මම දැනට අවුරුදු තුනක විතර ඉදන් මාසයකට ඩොලර් 6000ක් වයර් ට්රාන්ස්ෆර් කරනවා. මටනම් තාම කිසිම income tax අවුලක් ආවේ නෑ. සම්පත් බැන්ක් එකේ IPG එකේ මම දන්නේ එකෙක් මට කිව්වෙ මාසේට රුපියල් ලක්ෂ දහයට වඩා ගෙනාවොත් තමයි සෙන්ට්රල් බැන්ක් එකට ට්රේස් වෙන්නේ කියලා. ඒත් මම මේ ජනවාරිවල ඩොලර් එක වැඩි වෙනකන් ඉදලා රුපියක් විසිහය ලක්ෂයක් ලංකාවට ගෙනාවා. ඒ ට්රාන්සැක්ශන් එකට මට ඩොලර් එකට මට රු. 180.35ක් හම්බ වුනා.
මම එච්චර ගානක් බය නැතිව එක පාරම ගෙනාවේ මංගල සමරවීරම කලින් බජට් එකේදි කිව්වා විදේශ රටවලට ලංකාවේ ඉදන් සේවාවන් සපයන්නගෙන් ආදායම් බදු අය කරන්නේ එයාලා අවුරුද්දකට ආදායම රුපියල් කෝටි එකහමාර (150 million) පැන්නුවොත් විතරයි කියලා. ඉතින් මම කොහොමටත් අවුරුද්දට දැනට උපරිම ගේන්නේ රුපියල් එක්කෝටි විසිලක්ශයක් නිසා මට කිසිම අවුලක් නෑ. ඉන්කම් ටැක්ස් එකෙන් ලෙඩක් දැම්මොත් මට උන්ට පෙන්නන්න ඕන තරම් පෘෆ් තියෙනවා.
ඉතින් උබ මේ ආදයම් බදු ගැන කියලා තියෙන ටිකවත් කිසිම පදනමක් නැති දේවල්. ඉතින් මට තියෙන ලොකුම ගැටළුව ලංකාවට ඔච්චර සල්ලි ගේන, පිටරවල්වල සේවා ආයතන පවත්වාගෙන යන උබ, උබටම අදාල ආදයම් බද්ද ගැනවත් දැන නොගත්තේ කොහොමද කියන එක.
අනික් එක උබ පලවෙනියටම කියලා තියෙන වෙබ්සයිට් 200ක් හදලා සල්ලි හොයන ක්රමය (PBN - Private Blog Network) ගොඩක් යල් පැන ගිය ක්රමයක් කියලා SEO, Internet Marketing ෆීල්ඩ්ස්වල ඉන්න ඕන එකෙක් දන්නවා.
ගූගල් පැන්ඩා, පෙන්ගුයින් අප්ඩේට්ස්වලින් පස්සේ ඕවට කෙලවෙලාම ගියා. වැඩිය තියා ඒ දවස්වල පට්ට ලාභ ලබපු about.com වගේ සයිට් වලටත් කෙලවුනා (අහලා නැත්තන් පොඩ්ඩක් හොයලා කියවලා බලපන්).
ඉතින් මට උබට කියන්න තියෙන්නේ බොරු කියලා මෙතන ඉන්න අහිංසක පොඩි එවුන්ව රවට්ටලා උන්ගේ අතේ තියෙන සල්ලි ටිකටත් කෙළවන්න එපයි කියන එක.
උබල වගේ උන් කරන මේ වැඩේට මාකටින්වලදි කියන්නේ Storytelling කියලා. උබලා වගේ උන් Quora එකේ දැන් ගොඩක් ඉන්නවා.