ඔබගේ ආගම බොරුවක් නෙවෙයිද ?

~Atheist~

Member
Oct 15, 2012
44
2
0
ඔබගේ ආගම බොරුවක් නෙවෙයිද ?

ඔබගේ ආගම බොරුවක් නොවන බව ඔප්පු ඔබට ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්ද ? පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ ත්‍රෙඩ් එකේ කරුණු ඉදිරිපත් කරන්න.
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බෞද්ධාගම කියලා දෙයක් නෑ. බෞද්ධ දර්ශනේ කියල එකක් විතරයි තිබුනෙ. හත්සිය-නවසිය ගනන්වල බෞද්ධ දර්ශනේ වෙනුවට බෞද්ධාගම නිර්මානය වුනා. එහෙම කලේ ක්‍රිස්තියානි සිට පසුව බෞද්ධ වූ පුද්ගලයන්. මේ හින්දා බෞද්ධාගම හා ක්‍රිස්තියානි අතර යම්කිසි සමානකමක් නැත්නම් ඇදහීමක් එක්ක පෞද්ගලික උවමනාවන්වලට උඩගෙඩි දෙන පෙනුමක් බෞද්දාගමට එකතුවුනා. කරුමෙ කියන්නෙ බෞද්ධ දර්ශනේ විනාශ කරපු මිනිස්සු අපිට ජාතික වීරයො වෙලා. ලොල් සහගතයි. බෞද්ධාගමේ තියෙන අධිභෞතික දේවල් ගැන කිසිම දෙයක් ඇත්තද බොරුද කියන්න බෑ. බෞද්ධ දර්ශනේ හොඳ දේවල් තිබුනට බුද්ධාගමේ අසත්‍යතාවන් ගොඩක් තියෙනව
 
shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83

    මොනවද මචං ඒ අසත්‍ය දේවල්?? කියපන්කො අපිටත් දැනගන්න බලන්න... මමනම් එහෙම දේවල් අහල නෑ... ඒකයි මේ අහන්නේ දැනගන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ඕනේ නම්, කිස්තියානි, මුස්ලිම් ආගම් බොරු කියල ඔප්පු කරන්ඩ පුළුවන්,හැබැයි ඒවගේ අමුතුවෙන් ඔප්පු කරන්ඩ දේකුත් නැ ඕනේ එකෙක් දන්නවනෙ,බොරු කියල. :lol::lol::lol:
     
    ~Atheist~

    Member
    Oct 15, 2012
    44
    2
    0
    බෞද්ධාගම කියලා දෙයක් නෑ. බෞද්ධ දර්ශනේ කියල එකක් විතරයි තිබුනෙ. හත්සිය-නවසිය ගනන්වල බෞද්ධ දර්ශනේ වෙනුවට බෞද්ධාගම නිර්මානය වුනා. එහෙම කලේ ක්‍රිස්තියානි සිට පසුව බෞද්ධ වූ පුද්ගලයන්. මේ හින්දා බෞද්ධාගම හා ක්‍රිස්තියානි අතර යම්කිසි සමානකමක් නැත්නම් ඇදහීමක් එක්ක පෞද්ගලික උවමනාවන්වලට උඩගෙඩි දෙන පෙනුමක් බෞද්දාගමට එකතුවුනා. කරුමෙ කියන්නෙ බෞද්ධ දර්ශනේ විනාශ කරපු මිනිස්සු අපිට ජාතික වීරයො වෙලා. ලොල් සහගතයි. බෞද්ධාගමේ තියෙන අධිභෞතික දේවල් ගැන කිසිම දෙයක් ඇත්තද බොරුද කියන්න බෑ. බෞද්ධ දර්ශනේ හොඳ දේවල් තිබුනට බුද්ධාගමේ අසත්‍යතාවන් ගොඩක් තියෙනව

    ඔබට පුනර්භවය බොරුවක් නොවන බව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්ද ?

