මෛත්‍රිය වැඩීම අමාරු වැඩක් ද?

hpalpola

Well-known member
  • මෛත්‍රී භාවනාව කරන එක අමාරු වැඩක් ද?

    හුඟක් වෙලාවට භාවනා කරන අය කියන දෙයක් තමයි මෛත්‍රී භාවනාව කරන්න අනෙක් භාවනාවලට වඩා ලේසියි කියන එක. නමුත් ක්‍රියාවට නගද්දි මෛත්‍රී භාවනාව කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. පාලනය නොකළ හිතකට අපහසු දෙයක්. ඒක මුලින් ම කියන්න ඕනා. අනෙකි අතට සමහරු හිතනවා නැත්නම් උගන්වනවා මෛත්‍රී භාවනාවෙන් පුළුවන් වෙන්නෙ ධ්‍යාන තත්ත්වයට හිත පත් කර ගන්න විතරයි කියලා. නිවන් අරමුණු කරන කෙනෙක් එනිසාත් මෛත්‍රිය වැඩීමෙන් උකටලී වෙනවා. ඒ වගේ වෙලාවට ඒ වගේ කතා අහන අය මතක තියා ගන්න ඕන සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ එන පඨම අප්පමඤ්ඤා සූත්‍රය. චතුක්ක නිපාතයේ තමයි මේ සූත්‍රය තියෙන්නෙ. මේ සූත්‍රයෙ දි බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මෙහෙම.

    “මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින්

    “එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය,

    “මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.

    “හෙතෙම එය ආශ්වාද කරයි. එය කැමැති වෙයි. එයින් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, බ්‍රහ්මකායික දෙවියන් හා සහවාසයට පැමිණෙයි.
    මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ට කල්පයක් ආයු ප්‍රමාණය වෙයි.

    “පෘතග්ජනයා එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් ප්‍රමාණක්ද, ඒ සියල්ල ගෙවා, නරකයටද යයි. තිරිසන් තිරිසන් අපායටද යයි. ප්‍රේත ලෝකයටද යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් තාක්ද, ඒ සියල්ල ගෙවා ඒ භවයෙහිම පිරිනිවෙයි. මහණෙනි, ගතිය, උත්පත්තිය ඇති කල්හි. අශ්‍රැතවත් පෘතග්ජනයා හා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ විශේෂයයි. මේ අදහසයි. මේ වෙන් කිරීමයි.

    මෛත්‍රී භාවනාව බෞද්ධයන් අතර විතරක් නෙමෙයි වෙනත් ආගමිකයන් අතරත් තියෙනවා. ලැබෙන ප්‍රතිඵල ගත්තම බෞද්ධ දර්ශනය තුළ ඒ ප්‍රතිඵල වෙනස්.

    දැන් කලින් කිව්වනෙ මෛත්‍රී භාවනාව කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි කියලා. ඒක එහෙම නෙමෙයි ද කියලා තමුන්ගෙන්ම අහලා බලන්න. මෛත්‍රී භාවනාව සාර්ථකව කරන්න පුළුවන් වෙන්නෙ මනා සිහියකින් ඉන්න කෙනෙක් ට. මොකද ඒ තැනැත්තාගේ සිත, කය සහ වචනය කියන තුන්දොරම මෛත්‍රිය සඳහා මූලාශ්‍ර කරගන්න වෙන නිසා. හිතෙන් මම වෛර නැත්තෙක් වෙම්වා කියලා කියා ගත්තට වැඩක් නැහැ තමුන් තුළ අනුන් ගැන ඇති වෙන්නෙ වෛරී සහගත සිතුවිලි නම්. තමුන්ගේ ඇඟේ හැපෙන මනුස්සයා එක්ක වෛරී සහගත සිතුවිලි නම් ඇති වෙන්නෙ මොන මෛත්‍රියක් ද එතැන?

    මෛත්‍රී භාවනාව කරන කෙනා තමුන්ගෙ හිත, කය සහ වචනය පාවිච්චි කරන්න ඕන හැමවෙලාවෙම මෛත්‍රී සහගතව. කතා කරද්දි හොඳ වචන වගේ ම හිංසාකාරී නොවන වචන භාවිතා කරන්න ඕනා. ක්‍රියාවන් කරද්දි තව කෙනෙක්ට හිංසාවක් නොවන විදියට ක්‍රියා කරන්න ඕනා. හිතුවිලි ඇති කර ගන්නෙ වගේම පවත්වාගෙන යන්නෙත් අන් අයට හිංසාවක් නොවන විදියට. හැමවෙලේම මට හිංසාවක් වුනොත් මට ඒක කොහොම වෙයිද කියන අත්තානං උපමං කත්වා බණ පදය ඔළුවෙ තියෙන්න ඕනා.

    අනික් කරුණ තමයි තමුන් දැන ගන්න ඕනා තමුන් ආර්යෂ්ටාංගික මාර්ගය අනුව ජීවත් වෙනවා වුනත් නැත්නම් පාරමිතා සම්පූර්ණ කරනවා වුනත් මොන දේ කලත් ඒ හැම තැනදිම මෛත්‍රී සහගත සිත පැවැත්තුවොත් තමුන්ට ප්‍රතිඵල ලැබෙන බව. ආර්යෂ්ටාංගික මාර්ගයේ අංග සලකලා බලන්න නිකමට. ඒ හැම අංගයකටම මෛත්‍රිය යොදා ගන්න පුළුවන්. පාරමිතා වලින් එකක් මෛත්‍රිය. අනෙක් පාරමිතා 9 ම ඒ පාරමිතාවත් එක්ක වඩන්න පුළුවන් සිහිය පිහිටුවා ගත්තොත්.

    අපි දන්නවානේ මෛත්‍රිය වැඩීමේ අනුසස්. ඇත්තටම හරියට මෛත්‍රිය වඩන කෙනාට නිදා ගන්න මදුරු දඟර, මදුරු නෙට් ඕන වෙන්නෙ නැහැ. හැබැයි ඒ ඇත්තටම මෛත්‍රිය වඩන කෙනාට. මෙත්තානිශංස සූත්‍රයෙ මේ ගැන කියවෙනවා.

    මේ තත්ත්වය ඇති වෙන්නෙ සිහියෙන් යුතුව මෛත්‍රිය කරන කෙනාට විතරයි. ඒ විදියට මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් කෙනෙක්ට මෛත්‍රිය වැඩීම අපහසු කාර්යයක් නොවේ. ඒ වගේම ඒ හරහා ම නිර්වාණය සාක්ෂාත් කර ගන්නත් ඒ පුද්ගලයාට පුළුවන්.
     
    hpalpola

    Well-known member
  • තව කෙනෙක්ට මෛත්‍රී කරනවා කියලා කෙනෙක් කරන්නේ මොකද්ද ?
    කරන කෙනාගෙන්ම තමයි අහන්න ඕනා තමුන් මොකක්ද කරන්නෙ කියලා. හැබැයි කරනවා නම් කරන්න දේවල් ගොඩයි. අපි කරන්නෙ හිතෙන් විතරයි. අපේ හිත හයිය නම් විතරයි නැත්නම් අපේ හිත පිරිසිඳු නම් විතරයි ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නෙ. ඒ නිසා තමයි අපි කෙනෙක් වෙනුවෙන් කරන මෛත්‍රී සහගත ප්‍රාර්ථනා හරි නොයන්නෙ. බුදු දහමට අනුව මෛත්‍රිය වඩන කෙනෙක් නම් ශීල සමාධි ප්‍රඥා කියන කාරණා අමතක නොකර තමයි කරන්න ඕනා. කරණීය මෙත්ත සූත්‍රයෙ ඒ පිළිබඳව වැඩිදුර විස්තර තියෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක

    මම ඇහුවේ අපි තව කෙනෙක්ට මෛත්‍රී වඩනවා කියලා කරන්නේ මොකද්ද කියලා.

    යහපත ප්‍රර්ථනා කරන එකද ???
     
    hpalpola

    Well-known member
  • මම ඇහුවේ අපි තව කෙනෙක්ට මෛත්‍රී වඩනවා කියලා කරන්නේ මොකද්ද කියලා.

    යහපත ප්‍රර්ථනා කරන එකද ???
    ආ එහෙම ද. එක අතකට එහෙම කියන්නත් පුළුවන්. අනෙක් කෙනාගේ කායික මානසික සුවය තමයි සරලවම ගත්තම ප්‍රාර්ථනා කරන්නෙ. ඒකට උපමා කරන්න ඕනා තමුන් ව. මුලින් තමුන්ට මෛත්‍රී කරන්නෙ ඒකයි. අපි නිදසුනක් ගත්තොත් ඔයා කැමැති නැහැනෙ ඔයාට කවුරුවත් ගහනවට බණිනවට. ඔයාට හිතන්න පුළුවන් මට ගහනවට බනිනවට මන් කැමැති නැහැ වගේ අනෙක් අයත් කැමැති නැහැ එයාලට ගහනවට බනිනවට, ඒ නිසා ඒ අයට මම එහෙම කරන්නෙත් නැහැ වෙන කාගෙන්වත් එයාලට එහෙම වෙන්න එපා කියලා. මෙතනදි ඔයාට උපකාර කරගන්න පුළුවන් මෙත්ත සූත්‍රයෙ තියෙන "සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්වා" කියන කොටස.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    ආ එහෙම ද. එක අතකට එහෙම කියන්නත් පුළුවන්. අනෙක් කෙනාගේ කායික මානසික සුවය තමයි සරලවම ගත්තම ප්‍රාර්ථනා කරන්නෙ. ඒකට උපමා කරන්න ඕනා තමුන් ව. මුලින් තමුන්ට මෛත්‍රී කරන්නෙ ඒකයි. අපි නිදසුනක් ගත්තොත් ඔයා කැමැති නැහැනෙ ඔයාට කවුරුවත් ගහනවට බණිනවට. ඔයාට හිතන්න පුළුවන් මට ගහනවට බනිනවට මන් කැමැති නැහැ වගේ අනෙක් අයත් කැමැති නැහැ එයාලට ගහනවට බනිනවට, ඒ නිසා ඒ අයට මම එහෙම කරන්නෙත් නැහැ වෙන කාගෙන්වත් එයාලට එහෙම වෙන්න එපා කියලා. මෙතනදි ඔයාට උපකාර කරගන්න පුළුවන් මෙත්ත සූත්‍රයෙ තියෙන "සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්වා" කියන කොටස.

    වෙන කෙනෙක් ගැන ප්‍රර්ථනා කරන එක තේරුමක් තියන වැඩක් ද ?

    මම උදේ ඉදන් රෑ වෙනකන් පැත්තකට වෙලා ඉදගෙන උබට මොකක් හරි දෙයක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරා කියලා වැඩක් තියනවද ?

    බොරුවට පැත්තක ඉදගෙන, වෙලාවක් වෙන් කරගෙන අනිත් අයට වෙනම ප්‍රර්ථනා කරනවා වෙනුවට තමන්ව උපමා කරගෙන කාටවත් කරදරයක් නොකර ඉන්න එක මදිද ? ප්‍රර්ථනා කරා කියලා අනිත් කෙනෙක්ට අපිට කරන්න පුලුවන් දෙයක් නෑ නේ. අපේ ඔලුව හදාගන්න එක විතරයි කරන්න පුලුවන්. ඕක වෙනම වෙලාව වෙන් කරගෙන කරන්න ඕන දේකුත් නෙවෙයි භාවනා කරනවා කියලා. ඕක සාමන්‍ය ජිවිතේ තියෙන්න ඕන දෙයක් නේ.
    බොරුවට ඉදගෙන ප්‍රර්ථනා කරල වැඩක් නෑ කියලා මම හිතන්නේ.
     
    hpalpola

    Well-known member
  • වෙන කෙනෙක් ගැන ප්‍රර්ථනා කරන එක තේරුමක් තියන වැඩක් ද ?

    මම උදේ ඉදන් රෑ වෙනකන් පැත්තකට වෙලා ඉදගෙන උබට මොකක් හරි දෙයක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරා කියලා වැඩක් තියනවද ?

    බොරුවට පැත්තක ඉදගෙන, වෙලාවක් වෙන් කරගෙන අනිත් අයට වෙනම ප්‍රර්ථනා කරනවා වෙනුවට තමන්ව උපමා කරගෙන කාටවත් කරදරයක් නොකර ඉන්න එක මදිද ? ප්‍රර්ථනා කරා කියලා අනිත් කෙනෙක්ට අපිට කරන්න පුලුවන් දෙයක් නෑ නේ. අපේ ඔලුව හදාගන්න එක විතරයි කරන්න පුලුවන්. ඕක වෙනම වෙලාව වෙන් කරගෙන කරන්න ඕන දේකුත් නෙවෙයි භාවනා කරනවා කියලා. ඕක සාමන්‍ය ජිවිතේ තියෙන්න ඕන දෙයක් නේ.
    බොරුවට ඉදගෙන ප්‍රර්ථනා කරල වැඩක් නෑ කියලා මම හිතන්නේ.
    හරියට හරි. ඕකම තමයි මමත් කියන්නෙ.
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ආධුනිකයකුට ආනාපානසතිය වඩන එකද මෛත්‍රී ය වඩන එකද හොද?
     
    • Like
    Reactions: pathaleiretta

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    ආධුනිකයකුට ආනාපානසතිය වඩන එකද මෛත්‍රී ය වඩන එකද හොද?
    Anapanasatiyen samadhiyata yannath puluwan,kaya sanskara nirodhaya dakkinath puluwan.
     
    • Like
    Reactions: chande

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ආධුනිකයකුට ආනාපානසතිය වඩන එකද මෛත්‍රී ය වඩන එකද හොද?
    දෙකම හොදයි. ආධුනිකයෙක් විදියට ප්‍රැක්ටිස් කරන්නඕන හිත එක තැනක තියාගන්න. මයිත්‍රී ආනාපාන ලේසියි ඒකට.
     
    • Like
    Reactions: chande

    hpalpola

    Well-known member
  • ආධුනිකයකුට ආනාපානසතිය වඩන එකද මෛත්‍රී ය වඩන එකද හොද?
    ඒක තීරණය කරන්න ඕනා ආධුනිකයාගේ අරමුණ අනුව සහ හැකියාව අනුව. ආනාපානසතියෙ අරමුණු සහ මෛත්‍රියෙ අරමුණු වෙනස්. ආනාපානසතිය වඩන කෙනෙක් සරලවම පුරුදු කරන්නෙ විපස්සනාව. අනෙක් අතට ගත්තොත් ත්‍රිලක්ෂණය. මෛත්‍රිය වඩන කෙනා එතැනට එන්නෙ වක්‍රාකාරයෙන්. මෙනිසා බුදුරජාණන්වහන්සේ විපස්සනාව මෛත්‍රියට වඩා ඉහලින් තියලා තියෙනවා. එනිසා ආධුනිකයාගේ අරමුණ මේ දෙකෙන් එකක් තෝරා ගැනීම සඳහා වැදගත්.
     
    • Like
    Reactions: animation