ඔපරේෂන් ඩබල් එජ්, ප‍්‍රදීප් හා ජාතික ආරක්&#352

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔපරේෂන් ඩබල් එජ්, ප‍්‍රදීප් හා ජාතික ආරක්&#352



    23.jpg


    එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳව පවතින අනෙක් මතය වනුයේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස එමෙන්ම රාජපක්ෂ පාලන සමයේ පැවැති වංචා ¥ෂණ හෙළි කළ පුද්ගලයෙක් ලෙස සිටි ප‍්‍රදීප් එක්නැලිගොඩ වෙබ් අඩවි මාධ්‍යවේදියා අතුරුදන්වීම එවකට රජයේ සැහැසි කුමන්ත‍්‍රණයක් නිසාම සිදුවූවක්ය යන්නය. වාර්තාවන අන්දමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණ ක‍්‍රියාත්මක වනුයේ අදාළ පසුබිම් චෝදනාව මතය.

    කෙසේ වෙතත් මෙම සිදුවීම හරහා මේ වනවිට ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුම රටට හෙළි වී තිබේ. එම මෙහෙයුමට දායකත්වය සැපයූ ලූතිනන් කර්නල් කුමාරත්න, ලූතිනන් කර්නල් සිරිවර්ධන ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්ව රැඳවුම් නියෝග මත හා බන්ධනාගාරගතව සිටිති. මෙම පරීක්ෂණයේ අග මුල සෙවීමට යෑමේ දී තව තවත් බුද්ධි නිලධාරීන් හා එවකට ත‍්‍රස්තවාදයට එරෙහිව කළ මෙහෙයුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් වීමේ වැඩි ඉඩකඩක්ද පවතී.
    ඔපරේෂන් ඩබල් එජ් වැනි බුද්ධි මෙහෙයුමක් එවකට ක‍්‍රියාත්මක වූ බව හා කර්නල් රාම් හමුදා රැුකවරණය මත කටයුතු කරන බවට 2009 නොවැම්බර් 11 වැනිදා ඉරිදා ලංකාදීපයේ රටේ ආරක්ෂාව තීරයෙන්ම මෙම ලියුම්කරු විසින්ද හෙළිකර තිබිණි. ඒ රාම් ගිරිතලේ කඳවුරේ රැුකවරණය ලබමින් සිටිය දී අතුරුදහන්ව දින කීපයකට පසු අත්අඩංගුවට ගැනීමේ සිදුවීම වාර්තා කරමිනි.

    කෙසේ වෙතත් ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුමේ බුද්ධි තොරතුරු හා ඒ ආශ‍්‍රිත බුද්ධි මෙහෙයුම් අනවශ්‍ය ආකාරයට හෙළිදරව් කරලීම සඳහා කුමන්ත‍්‍රණයක් පවතින බවට ද මේ වනවිට තොරතුරු වාර්තා වෙමින් පවතී. මෙම තොරතුරු හෙලිදරව් කිරීම පිටුපස යුද හමුදාවේම නිළධාරීන් කීප දෙනෙකු ද සිටින බවද ප‍්‍රකාශ වෙයි. කෙසේ වෙතත් මෙය තහවුරු කරගැනීම හමුදාවේ වගකීමකි.

    යුද්ධය පවතින කාලයේදීත් එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ට රැකවරණය දුන් සිංහලයන්, රාජ්‍ය නිලධාරීන්, හමුදා හා පොලිස් නිලධාරීන් සිටි බැව් රහසක් නොවේ. මුදලට, වරප‍්‍රසාදවලට මෙවැනි පාවාදීම් කරන්නෝ සෑම තැනකම සිටිති. එය එක් අතකින් ලෝක ස්වභාවය වේ.

    එහෙත් මෙහිදී අප අවධාරණය කරන කරුණ වනුයේ ප‍්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන්වීම පිළිබඳව සත්‍යය රටට හෙළිවිය යුතු බවය. එහෙත් එය හෙළිදරව් විය යුත්තේ ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමිනි. යම් අයෙක් හිතාමතා චේතනාන්විතව පුද්ගලයෙකු පැහැර ගෙන යෑම බරපතළ වරදකි. එවැන්නක් කවුරුන් හෝ සිදුකර ඇත්නම් දඬුවම් දිය යුතුමය. එමෙන්ම එක්නැලිගොඩට එල්ලවන කොටි ත‍්‍රස්ත ලේබලයේ සත්‍ය අසත්‍යතාව ද සොයා බලා එහි ඇත්ත නැත්ත හෙළිදරව් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම යුද හමුදා බුද්ධි අංශයේ ප‍්‍රමුඛ කාර්ය භාරයකි.




    Source - Sunday Lankadeepa
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තවත් මිලේනියම් සිටි වගේ පාවාදීමක් වෙයිද ..?
    ..රනිල්ගේ ආණ්ඩුවේ තියෙන එකම වැරැද්ද මේක බන් ....පටු අරමුණු වෙනුවෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධ දේවල් පවා හෙළි කරනවා ....අපි කවුරුත් හිතුවද යුධ හමුදා බුද්ධි අංශය මෙහෙම සාර්ථක විධිහට ක්‍රියාකාරී කියලා ....කොහොමද කොටි වගේ ඉදලා කොටියන්ව හොයන සැලැස්ම ...මිලේනියම් සිටි වලත් කලේ එකමයි ....සිංහල කොටියෝ ,සල්ලි වලට රට පාවා දුන්න උන් අහුවෙන එක නවත්තන්න හදන වැඩක් විධිහටයි මම මේක දකින්නේ ..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තවත් මිලේනියම් සිටි වගේ පාවාදීමක් වෙයිද ..?
    ..රනිල්ගේ ආණ්ඩුවේ තියෙන එකම වැරැද්ද මේක බන් ....පටු අරමුණු වෙනුවෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධ දේවල් පවා හෙළි කරනවා ....අපි කවුරුත් හිතුවද යුධ හමුදා බුද්ධි අංශය මෙහෙම සාර්ථක විධිහට ක්‍රියාකාරී කියලා ....කොහොමද කොටි වගේ ඉදලා කොටියන්ව හොයන සැලැස්ම ...මිලේනියම් සිටි වලත් කලේ එකමයි ....සිංහල කොටියෝ ,සල්ලි වලට රට පාවා දුන්න උන් අහුවෙන එක නවත්තන්න හදන වැඩක් විධිහටයි මම මේක දකින්නේ ..

    මොන ගේමක් හරි ගහල යුද්දෙ ඉවර කරා. බුරැතු පිටින් මැරෙන එක, එක පිට එක බෝම්බ පිපිරෙන එක නැවැත්තුව. දැන් මේ එක හාල්පාරැවෙක් හින්ද ඒ ජීවිතේ පරදුවට තිබ්බ විර සෙබලු ඇරෙස්ට් කරනවා කියන්නෙ රටටම කරන ද්‍රෝහීකමක්...
     

    Similar threads