ඔබට අයිති දේ ගැන දන්නවද +++අනිවා බලන්න

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔබට අයිති දේ ගැන දන්නවද +++අනිවා බලන්න

    පාරිභෝගික කටයුතු හා තොරතුරු

    වෙළඳ විමර්ෂණය

    පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශය මඟින් අධිකාරිය පනත යටතේ වැරදි සිදුකරනු ලබන වෙළෙඳුන්ට විරුද්ධව කටයුතු කිරීම සඳහා වෙළෙඳපොළ වැටලීම් සහ විමර්ශන සිදුකරනු ලබයි. මෙම වැටලීම් සහ විමර්ශන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය මඟින් සහ දිස්ත්‍රික් කාර්යාල ජාලය මඟින් සිදු කරනු ලබන අතර, වැරදි කර නීතියේ රැහැනට හසුවන වෙළෙඳුන් අදාළ ප්‍රදේශවල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර නීතිමය කටයුතු සිදු කරනු ලබයි.
    යහපත් හා නිත්‍යානුකූල වෙළෙඳ ව්‍යාපාර ඇති කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය "ආදර්ශ වෙළෙඳසැල" සංකල්පය හඳුන්වා දී තිඛෙන අතර ව්‍යාපාරයක් "ආදර්ශ වෙළෙඳසැලක්" බවට පත් කිරීම පිණිස සපුරාලිය යුතු නිර්ණායකයන් මාලාවක්ද ඉදිරිපත් කර ඇත.
    අධිකාරිය පනත යටතේ වැරදි


    • යම් භාණ්ඩයක ඇති ලේබලයක්‚ විස්තරයක් හෝ ලකුණු කරන ලද මිලක් ඉවත් කිරීම‚ වෙනස් කිරීම‚ කපා හැරීම‚ මකා දැමීම හෝ විකෘති කිරීම හෝ එවැනි දේ කරන ලද භාණ්ඩ විකිණීමට ඉදිරිපත් කිරීම.
    • භාණ්ඩ ලේබල් කිරීම, මිල ලකුණු කිරීම, ඇසිරීම, විකිණීම, සෑදීම‚ ආනයනය කිරීම‚ අලෙවි කිරීම‚ ගබඩා කිරීම හා රැස් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට අපො‍හොසත් වීම හෝ කඩ කිරීම.
    • නියම කරන ලද මිලකට හෝ ලකුණු කරන ලද මිලකට වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම‍ හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම.
    • අධිකාරිය විසින් නිශ්චය කරනු ලබන ප්‍රමිති පිරිවිතර වලට අනුකූල වන පරිදි භාණ්ඩ නිෂ්පාදනය, සැපයීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීමට, අලෙවි කිරීමට හෝ යම් සේවාවක් සැපයීමට අපොහොසත් වීම.
    • ව්‍යංගයෙන් හෝ යම් ආකාරයකින් හෝ දෙන ලද ප්‍රතිඥාභාරයකට‌‌ හෝ සහතික‌ වීමකට අනුකූල නොවන භාණ්ඩ සෑදීම හෝ විකිණීම.
    • එකඟ වූ උපරිම මිලකට හෝ ප්‍රමිතියකට අදාළ වන පරිදි භාණ්ඩ සපයන බවට කිසියම් නිෂ්පාදකයෙකු හෝ වෙළෙන්දෙකු සමග අධිකාරිය එළෙඹෙන ලද ලිඛිත ගිවිසුම්වල කොන්දේසි කඩ කිරීම.
    • වෙළෙන්දෙකු විසින් තමා සන්තකයේ තබා ඇති භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම.
    • වෙළෙන්දෙකු විසින් තමා සන්තකයේ භාණ්ඩ ‍නොමැති බව කියා සිටීම හෝ කොන්දේසිවලට යටත්ව භාණ්ඩ විකිණීම.
    • වෙළෙන්දෙකු විසින් තම සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයකින් භාණ්ඩ තොග රැස්කර තබා ගැනීම.
    • අධිකාරිය විසින් නිශ්චිත යැයි දක්වා ඇති යම් භාණ්ඩයක හෝ සේවාවක මිල අධිකාරියේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව වැඩි කිරීම.
    • භාණ්ඩවල මිල ලකුණු කිරීම හෝ මිල දර්ශනයක් ව්‍යාපාරික ස්ථානයේ ප්‍රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය නොකිරීම හෝ එසේ කිරීම ප්‍රතික්ෂේප කිරීම.
    • යම් වෙළෙන්දෙකු විසින් ගැනුම්කරුවකු ඉල්ලා සිටින අවස්ථාවකදී කුවිතාන්සි නිකුත් නොකිරීම.
    • ගැනුම්කරු විසින් පාරිභෝගිකයා නොමග යවන සුළු හෝ රවටන සුළු ක්‍රියාවන්හි නිරත වීම.
    • භාණ්ඩ හා සේවා යම්කිසි විශේෂ ප්‍රමිතියකට අයත් බව කියා සිටීම.
    • භාණ්ඩ අලුත් ඒවා බව අසත්‍ය ලෙස දන්වා සිටීම, මිල වැඩි කිරීම හෝ මිල අඩු කිරීම පිළිබද අසත්‍ය යභ ප්‍රකාශ කිරීම හෝ එවැනි නොමග යවන සුළු වෙනයම් ක්‍රියාවන්හි නිරත වීම හෝ යම් අසත්‍ය වූ ප්‍රතිඥාභාරයකට සහතික වීම.
    • භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් වන ප්‍රතිඥාභාර වගකීම් සහතික හෝ ඒවායේ ඇතුලත් කොන්දේසි කඩ කිරීම.
    • තරග විරෝධී චර්යාවන්හි හෝ ඒකාධිකාරී තත්වයන්හි නිරත වීම.
    • වාර්තා, ලිපිලේඛන හෝ තොරතුරු සපයන ලෙස අධිකාරිය විසින් ඉල්ලීමක් කරනු ලැබූ විට එම තොරතුරු සැපයීමට අපොහොසත් වීම හෝ තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කිරීම.
    පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් ගත් ක්‍රියාමාර්ග

    2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත මගින්, වෙළද විෂමාචාර සහ වැරදි වෙළද පිළිවෙත්හි නියුතු වෙමින් කටයුතු කරන වෙළෙදුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන ලබා දී ඇත. එසේම අසාධාරණයට ගොදුරුවන පාරිභෝගිකයන්ට සහන ලබා ගැනීම සදහා අධිකාරිය වෙත යොමු කරන ලද පාරිභෝගික පැමිණිලි සදහා සහන ලබාදීමේ කාර්යය ද ඉටු කරන අතර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල ජාලය ඒකාබද්ධව පසුගිය වසර කිහිපය තුල සිදුකරන ලද වැටලීම් සහ විසදනු ලැබූ පැමිණිලි පිළිබද තොරතුරු පහත දැක්වේ.


    පාරිභෝගිකයින්ගේ මනා සෞඛ්‍ය ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය සම්බන්ධව පාරිභෝගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම අධිකාරියේ ප්‍රධාන කර්තව්‍යයක් වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සඳහා ක්‍රමවේදයන් කිහිපයක් හඳුනාගෙන තිබේ. මෙහිදී පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශය මඟින් රාජ්‍ය ආයතන, පැසැල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, ජනතා සහභාගීත්වය සහිත ආයතන පදනම් කරගනිමින් පාරිභෝගික අයිතිවාසිකම් සහ යුතුකම් සම්බන්ධවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බලතල සහ ලබාදෙන සේවාවන් සම්බන්ධවත් වැඩමුඵ පවත්වනු ලබයි.
    ප්‍රාදේශීය මට්ටමින් පාරිභෝගික සංවිධාන පිහිටුවීම හා ප්‍රවර්ධනය කිරීම ද අධිකාරියේ ප්‍රධාන කාර්යයක් වේ. මෙම සංවිධාන පිහිටුවීමේ පරමාර්ථය වන්නේ යම් ප්‍රදේශයක ජීවත්වන පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පාරිභෝගික ගැටළු මෙම සංවිධාන හරහා ඉදිරිපත් කිරීමට හැකියාව සැළැස්වීම සහ ප්‍රදේශයේ එම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් සම්බන්ධව දැනුවත්භාවයක් ලබාගැනීමට ඉඩ සැලැස්වීමයි. තවදුරටත් ඔවුන්ට මෙම සංවිධාන හරහා ග්‍රාමීයව හෝ නාගරිකව නිත්‍යානුකූල ව්‍යාපාර බිහි කිරීම ප්‍රවර්ධනය කිරීමත් සිදු කළ හැකිවේ. මෙම අංශය මුහුණදෙන ප්‍රධාන අභියෝගය වන්නේ සංවිධාන දීර්ඝ කාලීනව පවත්වාගෙන යා හැකි ක්‍රමවේදයක් සකස් කිරීමයි.
    දැනට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මුලීක අදියරේ සිට ක්‍රියාකාරී පාරිභෝගික සංවිධාන ජාලයක් පිහිටුවීමේ ක්‍රමවේදයන් හඳුනා ගැනීම පිණිස දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන හා සැළසුම් සකස් කිරීමට කටයුතු කරගෙන යමින් පවතී.
    එහිදී ප්‍රථම පියවර ලෙස කොළඹ දිස්ත්‍රික්කය තුල ක්‍රියාකාරි කාන්තා සංවිධානවල සාමාජිකයින් සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා එය දිස්ත්‍රික් මට්ටමින් දීප ව්‍යාප්තව සිදු කිරීමට සැලසුම් කර ඇත.
    තේමා ලිපිය

    දැනුවත් පාරිභෝගිකයා සුරක්ෂිත පාරිභෝගිකයෙකි.
    "සියළු පුරවැසියෝ පාරිභෝගිකයෝය. ආර්ථික ක්ෂේත්‍රයේ විශාලම ස්ථරය ඔවුන් වන අතර, රාජ්‍ය හා පෞද්ගලික යන සෑම ක්ෂේත්‍රයකම තීරණවලින් පීඩාවට පත්වන්නෝද වෙති."
    ජෝන් එෆ් කෙනඩි
    ඇමෙරිකාවේ හිටපු ජනාධිපති
    වෙළඳපොල තුළ කිරි ආහාර, මස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන, ජානමය වශයෙන් වැඩිදියුණු කළ ආහාර, පළතුරු, සිසිල් බීම, ආහාරයට ගන්නා තෙල් වර්ග ආදී භාණ්ඩ වර්ග රාශියක් ඇත. එහෙත් අවාසනාවකට මෙන් පාරිභෝගිකයා මෙම භාණ්ඩවල අඩංගු ද්‍රව්‍යය පිළිබඳ අව‍බෝධයක් නොමැති තරම්ය. වෙළඳපොල ආර්ථිකය තුළ නිෂ්පාදකයා සිය ලාභය උපරිම කර ගැනීමට කටයුතු කරන බැවින් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරයි. පාරිභෝගිකයාගේ ජීවිතයට හෝ ශරීර සෞඛ්‍යයට හානිකර විය හැකි විදුලි උපකරණ හා උපාංග, එල්.පී. ගෑස් සිලින්ඩර්, බැටරි ආදී භාණ්ඩයන් හෝ ‍සේවාවන් නිෂ්පාදනය කිරීමේදී ඊට අදාල ප්‍රමිති පිරිවිතර හා ආරක්ෂිත රෙගුලාසි පවා නිෂ්පාදකයන් සැලකිල්ලට නොගනී. මේ නිසා එවැනි භාණ්ඩ හා සේවාවලින් හදිසි අනතුරු ඇතිවීම සහ කෘතීම රසකාරක හා වර්ණක අඩංගු එළවළු හා පළතුරු භාවිතයෙන් ශරීරයට හා ජීවිතයට හානිකර තත්වයන් ඇතිවිය හැකියි. මීට අමතරව පාරිභෝගිකයන් මුළා කරන වෙළඳ දැන්වීම් ප්‍රචාරය මගින් පාරිභෝගික චර්යා සීඝ්‍රයෙන් වෙනස් කිරීමට ද නිෂ්පාදකයන් මුල් වී ඇත.
    ඉහත සඳහන් ගැටළු හමුවේ පාරිභෝගිකයන් විසින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ඒවායේ අන්තර්ගත විස්තර පිළිබඳ සැළකිල්ල යොමු කිරීම බෙහෙවින් වැදගත් වේ. එසේම පාරිභෝගිකයන් වශයෙන් තම අභිප්‍රායන් ඉටු කරගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකසාගත යුතුය.
    නීති රෙගුලාසි සම්පාදනයේදී සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජය විසින් ප්‍රධාන භූමිකාවක් දරන අතර පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධව එම රෙගුලාසි පිළිබඳ පාරිභෝගිකයින් දැනුවත් වී සිටීම අත්‍යාවශ්‍ය වෙයි. එම නිසා පාරිභෝගික අධ්‍යාපනය යනු වැදගත් කාර්යයක් ලෙස සැලකිය යුතුයි.
    පාරිභෝගික අධ්‍යාපනයේ දී පාරිභෝගික අයිතිවාසිකම්, පාරිභෝගික යුතුකම් සහ පාරිභෝගිකයෙකුගේ කාර්යභාරය පිළිබදව අව‍බෝධය ලැබීමට පාරිභෝගිකයෙකු විසින් තමන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු දැනගැනීමට, වෙළෙඳපොල තත්වය වටහාගැනීමට, අලෙවිකරණය හා දැන්වීම්කරණය මගින් ලබාදෙන තොරතුරු නිවැරදිව දැනගැනීමට පාරිභෝගික අධ්‍යාපනය හේතු වෙයි.
    පාරිභෝගික නීතියේ ඉතිහාසය

    අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිකාසිකම් රැසක බිහිවීම ඇමරිකාවෙන් සිදු වුවද 10 වන සියවස තරම් ඈත අතීතයේ දී ලියවුණු ශ්‍රී ලාංකීය සෙල් ලිපියක එම කරුණු වල ප්‍රාථමික තත්වයන් අන්තර්ගත වූයේ යැයි පවසත් නම් එය සත්‍යයෙන් තොර යැයි යමෙකු සිතන්නට පුලුවන. නමුත් 10 වන සියවසෙහි ලියවුණු බදුලු ටැම් ලිපියෙහි එම කරුණු බොහොමයක්ම අන්තර්ගත බැව් නම් සැබෑය.
    වරෙක 04 වන උදය රජතුමන් මයියංගන චෛත්‍ය වන්දනය සඳහා පිටත්ව ගිය අවස්ථාවේ දී එහි පැමිණි හෝපිතිගමුව වැසියන් මෙසේ පවසන ලදී. මහරජ වෙළෙදපොළ භාරකරුවන් දඩනායකයන් හා ඔවුන්ගේ සෙවකයන් මෙතෙක් පෙර රජු දවසැපනවා තිබූ නීතීන්ට පටහැනිව නීතී විරෝධි ලෙස දඩ මුඩුගත්හ. අයුතු අයබදු ගත්හ. අල්ලස් ගත්හයි ආදී, ලෙසින් උද්ඝෝෂණය කරන්නට වූ හෙයින් පෙර කාශ්‍යප රජු දවස පනවා තිබූ නීතී රීති ඉක්මවා යන අයුරින් අයබදු අයකර නොගන්නා ලෙස නියම කරමින් ව්‍යවස්ථාවක් පනවන ලදී. එසේ වූ හෙයින් එම ව්‍යවස්ථාව ලියවා තබන්නට බදුලු ටැම් ලිපිය කරවන ලදී. බදු අයකර ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව ජන ජීවිතය සම්බන්ධයෙන් වැදගත් වන බොහොමයක් කරුණු මෙහි අන්තර්ගත වේ. පාරිභෝගික අයිතිකාසිකම් යන්නද එහි අන්තර්ගත සුවිශේෂි කරුණකි.
    මහියංගනයට නුදුරු සොරබොර ප්‍රදේශයේ හෝපිටිගම නම් වෙළඳ ගම්මානයෙන් සොයා ගත් හෙයින් සොරබොර ටැම් ලිපිය, හෝපිටිගම ටැම් ලිපිය ලෙසින් හැදින්වුවද වඩාත් ප්‍රකට නාමය නම් බදුලු ටැම් ලිපිය යන්නයි. ක්‍රි.ව. 1851 දී බදුලු දිස්ත්‍රික්කයේ උප ඒජන්තවරයෙකු ලෙස කටයුතු කළ ජෝන් බේලි මහතා විසින් මහියංගනය ප්‍රදේශයේ අව්වට වැස්සට ලක් වෙමින් අනාරක්ෂිත තත්වයේ පැවති මෙම ටැම් ලිපිය බදුලු කච්චේරිය භූමිය අසලට ගෙන ගොස් (වර්තමානයේ මහජන පුස්තකාලය පිහිටි ස්ථානයේ) අලංකාර මණ්ඩපයක් කරවා මහජනතාවට ප්‍රදර්ශනය වන ආකාරයට එහි සිටුවා ඇත. දැනට ලක්බිම සොයා ගන්නා ලද ටැම් ලිපි අතුරින් ප්‍රමාණයෙන් විශාලම ලිපිය ලෙසත් කුඩාම අකුරින් යුක්ත ලිපිය වන හෙයින් පමණක්ම නොව වඩාත් සංතෘප්තිමත් ජනතාවක් බිහි කිරීමට අවැසි ව්‍යවස්ථාවන් රැසැක් ද අඩංගු වන හෙයින් මෙම ලිපිය සුවිශේෂි වේ. අඩි 08 අගල් 05න් යුත් මෙම ගල් කණුවෙහි ඒ.බී.සී.ඩී. යන සිව් පසෙහි පේලි 47,49,49, සහ 58 බැගින් පිහිටා ඇත. පහත රූප සටහනින් එහි එක් පසක් දිස් වේ.
    image001_139x190_260994f12ba0207465bea0a820af62dd.jpg
    image002_252x190_b33177cd571176b2802effd43d84168d.jpg
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙහි අඩංගු කරුණු ප්‍රධාන වශයෙන් කොටස් 04ක් ඔස්සේ විශ්ලේෂණය කළ හැකි බැව් මහචාර්යය සෙනරත් පරණවිතාන ශූරීහු පවසති.

    • දඩ අයකර ගැනීම පිළිබඳ නීති
    • රාජ්‍යයක නිළධාරින් සඳහා නීති
    • වෙළඳ ප්‍රතිපත්ති
    • පාරිභෝගික අයිතිකාසිකම්
    රූල් ගසා ඒ මත කොටා ඇති අක්ෂර විශේෂයක් මගින් මෙම එක් එක් අදාල කරුණු ඉදිරිපත් වන අතරම ටැම් ලිපිය අවසානයෙහි ඉර, හඳ, කපුටා, බල්ලා වැනි සංකේත යොදා ඇත. මෙම සංකේත මගින් හඟවන ලද්දේ මෙහි කොටා ඇති ව්‍යවස්ථාවන් ඉර හඳ පවතින තාක්කල් පවතින බවත් ඒවා කඩ කළ විට දී බල්ලන් කපුටන් වී නැවත උපදින බවය. යතෝක්ත නීති කඩ කළ හොත් එහි විපාක ලෙසින් බල්ලන් කපුටන් වී උපදින්නට ඇති බිය නිසාම ඔවුන් අතින් එම ව්‍යවස්ථාවන් කඩ නොවූවා සේම වර්තමානයේ දීද මෙම ව්‍යවස්ථාවන් කඩ කළ හොත් දඩුවම් විදින්නට සිදුවන බැව් නම් සැබෑය.
    මෙහි අන්තර්ගත කරුණු අතරින් පාරිභෝගික ආරක්ෂනය සම්බන්ධයෙන් සැකසුණු නීතිරීති පහත පරිදි වේ.

    • රජයේ බදු මනින ලහස්සෙන් විනා සෙසු ලහස්ස වලින් නොමැනීම.
    • (මුද්‍රා තැබීමෙන්)අනුමත නොකරන ලද තරාදි පඩි භාවිතයෙන් වැලකීම.
    • නුසුදුසු තැන්වල හිඳ භාණ්ඩ නොවිකිණිම.
    • වෙළදාම් නොකළ මනා තැන්වල බඩු නොකිරීම.
    • නොවිකුණන බඩු නොකිරීම ද
    • බුලත් පුවක් මණ්ඩපයක තබා විකිණීම.
    අන්තර්ජාතික වශයෙන් පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම් සකස් කිරිමේදීද මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කොට ඇත. 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතෙහි විධානයන් තුළ ද මෙම කරුණු අන්තර්ගත වේ. එනම් පාරිභෝගිකයාගේ සෞඛ්‍ය ආරක්ෂිත බව කෙරෙහි ද අවධානය යොමු කොට ඇති බැව් හැගී යන්නේ බුලත් පුවක් වැනි දෑ එකල සමාජයේ බොහෝ සෙයින්ම ජනප්‍රියව පැවති ඇති අතර ඒවා පිළියෙල කිරීමකින් තොරව ක්ෂණිකව ආහාරයට ගන්නා හෙයින් පිරිසිදු තත්වයේ පැවතිය යුතු බවයි.
    එමෙන්ම ප්‍රමිතියෙන් තොර වූ කිරුම් මිනුම් උපකරණ භාවිතයෙන් වැලකී සිටින ලෙස නීතියක් පනවා තිබූ අතර රජ දවස පනවා තිබූ එම නීතිය වඩාත් සංවිධිත මට්ටමින් සැකසී වර්තමානය කරා පැමිණෙන්නේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව ඔස්සේය. නුසුදුසු ස්ථානයක තබා භාණ්ඩ අලෙවි නොකළ යුතුය. යන නීතිය පසුකාලීනව එනම් 1862 අංක 15 දරණ මහජන පීඩා ආඥා පනත යටතේ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු හා පරිභෝජනය මගින් විස විය හැකි ආහාර සහ පාන වර්ග විකිණිම සහ විකිණිමට ඉදිරිපත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක්ය යන නීතිය සම්පාදනය විය.
    10 වන සියවසෙහි රළු ගල් කණුවක් ඔපමට්ටම් කොට ඒ මත ඉතාඅසීරුවෙන් බ්‍රාහ්මීය අක්ෂරයන්ගෙන් කෙටූ මෙම ව්‍යවස්ථාවන් වර්තමානයෙහි ද ජනතාවගේ ජීවන තත්වය වඩා යහපත් මට්ටමින් පවත්වාගෙන යෑම උදෙසා භාවිතයට ගනු ලබයි. සියවස් ගණනාවක් පසු කරමින් මේ යුගය කරා පැමිණිය ද එකල සිටි ජනයා විසින් එම නීතීන් කඩ නොකරන්නට වග බලා ගනුයේ දඩුවම් ලැබීමට ඇති බිය නිසාමය.
    ජගත් පාරිභෝගික අයිතිවාසිකම් හා යුතුකම්

    පාරිභෝගික අයිතිවාසිකම්


    • මූලික අවශ්‍යතා
      පාරිභෝගිකයාගේ පැවැත්ම තහවුරු කෙරෙන මූලික භාණ්ඩ හා සේවා එනම් ආහාර, ජලය, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා අධ්‍යාපනය හා ඵලදායක රැකියාවක් කිරීමට ඇති අයිතිය.
    • රැකවරණය නොහොත් සුරක්ෂිත භාවය
      සෞඛ්‍ය හා ජීවිතයට හානිකර භාණ්ඩ හා සේවා සැපයීමෙන්/ වෙළඳාමෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය.
    • තොරතුරු
      දැනුවත් හා සබුද්ධික තෝරාගැනීමක් සඳහා ඉවහල්වන සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය, වංක හෝ නොමඟ යවන සුළු දැන්වීම් හෝ ප්‍රචාරණයෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය.
    • තෝරා ගැනීම
      යහපත් ප්‍රමිති හා පිරිවිතර වලින් යුත් භාණ්ඩ හා සේවා තරඟකාරී මිල ගණන් වලට තෝරා ගැනීමට ඇති අයිතිය.
    • සවන් යොමු කරවා ගැනීම
      රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ අදහස් උදහස් ප්‍රකාශ කිරීමට හා ඒවාට ඇහුම්කන් දීමක් ලබාගැනීමට ඇති අයිතිය.
    • සහන/පිළියම්
      ව්‍යාජ තොරතුරු අයහපත් භාණ්ඩ සහ අසතුටුදායක සේවා සැපයීමෙන් සිදුවන වෙළඳපල අසාධාරණයන්ට වන්දි හෝ සහන ලබාගැනීමට ඇති අයිතිය.
    • පාරිභෝගික අධ්‍යාපනය
      වෙළඳපලේදී නිවැරදි පාරිභෝගිකයෙකු වශයෙන් කටයුතු කිරීමට දැනුම හා කුසලතා අත්කර ගැනීමේ අයිතිය.
    • සුවදායක පරිසරය
      ජීවිතයට අනතුරුදායක හෝ තර්ජනාත්මක නොවන්නා වූ ද අභිමානවත් හා යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට ඉඩ සැළසෙන්නා වූ ද පරිසරයක ජීවත් වීමට හා රැකියාවක් කිරීමට ඇති අයිතිය.
    • පාරිභෝගික යුතුකම්
      පාරිභෝගික ජන සමාජයේ සුරක‍ෂිත භාවය තහවරු කිරීම සදහා සෑම පාරිභෝගිකයෙකුම අයිතිවාසිකම් පිළිබදව දැනුවත් විය යුතුවා පමණක් නොව යුතුකම් (වගකීම්) කීපයක්ද සපුරා ලිය යුතු බව පාරිභෝගික ජාත්‍යයන්තරය අවධාරණය කරයි.
    • මනා අවබෝධය
      පාරිභෝගික නීති රීති අයිතිවාසිකම් හා යුතුකම් මෙන්ම සේවා සැපයීමට වගකිවයුතු ආයතන පිළිබදව හා සේවා ඉටුකරගැනීමට පෙළගැසිය යුතු ආකාරය පිළිබඳ අවබෝධය.
    • ක්‍රියාශීලීත්වය
      තම දැනුම උපයෝගී කරගනිමින් පාරිභෝගික ගැටළු වලට පිළියම් සෙවීමට සක්‍රියව දායක වීම.
    • සමාජශීලීභාවය
      පාරිභෝගිකයා සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට සිය දායකත්වය නොමසුරුව ලබා දීම සදහා කැප වීම.
    • පරිසරය පිළිබදව අවබෝධය
      යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට සුදුසු භෞතික හා මානසික පරිසරය ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍යවන තොරතුරු සහ තත්වයන් පිළිබදව දැනුම ඇති කර ගැනීම.
    • සහෝදරත්වය
      සියළු පාරිභෝගිකයින්ට ගැටළු ඇති වන බව වටහා ගෙන සාමුහිකව පිළියම් සැළසුම් කිරීම සදහා එක අරමුණක පිහිටා කටයුතු කිරීමේ හැකියාව.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය කියන විදියට වෙනවා නම් මේක එහෙනම් ජපානේ වගේ වෙයි. :rofl:
    ඕක පොතට විතරයි සීමා වෙලා තියෙන්නේ. :P දේශපාළකයන්ගේ කප්පම් ගෙවනවා නම් එච්චරයි ඕනේ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔය කියන විදියට වෙනවා නම් මේක එහෙනම් ජපානේ වගේ වෙයි. :rofl:
    ඕක පොතට විතරයි සීමා වෙලා තියෙන්නේ. :P දේශපාළකයන්ගේ කප්පම් ගෙවනවා නම් එච්චරයි ඕනේ.
    නිතිය තිනවා මිනිස්සුන්ගේ උවමනාවක් නැති එකයි තියෙන්නේ
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    නීති තිබ්බට මිනිස්සු ඒවා ගැන කතා කරන්න බයයි.,..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    Similar threads