ඔබටත් පුහුණු කළ හැකි මෛත්‍රී භාවනාව.

hpalpola

Well-known member
  • මෙත්තා භාවනාව සඳහා බුදු දහම තුළ ඉහළ ස්ථානයක් හිමි වේ. වේලාම සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මිනිසකුට කළ හැකි පුණ්‍යක්‍රියාවන්ගෙන් දෙවැනියට මහත්ඵල මහානිශංස ගෙන දෙන ක්‍රියාව නම් මෛත්‍රිය බවයි. එදිනෙදා ජීවිතයේ දී සතුටින් සිටීමට මෛත්‍රිය ඉතා වැදගත් ය. කෙසේවෙතත් මෛත්‍රිය බුදු දහමට පමණක් අදාළ භාවනාවක් නොවේ. නිදසුනකට බලන්න සංයුක්ත නිකායේ මහාවග්ගයේ බොජ්ජංග සංයුක්තයේ මෙත්ත සූත්‍රය. මේ මෙත්ත සූත්‍රයේදී ම බුදුරජාණන්වහන්සේ, බුදු දහමේ සඳහන් වන මෛත්‍රිය අනෙක් ආගමික ඉගැන්වීම්වලින් වෙනස් වන ආකාරය පෙන්වා දී ඇත. ඔබත් මෛත්‍රිය පුහුණු කරන්නෙකු නම් එකී තත්ත්වය සැලකිල්ලට ගැනීම වැදගත් ය. මෙත්ත සූත්‍රයේ ඒ පිළිබඳව මෙසේ දැක් වේ.

    “මහණෙනි, කෙසේ වඩනා ලද මෛත්‍රී සමාධිය කුමක් නිපදවීම කොට ඇත්තේද, කුමක් පරම කොට ඇත්තේද, කුමක් අනුසස් කොට ඇත්තේද, කුමක් අවසානකොට ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණු මෛත්‍රී සහගත සති සම්බොජ්ඣංගය වඩයිද,

    “විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,

    “විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණු මෛත්‍රී සහගත විරිය සම්බොජ්ඣංගය වඩයිද,

    “විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත පීති සම්බොජ්ඣංගය වඩයිද,

    “විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

    “විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

    “විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු මෛත්‍රී සහගත උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද,

    “ඉදින් හෙතෙම පිළිකුල් නොවූවෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේ නම්, එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් හෙතෙම පිළිකුල් වූවෙහි පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවූවෙහිද, පිළිකුල් වූවෙහිද පිළිකුල් හැඟීම ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි. ඉදින් පිළිකුල් වූවෙහිද, පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැඟීම නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේනම් එහි පිළිකුල් සංඥාව නැතිව වාසය කරයි. ඉදින් පිළිකුල් නොවුවද පිළිකුල් වුවද යන ඒ දෙක දුරුකොට සිහි ඇතිව මනා නුවණැතිව උපේක්ෂා ඇත්තේව වාසය කරන්නෙමියි කැමැත්තේ නම් එහි සිහි ඇතිව, මනා නුවණැතිව උපේක්ෂා ඇතිව වාසය කරයි. සුභවූ විමෝක්ෂයට හෝ පැමිණ වාසය කරයි. මහණෙනි, මම ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකළාවූ මහණහට සුභය කෙළවරකොට ඇති මෛත්‍රී සමාධිය කියමි.

    මෛත්‍රිය පුහුණු කිරීමේ වටිනාකම අවස්ථා කීපයකදී ම බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබේ. ඒ අතර වැදගත් සූත්‍රයකි අංගුත්තර නිකායේ සත්තකනිපාතයේ මා පුඤ්ඤාභායී සූත්‍රය. එහිදී බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කරයි.

    “මහණෙනි, පින් වලට භය නොවව්. යම් ඒ පිනක් වේනම්, එය සැපතට එක්තරා නමකි. මහණෙනි, බොහෝ කල් කරණ ලද පින්වල හේතුවෙන් බොහෝ කල් කැමති විය යුතු, සිත් අදනාවූ, මන වඩන්නාවූ විපාකය වින්දෙමි. සත් වසක් මෛත්‍රී සිත වැඩුවෙමි. සත් වසක් මෛත්‍රි සිත වඩා සංවර්‍ත (නැසෙන) විවර්‍ත (වැඩෙන) කල්ප සතක් මේ ලෝකයට නැවත නොආයෙමි. මහණෙනි, මම කල්පය විනාශවන කල්හි ආභස්සර බඹලොවට පැමිණෙමි. කල්පය හටගැණෙන කල්හි හිස්වූ බඹ විමනක උපදිමි. මහණෙනි, එහි වනාහි මඩින්නාවූ, නොමැඩිය හැකි සියල්ල දක්නාවූ, යටතෙහි පවත්වන්නාවූ, මහා බ්‍රහ්මයෙක් වීමි. ......

    “ලෝකයෙහි බුදුවරයෝ සංග්‍රහ කරන්නාහු වෙත්ද, ඒ බුදුවරයන් විසින් මනාකොට මේ කරුණ දේශනා කරණ ලද්දේය. යම් හෙයකින් පොළොවට අධිපතියයි කියණු ලැබේද, මෙය උසස් බවට හේතුවකි.

    “බොහෝ වස්තු, උපකරණ ඇති, තේජසින් යුත් රජ වෙමි. දඹදිවට අධිපති වූයේ, මහත් ඎද්ධි ඇති, මහත් යශස් ඇති වෙමි. එහෙයින් හීනජාති ඇත්තේ නමුදු, කවරෙක් මේ කරුණ අසා නොපහදින්නේද, පහදින්නේමය.

    “එහෙයින් ගුණයෙන් මහත් බව කැමති වන්නාවූ, තමන්ගේ දියුණුව, අනුන්ගේ දියුණුව කැමැත්තහු විසින් බුදුවරයන්ගේ අනුශාසනාව සිහි කරමින් සද්‍ධර්‍මය ගරු කට යුත්තේය.”

    මෙය එක් සූත්‍ර දේශනාවක් පමණි. මෛත්‍රිය පුහුණු කිරීම ඕනෑම කෙනෙකුට කළ හැක්කකි. නිතරම සිනහවෙන් සිටීමට, නිතර ම සතුටින් සිටීමට කැමැති පුද්ගලයකු වේ නම් ඔහුට සුදුසු ම භාවනාව වන්නේ මෛත්‍රියයි. කියනවාට නොව සිදු කරම බැලිය යුත්තකි. එය කියන්නේ අත්දැකීමෙනි.

    pexels-cottonbro-4325466.jpg
     
    Last edited:
    • Love
    Reactions: Aldren and NRTG