ඔන්න ඔහොමයිලු අපෙ එවුන්ගෙ ලොජික්.

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
ඔන්න ඔහොමයිලු අපෙ එවුන්ගෙ ලොජික්.

FsGfByX.jpg

Source: https://goo.gl/ldT7mn

ඔන්න එකෝමත් එක රටක ක්‍රිකට් කියල ජනප්‍රිය ක්‍රීඩාවක් තිබුනලු. ජාතික කන්ඩායමට ඇතුලු වෙන්න පුදුම තරගයක් ලු තියෙන්නෙ.අවුරුදු ගානක් ඉස්කෝලෙ සෙල්ලම් කරල,ක්‍රීඩා කන්ඩායම් වල ඉදල හොද ලකුනුත් ගහල A සංචිතයෙත් හොදට වැඩ පෙන්වන අයලු ජාතික කන්ඩායමට ගන්නෙ.ඒ උනාට මේ සිස්ටම් එක හරියන්නෑ කියල හිතපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් පටන් ගත්තලු අමුතුම ක්‍රීඩා පුහුනු කරන ආයතනයක්. ඒකට රුපියල් කෝටියක් දුන්නම අවුරුද්දෙන් කෙලින්ම ජාතික සංචිතයට යන්න පුලුවන්ලු. ක්‍රීඩා ඇමති තුමා මේකට ෆුල් සපෝට් ලු.

මෙච්චර කල් සුදුස්සාට තැන දුන්න ජාතික කන්ඩායමට ඉස්කොලේ ක්‍රිකට් ගහලවත් නැති උන්ව කෙලින්ම එවන එක අසාදාරනයි කියල ක්‍රීඩකයො පාරට බැස්සලු. උන් මෙහෙම උන් සෙල්ලම් කලොත් සියලු තරග පරදියි කියල පාරෙ කිය කිය යනකොට ක්‍රිකට් වලට අදාලම නැති foot ball ගහන සෙට් එකක් උන්ට හූ කියනවලු.වැඩේ කියන්නෙ මිනිස්සුත් මෙහෙම කියනවලු. උන්ට සල්ලි වලට IPL ගහන්න හොදයි,පේන්නෙ නැත්ද උන් ගෑනු දූශනය කරනව, මීඩියා වලට ඇයි කලින් දැකල නැත්ද කියල බනින්න හොදයි,තව එකෙක් ක්‍රිකට් ගහනවට තියන ඉරිසියාව ,කුහක හැත්ත කිය කිය බනිනවලු.
ක්‍රීඩකයො කොච්චර මිනිසුන්ට කීවත් මුන් ආවම කෙල වෙන්නෙ රටටමයි කියල මිනිස්සු ක්‍රීඩකයොන්ගෙ වැරදි කිය කිය අර වැඩේ හරි කියනවලු.. මේක කියෝන කෙනෙක් අම්මෝ ක්‍රිකට් මැච් එකක් පරදින්න බෑ ඔහොම සල්ලි වලට එන උන් නිසා කියනවලු,හැබැයි එයාම අනික් පැත්තට මිනිස්සු මැරෙන වෙන කඩයක් හරි කියනවලු. මිනිස් ජීවිතයක් වගෙ ඈ ක්‍රිකට් මැච් එකක් නේද ! ඔන්න ඔහොමයිලු අපෙ එවුන්ගෙ ලොජික්.. :dull: