ඔබට ඉක්‌මනින් කේන්ති යනවාද?

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඔබට ඉක්‌මනින් කේන්ති යනවාද?

ඔබට ඉක්‌මනින් කේන්ති යනවාද?​

2010-09-06-p24.jpg

ඔබට ඉක්‌මනින් කේන්ති යනවාද? එසේ නම් මෙම හේතු ඔබට තිබෙන්නට හැක

ඔබ නිස්‌කලංකව සිටින අවස්‌ථාවක ඔබේ මුහුණ අසලින් මැස්‌සෙක්‌ කීප වාරයක්‌ එහාට මෙහාට පියැඹුවොත් ඔබේ මනසේ නිස්‌කලංක බවට කුමක්‌ සිදුවේද? මෙම අත්දැකීම ඔබ කොතෙකුත් අත්විඳින්නට ඇත. මෙපමණක්‌ නොව කණ අසලින් මදුරුවෙක්‌ පියාඹන විට දැනෙන ශබ්දය ද එසේම ය. මදුරුවා දෂ්ට කරනවාට වඩා එම මදුරු ශබ්දය මිනිසුන්ගේ සිත ඇවිස්‌සීමට සමත් ය.

"එයා ගේ හොස්‌ස ළගින් මැස්‌සෙක්‌ යන්න බෑ" යනාදි කියමන් ජන වහරට එක්‌ වී ඇත්තේ එවැනි විටක ඇතිවන මානසික ස්‌වභාවය නිසාම ය.

මෙවැනි ප්‍රවේශයකින් මෙම ලිපිය ඇරඹුවේ කුමක්‌ පිළිබඳ කථා කිරීමට දැයි දැනටමත් ඔබ වටහාගෙන ඇතැයි සිතමි.

තරහා යාම, කේන්ති යාම (Anger) යන මානසික තත්ත්වය වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට නිරතුරුව අත්විඳීමට සිදුවී ඇති මානසික තත්ත්වයකි. මෙම ලිපියෙන් කථා කෙරෙන්නේ හදිසියේ ඇතිවන එවැනි තරහයාම හෝ කේන්තියාම පිළිබඳව යි.

මෙම තත්ත්වයට බහුල ලෙසම මානසික අවිවේකි බව නැතහොත් සොනන්සුන් කම හේතුවේ යෑයි සරලව කිව හැක. ඇතැම් පුද්ගලයන්ට මෙම තත්ත්වය එතරම් ගණනක්‌ නැත. ඇතැම් අයට එය ආභරණයකි. "මගේ හැටි එහෙම තමයි" යනුවෙන් පවසන අයුරින් පෙනේ.

ඇතැමුන්ට නම් කේන්ති යාම වදයකි. කේනිති යන අයට වඩා වැඩියෙන් පීඩා විඳින්නේ ඔවුන් සමග ජීවත්වන, රැකියාව කරන අයයි. ඉතා සුළු කේන්ති යාමක්‌ නිසා ඇතිවන හානිය සුළු පටු නොවිය හැක. එය භෞතික දේපල හානියක්‌ මෙන්ම ජීවිත හානිද විය හැක. ඇතැම් විට අභෞතික නැතහොත් ජීවිත කාලයක්‌ නොහොඳ නෝක්‌කාඩු වීමක්‌ද විය හැක.

මෙවැනි තරහා යාම් හෝ කේන්තියාම් පාලනය කරගත හැකි අතර, අවශ්‍ය වන්නේ එම තත්ත්වයට තමාට වදයක්‌ වීමත් කේන්තියාම හෝ තරහායාම නිසා සිදුවන දුර්විපාක පිළිබඳ අවබෝධයත්, මෙයින් මිඳීමට දැඩි උවමනාවක්‌ පමණි.

මීළඟට කේන්තියාමට හෝ තරහායාමට බලපාන සාමාන්‍ය හේතු සහ අවස්‌ථා කීපයක්‌ පිළිබඳ අවධානය යොමු කරමු.


තමා කැමති දෙයක්‌ නොලැබීම

කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටි අය දක්‌වා සැවොම ආදරය සැලකිලි ලැබීමට ඉතා කැමැත්තෝ වෙති. එම ආදර සැලකිලි නොලැබෙන විට සිත තුළ නොසන්සුන් කම, අනුන් නොරුස්‌නා බව උපදී. මෙවිට සුළු දෙයින් පවා තරහා යාම සිදුවේ. බෞතික වශයෙන් ද තමා ප්‍රිය කරන භාණ්‌ඩ අවශ්‍යතා නොලැබෙන විට කරන ලද රැකියාවට, සේවයට කලට වේලාවට වැටුප් නොලැබෙන විට තරහයාම සිදුවේ.


තමා කියන දෙය අන් අය ගණන් නොගැනීම

කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටි අය දක්‌වා සැවොම තමා පිළිබඳ අවධානය යොමු කරනවාට, තමාට ඇහුම්කන් දෙනවාට, තමා අන් අය විසින් ගණන් ගන්නවාට කැමතිය. එසේ ම අන් අය තමා පිළිබඳ නොසලකා හරින විට තමාට ඇහුම්කන් නොදෙන විට එහි ප්‍රතිඵලයක්‌ ලෙස නොරිස්‌සුම් කම්, කේන්තියාම සිදුවන බව කොතෙකුත් ඔබට අත්දැකීම් ඇතිවාට සැක නැත.


තමා අවට තිබෙන අපිලිවෙල

තමා ජීවත්වන නිවස, රැකියා ස්‌ථානය ඉතා පිරිසිදුව පිළිවෙළට තිබෙන විට එහි ගත කරන තමාගේ සිතටද ඉමහත් සැහැල්ලුවක්‌ දැනේ. නමුත් එවැනි ස්‌ථාන ඉතා අපිළිවෙලට අපිරිසිදුව තිබෙන විට බොහෝ දෙනෙකුගේ සිතටද දැනෙන්නේ අපහසුවකි. නිරතුරුව ම එවැනි අපිළිවෙළ සහිත ස්‌ථානවල ගත කිරීමට සිදුවන විට එහි ප්‍රතිඵලයක්‌ ලෙස ද ඉක්‌මනින් තරහයාම ඇතිවීමේ හැකියාවක්‌ පවතී.


තමාට ඉහළින් සිටින අයගෙන් එල්ලවන බලපෑම්

නිවසක සිටින දරුවන් වෙත දෙමාපියන්ගෙන් එල්ලවන බලපෑම්, නියෝග, අණ කිරීම්, දඩුවම් නිසා දරුවන්ගේ සිත් තුළ තරහ වර්ධනය වේ. භාර්යාවන්ට ඇතැම් සැමියන්ගෙන් එල්ලවන තර්ජන පීඩා කිරීම් නිසා භාර්යාවන්ගේ සිත් තුළ තරහ වර්ධනය වේ. එසේම ඇතැම් සැර පරුෂ භාර්යාවන්ගෙන් සැමියන්ට එල්ලවන බලපෑම් නිසා සැමියන් තුළ තරහ වර්ධනය වේ. පාසල් වල ළමයින් වෙත ඇතැම් ගුරුවරුන්ගෙන් එල්ලවන බලපෑම් නිසාද ළමයින් තුළ තරහ වර්ධනය වේ. පසු කලකදී ළමයින් චණ්‌ඩ වීමට මෙම තත්ත්වය හේතුවක්‌ වන අවස්‌ථා ඇත. රැකියා ස්‌ථානවල සිටින ප්‍රධානින් ගෙන් පහල සේවකයන්ට හට එල්ලවන බලපෑම් නිසා මෙසේ එම පහල සේවකයන් තුළද තරහ වර්ධනය වේ.


කලට වේලාවට අවශ්‍යතා ඉටු නොවීම

තමා බලාපොරොත්තු වන වේලාවට, බලාපොරොත්තු වන ආකාරයට තම අවශ්‍යතාවයන් ඉටු නොවීමද කෙනෙකු නොසන්සුන් වීමට තරහ ඇති වීමට හේතුවකි. බසයක්‌, දුම්රියක්‌ එනතුරු බොහෝ ප්‍රමාද වීම, කාර්යාලයකට ගොස්‌ යම් කාර්යයන් ඉටු කර ගැනීමට පැය ගණන්, දින ගණන්, මාස ගණන් රස්‌තියාදු වීමට සිදුවීම යනාදිය ද මීට උදාහරණ කීපයකි.



ඩි. ටි. කරුණාතිලක
(මනෝ චිකිත්සක)
(M.I.P.C)​
 
Last edited:

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තමාට ඉහළින් සිටින අයගෙන් එල්ලවන බලපෑම්

    නිළය බලයක් කරගත්තු අය තමන්ගෙ සීමාව ඉක්මවා ගිහින් අනවශ‍ය විදියට බලපෑම් කරනකොට තරහ යන්නෙ නැද්ද බන්?
    මම කීප වතාවක්ම ඉවසුවා. බැරිම තැන හොඳම එකෙන් දුන්න office එකේදිම. එදායින් පස්සෙ මට මාර සහනයක් තියෙන්නෙ බන් හිතට.

     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තමාට ඉහළින් සිටින අයගෙන් එල්ලවන බලපෑම්

    නිළය බලයක් කරගත්තු අය තමන්ගෙ සීමාව ඉක්මවා ගිහින් අනවශ‍ය විදියට බලපෑම් කරනකොට තරහ යන්නෙ නැද්ද බන්?
    මම කීප වතාවක්ම ඉවසුවා. බැරිම තැන හොඳම එකෙන් දුන්න office එකේදිම. එදායින් පස්සෙ මට මාර සහනයක් තියෙන්නෙ බන් හිතට.


    උඹත් මාර පොරක්නේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    matath thraha yanava ban ambanaka.
    pissuda manada kiyalath hithenava

    කාටත් එහෙම තමයි මචන්. තරහ ගියහම, මතක්කරගනින් උඹට තරහගිහින් ඉන්නෙ කියන එක. එතකොට උඹට තරහ පාලනය කරගන්න පුළුවන්. එතනින් ඉස්සරහට තරහ ආවෙ ඇයි කියන එක විශ්ලේශනය කරගන්න උඹටම පුළුවන්. අන්තිමට උඹටම හිනා යයි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාටත් එහෙම තමයි මචන්. තරහ ගියහම, මතක්කරගනින් උඹට තරහගිහින් ඉන්නෙ කියන එක. එතකොට උඹට තරහ පාලනය කරගන්න පුළුවන්. එතනින් ඉස්සරහට තරහ ආවෙ ඇයි කියන එක විශ්ලේශනය කරගන්න උඹටම පුළුවන්. අන්තිමට උඹටම හිනා යයි.

    අනේ මන්ද බන්.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කාටත් එහෙම තමයි මචන්. තරහ ගියහම, මතක්කරගනින් උඹට තරහගිහින් ඉන්නෙ කියන එක. එතකොට උඹට තරහ පාලනය කරගන්න පුළුවන්. එතනින් ඉස්සරහට තරහ ආවෙ ඇයි කියන එක විශ්ලේශනය කරගන්න උඹටම පුළුවන්. අන්තිමට උඹටම හිනා යයි.
    :growl: