ඔබගේ මුතුන් මිත්තෝ

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
සුද්දෝදන රජ්ජුරුවන්ගෙ මාලිගාවෙ නටඹුන් අදටත් බලන්න පුලුවන් දිඹුලාගලට ගියොත්.ඒ කාලෙ කිඹුල්වත් පුර රාජධානිය තමයි අද දිඹුලාගල අවට ප්‍රදේශය.


මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

sgrdk1 නිරුවත
http://www.elakiri.com/forum/showthread.php?t=1815829

Skylark
 
Jul 5, 2012
1,773
265
0
සමහරුන්ටනම් කොහෙ ඉපදුනත් ඒකෙන් වැඩක් නෑ තමයි. හැබැයි ඉපදුන , බුදු වුන , ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ , සහ පිරිණිවන් පෑ ස්ථාන වල ගැබ්ව ඇති බුද්ධ ශක්තියට අනුගත වෙලා තමන්ගෙ නිවන් මාර්ගය විවෘත කරගන්න ඒ ශක්තිය උපකාර කරගන්න අවශ්‍ය කොටසකුත් ඉන්නව.ඒ අයට කියන්නෙ සද්ධස්ස කුලපුත්තයින් කියල.


giphy.gif
 

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    ලංකාවෙ කළු කොට ජාන වලින් දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ගන්න පූළුවන් ද බං. පස් මහ බැළුම් බැළුවත් කාලය දීපය දේශය තුනෙන්ම අපි ෆේල්. හැඩරුව විස්තරයට හරියන්නෙ නේපාලෙම තමයි
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    UNESCO: Towards a sustainable Lumbini, the birthplace of Lord Buddha

    UNESCO: Towards a sustainable Lumbini, the birthplace of Lord Buddha





    Skylark
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    ලංකාවෙ කළු කොට ජාන වලින් දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ගන්න පූළුවන් ද බං. පස් මහ බැළුම් බැළුවත් කාලය දීපය දේශය තුනෙන්ම අපි ෆේල්. හැඩරුව විස්තරයට හරියන්නෙ නේපාලෙම තමයි


    මම හිතන්නේ බොහෝ අය නොකියා කියන්නේ මේක. බුදු හාමුදුරුවෝ නේපාලෙයේ ඉන්න අය වගේ ලස්සනයි සුදුයි කියලා.

    සුවණ්ණවණ්ණ
    බුදුන්ගේ ශරීරය ස්වර්ණ වර්ණයෙන් යුක්ත ලක්ෂෝණයෙන් හෙබි බව මෙයින් අදහස් කෙරේ. සියුම් සිවිය ඇති ශරීරය නිසා රජස් දූවිලි ශරීරයෙහි නො ගැටේ. පජ්ජමධුව ද උන්වහන්සේගේ සිරුර රන්වන් සෙයින් ම, ගණ රන් පිළිමයක් වැනි යැයි ද, සියුම් සිවිය නිසා රජස් දූවිලි නො ඇලෙන බව ද, එය පියුම් පතෙහි හුණු දිය බිඳක් මෙන් පහවෙන බව ද කියයි.


    එතන කියන්නේ හම "රන්වන් සෙයින්" කියලා. රන්වන් කියන්නේ තල එළලු පාටට හුරු පාටක්. නේපාලයේ වගේ සුදු හම නොවේ.

    බුදුන් උපන් දේශයේ කවදාවක්වත් මෙහෙම දේවල් වෙන්නේ නැහැ.

    ->> Nepal's killing fields: FIVE THOUSAND buffalo lie slaughtered at the beginning of Hindu ceremony which sees up to 300,000 animals killed to bring worshippers good luck



     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ Thread එකේ කරුණු දක්වල තියෙන අයගෙන්,

    • කොටසක් තොරතුරු නොදැන කතා කරයි - අදහස් නොදැක්වීම වඩා හොඳය.
    • ඇතැමෙක් දන්නා තරමින් කතා කරයි - සාපේක්ෂව බුද්ධිමත්ය (නොදන්නා කරුණු නොකියන තරමට)
    • තවත් අයෙක් ඔහේ තර්ක කිරීමට, අනෙත් අයගේ වැරදි සොයයි - මෝඩ උත්සාහයක යෙදෙයි.
    යමෙකුට, රට - ජාතිය - ඉතිහාසය ගැන කැක්කුමක් ඇති වන්නේ "අතීත ගති පුරුද්දෙන්" මය.
    ඇතැම් අයට ඔවුන් පිස්සන් සේ පෙනිය හැක.
    එවැනි උතුම් (ලෞකික වුවත්) අරමුණු සහිත මිනිසුන් රටක සුදුසු කාලයේදී
    පහළ වන්නේ "ධර්ම නියමයෙන්" මය.
    ඔවුන්ගේ උත්සාහය වැලැක්වීමට කිසිඳු බලවේගයක් සමත් නොවෙත්.
    කිසිඳු ලෞකික ප්‍රතිලාභයක් නොතකා ලෝකයට සත්‍ය පසක් කරන එතුමන්ගේ අදහස් වලට සිනාසෙන/ උරණ වන/ වෛර කරන පිරිසක් සිටීමද ලෝක ස්වභාවය බව බෞද්ධයන් වශයෙන් අප තේරුම් ගත යුතුය.


    සත්‍යය කෙසේ හෝ ඉස්මතු වීම වැළැක්විය නොහැක.

    අද එය සියලු සාක්ෂි සමඟින් ලෝකය ඉදිරියේ විවර වෙමින් පවතී.
    හිස් අදහස් දැක්වීම් පසෙක තබා, මේ ගැන දැනගන්න විශාල උවමනාවක් තියෙනවනම් හොඳින් කරුණු සොයා බලා මනස පාවිච්චි කරලා බුද්ධිමත්ව හිතලා තමන්ගේ මතය - ස්ථාවරය ගොඩනගා ගන්න.
    ඒත් ඒක අනුන්ගේ මතය කරන්න උත්සහ කරාට හැම කෙනෙක්ම එකඟ වෙයි කියල හිතන්න එපා.


    කෙසේ වුවද බොහෝ කලක් යටපත් වී තිබූ "නිවන් දැකීමට උපකාරී වන" "පරම පවිත්‍ර සිරි සද්ධර්මය
    " නැවත වරක් ඉස්මතු වී ඇති මෙවන් වාසනාවන්ත දුර්ලභ යුගයක මිනිස් ජීවිත ලබා "මේ සිරිලක් දෙරණ මත උපන්" ඔබත් මමත් අප්‍රමාදව කල යුතු වැදගත්ම කාරණය වන්නේ,
    මේ සංසාර ගමන තුළ ඇති "අති භයානක තත්ත්වය" තේරුම් ගෙන,
    මායාකාරී ලෞකික සැප සම්පත් පසුපස හඹා යාමෙන් මිදී,
    සැබෑ ලෝකෝත්තර සුවය සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය,
    ඒ අමාමෑණි සිරි සම්මා සම්බුදු රජාණන් විසින් දෙසූ බණ,
    අරිය උත්තමයෙකුගෙන් අසා දැනගෙන,
    පරතෝගෝෂික ප්‍රත්‍ය ලබාගනිමින් ඛණ සම්පත්තිය උදා කරගෙන,
    මාර පුත්‍රයකු ලෙසින් "මාර ප්‍රතිපදාව" තුළ ගමන් කළ අන්ධ බාල පෘතග්ජන ලේබලයෙන් මිදී,
    සැබෑ බුද්ධ පුත්‍රයකු ලෙසින් "අරිය ප්‍රතිපදාව" වෙත වෙනස් කරගැනීමයි.

    එහිදී බුදුන් දකින ඔබ, ලෝකයෙන් මිදී සැබෑ ජයග්‍රාහකයා බවට පත්වනු ඇත.

    සංසාර ගමන පුරාවට ලෝකය තුළ ලැබිය හැකි සියලු ජයග්‍රහණ කිහිප වරක් ලබා ඇති අප මේ උත්සහ කරන්නේ නැවතත් වෙහෙස මහන්සි වී ඒ ජයග්‍රහණයම නැවත ලබන්නය. කී පාරක් කරලද නවතින්න හදන්නේ ?
    මේ මොහොත දුර්ලභ අවස්ථා අතර ඇති "අති දුර්ලභ අවස්ථාවකි" මග හැරියොත්, මාරයා ඔබව තවත් කල්ප කෝටි ගණනක් දුක් ගොඩක් මැද අතරමන් කරනු ඇත.


    අවසාන වශයෙන් ජ'පුර මහා ශිෂ්‍ය සංගම් කාර්යාලය ඉදිරියේ ඇති කවියක් මතක් කරන්නම්...

    ඔබ මෙහි ආවේ කුමකටද ?
    ආවකු විලස යන්නද ?
    නොආවකු විලස යන්නද ?
    කිසිවක් තබා යන්නද ?
    කිසිවක් රැගෙන යන්නද ?
    යන තෙක් රැඳෙන්නද ?
    නොරැඳී රැඳී ඉන්නද ?


    2-3 පාරක් මෙය කියවා සරසවි වරම් ලද පළමු වසර සිසුවා යමක් සිතට ගනී...

    ලැබූ දුර්ලභ අවස්ථාවෙන් බොහෝ දෙනෙක් ප්‍රයෝජන ගනී...
    සුළු පිරිසක් මෙහි ආවේ කුමකටද ? නොදනී...
    නොරැඳී රැඳී ඉන්නා ඔවුන්, නොආවකු විලසම යන්න යයි...

    මා මේ ප්‍රශ්න ටිකම මගෙන්ම විමසුවේ මීට මාස කීපයකට ප්‍රථමය...

    එහෙත් ඒ වෙනත් මා ලද ඇති දුර්ලභ අවස්ථාවක් පිලිබඳවය...
    ඒ අන් කිසිවක් නොව ඇති උතුම් මිනිස් ජීවිතය පිලිබඳවයි ...

    එහිදී මගේ උත්තරය වුයේ... අප බහුතරයකගේ හදවතින් නැගෙන ලජ්ජාශීලී උත්තරයම තමයි...

    මා කලකිරුණේ මා ගැනමයි... ධර්මය සොයා යාම එහි ප්‍රතිඵලයක්...
    කළ යුතු දේ පෙනෙන්නට තිබියදී, කරන්නට
    වනදේ පසුපස හඹා ගොස් ලැබෙන හෝ ලබාගත් දෙයක් නැත...


    - ඔබ සැමට නිවන් සුව ලැබේවා -

    :)
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බුදු උපත ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
    ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
    හඟුරන්කෙත ධීරානන්ද හිමි


    බුදු උපත සිදු වූ ස්ථානය හා බුදු උපත සිදුවූ ආකාරය ගැන ඇති පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙහි ඓතිහාසිකත්වය හා නිරවද්‍ය බව තවදුරටත් සනාථ කරයි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර ක්‍රි.පූ. 250 දී මෞර්ය පාලක අශෝක රජු මෙම ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක් පිහිටුවා බුදු උපත මෙහිම සිදු වූබව එහි සඳහන් කර තිබේ. තමාගේ විසිවැනි රාජවර්ෂයේදී මෙම ස්ථානයට ආ බවත් ශාක්‍යමුනි වු බුදුරදුන් මෙහි ඉපදුනා (බුධ ජාතේ සක්‍යමුනිතී) යැයි ගලින් සලකුණක් කිරීම හා ගල් කුලුනක් එසවීමත් භාග්‍යවතුන් වහන්සේ මෙහි ඉපදුනු නිසා ලුම්බිණි ග්‍රාමයේ බදු අටෙන් එක දක්වා අඩු කළ බවත්, එහි දැක්වේ. අශෝකාවදනයට අනුව උපගුප්ත නම් භික්ෂුවක් සමඟ අශෝක රජු ලුම්බිනියට ආ බවත් උන්වහන්සේගේ උපදෙස් මත මෙම ශිලා ස්ථම්භය හා ලේඛනය පිහිට වූ බවත් දැක්වේ. අශෝක ස්ථම්භය ඉදිරියට තල්ලු වී ගොස් තිබෙනු තමා දුටු බව හියුං සියෑං දක්වයි. එකොළොස්වන දොළොස්වන සියවස්වලදී පාල රජුන් විසින් නැවත මෙය සිටුවනු ලැබූ බවට සාධක ඇතැයි වින්ටර් ස්මිත් පෙන්වා දෙයි.

    බුදු උපතින් වසර 329 කට පසු අශෝකයන් විසින් කුලුනක් ඔසවා ශිලා ලිපියක් මගින් බුදු උපත ගැන සටහනක් තැබීම එහි ඓතිහාසික බව වඩාත් තහවුරු කරවන්නකි.

    1895 දී ජර්මන් පුරාවිද්‍යාඥයෙකුවන, ඒ. ෆිහියුරේ විසින් මෙම ස්ථානය පැහැදිලිව පළමුවෙන් හඳුනා ගනිමින් ශිලා ලේඛනය සහිත මෙහි ඓතිහාසික වටිනාකම ලෝකයට අනාවරණය කොට ඇත. 1996 කළ කැණීමකින් අශෝකයන් විසින් බුදු උපත සනිටුහන් කරමින් තැම්පත් කළ පාෂාණය මායාදේවි මන්දිරයේ කළ කැණීමෙන් සොයා ගනු ලැබීය. මෙම පාෂාණය දැනට ලුම්බිණි කෞතුකාගාරයේ තැම්පත් කොට තිබේ. එකොළොස්වැනි සියවසේ සිට පහළොස්වැනි සියවස දක්වා පාලන කාර්යයනට දායක වූ නාග රාජවංශයේ මල්ල රජු විසින්ද මෙම ඓතිහාසික ස්ථානයේ බුදු උපත සනිටුහන් කරනුවස් සිහිවටනයක් තබා ඇත.

    වර්ෂ 2013 නොවැ. මස 30 ද වැනි දින අනාවරණය කළ පරිදි එංගලන්තයේ දුර්හම් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් ඛනිංහැම් මහතා ඇතුලු පිරිස විසින් මෙම ස්ථානයේ කළ කැණීමකින් පැරණි ලී වලින් කළ වැටක් සොයාගත් අතර කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව මෙහි දින නියමයන් ක්‍රි.පූ. 550 ට අයත් බව ස්ථිරවම ඔහු විසින් නිගමනය කොට තිබේ. මෙම වැට පැරණි සල් වෘක්ෂය වටා ඉදිකරන්නට ඇති අතර ඒ අනුව බුදුබවට පත්ව කෙටි කලකින් මෙම ස්ථානයේ ආගමික කටයුතු ආරම්භ කරන්නට ඇතැයි රොබට් ඛනිංහෑම් මහතා විශ්වාස කරයි. නේපාලයේ කොෂ් ප්‍රසාදි ආචාර්ය යන පුරාවිද්‍යාඥයාද ඇතුළු කණ්ඩායමක්ද මේ සඳහා සහාය ලබාදුන්හ. මෑතකදී අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සාක්ෂි බුදු උපත නිවැරදි කර ගැනීමට මෙන් දින නියමයන් ගැන මතුව පැවැති වැරදි මත දුරුකරලීමටත් සාහිත්‍යගත මූලාශ්‍රවල ඇති නිරවද්‍ය බව වඩාත් තහවුරු කරලීමටත් හේතුවූ බවද කිව යුතුය.

    Skylark