ඔබට නිවන් සුව කවීෂා අක්කේ
අද අවසන් ගමන් යන කවීෂා අයේෂානි ජිවිතය අතහැර දමා යන්න ගියපසු බොහෝ කතාබහට ලක් වුණ චරිතයක්. සමාජ ජාලා වෙබ් අඩවි තුළ බොහෝ කතන්දර ඇගේ මරණයත් සමඟ පැතිරෙන්නට පටන් ගත්තා. සමහරු ඇය නිළියක් බව මිය යන තුරු නොදත් බව කියමින් සරදම් කරළත් තිබුණා . අන්න ඒ නිසාම , කලාවේ ගුණාත්මක තොරතුරු ඔබට ගෙනෙන්නට වගකීමෙන් කටයුතු කරන Movies.lk අපි කවීෂා ගැන ඔබට කියන්නට හිතුවා.
1991.9.25 දින උපත ලද කවීෂාගේ ගම මාතලේ . ඇය මුවන්දෙණීය කනිෂ්ඨ විද්‍යාලය, නෙළුවාකන්ද මහා විද්‍යාලය, මාතලේ වලල මහා විද්‍යාලය හා මාතලේ විජය මහා විද්‍යාලය යන විදුහල් හතරේම ආදී ශිෂ්‍යාවක්. කවීෂා කලා ලෝකයේ නිරූපිකාවක ලෙස කටයුතු කරන ගමන්ම නිවේදිකාවක ලෙසත් කටයුතු කඵා. සිරසේ විකාශනය වු දොළොස්මහේ පහන වැඩසටහන ඉදිරිපත් කළේ කවීෂා. නිවේදිකාවක , නිරූපකාවක ලෙස කලාවට ආ කවීෂා රංගනයට කැන්ඳාගෙන එන්නෙ සම්පත් ශ්‍රී රෝෂන්. ඒ ඔහුගේ තරු අහසට ආදරෙයි කියන ටෙලි නාට්‍ය හරහා. ඇගේ රංගනය ප්‍රේක්ෂකයා මතක තියාගත් චරිතයක් ලෙස කෝරළේ මහත්තයා ටෙලි නාට්‍ය හඳුන්වා දෙන්න පුළුවන් . එහි මුතු ගේ චරිතය අදත් මිනිස්සුන්ට මතකයි. ඇගේ මරණ දැන්වීම තුළත් මුතු ලෙස සටහන් වන්නේ අන්න ඒ නිසයි. වාසුළි කන්දේ ලෝචනා ලෙසත් අඟුරු සිත්තම් ටෙලි නාට්‍යයේ අමන්දා ලෙසත් ඇගේ රංගනය ප්‍රශස්ථ මට්ටමක තිබුණා. සුර දූතියෝ, සිහින සක්මන ඇය රංගනයෙන් දායක වුන තවත් ටෙලි නාට්‍ය කිහිපයක් .
පහුගියදා රිය අනතුරකින් ජිවිතයට සමුදුන්න මේ මාතලේ කෙල්ල නිළියක් බව නොදන්නා බව බොහෝ දෙනා කීවත් ඇය ගේ රංගනයන් දෙස විපරම් කිරීමට ඔවුනට හැකිනම් රටට අහිමි වූයේ ප්‍රතිභාපූර්ණ අනාගතයක් හිමි රංගන ශිල්පිනියක් බව පසක් වෙනු ඇත. මරණය ඔබ ඉක්මන් වූවා වැඩිය. කවීෂා ඔබටද ඉක්මන් නොවන්නට ද තිබුණී. සුභ ගමන් මූතු.. ඉතිරි කළ වැඩ නිමා කරන්න ට ආයෙමත් ඉක්මනින් හමුවෙමු.

Last edited: