ඔබට දියවැඩියාව වැළඳීමේ අවදානමක් තිබේද?? දš
මේක මගේ පලවෙනි වැදගත් thread එක. හැමදාම අනුන්ගේ thread කියවනවා විතරයි. දවස් කීපයක් නිවාඩු ලැබුන නිසා අද මම දන්න දෙයක් ගැන thread එකක් ලියන්න හිතුව. මේක ගොඩක් දෙන නොදන්නා, එත් අපේ රටේ හැමෝම දැනගත් යුතු දෙයක්. මම ලංකාවේ medical faculty එකක final year එකේ ඉගෙන ගන්නේ.
thread එක ටිකක් දිගයි, එත් කියව්වම හිතෙයි කියවපු එක හොඳයි කියල.
දියවැඩියාව ගැන ලංකාවේ හැමදෙනෙක්ම අවදානයෙන් ඉන්නන එක ගොඩක් වැදගත්. මොකද දැනට ලංකාවේ හැම 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ම දියවැඩියාවෙන් පෙළෙනවා(10% ක්). කොළඹ නුවර වගේ නගරබද ප්‍රදේශ වල නම් තවත් වැඩි(16.5%).. 2025 වෙනකොට මේ අගය දකුණ ආසියානු රටවල 108% කින් වැඩි වෙයි කියල අපේක්ෂා කරනවා. මේක ලෝකේ අනිත් රටවලට සාපේක්ෂව ඉතා ඉහල වැඩිවීමක්..ප්‍රදාන හේතුව අපේ රටවල මිනිස්සුන්ගේ සෞක්‍ය පිලිබඳ නොදැනුවත්කම සහ නොසැලකිලිමත් බව.
ලෝක ජනගහනයෙන් 1/3 දෙනාට දියවැඩියාව වැළඳීම අවදානමක් තියෙනවා. ඒ බව කලින් හඳුනාගත හැකි ලක්ෂණ කීපයක් තියනවා. මේවා metabolic syndrome (syndrome x ) කියල හඳුන්වනවා, මේවා නිසා කිසිම අමාරුවක් දැනෙන්නේ නෑ. ඒ නිසා මේ අය නිරෝගී අය විදියට අපි අතර ඉන්නවා. ඔබට මේ ලක්ෂණ තියනවනම් දියවැඩියාව වැළඳීමේ වැඩි අවදානමක් සහ හදවත් රෝග වැළඳීමේ වැඩි අවදානමක් තියනවා(heart attacks ). නමුත් කලින් දැනගැනීම මගින් මේ අවදානම හොඳටම අඩුකරන්න හරි නැති කරන්න හරි පුළුවන්. කරන්න තියෙන්නේ සරල lifestyle changes කීපයක් විතරයි. දියවැඩියාව ගැන ඔබ දන්නවනම් එක වලක්වගන්න ඔබ ඕනෙම දෙයක් කරයි මොකද දියවැඩිය නිසා ඇඟේ සෑම පද්දතියකටම බලපෑම් කරලා ටිකෙන් ටික විනාශ කරලා දානවා. ඇස පෙනීම ආයේ ලබාගත නොහැකි ලෙස නැති කරනවා, වකුගඩු නරක් කරනවා, තුවාල සුව වීම අඩු කරනවා ඒ නිසා කකුල් කපන්න සිද්ද වෙනවා, සියලු දැනීම් අඩු වෙනවා, ලිංගික දුබලතා ඇති වෙනවා. දියවැඩියාව ගැන කතා කරනවා නම් දවස් ගානකට කතා කරන්න දේවල් තියනවා. ඊ නිසා අද මම කියන්නේ තරුණ පරපුරට අනාගතයේ දියවැඩියාව වැළඳීමේ අවදානම දැනගැනීම හා එක අඩු කරන්නේ කොහොමද කියල.
metabolic syndrome diagnose කරන්න නිර්ණායක 5ක් තියෙනවා. මේවලින් පලවෙනි එක අනිවාර්යෙන් සහ අනෙක් ඕනෑම දෙකක් තියෙන්න ඕනේ.
