ඔබගේ සීලය නිවනට හේතුවන්නේ කෙසේද

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔබගේ සීලය නිවනට හේතුවන්නේ කෙසේද ???
    සීලය අධි සීලය හා සීලබ්බත පරාමාස
    ( භාවනාවට පෙර ඔබ විසින් දැන ගත යුතු වැදගත්ම කරැණ මෙය බව සලකන්න )
    සීලවන්තයෙකුට ගුණවන්තයෙකුට පමනි භාවනාවක් හරියන්නෙ කියන කාරනාව අප සැමවිටම අසා ඇත. ඒ අනුව සීලය ඍජුවම භාවනා සමාධියට බලපාන බවයි මෙයින් පෙනෙන්නෙ. නමුත් සත්යය වශ්යයෙන්ම එය එසේ නොවේ. මෙය ඇසු සැනින් ඔබ පුදුමයට පත්වනු ඇත.නමුත් සත්ය කාරනාවනම් මෙයයි,සීලය ඍජුවම බලපාන්නෙ භාවනා සමාධියට නොව වීර්ය වැඩීම සදහායි.සත්ය වශයෙන්ම ඔබට සීලයක් රකින්නට සිතුනොත් එම සිල්පද ටික රකින් ඔබට යම් උත්සාහයක් ගන්න සිදුවනවා නොවේද,ඔබේ ගේදොර වැඩ කටයුතු සම්බන්ධව සිතුවත් මෙය ඔබටම තේරැම් ගන්න අපහසු නොවුණු ඇත.ඔබ එදිනෙදා කරන වැඩ කටයුතු වලදී ඔබ දැන හෝ නොදැන කුඩා සතුන් කොපමනක් මියයන බව ඔබ දන්නවාද,විශේෂයෙන් ගේදොර පිරිසිදු කිරීම් වලදී දැක දැක දැන දැන කූඹීන්,කැරපොත්තන්,මකුනන් හා මදුරුවන් මිය යනවානම් එය වලක්වාගන්න නව උපායක්, අමතර උත්සාහයක් හා ඉවසිලිමත්ව වැඩ කටයුතු කිරීමට ඔබට අමතර වීර්යක් අවශ්ය වෙනවා නොවේද.භාවනාවේදි සිත කෙලෙස් වලින් මුදවාලමින් තමන්ගේ කමටහනේ සිත රදවාගන්න උපකාරි වුනේ ඔබවිසින් සීලය රකින්න දරන විර්ය බව ඔබ දැන සිටියේ නෑනේද.එසේනම් මෙතෙක් කාලයක් ඔබ විසින් ආරක්ෂා කල සීලයේ අර්ථයක් නොදන්නා බැවින් එවැනි සීලයක් සීලබ්බත පරාමාසයක් වනු ඇත. බුද්ධ සාසනයේ රකින සීලය සැම විටම කෙලෙස් ප්රහානයට හේතු විය යුතුයි. අප විසින් රකින සීලය ගෝත්රභූ ඥාණයෙන් පසුව ලැබෙන පලවෙනි මාර්ග ඥාණයෙන් ආරිය කාන්ත සීලයක් බවට පත්වන අතර එහිදි රකින සීලය රැකෙන සීලයක් බවට පත්වේ.ඔබට අතිශයින්ම අවාසිදායක මොහොතක වුවද බොරැවක් නොකියා ඇත්ත කියන්න මොනතරම් විර්යක් අවශ්ය බව ඔබදන්නවා නොවේද. මත්පැන් පානය කරන කාම බන්ධන වලට බැදුනු ලෝකයක එයින් සිත මුදවා ගනිමින් සීලයක් ආරක්ෂා කරන්න ඔබට හැකි වෙනවාද ඒහා සමානව ඔබේ සිත කෙලෙස් වලින් මුදවාලමින් සිත එක අරමුණක තබා ගන්න ඔබට හැකි වනු ඇත. මේ ආකාරයට සීලයක් රකින්න ඔබ පෙලබුන හොත් බොහොම පහසුවෙන් තමන්ගේ භාවනාව දියුණු කරගන්න ඔබට හැකිවනු ඇත. රකින්න පුලුවන් එක සිල්පදයක් පමනක්නම් ඔබට එතැනින් පටන් ගෙන භාවනාවට යොමු විය හැකියි.තමන් රකින සීලයෙන් භාවනාවට ලැබෙන අනුග්රහයත් නොරකින සිල්පදවලින් භාවනාවට ඇති බාදාවත් තමන්ටම වැටහෙනු ඇත.එය දැනගත් වහාම තමන්ගේසීලය අධි සීලයක් බවට පත් කරගනිමින් අනෙක් සිල්පද ආරක්ෂා කරන්න පෙලෙබෙනු ඇත.මේ ආකාරයෙන් පටන්ගෙන උපසම්පදාව සීලය දක්වාම යාහැකියි.
    සැලකිය යුතුයි:
    විකාල භෝජනා සිකපද ගැන ඔබ නොදන්නා කරැනු :
    මෙම සිකපදය උපසම්පදා,සාමණේර ස්වාමීන් වහන්සේල ඇතුලු පොහොය දිනයකදී ගිහි පිංවතුන් විසින්ද රකින සිල්පදයකි. මෙම සිල්පදය සමාදන් වීමෙන් අනතුරැව බත් ව්යංජන කැවිලි පෙවිලි පලතුරැ ආදිය විකාලයේදි වැළදීමෙන් මෙම සිකපදය බිදෙනු ඇත. උපසම්පදා නම් ඇවැත්වේ.සාමණේර නම් සිල්පද දහයම බිදීමෙන් දුස්සීල වෙයි.එවිට නැවත සිල්සමාදන් වියයුතුය.ගිහියන්ට නැවත එම සිල්පදය පසුවදා සමාදන් වියයුතුයි.(එදිනට නැවත කාටවත් සමාදන් විය නොහැක).විකාලය යනු මධ්යන්නයේ සිට පසුවදා අරැණ නැගෙන තෙක් කාලයයි.මේකාලයේදි බුදු,පසේබුදු හා රහතන් වහන්සේලා ආහාර වැළදීමෙන් වැලකී සිටින කාලයයි. අරැණ නැගීම සිදුවන්නෙ ඉර උදාවට පැය භාගයකට පෙරයි.එවිට අහස තරමක් ආලෝක මත් වී ඇත. බාහිර ආලෝකයකින් තොරව තමන්ගේ අතේ අල්ලේ රේඛා පෙනේ නම් අරැණ වැටී ඇත.නොපෙනේනම් තවම විකාලයයි.එනම් භෝජනයට සුදුසු නොවේ.විකාලයේදි ආහාර වශයෙන් සම්මත කිසිවක් නොගත යුතුයි. තේ,කෝපි සිනි,හකුරැ සමග පානය කලහැකිය නමුත් කිරිපිටි බිස්කට් නොහැකියි.කුඩා පලතුරැ යුෂ හැකිය.එනම් අඹ,දිවුලු මිදි යුෂ හැක.කෙසෙල් යුෂ නොහැකි.කෙසෙල් පනයක් ලෙස සම්මතයක් නොමැත.කොමඩු ගස්ලබු වැනි මහා පලතැරැ යුෂ තැඹිලි වතුර නොහැකියි. කිරි මිශ්ර පාන කිසිවක් නොහැකිය.මීපැනි,ගිතෙල් තලතෙල්,හකුරැ ගැනීමට අවසර ඇත. කැද වර්ග කිසිවක් නොහැක.⁣ ඖෂධීය පාන හැකිය.
    ගිහියන්ට මෙම සිකපදයේ උපරීම ආනිසංස ලැබෙන්නෙ දවසක් හෝ සිල්පදය සමාදන් වීමෙනි. විකාලයේ වළදන පැවිද්දන් ගේ තත්වය ඉතා පහත්බව ශාසනාවතරණය පොතේද සදහන් කර ඇත. මෙම සිකපදය රකින්න විශාල කැපවීමක් අවශ්ය අතර එයින් විර්ය වැඩිමට මෙම සිකපදය උපකාරීවේ. රාත්රී කාලයේදී නොනිදා භාවනා කරන්න මෙය ඉතා වටිනා සිකපදයකි.