ඔබගේ අදහස් අපට ඉතා වැදගත් --HON.Ranil Wickramasinghe

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
ඔබගේ අදහස් අපට ඉතා වැදගත් --HON.Ranil Wickramasinghe

10711063_549078421858335_757321786017287033_n.jpg

නුදුරේදීම බිහිවන එක්සත් ජාතික පක්ෂ රජයක් මගින් යටතේ එක් එක් අංශ වල සිදු විය යුතු වෙනස්කම් ඔබ බලාපොරොත්තු වන්නේ කෙසේද?
කිසියම් ක්ෂේත්‍රයක ඔබ ප්‍රවීනයෙක් හෝ අත්දැකීම් ඇති අයෙක් නම් එම ක්ෂේත්‍ර සංවර්ධනය මගින් ශ්‍රී ලංකාව යලි ගොඩනැංවීමට ඔබගේ වටිනා අදහස් ගරු රනිල් වික්‍රමසිංහයන් වෙත එවන්න. :):)

විද්‍යුත් තැපෑල: [email protected]
ලිපිනය:
දේශපාලන ක්‍රමෝපාය කාර්යාංශය
එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය
සිරිකොත මන්දිරය
400, කෝට්ටේ, පිටකෝට්ටේ.
 
  • Like
Reactions: Shadow.Walker

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
10711063_549078421858335_757321786017287033_n.jpg

නුදුරේදීම බිහිවන එක්සත් ජාතික පක්ෂ රජයක් මගින් යටතේ එක් එක් අංශ වල සිදු විය යුතු වෙනස්කම් ඔබ බලාපොරොත්තු වන්නේ කෙසේද?
කිසියම් ක්ෂේත්‍රයක ඔබ ප්‍රවීනයෙක් හෝ අත්දැකීම් ඇති අයෙක් නම් එම ක්ෂේත්‍ර සංවර්ධනය මගින් ශ්‍රී ලංකාව යලි ගොඩනැංවීමට ඔබගේ වටිනා අදහස් ගරු රනිල් වික්‍රමසිංහයන් වෙත එවන්න. :):)

විද්‍යුත් තැපෑල: [email protected]
ලිපිනය:
දේශපාලන ක්‍රමෝපාය කාර්යාංශය
එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය
සිරිකොත මන්දිරය
400, කෝට්ටේ, පිටකෝට්ටේ.

3tYxc8B.gif
 
pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    kamakna hina weyalla...
    ohoma hithuwothnam itin kawadawath me anduwa gedara yawanna baa..
    ubala hithana widiya wenas karapu dawasata thamai kageth votes walin aith UNP anduwak genna puluwan wenne..
    ethakan ithin hamotama aba saranai
    :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    වෙන මොකුත් කරන්න ඕන්නෑ.. ඉන්නකොට කලා වගේ ලේක්හෞස් ඇතුලු හැට හුටාමාරක් රජයේ ආයතන ටික විකුණන්න ඕනෙ..
    ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාවත් ඇතුළුව..
    සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය කියන තුන විතරක් රජයෙන් පාලනය කලාම ඇති..
    මේ තියෙන ගොබ්බ රාජ්‍යය ආයතන පිස්සුව නැති කරල, වැඩක් කරන්න පුළුවන් උන්ට විකුණල බදු ගහනව..
    මිහින් ලඞ්කා ශ්‍රී ලඞ්කන් එයාලයින්ස් විශේෂයෙන්..
    විධායකේ බලතල අඩු කරන්න ඕනෙ..
    උතුරෙන් හමුදාව ඉවත් කල්ල පොලිසිය දාන්න ඕනෙ..
    LLRC එක ක්‍රියාත්මක කරන්න ඕනෙ..
    ඉඩම් පොලිස් බලතල හැමෝගෙන්ම අයිං කරන්න ඕනෙ..
    අධිකරණය ස්වාධීන වෙන්න ඕනෙ. පොලිසිය ස්වාධීන වෙන්න ඕනෙ..
    කොලහැකිද ?
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28

    උතුරෙන් හමුදාව ඉවත් කරලා රට නැවත ෙකාටියාට පුදන ඒකනම් කරයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    වැලිවේරියට හමුදාව යවල කරපු දේ දැක්කනෙ..
    උඹේ කවුරු හරි වැලිවේරියෙදි වෙඩි කාල මලානම් උඹට ඒ වේදනාව දැනෙන්න තිබ්බ..
    ඒත් උඹේ කවුරුත් මලේ නෑ..
    හමුදාවක් අතින් පාලනය වෙන මිනිස්සුන්ටයි ඒකෙ දුක දැනෙන්නෙ..
    LTTE එක සංවිධානය වෙනවනං ඕනෙම වෙලාවක හමුදාව යවල ඉවර කල්ල දාපුදෙන්..
    එහෙම කරන්න ඕනෙ.. ඒකෙ ප්‍රශ්නයක් නෑ..
    ඒත් සාමාන්‍යය මිනිස්සුන්ව පාලනය කරන්න හමුදාව යොදාගන්න එක වැරදියි..
    එහෙම කිරීමෙන් වෙන්නෙ ශ්‍රී ලඞ්කා හමුදාවත් LTTE ය ගානට වැටෙන එක..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමණි,
    පළමුවෙන්ම අපහට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදීම ගැන තුති පුදමි. මා එක්සත් ජාතික පක්ෂ ආණුඩ්වක් බලයට පත්වුවහොත් ඉල්ලන්නේ එකම එක දෙයක් පමණය. ඒ ඔබතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමය. මේ රට පාලනය කරල යුත්තේ යම් තරුණ ජවයක් ඇති අයවළුන් විසින් බව මා විශ්වාස කරමි. ඔබතුමා පක්ෂයේ නායකත්වයේ එල්ලී හිදීම එයට බාධාවකි. එනිසා තරුණයන් හට ඉඩ දී ඔබතුමා ගෙදර යාම මාගේ අපේක්ෂාවයි
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමණි,
    පළමුවෙන්ම අපහට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදීම ගැන තුති පුදමි. මා එක්සත් ජාතික පක්ෂ ආණුඩ්වක් බලයට පත්වුවහොත් ඉල්ලන්නේ එකම එක දෙයක් පමණය. ඒ ඔබතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමය. මේ රට පාලනය කරල යුත්තේ යම් තරුණ ජවයක් ඇති අයවළුන් විසින් බව මා විශ්වාස කරමි. ඔබතුමා පක්ෂයේ නායකත්වයේ එල්ලී හිදීම එයට බාධාවකි. එනිසා තරුණයන් හට ඉඩ දී ඔබතුමා ගෙදර යාම මාගේ අපේක්ෂාවයි

    එකඟයි යම්තාක් දුරට.. නමුත් රනිල්ගේ විදේශ සම්බන්ධතා උපයෝගී කරගෙන රටට වෙඩ ගොඩක් කරගන්න පුළුවන්.. කිසිම පුද්ගලයෙකුට නැති විදේශ සම්බන්ධතා රනිල්ට තියෙනවා.. හොඳ ව්‍යවස්ථාවක් ගෙනල්ලා, පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිකෙනෙක් හදලා, කොමිෂන් සභා ස්වාධීනව ක්‍රියාත්මක කරලා, ගියාට කමක් නැහැ.. තරුන කෙනෙකුට අත්දැකීම් අඩු වෙන්න පුළුවන්, ඒක නිසා දෙවනපෙල හැදෙනකම් රනිල් ටික කලක් ඉන්න ඕන..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම නම් දේශපාලනයට කැමති නැහැ.
    එත් දෙයක් කියන්න ඕනි.

    ලංකාවෙන් පිටට ආවම තමයි අපේ රටේ අගේ තේරෙන්නේ. ඒ වගේම ලංකාව දැන් තියෙන විදිහ දකිද්දී හිතට ගොඩක් දුකයි.
    එපේ මිනිස්සු රට දියුණු වෙනවා කියල හිතන් ඉන්නේ පාරවල් හැදෙන එක, ලොකු ගොඩනැගිලි හැදෙන එකට. ඒත් ඒක එක පැත්තක් විතරයි.
    අර ම.රා කියන එකාගේ පුත්‍ර රත්නය මේ රටේ ඉදන් ඉගෙනගෙන ගියා, එත් මෙහෙ තියෙන කිසිම දෙයක් ලංකාවට අදුන්වල දෙන්න කිසිම දෙයක් කරලා නැහැ.