1. ඉනේ වටප්රමාණය 90cm වලට වැඩි (ගැහැණු අයගේ නම් 80cm ) ඉන කිව්වට මේ කියන්නේ බඩේ මහතම තැන. (ඉනට ටිකක් උඩින්)
2. රුදිරයේ Triglycerides >150
3. රුදිරයේ HDL cholesterol <40 (පිරිමි), <50(ගැහැණු)
4. රුදිරයේ සිනි(fasting ) >100mg /dl
5. රුදිර පීඩනය > 130/85
1,5 ඇරෙන්න ඉතිරි 3 ටම රුදිර පරීක්ෂාවක් අවශ්යි (lipid profile + FBS ). එහෙම කියල දැන් ඉන 90 ට වැඩිනම් හදිස්සියේ ගිහින් ලේ බලාගන්න හදන්න එපා, ගොඩක් දෙනෙක්ගේ ඉන 90 ට වැඩියිනේ (මගෙත් වැඩි)
මේවට අමතරව තවත් අවදානම් කරුණු කීපයක් තියෙනවා.. ප්‍රදානම එක තමන්ගේ ළඟ ලේ නැයෙක්ට දියවැඩියාව වැළදිලා තියෙනවා නම් ඔබට වැඩි අවදානමක් තියෙනවා.
තරබාරු බව වැඩි වෙන්න අවදානම වැඩි වෙනවා, මීට අමතරව ඔබේ බෙල්ල පිටිපස්සේ, කිහිලි යට, ඇඟිලි පිරුක් මතුපිට ඇඟේ අනෙක් තැන වලට වැඩ කළු පැහැයක් තියෙනවනම්(dark) එක වැදගත් prediabetic ලක්ෂණයක්. මේක acanthosis nigricans කියල හඳුන්වනවා. තරබාරු බවත් එක්ක ඇතිවෙන ලක්ෂණයක්.
අනෙක් කාරණාව තමා body fat distribution. අහල තියනවද apple shape & pear shape ගැන? මෙඉන් apple shape figure එකක් තියන අයට වැඩි අවදානමක් තියනවා..මේකනම් ආරෙට එන දෙයක්. (central obesity ) (පිතුරයක් දන්න try එකක් දෙන්නම්)
හරි දැන් ලොකු බඩකුත් එක්ක ඔය අනෙක් ලක්ෂනත් තියනවනම් කෝකටත් lipid profile + FBS එකක් කරගෙන බැලුවට කමක් නෑ. අනිත් කාරණේ වයස 45 ට විතර වැඩි අයට මාස 6 කට සැරයක් blood check කරගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඕනෙම ප්‍රශ්නයක් කලින් අඳුරගන්න තරමට complications ගොඩක් අඩු කර ගන්න පුළුවන්.

හරි දැන් මේවා තියෙනවනම් දියවැඩියා risk එක අඩුකරගන්නේ කොහොමද බලමු. ප්‍රදාන දේවල් දෙකක් තියනවා.
1. වියායාම 2. නිවැරදි ආහාර පුරුදු.
මේවා නම් හැමෝටම නිරෝගීව ඉන්න අතාවෂ්ය දේවල්. වියායාම ගැන නම් කතා කරලා වැඩක් නෑනේ, කරන අය කරනව නොකරන අය කොච්චර කිව්වත් කරන්නේ නෑ. වියායාම වෙනම කතාකරන්න ඕනේ topic එකක්. දැනගන්න උනන්දු කට්ටිය ඉන්නවනම් තව thread එකක් දාන්නම්.
හැබැයි ආහාර පුරුදු ගැන දැනගන්න එක ගොඩක් වැදගත් මොකද නිරෝගී වෙන්න කැමති අයත් නොදැනුවත්කම නිසා වැරදි ආහාර පුරුදු අනුගමනය කරනව.
හැමදාම අහල පුරුදු දේවල් වලට අමතරව තවත් කරුණු කීපයක් තියනවා. හැමදාම අහන දේවල් හැමෝම දන්නවා නේද? තෙල් අඩුවෙන් කන්න, සිනි අඩුවෙන් කන්න, ලුණු අඩුවෙන් කන්න වගේ ඒවා. ඒවත් දන්නේ නැත්තම් අහන්න මම full list එකම දාන්නම්. ගොඩක් අය නොදන්නා දේවල් තමා, මාළු වල අඩංගු මේදය ශරීරයට හිතකරයි (HDL cholesterol වැඩිකරනවා) එනිසා වැඩිපුර මස් වලට වඩා මාළු කන්න පුරුදු වෙන්න. බිත්තර කහ මදයේ අදිකව අහිතකර cholesterol තියනවා. පලතුරු වල තියන සිනි වලින්(fructose ) දියවැඩියාවට බලපෑමක් නෑ. ඊ නිසා හැකි තරම් අලුත් පලතුරු කන එක දියවැඩියා තියන අයටත් අවුලක් නෑ(හැබැයි පලතුර කිව්වම උක් වගේ ඒවා නම් අයිති වෙන්නේ නෑ හරිද?).