    ඔබ මොන දර්ශනය ඇදහුවත් යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එකයි වැදගත් වන්නේ. ඔබ එය සඳහා බුද්ධාගම යොදා ගන්නවානම් එයට
    මම විරුද්ද නැහැ. හැබැයි යහපත් විදිහට ජීවත් වන්න ආගමක් හෝ බුද්ධ දර්ශනයක් අවශ්‍ය වන්නේ නැත. එම නිසා ඒතිස්ට් මත දරන මා කිසිඳු දර්ශනයකට හෝ ආගමකට සීමා නොවෙමි. ආගම් සහා යම් යම් පුද්ගලයන්ගේ දර්ශන තුල සිටින්නේ නැතුව මානව වර්ගයාගේ පැවැත්ම ගැන ඉතාමත් පුළුල්ව සිතනවානම් හොඳයි. ආගම්, දර්ශන සහා ගෝත්‍ර වලට වෙන් වී ජීවත් වීමට වඩා සත්‍ය අවබෝධ කරගෙන ශ්‍රී ලාංකිකයෝ විදිහට එකට අත්වැල් බැඳගෙන ඉන්න එකයි අපට වැදගත් වෙන්නේ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බෞද්ධාගම කියලා දෙයක් නෑ. බෞද්ධ දර්ශනේ කියල එකක් විතරයි තිබුනෙ. හත්සිය-නවසිය ගනන්වල බෞද්ධ දර්ශනේ වෙනුවට බෞද්ධාගම නිර්මානය වුනා. එහෙම කලේ ක්‍රිස්තියානි සිට පසුව බෞද්ධ වූ පුද්ගලයන්. මේ හින්දා බෞද්ධාගම හා ක්‍රිස්තියානි අතර යම්කිසි සමානකමක් නැත්නම් ඇදහීමක් එක්ක පෞද්ගලික උවමනාවන්වලට උඩගෙඩි දෙන පෙනුමක් බෞද්දාගමට එකතුවුනා. කරුමෙ කියන්නෙ බෞද්ධ දර්ශනේ විනාශ කරපු මිනිස්සු අපිට ජාතික වීරයො වෙලා. ලොල් සහගතයි. බෞද්ධාගමේ තියෙන අධිභෞතික දේවල් ගැන කිසිම දෙයක් ඇත්තද බොරුද කියන්න බෑ. බෞද්ධ දර්ශනේ හොඳ දේවල් තිබුනට බුද්ධාගමේ අසත්‍යතාවන් ගොඩක් තියෙනව

    :):):):) aththa!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔබට පුනර්භවය බොරුවක් නොවන බව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්ද ?

    ඔබ මොන දර්ශනය ඇදහුවත් යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එකයි වැදගත් වන්නේ. ඔබ එය සඳහා බුද්ධාගම යොදා ගන්නවානම් එයට
    මම විරුද්ද නැහැ. හැබැයි යහපත් විදිහට ජීවත් වන්න ආගමක් හෝ බුද්ධ දර්ශනයක් අවශ්‍ය වන්නේ නැත. එම නිසා ඒතිස්ට් මත දරන මා කිසිඳු දර්ශනයකට හෝ ආගමකට සීමා නොවෙමි. ආගම් සහා යම් යම් පුද්ගලයනේ දර්ශන තුල සිටින්නේ නැතුව මානව වර්ගයාගේ පැවැත්ම ගැන ඉතාමත් පුළුල්ව සිතනවානම් හොඳයි. ආගම්, දර්ශන සහා ගෝත්‍ර වලට වෙන් වී ජීවත් වීමට වඩා සත්‍ය අවබෝධ කරගෙන ශ්‍රී ලාංකිකයෝ විදිහට එකට අත්වැල් බැඳගෙන ඉන්න එකයි අපට වැදගත් වෙන්නේ.

    මට තාම එච්චර දේවල් බෑ හරියට මට මැරිලා වෙන තැනක උපදින්න පුලුවන්නම්. අඩුගානෙ වෙන්නෙ මොකක්ද කියල දැනගන්න පුලුවන් වෙච්ච දවසක පුනර්භවය ඇත්තද බොරුද කියන්න
    ම්. දැන් මට සාස්තර කියන්න බෑ:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනවද මචං ඒ අසත්‍ය දේවල්?? කියපන්කො අපිටත් දැනගන්න බලන්න... මමනම් එහෙම දේවල් අහල නෑ... ඒකයි මේ අහන්නේ දැනගන්න...
    දාන මාන පින්කම්, ධාතු ප්‍රදර්ශන,දඹදිව වන්දනාව,වගේ 1000ක් දේවල්:dull:

    ආමිස පූජාවට මුල් තැන දෙන හුඟක් මිනිස්සු ප්‍රතිපත්ති පූජාවට යොමුවෙලා නෑ කියන එක මේ කියන්නෙ
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මචන් ටික දවසකට කලින් මගේ point of view එක උනෙත් atheism කියන එක , එත් එතන පොඩි ප්‍රස්නයක් තියනවා , pride doesn't worth for life මම එහෙම කියන්නේ යාලු , දැනට දන්න ඇත්ත මත පදනම් වෙනවා කියන එක ගැනනම් අව්ලක් කියන්න නැහැ ,එත් be the coolest person ගේම් එක ගහනවා සින් එක atheism වල තියනවා කියල මම හිතන නිසා ... agnostic සහ secularism කියන්නේ සමහර විට මගේ point of view එක වෙන්ඩ ඇති ... muslim උන් නම් මේ secularism ගැන උන්ගේ ආගමට ඇදගෙන මෝඩ කතා කියනවා මම දැකල තියනවා ...

    agnostic ගැන වීඩ්යෝ එකක් මේක , සමහර athist la හිතනවා එක වැරදියි කියල , එත් මගේ පව්ද්ගලික මතය මේකයි බලන්නකෝ

    vdo 2 ඇති

    http://www.youtube.com/watch?v=CzSMC5rWvos

    http://www.youtube.com/watch?v=kKFDYf_YmmQ

    ඉන්ඩකෝ මම secularism ගැන ලියවුන බ්ලොග් ලිපියක් කොපි පේස්ට් කරන්නම්

    මොකක්ද මේ ලෞකිකත්වය/ඓහිකත්වය (සෙකියුලැරිසම්)
    පලමුව කිවයුතු වැදගත් කරුනක් නම් ලෞකිකත්වය/ඓහිකත්වය (සෙකියුලැරිසම්) යනු පහත සඳහන් එක් දෙයක් වත් නොවේ. පහත සඳහන් සංකල්ප සමහර අවස්ථා වලදී ලෞකිකතාව/ඓහිකත්වයය හෙවත් සෙකියුලැරිසම් (secularism) ලෙස වරදවා අරුත් දැක්වෙනවා. මේ ගැන වැඩි විස්තර පසුවට. දැනට කෙටියෙන් මෙහෙම කියන්නම්.

    * අදේවවාදය (atheism), දෙවියන් නැතයි විශ්වාශ කිරීම - ආගමික පුද්ගලයන් "ඇතැයි" යනුවෙන් විශ්වාස කරන දේ "නැතයි" යනුවෙන් විශ්වාස කිරීම නිදහස් චින්තනයක් නොවේ. එනමුත් එබ්‍රහමික ආගමින් මිදුනු නිදහස් චින්තනයට පාර වැටී ඇත්තේ මෙවැනි පියවරක් හරහා බැවින් මම ඔවුන්ට පෞද්ගලිකව කැමතියි. එහෙත් මෙය සෙකියුලැරිසම් සඳහා අවශ්‍යවන පියවරක් නොවේ.

    * නිර්-ආගමිකත්වය (non-religious) - මෙය අදේවවාදය නොවේ. සාම්ප්‍රදායික අරුත් දැක්වීමට අනුව 'ආගමික' මානසිකත්වයක් නොමැතිවීමයි. මොවුන් ආගමික හර පද්ධතීන් වෙනුවට පෞද්ගලික ජීවිතයේදි ලෞකික හර පද්ධතීන් භාවිතා කරනවා. පෞද්ගලිකව ගත්තොත් මමත් නිර්-ආගමිකයි.

    * හේතුවාදය (rationalism) - මෙම දාර්ශනික මතවාදයකි. මෙහි ආදී නිර්වචනය හා භාවිතය කෙසේ වුවද අද මෙම වචනය ලංකාව තුල භාවිත වන්නේ පදනමක් රහිත, විද්‍යාත්මකව සහ හේතුවාදීව පැහැදිලි කල නොහැකි, හුදෙක් විශ්වාසය මත පදනම් වූ මතවාදයන් මිනිසාගේ එදිනෙදා ජීවිතයට බලපෑම් වන තීරන ගැනීමේදී යොදා නොගත යුතු බව සහ අන්ධ විශ්වාස සහ විජ්ජාකරුවන්ට රැවටෙන ජනතාව ඉන් මුදවාගැනීම යන අරමුනු සහිත ක්‍රියකාරීන් හැඳින්වීම සඳහාය.

    * බහු ආගමිකත්වය (multi-faith) - බහු ආගමිකත්වය ඇතිවෙන්නේ පුද්ගලික වශයෙන් හෝ සමාජමය වශයෙන් වෙන්න පුලුවන්. මගේ අර්ථදක්වීමට අනුව මෙය එක් මතවාදයක පිහිටා ඉන්න බැරි දුර්වල මනස් ඇත්තන් අභ්‍යන්තර හෝ බාහිරව මත ගැටීම වලක්වා ගැනීමට කරන දෙයක්. එනමුත් ඒ මගේ පෞද්ගලික මතයයි. බහු ආගමික අදහස් ඇතෙතු බොහෝවිට එක් ආගමක පැවසෙන අන්තගාමි අදහස් ප්‍රතික්ශේප කරන නිසා, සැබැවින්ම බහු ආගමික අදහස් ඇති පුද්ගලයෙකු ගෙන සමාජයට යහපතක් මිස අයහපතක් වේ යයි මා සිතන්නේ නැහැ.

    * බහු සංස්කෘතිය (multi-culturilsm) බහු සංස්කෘතිය යනු සංස්කෘතිකමය වශයෙන් වෙනස් පුද්ගලයන් එකිනෙකාගේ සංස්කෘතීන් ගරු කරමින් ජීවත්වීම කියන අර්ථයෙන් ගත්තොත් ඒක සෙකියුලැරිසම් සඳහා අවශ්‍ය දෙයක්. නමුත් සෙකියුලැරිසම් කියන්නෙ multi-culturalism නම් නොවේ.

    ඉහතකී අදහස් ඇති පුද්ගලයන් බහුතරයක් සෙකියුලර් නැඹුරුවක් ඇති අය වේ. මේ නිසා තමයි ඉහත කී මතයන් සෙකියුලැරිසම් ලෙස වරදවා වටහා ගන්නේ. කෙසේ වුවත් ඉහතකී එක් මතයක්වත් සෙකියුලැරිසම් සඳහා අවශ්‍ය හෝ ප්‍රමානවත් සාධක නොවේ (not nessesory or sufficiant), එමෙන්ව ඒව අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරද නොවේ (not mutually exclusive). මෙවා එකිනෙකෙන් ස්වාධීනය(indepedant). (මෙසේ ගණිතමය අර්ථ දැක්වීමක් පසුවට එක් කිරීමට සිදුවුයේ මෙම නිර්වචනය කියැවූ එක් අයෙකු මෙය වරදවා වටහාගත් නිසාය.) උදාහරණයක් ලෙස නිර්-ආගමික පුද්ගලයෙකු වූ මා වැන්නෙකු ගනිමු. මා නිර්-ආගමික වූ පමණින් ඓහික (secular) පුද්ගලයෙකු බවට පත්නොවේ. නිර්-ආගමිකත්වය ඓහික මතයක් දැරීමට බාධාවක්ද නොවේ. මා ආගමික අදහස් පෞද්ගලිකව දරන පුද්ගලයන්ට එම අදහස් දැරීමට ඇති අයිතිය පිලි නොගන්නේ නම්. ආගම රාජ්‍ය තන්ත්‍රය හරහා තහනම් කොට ආගමික ස්ථාන වසා දැමිය යුතු බව සිතන්නේ නම් මා ඓහික(සෙකියුලර්) පුද්ගලයෙක් නොවේ. කෙසේ වුවත් ආගමක් නොඇදහීමට මට ඇති අයිතිය මෙන්ම ආගම් ඇදහීමට අනුන්ට ඇති අයිතියද පිලි ගන්නේ නම් මා හට ඓහික පුද්ගලයෙක් වීමට බාධාවක් නැත.

    එහෙනම් සෙකියුලැරිසම් (secularism) කියන්නෙ මොකක්ද? පෞද්ගලික මට්ටමෙන් ගත්තොත් සෙකියුලැරිසම් කියන්නේ තමන්ගේ ආගමික හා සංස්කෘතික මතවාද පෞද්ගලිකව තබාගෙන, සමාජ ජීවිතයේදී කාටත් පොදුවේ එකඟවිය හැකි, ජීවන රටාවක් අනුගමනය කිරීම. රාජ්‍යත්වය ගත්තොත් සෙකියුලර් රාජ්‍යයක් කියන්නේ කිසිම ආගමික හෝ සංස්කෘතික මතයකට විශෙෂ සැලකීමක් නොකරන රාජ්‍යයක්.

    දැන් මෙතැන ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. "කාටත් පිලිගතහැකි" කියන එක නිර්වචනය කරන්නෙ කොහොමද? කාටත් පිලිගත හැකි කියන එක ඉතාම සාපේක්ෂ අරුත් දැක්වීමක්. මෙතැනදි තම්යි අන්තවාදින් සහ අන්තවාදී නොවන මත වෙල වෙනසත් පේන්න පටන් ගන්නේ. අන්තවාදීන් සමග "කාටත් පිලිගත හැකි" වගේ මාතෘකා කතා කරන්න වත් බැහැ. හැබැයි අන්තවාදය කියන්නෙත් ඉතාම සාපේක්ෂ දෙයක්. ඉතින් මේ "කාටත් පිලිගත හැකි" දේ කියන එක අපි එලැබෙන සම්මුතියක්. මේ සම්මුතියට එලැබෙන්න නම් ගොඩක් සාකච්ඡා කරන්න ඔනේ. අඩු ගනනේ එහෙම සාකච්ඡා තුලින් තමයි හරි ක්‍රමය මොකක්ද කියල හොයාගන්න පුලුවන් කියන මතවාදයේ ඉඳීම තමයි සෙකියුලැරිසම් වල ආරම්භක පියවර. හරි ක්‍රමය මොකක්ද කියල දෙවියක් වහන්සෙ එතුමාගේ නියෝජිතයන් මාර්ගයෙන් පොතක ලියල තියෙනව කියල හිතන් ඉන්න පුද්ගලයන් එක්ක සෙකියුලැරිසම් කරන්න බැහැ. ඒ වගේම හරි ක්‍රමය මොකක්ද කියල තමන්ගෙ ආගමික ශස්තෘ කියල තියෙනව, ඒ නිවැරදිම ක්‍රමය පරම්පරාවෙන් අපිට හම්බුවෙලා තියෙනව, කියල හිතන් ඉඳිම ගැන කියන්නත් වෙන්නෙ ඒ ටිකමයි.

    වෙනස් වන ලෝකයේ වෙනස්වන රටා සමග "හරි ක්‍රමය" කියන එක වෙනස් වෙනවා. මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න පුලුවන් මිනිසුන්ටයි. ඒ සඳහා විද්‍යාත්මක දැනුම සමග බද්ධවන චින්තනයක්, හා සාකච්ඡයවෙන් එලැබෙන සම්මුතියක් අවශ්‍යයි කියන පදනමේ ඉන්නවානම් ඔබ සෙකියුලරිස්ට් (secularist) කෙනෙක්.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මොනවද මචං ඒ අසත්‍ය දේවල්?? කියපන්කො අපිටත් දැනගන්න බලන්න... මමනම් එහෙම දේවල් අහල නෑ... ඒකයි මේ අහන්නේ දැනගන්න...

    මේ තියෙන්නේ ඕන තරම් බලාගන්න ඕන දේවල් :cool:
    www.elakiri.com/forum/showthread.php?t=1497170