කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ඇතුළත්ව තිබූ ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කල බව කියන නීතිඥවරියක කැකිරාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් බවයි වාර්තා වන්නේ.
අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පැවැති කාලය තුලදී ඇය අධිකරණ ලේකණාගාරයේ තිබු ඉඩම් නඩුවකට අදාල නඩු ගොනුවේ තිබූ ලේඛන දෙකක් එම ගොනුවෙන් ඉරා ගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.