මෙන්න කුසල විපාක
කාමාවචර කුසල් සිත් අට
යම් කිසිවකුගේ සන්තානයෙහි ඇති වුව හොත් ඒ තැනැත්තා ගේ සන්තානයෙහි අනාගතයෙහි ඉෂ්ට විපාක ඇති කරන්නා වූ සිත්වලට කුසල් සිත් යයි කියනු ලැබේ. දන් දීම්, සිල් රැකීම් ආදි වශයෙන් සාමාන්‍ය ජනයාට ඇති වන කුශලය කාමාවචර කුශලය ය. ශ්‍රද්ධාව බලවත්වීම් රිසි සේ දාන වස්තූන් ලැබී ප්‍රිය ප්‍රතිග්‍රාහකයන් ලැබීම් ආදියෙන් ඒ කුශල චිත්තය සෝමනස්සයෙන් යුක්ත ව ද, ඒවා නො ලත් අවස්ථාවලදී උපේක්ෂාවෙන් යුක්ත ව ද ඇති වේ. එබැවින් සාමාන්‍යයෙන් එකක් වූ කුශල චිත්තය සෝමනස්ස සහගත සිත ය, උපේක්ෂා සහගත සිත ය කියා දෙකක් වේ. සමහර අවස්ථාවලදී ඒ කුශලය කර්ම කර්මඵලාදිය දන්නා නුවණින් යුක්තවද සමහර විට නුවණින් තොරව ද ඇති වේ. එබැවින් සෝමනස්ස සහගත සිත ද ඥාන සම්ප්‍රයුක්ත සිතය, ඥාණ විප්‍රයුක්ත සිතය කියා ද දෙකට බෙදේ. එසේ බෙදීමෙන් කුසල් සිත් සතරක් වේ. ඒ සතරින් එක එකක් නැවත සංස්කාර භේදයෙන් දෙකට දෙකට බෙදේ. එසේ බෙදීමෙන් කාමාවචර කුසල් සිත් අටක් වේ.
https://mega.nz/file/PkBj0KID#ipwk1Cdsn-SoW5E02YMhhz9BlrHJ-y46G9anKHjxce0

- සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත ය.
- සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත ය
- සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත ය.
- සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත ය.
- උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත ය.
- උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත ය.
- උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත ය.
- උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත ය.

Last edited: