිවේදන ක්‍රමයක් තමයි ක්‍රියාත්මක කරන්නේ.
03. නිළධාරීන්ගේ පුද්ගලික ජීවිතය ගැනද සොයා බැලෙනවා. (ඔවුන්ගේ බිරින්දෑ වරු, දූ දරුවෝ, ඔවුන්ගේ මිතුරු මිතුරියන් ගැන වගේ)
මේ සියළු දේ සිදුවන්නේ ඉහත කී සේවයන්හි තීරණ මතය. දරුණු යුද්ධයක් පවතින අවස්ථාවකදී බොහෝ දෑ ගැන අවධානය යොමු කල යුතුය.
01. යුද්ධයේ ස්වභාවය (ගරිල්ලා, සිවිල්, සාමාන්‍ය ත්‍රස්තවාදය, විදේශ ආක්‍රමණ)
02. අවශ්‍යකරන වෙඩි බලය
03. අවශ්‍ය කරන පුද්ගල බලය
04. අවශ්‍ය කරන උපකරණ
05. වෙනත් යුධ සේවා
06. ත්‍රස්තවාදීන් සතු වෙඩි බලය ගණනය කිරීම්
07. ත්‍රස්තවාදීන් සතු පුද්ගල බලය ගණනය කිරීම්
08. ත්‍රස්තවාදීන් සතු භූමි බලය ගණනය කිරීම්
09. ත්‍රස්තවාදීන්ගේ වෙනත් හැකියාවන් ගණනය කිරීම්
10. ත්‍රස්තවාදීන්ගේ මීළඟ ඉලක්ක ගණනය කිරීම්
මෙයාකාරයේ සමස්ථ යුද්ධයෙහිම වගකීම පැවරී ඇත්තේ ඉහත කී සේවයන් මතය. යුධ ශිල්පයෙහි උපන් හපන් කම් ඇති, කය නැති සිත පමණක් ඇති පුද්ගලයන් / යුධ සැලසුම්කරුවන් මගින් මේ සියලු සැලසුම් නිම වේ. නොකඩවා දින 4, 7 දක්වා නිදි නොලබා සේවය සැපයීමට වුවද සිදු වේ. බොහෝ විට සේවයේ යෙදි සිටියදීම මරණය වූ අවස්ථාවන්ද ඇත.
අවසන් වශයෙන් කිව යුත්තෙ සියළුම හමුදා සහ ආරක්‍ෂක අංශ රඳා පවතිනුයේ වරපුරුෂයින් හා ඔත්තු සේවා මත බවය. යම් කිසි බලගතු හමුදාවක් මේ ලොව රඳා පවතීනම් එතන අනිවාර්යෙන්ම බලගතු රහස් චරපුරුෂ සේවාවක් ද හිමිය.
ඔත්තු සේවාවක් යනු අපි ජීවත් වෙන ගෙදරක පාදමක් වැනිය. අපිව වැස්සෙන්, හුළගින්, අවුවෙන් ආරක්‍ෂා කරන්නෙ අපේ නිවසයි (බිත්ති, දොරවල්, ජනෙල්, වහල). හරියට රටක සිවිල් වැසියන් ආරක්‍ෂා කරන්නෙ ඒ රටේ ආරක්‍ෂක අංශ වලින් වගේ....
අපි ජීවත් වෙන නිවස රඳා පවතින්නෙ අප ජීවත් වෙන නිවසේ පාදම මගිනි. හරියට ආරක්‍ෂක අංශ රඳා පවතින්නෙ ඔත්තු සේවා මත වගේ....
අපිව ආරක්‍ෂා කරන නිවසේ පාදම නොපෙනෙන්න සේ, රටක් ආරක්‍ෂා කරන්නාවූ ආරක්‍ෂක අංශවල පාදම එනම් ඔත්තු සේවාවන් ද නොපෙනේ.
රටක් හෝ හමුදා කන්ඩායමක් අඩපන කිරීමට අවශ්‍ය නම් මුලින්ම කරන්න ඕන ඒ රටේ හෝ හමුදා කන්ඩායමේ ඔත්තු සේවාවන් විනාස කිරීමයි. හරියට නිවසක් කඩන කොට කෙලින්ම ඒ නිවස ගොඩ නගල තියෙන පාදම හොයාගෙන ඒක විනාස කලාම ඉබේම නිවස බිමට සමතලා වෙනවා වගේ දෙයක්....
අපේ සතුරාව විනාස කිරීමට හොඳම සහ ලේසිම ක්‍රමය වෙන්නෙ කෙලින්ම සතුරා සමග මිතුරු වීමයි.
ඉස්සුවෙ අන්තර්ජාලයෙන්..සම්පාදකට ස්තූතියි (නමක් තිබ්බෙ නෑ)