දියවැඩියාව තියන අය කෑම කන්න ඕනේ විදිහත් වෙනම topic එකක්, ඒවගේමයි diabetic foot care වගේ ඒවා. දියවැඩියාව තියන කෙනෙක් හොඳට දැනගෙන ඉන්න ඕනේ දේවල්.
අනිත් වැදගත්ම කාරණාව තමයි අපේ ඇඟේ මේදය තැන්පත් වෙන්නේ කොහොමද කියන එක. මේදය කියන්නේ අපේ ඇඟේ food store එක. අපි කන අතිරික්ත පෝෂණය කැම හිඟ කාලයක් අවොත් පාවිච්චි කරන්න හිතගෙන store වෙනවා. ඒ නිසා තමන්ට බඩගිනි තරමට වඩා කැම කන්න එපා. එකසැරේ ගොඩක් කන්නත් එපා. එකම කැම ප්‍රමාණය එක වේලකට කන එකෙයි වෙල් කීපයකට කන එකෙයි ලොකු වෙනසක් තියනවා. එක පාර ගොඩක් කෑවම ඊවෙලේ ඇඟට අවශ්‍ය ශක්තිය අරන් ඉතිරි ඒවා මේදය විදියට තැන්පත් වෙනවා. ටික වෙලාවකින් ආයත් බඩගිනි වෙනවා.
අනිත් එක රෑට නිදාගන්න ලං වෙලා කෑවම ඒවා ඔක්කොම වගේ මේදය වෙලා තැන්පත් වෙනවා. මොකද නිදාගත්තම ඇඟට ශක්තිය ඕනේ වෙන්නේ නැනේ. ඒ නිසා නිදාගන්න පැය 3 කටවත් කලින් කනවනම් හොඳයි.
දියවැඩියාව සහ stress එක අතරෙත් සම්බන්දයක් තියෙනවා, ඒවගේම දවසකට පැය 5 කට අඩුවෙනුත්, 9 කට වැඩියෙනුත් නිදාගන්න එක හොඳ නෑ.

මේ දේවල් කරන්න පටන් ගන්න වයස් සීමාවක් නෑ. කලින් පටන් ගන්න තරමට හොඳයි, කරනවානම් තමන්ටමයි.
අදට දැන් ඇති වගේ. මේ නිවාඩු කලේ film එකක් බලන්න තියන වෙලාව අරන් type කරේ කටවත් වැඩක් වුනානම් එච්චරි. ප්‍රශ්න තියනවනම් ඕනේ දෙයක් අහන්න දන්න විදියට & වෙලාව තියන විදියට කියල දෙන්නම්. මෙතන අහන්න බැරිනම් pm දන්න. මේවා කියවල ගෙදර අයටත් කියල දෙන්න, ප්‍රතිචාර හොඳයි නම් තව මේ වගේ thread දාන්නම්. දැනගන්න ඕනේ ඒවා අහන්න. අපි මේවා ඉගෙන ගත්තේ ඔයාල හැමෝම tax ගෙවපු සල්ලි වලින්. ඒ නිසා හැමෝටම වැඩක් වෙනවනම් හොඳයි. කියෙව්වට thanks!!
මේක මගේ පලවෙනි වැදගත් thread එක. හැමදාම අනුන්ගේ thread කියවනවා විතරයි. දවස් කීපයක් නිවාඩු ලැබුන නිසා අද මම දන්න දෙයක් ගැන thread එකක් ලියන්න හිතුව. මේක ගොඩක් දෙන නොදන්නා, එත් අපේ රටේ හැමෝම දැනගත් යුතු දෙයක්. මම ලංකාවේ medical faculty එකක final year එකේ ඉගෙන ගන්නේ.
thread එක ටිකක් දිගයි, එත් කියව්වම හිතෙයි කියවපු එක හොඳයි කියල.
දියවැඩියාව ගැන ලංකාවේ හැමදෙනෙක්ම අවදානයෙන් ඉන්නන එක ගොඩක් වැදගත්. මොකද දැනට ලංකාවේ හැම 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ම දියවැඩියාවෙන් පෙළෙනවා(10% ක්). කොළඹ නුවර වගේ නගරබද ප්‍රදේශ වල නම් තවත් වැඩි(16.5%).. 2025 වෙනකොට මේ අගය දකුණ ආසියානු රටවල 108% කින් වැඩි වෙයි කියල අපේක්ෂා කරනවා. මේක ලෝකේ අනිත් රටවලට සාපේක්ෂව ඉතා ඉහල වැඩිවීමක්..ප්‍රදාන හේතුව අපේ රටවල මිනිස්සුන්ගේ සෞක්‍ය පිලිබඳ නොදැනුවත්කම සහ නොසැලකිලිමත් බව.
ලෝක ජනගහනයෙන් 1/3 දෙනාට දියවැඩියාව වැළඳීම අවදානමක් තියෙනවා. ඒ බව කලින් හඳුනාගත හැකි ලක්ෂණ කීපයක් තියනවා. මේවා metabolic syndrome (syndrome x ) කියල හඳුන්වනවා, මේවා නිසා කිසිම අමාරුවක් දැනෙන්නේ නෑ. ඒ නිසා මේ අය නිරෝගී අය විදියට අපි අතර ඉන්නවා. ඔබට මේ ලක්ෂණ තියනවනම් දියවැඩියාව වැළඳීමේ වැඩි අවදානමක් සහ හදවත් රෝග වැළඳීමේ වැඩි අවදානමක් තියනවා(heart attacks ). නමුත් කලින් දැනගැනීම මගින් මේ අවදානම හොඳටම අඩුකරන්න හරි නැති කරන්න හරි පුළුවන්. කරන්න තියෙන්නේ සරල lifestyle changes කීපයක් විතරයි. දියවැඩියාව ගැන ඔබ දන්නවනම් එක වලක්වගන්න ඔබ ඕනෙම දෙයක් කරයි මොකද දියවැඩිය නිසා ඇඟේ සෑම පද්දතියකටම බලපෑම් කරලා ටිකෙන් ටික විනාශ කරලා දානවා. ඇස පෙනීම ආයේ ලබාගත නොහැකි ලෙස නැති කරනවා, වකුගඩු නරක් කරනවා, තුවාල සුව වීම අඩු කරනවා ඒ නිසා කකුල් කපන්න සිද්ද වෙනවා, සියලු දැනීම් අඩු වෙනවා, ලිංගික දුබලතා ඇති වෙනවා. දියවැඩියාව ගැන කතා කරනවා නම් දවස් ගානකට කතා කරන්න දේවල් තියනවා. ඊ නිසා අද මම කියන්නේ තරුණ පරපුරට අනාගතයේ දියවැඩියාව වැළඳීමේ අවදානම දැනගැනීම හා එක අඩු කරන්නේ කොහොමද කියල.
metabolic syndrome diagnose කරන්න නිර්ණායක 5ක් තියෙනවා. මේවලින් පලවෙනි එක අනිවාර්යෙන් සහ අනෙක් ඕනෑම දෙකක් තියෙන්න ඕනේ.
1. ඉනේ වටප්රමාණය 90cm වලට වැඩි (ගැහැණු අයගේ නම් 80cm ) ඉන කිව්වට මේ කියන්නේ බඩේ මහතම තැන. (ඉනට ටිකක් උඩින්)
2. රුදිරයේ Triglycerides >150
3. රුදිරයේ HDL cholesterol <40 (පිරිමි), <50(ගැහැණු)
4. රුදිරයේ සිනි(fasting ) >100mg /dl
5. රුදිර පීඩනය > 130/85
1,5 ඇරෙන්න ඉතිරි 3 ටම රුදිර පරීක්ෂාවක් අවශ්යි (lipid profile + FBS ). එහෙම කියල දැන් ඉන 90 ට වැඩිනම් හදිස්සියේ ගිහින් ලේ බලාගන්න හදන්න එපා, ගොඩක් දෙනෙක්ගේ ඉන 90 ට වැඩියිනේ (මගෙත් වැඩි)
මේවට අමතරව තවත් අවදානම් කරුණු කීපයක් තියෙනවා.. ප්‍රදානම එක තමන්ගේ ළඟ ලේ නැයෙක්ට දියවැඩියාව වැළදිලා තියෙනවා නම් ඔබට වැඩි අවදානමක් තියෙනවා.තරබාරු බව වැඩි වෙන්න අවදානම වැඩි වෙනවා, මීට අමතරව ඔබේ බෙල්ල පිටිපස්සේ, කිහිලි යට, ඇඟිලි පිරුක් මතුපිට ඇඟේ අනෙක් තැන වලට වැඩ කළු පැහැයක් තියෙනවනම්(dark) එක වැදගත් prediabetic ලක්ෂණයක්. මේක acanthosis nigricans කියල හඳුන්වනවා. තරබාරු බවත් එක්ක ඇතිවෙන ලක්ෂණයක්.