ඔබටත් සමාජ භීතිකාව තියෙනවාද?

  • Jul 9, 2014
    66
    9
    8
    adf.ly
    ඔබටත් සමාජ භීතිකාව තියෙනවාද?

    ඇතැම් පුද්ගලයන් සමාජයට යාමට බියක් දක්වනවා. ඒ ඇයි?

    ඔබත් මෙවැනි අයෙක් නම්, එය සාමාන්‍ය ලැජ්ජාශීලී බවට වඩා දුර ගිය තත්ත්වයක් බව කල්පනා කළ යුතුයි. ඔබ සමාජ භීතිකාවෙන් පෙළෙන කෙනෙකු විය හැකියි. පහත සඳහන් වෙනත් ලක්‍ෂණ ඔබ තුළත් තිබේදැයි බලන්න.

    * වෙනත් අය මුණගැසීමට හා කතාබහ කිරීමට ඇති අධික බිය.

    * අනෙක් අය ඔබ ගැන විපරම් කරයි හෝ ඔබ ගැන කතා කරන්නේය යන බියමුසු හැඟීම.

    * අනිත් අය ඔබේ ඉරියව්වල හෝ හැසිරීමේ වරදක් දකීය යන බිය.

    * අන් අය ඉදිරියේ ඔබ කතා කරන විට ලජ්ජාවට පත්කරවන හැසිරීමක් (ගොත ගැසීම වැනි) ඔබ අතින් සිදුවේය යන බිය.

    * අනික් අය අතර වාඩි වී සිටින විට හෝ ගැවසෙන විට ඉතාමත් තද අපහසුතාවයක් ශරීරයට දැනීම. සමහර විට හුස්ම හිරවීම වැනි දැනීමක් විය හැකිය. මෙය ඉවසා ගත නොහැකිව එතැනින් පිටවීමට සිදුවීම.

    * අනික් අය ඉදිරියේ ලියන විට හෝ අත්සන් කරන විට වෙව්ලන ගතියක් දැනීම සහ ඒ අය ඔබ දෙස විපරමින් ඉන්නා සේ දැනීම.

    * ඉහත සඳහන් අවස්ථාවලදී හෘද ස්පන්දන වේගයන් දැනීම, දහඩිය දැමීම, වේගයෙන් හුස්ම ගැනීම වැනි දේ දැනීම.

    මෙවැනි හේතු නිසා ඔබ බසයක යාම, සාප්පුවකට යාම, පෝළිමක සිටීම, රැස්වීමකට යාම වැනි දෑ මඟ හරීද? ඔබ ඉගෙනීමේ නිරත කෙනෙක් නම් පාසල් යාම, පන්ති යාම හෝ දේශනයකට සහභාගි වීමට ඉතා මැලිවේද?

    මෙය හඳුන්වන්නේ සමාජ භීතිකාව ලෙසයි. මෙම භීතිකාව ඇති පුද්ගලයින් මිනිසුන් ඉදිරියට යාමට, කිසියම් පිරිසක් අමතා කතා කිරීමට බියක් දක්වනවා. මෙම අවස්ථාවට පත්වූ පුද්ගලයන් ගැහෙන්ඩ පටන්ගන්නවා; තොලකට වියළීම පටන් ගන්නවා. තැතිගැනුණු ස්වභාවයක් ඇස්වලින් පවා පෙන්නුම් කරනවා.

    ඇතැම් උදවියට බැංකුවකට ගොස් කිසියම් පිරිසක් ඉදිරියේ චෙක්පතක් අස්සන් කිරීමට සිදුවූවිට හෝ, ෆෝම් එකක් පිරවීමට සැරසුණු විට ඒ බිය මතුවෙනවා. එසේම තමා සේවය කරන ස්ථානයේ ඉහළ නිලධාරියකු හමුවට ගිය විටෙකත් ඇතැමෙකුට එම තත්ත්වය ඇතිවෙන්න පුළුවනි. එම තත්ත්වයට මුහුණ දුන් පුද්ගලයන් එම අවස්ථාවේදී කරන්නේ වහාම එම ස්ථානයෙන් ඉවත් වීමයි. එම අවස්ථාව මඟහැරිමයි. ඒ තත්ත්වය ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි ගමනට විශාල බාධාවක්.

    ඇතැම් ගුරුවරුන්ටත් ඒ තත්ත්වය තිබෙනවා. ඔවුන්ට පාසල් පන්ති කාමරයේ දී දරුවන්ට ඉගැන්වීමේ හැකියාව තිබුණත් පාසලේ උදෑසන රැස්වීමේ දී ළමයින් අමතා පුංචි කතාවක් පැවැත්වීමට හැකියාවක් ඇත්තේ නෑ. විවිධ පුද්ගලයින්ට විවිධ මට්ටමින් සමාජ භීතිකාව ඇති බව ඒ අනුව පෙනෙනවා. ඒ හා සමාන ලක්ෂණ පෙන්නුම් කරන තවත් බියක් තිබෙනවා. ඒ භීතිකාවෙන් පෙළෙන පුද්ගලයින් වෙළෙඳපොළක් වැනි සෙනඟ පිරුණු ස්ථානයකට යාමට දක්වන්නේ අනියත බියක්. මොවුන් බොහෝ විට කැමැති නිවාස තුළටම වී සිටීමටයි. නිවසින් බැහැරව යන විට ඔවුන්ට කවුරුන් හෝ අවශ්‍යයි.

    රෝගයෙන් පෙලෙන්නන්ගේ කායික රෝග ලක්ෂණ වන්නේ: රතු වීම, අධික ලෙස ‍දහඩිය දැමීම, ‍අධික පපුවේ ගැස්ම, ක්ලාන්ත ගතිය, ගොත ගැසීම, වේගයෙන් සහ නොවැටහෙන පරිදි කථා කිරීම යනාදියයි. මෙම ලක්ෂණ වැඩි වශයෙන් මතු වන්නේ ආතතිය ගෙන දෙන සමාජශීලී අවස්ථාවන් වලය. මෙම භීතිය අතිශයින් ම උග්‍ර වුවහොත් Panic Attacks සහ depression යන තත්ව මතුවීමට ඉඩ තිබේ. මෙවැනි සමහරක් රෝගීන් සාමාජීය අවස්ථාවන්ට ඇති අධික බිය පහ කර ගැනීමට ඇතැම් විට මධ්‍යසාර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරයි. කලින්ම රෝගය හදුනා ගැනීම මගින් රෝගය උත්සන්න වීම නතර කළ හැකිය.

    සමාජ භීතිකාව සහිත පුද්ගලයින් තමන් ගැන අවශ්‍ය පමණට වැඩිය සිතයි. කිසියම් ක්‍රියාවක් කළ පසු ඔවුන් ඒ ගැන අවශ්‍ය පමණට වඩා කල්පනා කරයි. එසේම ඔවුන්ට තමන් ගැන අධි තක්සේරැවක් ඇත. එනම්, කිසියම් වැඩක් කරන විට එම වැඩය තමන් විශිෂ්ඨ ලෙස අකුරටම කළ යුතු යැයි ඔවුන් සිතයි. මෙනිසා තමන් කළ යම් වැඩක් වැරදී ගියහොත්, එයින් ඔවුන් දැඩි අසහනයට පත් වේ. ඔවුන් අනෙකුන් ඉදිරියේ උසස් හැසිරීමක් සහ තත්වයක් පෙන්වීමට උත්සාහ කරන නමුත්, තමන් පහත් බව හැම විටම සිතයි. බිය ඇති කරවන කිසියම් සමාජීය අවස්ථාවකට අනාගතයේ දී මුහුණ දෙන්නට තිබේ නම්, ඔවුන් කළින්ම සිතන්නේ එහිදී තමාට වැරදීමට සහ ලැජ්ජාවට පත්වීමට ඇති ඉඩකඩ ගැන සහ, එම අවස්ථාවන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැනයි. එම සමාජීය අවස්ථාව නිම වූවායින් පසු ඔවුන් තමන්ගේ හැසිරීම විචාරයට ලක් කරන අතර, එවිට ඔවුන් සිතන්නේ තමන් හැසිරැණු සැටි හොද මදි යැයි කියාය. මෙමහැගීමෙන් ඇතැම් විට දින ගණනාවක් යන තෙක් ඔවුන් පීඩා විදිති. අධ්‍යනයන්ට අනුව සොයාගෙන ඇත්තේ, සමාජ භීතිකාව ඇති පුද්ගලයින්ට, තමන් ට ලැබුණු ඍණ අත්දැකීම්, ධන අද්දැකීම් වලට වඩා ඉතා හොදින් මතක හිටින බවය.

    නමුත් මෙවැනි රෝගියෙකු දකින අන් පුද්ගලයින් වැරදි ලෙස සිතන්නේ ඔහු හෝ ඇය අධික මානයක් සහිත පුද්ගලයෙකු බවය. මන්ද යත් ඔහු/ඇය වැඩි කතා බහකින් හෝ සිනාවකින් තොරව පසු වන හෙයිණි. එහෙත් සිදුවන්නේ එම සාමාජීය අවස්ථාවේදී රෝගියාට දැඩි අපහසුවක් දැනීමෙන්, වැඩි දුර කථා කිරීමට හෝ පුද්ගලයින් සමග එම මොහොතේ සමාජශීලී වීමට නොහැකි වීමය. එවැනි පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ, තමන්ට ආතතිය ගෙන දෙන එම ස්ථානයෙන්හැකි ඉක්මනින් ඉවත් වී හුදකලා වීමට ය.
    මෙම රෝගය සදහා උදාහරණයක් වශයෙන්, රෝගය සහිත කෙනෙක් පිරිසක් ඉදිරියේ කථා කිරීමේ අවස්ථාවක් සළකමු. ඔහුට හෝ ඇයට එක් තැනකදී කිසියම් වචනයක් ගොත ගැසේ යැයි සතමු. මෙහිදී ඔහු/ඇය සිතන්නේ මෙම ගොත ගැසීම අසන්න්නට ‍හොදින් ඇසුණු නිසා ඔවුන් තමන් ට සිනාසෙන බවය. මෙසේ දිගින් දිගටම සිතීම නිසා ඔහුට/ඇයට කථාව තුළ තව තවත් ගොත ගැසීම් සහ දහදිය දැමීම සිදුවේ. තත්වය උග්‍ර වුවහොත් Panic attack තත්වය දක්වා යයි.

    සමාජ භීතිකාව ඉතාම ප්‍රබල ලෙස පුද්ගලයකුට බලපෑම් ඇතිකරයි. එම භීතිකාව ඇති අයකුට යම් කෙනෙකු සමඟ හෝ සමූහයක් සමඟ කතා කිරීමට නොහැකිය. කතා කළත් බිම බලාගෙන හෝ අහක බලාගෙන එය කරයි. බොහෝ විට අසන ප්‍රශ්නවලට හැකි තරම් කෙටි උත්තර දෙයි. ඒවා ද යම් කාලයක් ගෙන ඉතා හෙමින් කරනු ලබයි. ප්‍රශ්න අසන්නේ ඉතාම අඩුවෙනි. අසන ප්‍රශ්නවලට උත්තර ප්‍රමාද වන අතර උත්තර ද බොහෝ විට දුබලයි. එය බොහෝ විට සිසුන් තුළ දැකගත හැකිය.

    සමාජ භීතිකාව ඇති අය විවිධ පුද්ගලයන් හමුවීමට යෑම ඔවුන්ගේ මුහුණ බැලීම ඉතාම අඩුවෙන් කරයි. තම කාර්යාලයේ ප්‍රධානියකු හමුවීමට පවා බිය වෙයි. සමහර අය තෝරා ගත් අය සමඟ පමණක් කතා කරයි. තෝරාගත් ස්ත්‍රීන් හා පුරුෂයින් සමඟ පමණක් කතා කරයි.

    සමාජ භීතිකාව ඇති අය කතා කිරීමට පමණක් නොව සමාජය ඉදිරියේ හෝ පුද්ගලයකු බලා සිටින විට හෝ විවිධ ක්‍රියා කිරීමට පවා නොහැකි වේ. තමා හොඳින් දන්නා ක්‍රියා පවා කිරීමට නොහැකි වේ. රඟපෑම, ක්‍රීඩා කිරීම, ලිවීම නිර්මාණයන් කිරීම පවා කළ නොහැකි වේ. සමහර විට එවැනි අය “මා දිහා බලා ඉන්නට එපා, අහකට යන්න, මම එය කරලා පෙන්වන්නම්” වැනි ප්‍රකාශ කරන අවස්ථා ඇත.
    ඒ නිසා එවැනි අය දුර්වල ක්‍රියා ඇති අය වශයෙන් පත්වන අතර එය ඔවුන්ගේ ජීවිතයට ද බලපායි.
    සමහර සිසුන්ට පංතිවලදී අසන ප්‍රශ්නවලට උත්තර දීමට නොහැකි වී දැඩි පීඩාවන්ට ලක්වීම ද සමාජ භීතිකාවේදී ලක්‍ෂණයකි. සමාජ භීතිකාව ඇති අයට තමන් වෙනස් වී ඇති බවක් දැනෙයි. එසේම විශාදි ලක්‍ෂණ ද දැනෙනු ඇත. මෙයට අමතරව ග්‍රස්ථිය (Obsessions) නැමති රෝගී තත්ත්වය ආශි‍්‍රතව මතුවන රෝගී ලක්‍ෂණ ද මතුවීමට ඉඩ ඇත.

    සමාජ භීතිකාව ඇතිවන සාධක රාශියකි. කුඩා කාලයේදී ලබන විවිධාකාර අත්දැකීම්, ප්‍රධාන කරුණකි. එසේම විවිධාකාර කතා, රූප දැකීම, අන් අයගේ විවිධ අත්දැකීම් ඇසීම, මනසට විවිධ වැරදි, අසුබවාදී සිතුවිලි ගලා ඒම, තවත් සාධක කිහිපයකි. විවිධාකාර වූ අස්වාභාවික මතිමතාන්තර, අවබෝධයන්, විශ්ලේෂණ ඇති වීම ද තවත් බලපාන කරුණකි.

    එසේම ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය හා පෞරුෂත්වයේ ඇති දුබලතා ද එම භීතිකාව කෙරෙහි බලපාන ප්‍රබල සාධකය. අන් අයගේ හැසිරීම්, විවේචන, බලපෑම්, තර්ජන, බියගැන්වීම් දිගින් දිගටම ඇතිවීමෙන් ද සමහර අයට සමාජ භීතිකාව ඇතිවේ. එසේම සමහර පවුල්වල ඇති විවිධ මතිමතාන්තර ද මෙයට යම් ආකාරයට බලපාන සාධකයකි. මෙයට අමතරව තමන්ගේ හිතට දැනෙන අනාරක්‍ෂිත භාවය, අසරණ භාවය ද මෙලෙස භීතිකාව වර්ධනය වීමට හේතු වේ.

    සමාජ භීතිකාව දිගින් දිගටම තිබීමෙන්, නිරන්තරයෙන්ම මානසිකව පීඩනයන්ට ලක්වෙයි. මෙය මානසික සෞඛ්‍ය හීනවීමට හේතුවකි. තවද විවිධ ක්‍රියාකාරීත්වලින් පසුබෑමකට ලක්වෙයි. එසේම තමන්ගේ ආත්ම ශක්තිය, ආත්ම අභිමානය අඩු වී දුර්වල පෞරුෂත්වයක් ද ඇතිවේ. මේ නිසා ජීවිතයේ ගුණාත්මක භාවයට ලොකු බලපෑමක් ද ඇතිකරයි.මේ අතරම සමාජ ක්‍රියාකාරකම් වලට කුඩා දරුවන් හුරු නොකරවීම, සමාජයෙන් වෙන්කර අධික හුරතලයට දරුවන් ඇති දැඩි කිරීමෙන්, සම වයසේ යහලුවන් සමග දරුවන් සෙල්ලම් කිරීමට අවස්‌ථාව නොදීමෙන්, පාසලේ ඉගෙනීමට අමතරව, බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා ආදියට යොමු නොකිරීමෙන් දරුවන් තුළ සමාජ භීතිකාවද සමග ගොතගැසීම වර්ධනය වන බව අපට මුණ ගැසෙන මෙවැනි අය තුළින් දැකගත හැකි සත්‍යයකි. ඒවැනි බොහෝ අය ඉහළ මධ්‍යම පංතිකයන් මෙන්ම ධනවතුන්ය. අධික හුරතලයට හැදුණු දරුවන් එක්‌ වරම සමාජයට දැමීමේදී ඇතිවන මානසික ගැටුම මෙයට හේතුවයි. එනිසා දරුවා බහ තෝරන වියේ සිටම දෙමව්පියන් ලෙස තම දරුවන් සමාජයට හුරු කල යුතුය.හැකි සෑම විටම තමන්ගේ සමාජමය කටයුතු වලදී දරුවා සහභාගී කරගැනීම වැදගත්ය.සමාජයේ අැති හොඳ නරක දරුවාට කියා දී සමාජගත කිරීම මේ රෝගයෙන් ගැලවීමට අැති එකම මඟයි.

    සමාජ භීතිකාවට ප්‍රතිකාර ඇත. ඖෂධ ප්‍රතිකාර ඇත. එසේම මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ද ඇත. එය ඉතාම ප්‍රබල සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි. විවිධාකාර පියවර අනුගමනය කර පුද්ගලයකු හුරු පුරුදු පරිසරය තුළම එය සිදුකරනු ලබයි.දැනට සොයාගෙන ඇති කරුණුවලට අනුව සමාජ භීතිකාව (Social phobia) යනු පවුල එනම් ජාන ඔස්‌සේ ද සම්ප්‍රේෂණය වන රෝගී තත්ත්වයකි. කෙසේ වෙතත්, සිත තුළ ඇති වන අසාමාන්‍ය බිය හේතු කොටගෙන සමාජයෙන් දුරස්‌ ව ජීවත් වීම ප්‍රායෝගිකත්වයෙන් තොර ය. පෙර සඳහන් කළ රෝගී ලක්‌ෂණ පවතී නම් සුදුසු මනෝ චිකිත්සකවරයකු හෝ මනෝ උපදේශකවරයකු හෝ හමු වී මානසික ප්‍රතිකාර ලබාගැනීම ඉතා කාලෝචිත වන අතර, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්‌ ගත කිරීම සඳහා එය මනාව ඉවහල් වනු ඇත.
     
    • Like
    Reactions: name-X

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Etahakota Industry owners la, Rich aya, godak denek samanya samajayata ekk vanna vadiya kamathi naha . Ekath samaja bithikavakdha ? Nahane. Lokkan ehema samanya samajayata enna kamathi natthe samaja bithikava nisa nove. Samanya samajaye godak denek Lokkanta galapenne naha. Samanya samajaye inna moda hukannek ekka valiyakata patalunoth Lokkage vatina time eka waste venava. Ekai Lokkan samanya samajayata vadiya enne natthe.
     
  • Jul 9, 2014
    66
    9
    8
    adf.ly
    Etahakota Industry owners la, Rich aya, godak denek samanya samajayata ekk vanna vadiya kamathi naha . Ekath samaja bithikavakdha ? Nahane. Lokkan ehema samanya samajayata enna kamathi natthe samaja bithikava nisa nove. Samanya samajaye godak denek Lokkanta galapenne naha. Samanya samajaye inna moda hukannek ekka valiyakata patalunoth Lokkage vatina time eka waste venava. Ekai Lokkan samanya samajayata vadiya enne natthe.

    mama me kiyanne lokko gana newei samanya katiya gana me thread eke dala tiyenne danawath aya lamai adika hurathaleta hadanawa kiyala.e unath samanya pawlakath me de wenna puluwan.duppathma paulaka unath lamayek onewata wada hurathal karala gedarama tiyagena hadanawanam eyata samaja beethikawa hadenawa.
     
  • Jul 9, 2014
    66
    9
    8
    adf.ly
    Etahakota Industry owners la, Rich aya, godak denek samanya samajayata ekk vanna vadiya kamathi naha . Ekath samaja bithikavakdha ? Nahane. Lokkan ehema samanya samajayata enna kamathi natthe samaja bithikava nisa nove. Samanya samajaye godak denek Lokkanta galapenne naha. Samanya samajaye inna moda hukannek ekka valiyakata patalunoth Lokkage vatina time eka waste venava. Ekai Lokkan samanya samajayata vadiya enne natthe.

    oya kiyana widihata lokko samanya awa asraya karanne na thamai e unata samahara aya kochchara salli tibunath e gollo aduma gane thamange thathweta galapena aya ekkawath asrayak nattam eyata samaja beethkawa tiyenawa.mama me thread eka damme hamotama hodak wenna.nathuwa kawruwath hinassanna newei.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රෙද්ද තමයි !;16872147 said:

    1) Mekata like karai kiyala hithanawada ehema ekak tiyana aya? eyalata ona eka hanganna so kawadawat mekata like karanne na machan. make a secret group

    2) me wage pages hadala duka share karaganna eken wenne eyala nikamma leddu wena eka
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    minisunta bambu gahanna kiyala uba inna widiyata idapan ban,eka eka kiyagena awoth kana palenna ekak dipan,eka parai ita passe hmm saddayak ne.ita passe anith un eka eka ewa kiyanna enneth ne,oya social anxiety godak welawata anun taman gena hithana ewa wediya hitanna giyama ena ledak,
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    රෙද්ද තමයි !;16871801 said:
    ඇතැම් පුද්ගලයන් සමාජයට යාමට බියක් දක්වනවා. ඒ ඇයි?
    වටිනා ලිපියක්!!! :yes::yes::yes:

    සමාජ බීතිකාව සෘජුවම හීනමානය හා අසම්පූර්න පවුර්ශ වර්ධනය එක්ක අත්වැල් බැදගන්නව. හැදීවැඩෙන පරිසරයත් එහි ඇති සිරිත්-විරිත් යනාදියත් වක්‍රකාරව මෙම තත්වයන් හා බැදී පවතිනව.

    අනවශය ලෙස ලමාකාලයේදී සිරිත් විරිත් හුරුකිරීමට යාමෙන්හා කුඩාලමයින් අදිකලෙස නිවැරදි කිරිමට උත්සාහදැරීමෙන් එම දරුවන්තුල මෙම මානසික අසමතුලිතතාවයන් ඇතිවියහැකියි....
     
  • Jul 9, 2014
    66
    9
    8
    adf.ly
    වටිනා ලිපියක්!!! :yes::yes::yes:

    සමාජ බීතිකාව සෘජුවම හීනමානය හා අසම්පූර්න පවුර්ශ වර්ධනය එක්ක අත්වැල් බැදගන්නව. හැදීවැඩෙන පරිසරයත් එහි ඇති සිරිත්-විරිත් යනාදියත් වක්‍රකාරව මෙම තත්වයන් හා බැදී පවතිනව.

    අනවශය ලෙස ලමාකාලයේදී සිරිත් විරිත් හුරුකිරීමට යාමෙන්හා කුඩාලමයින් අදිකලෙස නිවැරදි කිරිමට උත්සාහදැරීමෙන් එම දරුවන්තුල මෙම මානසික අසමතුලිතතාවයන් ඇතිවියහැකියි....

    ස්තුතියි අදහස් දැක්වූවට :D