    ලංකාවේ රජයේ ආයතන වල තවම තියෙන්නේ පරණ තාලෙ ලියකියවිලි. මෙහෙ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න විනාඩි 5යි යන්නෙ. ඔක්කොම Online. ඊට පස්සේ අදාල ලියකියවිලි ටික ගෙදරටම එවනවා.
    හැම address එකක්ම online database එකේ තියෙනවා.
    bank වලට ගියත් ගොඩක් දේවල් online කරන්න පුළුවන්.
    අනිත් එක මෙහෙ මිනිස්සුන්ට පෝලිමේ යනවා කියන එක ඇගට පත්තියං වෙලා තියෙනෙ. කවුරුහැටි කොතන හරි පෝලිම් පැන්නොත් අනිත් සියලු දෙනාම එයට විරුද්දව කථා කරනවා.
    අනිත් එක පොලිසිය ලොකු මිනිහගේ ඉඳල පොඩි මිනිහා වෙනකම්ම සලකන්නේ එකම විදිහට. හැමෝටම කතා කරන්නේ "Sir" කියල. පොලිසියේ වැඩකරන අය දන්නවා ඒගොල්ලෝ පඩි ගන්නේ මිනිස්සු ගෙවන tax වලින් කියල. ඒ නිසා පොලිසිය සාමාන්‍ය මිනිහට ගරු කරනවා. වැරද්දක් කලත් ඒකට දඬුවම් දෙන්න පිළිවෙලක් තියෙනවා.
    අනිත් දේ කුණු දාන එක. මෙහෙ පාරවල් දෙපැත්තේ හැම තැනම කුණු දාන්න තැන් තියෙනවා. මිනිස්සු ඒවාට කුණු දාන්න පුරුදු වෙලා ඉන්නේ. දෙමව්පියෝ නැතුව හැදුනු කිහිප දෙනෙක් ඇරෙන්න අනිත් සියලු දෙනාම කුණු දාන්නේ අදාල ස්ථානයේ. ඒ වගේම කුණු එකතු කරන්නත් නියමිත කට්ටියක් නියමිත වෙලවට එනවා හැමදාම. දවසට දෙපාරක් හෝ තුන් පාරක් මෙහෙම කුණු එකතු කරනවා.

    ලංකාවේ තවම මේ වගේ පොඩි දේවල් වත් හැදිලා නැහැ. ඉතින් ලංකාව දියුණු කරනවා කියන කාරනේ පේන තෙක් මානෙක නැහැ. අඩු ගානෙ මේ වගේ දේවල් වලින්වත් රට හදන්න පටන් ගත්තනම් තව අවුරුදු 20ක් විතර යද්දී රට හොඳ තැනකට ගන්න පුළුවන්. නමුත් වග කිව යුතු කිසිම කෙනෙක් මේවා ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති එක කණගාටුවට කාරණයක්.

    අපේ මිනිස්සු තාමත් චන්දෙ දෙන්නේ පාරම්පරික විදිහටමනේ. මන් ඉස්සර ඉඳන්ම නිල්, කොළ.. ඔය එක පක්ෂේකවත් රට හදන්න ඕනේ කියල හිතන කෙනෙක් නැහැ. ඔක්කොම ලස්සන කථා හදාගෙන ඇවිත් අන්තිමට කරන්නේ තමන්ගේ බැංකු ගිණුම් නඩත්තු කරන එක. අපේ රට කවද හැදෙයිද කියන එක මට හිතාගන්න බැහැ. ඇත්තටම රට හදන්න ඕනේ කියල අලුත් පක්‍ෂයක් කවුරු හරි හැදුවත් ඒ පක්ෂෙ දිනන්නේ නැහැ. මොකද අපේ මිනිස්සු චන්දෙ දෙන්නේ රැල්ලට, වාසියට මිසක් රට ගැන හිතල නෙවේ. ඉතිං ලංකාව දියුණු කරනවා කියන කාරණය තවමත් හීනයක්. :( :( :(