ඔන්න අද කතාවක්.

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    ඔන්න අද කතාවක්.

    ඔන්න ඉස්සර කාලෙ මනුස්සයෙක් ඉන්නව මීගමුවෙ. මෙයාගෙ නමට ඉස්සරහින් "කුඩු" කියල කෑල්ලක් තියනවා. එයා කුඩු මුදලාලි කෙනෙක්. කුඩු බෙදනවට අමතරව , කප්පම ගැනීම , ගණිකා නිවාස කිරීම වගේ නොයෙක් දේ කරනව. එහේ නගරාධිපති වෙලත් හිටිය කාලෙකට ඉස්සර. කොහොමහරි මේ මිනිහා මීගමුවෙ ගෝඞ් ෆාදර් වෙනවා. මීගමුවෙ බස් ස්ටෑන්ඩ් , පාරවල් හිටන් හැදුවෙ එයා කියලය් එයා කියන්නෙ.
    ඉතින් කලු සල්ලි යහමින් තියන මේ මනුස්සයා අපේ මහින්ද මහත්තයට විතරක් නෙමෙය් පාර්ටියෙ අනිත් දුප්පත් අපේක්ශකයන්ටත් චන්ද වලදි අත දිග ඇරල වියදම් කරන්වා. හැබැය් එයාගෙ බිස්නස් සැර වැඩි නිසා එයා පාර්ලිමෙන්තු එන්න ඉල්ලන්නෙ නැහැ. ඔය බස්නාහිර පලාත් සභා ඇමති කෙනෙක් වෙලා ඩිප්ලොමැටික් පාස්පොර්ට් එකක් එහෙම අරන් ශේප් එකේ ඉන්නවා.
    මෙයාව අල්ලන්න කාටවත් බැහැ. සර්ච් වොරන්ට් එකක්වත් ගන්න බැහැ. ඉතින් දවසක් STF එකෙන් 120 ක් විතර නොදන්වා පනිනවා මෙයාගෙ මාලිගාවට කුඩු හොයන්න. අන්තිම මොහෙතෙදි ඔත්තුව ලැබිලා බඩු හන්ගගන්න පුලුවන් වුනත් මේ වැඩෙන් එයා කම්පාවට පත් වෙනවා. මෙච්චර මේ ආණ්ඩුවට උදව කරල මෙහෙමද මට කල ගුණ සලකන්නෙ කියල එයා හිතනවා.
    ඒත් මහින්ද මහත්තය මෙ STF කාරයො කරපු වැඩේ දැනන් හිටියෙ නැහැ. එතුමා කල ගුණ දන්න මනුස්සයා. පස්සෙන්දම එතුමා බැසිල් මහත්තයවත් අරන් හෙලිකොප්ටෙරේ නැගල මීගමු යනවා. ගිහිල්ලා මෙයාව බදා ගෙන අස්වසනවා.
    අනේ ඊලන්ගට පොලිස්පතිතුමා වෙනුවෙන් මාධ්‍ය ප‍්‍රකාශක කතා කරලා කියනවා අපි එයාගෙ ගෙදරට ගියේ මත් කුඩු බලන්න නෙමේ, බට් වාහන පරීක්ෂා කරන්න, අපිට සමාවෙන්න කියලා. ඒ තමය් කුඩු සැක කාරයෙක් වෙනුවෙන් පොලිසිය සමාව ඉල්ලපු පලවෙනි වතාව.


    Mekath ussapu ekak mage yaluwek gen

    :D:D:D:D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes::yes: