ඔන්න අද ඉදන් කෑම පටන් ගත්තා .

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔන්න අද ඉදන් කෑම පටන් ගත්තා .



    වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    මුදල් අමාත්‍යංශය කියා සිටියේ අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාට බාර දී ඇති බවයි.

    අවස්ථා කිහිපයකදීම වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණ ද ඊට එල්ල වූ විරෝධතා හේතුවෙන් එය නැවත සකස් කිරීමට මුදල් අමාත්‍යංශය විසින් පියවර ගෙන තිබේ.

    නව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනා ද ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

    විශේෂයෙන් තොග සහ සිල්ලර වෙළෙඳාමට වැට් බදු පැනවීමේ දී පැන නැගී තිබු ගැටළු සඳහා මෙම නව කෙටුම්පත මගින් විසඳුම් ලබා දී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

    කෙසේවෙතත් සියයට 11ක්ව පවතින වැට් බද්ද සියයට 15 දක්වා වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදුවන බව වාර්තා වේ.

    අද දිනයේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.