ඔන්න ඉතින් අපිත් පොඩි trip එකක් ගියා

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඔන්න ඉතින් අපිත් පොඩි trip එකක් ගියා

    ඔන්න ඉතින් අපිත් පොඩි trip එකක් ගියා. පෙබරවාරි 3-4 නිවාඩුවක් සෙට්වුන නිසා එදා තමයි trip එක යන්න දාගත්තේ.. අපි නම් ගියෙ බයික් වලින්... Loolecondera Estate මෙන්න මෙහෙ තමයි ගියෙ. ( මේක සිංහලෙන් ගහන්න දන්නේ නෑ බං ) මේ Estate එක තමයි ලංකාවේ පලවෙනි තේ වත්ත. තියෙන්නේ නුවර. මේ තියෙන්නේ ගිය පාර..

    Kadawatha-Nittambuwa-Kadugannawa-Peradeniya- Kandy-Dalada Maligawa-Kandy Ampitiya Road-Galaha-Deltota-Loolecondera Estate.

    1867 දී James Taylor කියන සුද්දා තමයි මේක පටන් අරගෙන තියෙන්නේ.

    හරි හරි දැන් trip එකේ විස්තර කියන්නම්කෝ..

    ඔන්න ඉතින් 3 වෙනිදා පාන්දර 4ට තමයි trip එක යන්න දාගත්තේ.. මම නම් ගියේ නුගේගොඩ ඉදලා. දෙවෙනියා සෙට් වුනේ කඩවතින්. කොහොමහරි පස්යාලෙදි කට්ටියෙන් බාගයක් විතර සෙට් වුනා... මේ ඉන්නේ trip එක ගිය සෙට් එක තමයි..





    තව දෙන්නේක් සෙට් වෙන්න හිටියේ කඩුගන්නාවෙදි. ඒ නිසා අපි ඉක්මන් කරලා කඩුගන්නාවට ගියා. කොහොමහරි ඒ ඩයල් එකත් ඉක්මනට ආවා. ( ඔන්න අපි වැඩිවෙලි බලන් හිටියේ නෑ.. පැය 2 විතර තමයි බලන් හිටියේ :baffled::baffled: )


    ;

    අපි කොහොමහරි නුවරට එනකොට 10ට විතර ඇති. නුවරදි තව සාමාජිකයෙක් සෙට් වුනා. උදේට කන්නත් ඕන නිසා නවත්තන්න තැනක් බලබල ගියේ. ( තම්බි කඩවලට අපිනම් යන්නේ නෑ )
    කොහොම හරි අන්නිමට ටවුන් එකෙන් එලියට යනකම්ම කඩයක් සෙට්වුනේ නෑ. කොහොමහරි අන්තිමට කඩයක් සෙට් වුනා. වැඩිය කන්න බැරි කට්ටියක් ගිය නිසා කඩේ අයට අලුතෙන් පරා‍ටා හදන්නත් වුනා.. :yes::yes:





    මේ තියෙන්නේ යන අතරමග ගත්ත ෆෝටෝ වගයක්.







    ඔන්න ඉතින් අන්තිමට කොහොම හරි තේ වත්තට ආවා කියමුකෝ..







    මෙතන තමයි සුද්දගේ බංගලාව තිබිලා තියෙන්නේ. දැන් නං බංගලාව විනාශ වෙලා..







    පේනවනේ මූ නං උඩම තමයි... :D:D:D


    බංගලාව වටවෙලා තිබිලා තියෙන්නේ කලුගල් පර්වතේකින්.. අපිටත් ඉතින් නිකං ඉන්න බැරිනිසා ගල‍ට ගොඩවෙන්න කියලා හිතාගෙන ගියා :rolleyes::rolleyes::rolleyes:



    ටික දුරයි යන්න පුලුවන් උනේ මීදුමකින් පැත්තම වැහිලා ගියා.






    කොහොම හරි අමාරුවෙන් ඔන්න ගල‍ට නැග්ගා.. :shocked::shocked:
    පට්ටම ලස්සනයි..... හැබැයි වැටුනොත්නම් පැයක් විතර වැටෙනවා.. :P:P








    බිම‍ට බහිනකොටනම් 3 ට විතර ඇති. කට්ටියටම පාන් කියාගන්න බැරුව හිටියේ. තේ වත්ත පහල මරු දිය ඇල්ලකුත් තිබ්බ නිසා නාලම කමු කියලා නඩේ ගුරා කිවුවා. වතුර නම් පට්ටම සීතලයි....






    කොහොමහරි ඔන්න අපි එහෙන් පිටත් වුනා.




    කොහොම හරි දවල්ට කන්න හම්බවුනේ හවස 6 ට විතර. සෙට් එකෙන් බාගයක් පාර වැරදිලා වෙන කොාහද ගිහින්.. උන්ව හොයාගන්න මාර දුකක් වින්දා.. අපිනම් ඔන්න දවල්ට කනවෝ....


    අන්තිමට ගෙදර යනකොටනම් 10.30 යි. හොද ගනන්. හැබැයි මරු ෆන් එකක් ගත්තා. මේ ගමනනම් කවදාවත් අමතකවෙන්නේ නෑ........



    හොදයි නම් ඉතින් සලකලා යන්න..... :cool::cool::cool::cool::cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පට්ට ට්‍රිප් එක ඈ
    ගැන්සියට තියෙන්නේ FZ නෙ
    එළකිරි නුවර යාලුවෝ සෙට් උනේ නැතෙයි
    බොලට ඉතින් දොදොල් කෑල්ලක් වත් අරන් එන්න බෑ නිකන්ම ආව නෙ
    මම නම් රෙප් කිහිපයක් අරන් ආව
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පට්ට ට්‍රිප් එක ඈ
    ගැන්සියට තියෙන්නේ FZ නෙ
    එළකිරි නුවර යාලුවෝ සෙට් උනේ නැතෙයි
    බොලට ඉතින් දොදොල් කෑල්ලක් වත් අරන් එන්න බෑ නිකන්ම ආව නෙ
    මම නම් රෙප් කිහිපයක් අරන් ආව

    scooter එකේ ආවේ නුවර කොල්ලෙක් තමා මචෝ
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    apith godak trip yanne bike wala thama machoo.
    parissamata yanawanam fun eka uparimai ithin.
    rep+++
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    dancing-kitten-smiley-emoticon.gif
    එල එල . Rep 8+