ඔබට_දියවැඩියාව වැළඳී_ඇත්දැයි_??

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔබට_දියවැඩියාව වැළඳී_ඇත්දැයි_??

    ඔබට දියවැඩියාව වැළඳී ඇත්දැයි නිවසේදීම සොයා ගන්න!


    දියවැඩියාව යනු අද බොහෝ දෙනෙකුට වැළඳී ඇති සුලබ බෝ නොවන රෝගයකි. නමුත් ගැටළුව වී ඇත්තේ බොහෝ පිරිස් තමනට දියවැඩියාව වැළඳී ඇත්දැයි නොදැන සිටීමයි. අද දවසේ ඇති ගැටළුකාරී ආහාර රටාවත් සමඟ මේ ලෙස පූර්ව පරීක්ෂාවක් තමන් විසින්ම සිදුකරගැනීම ඉතා වැදගත් වේ.



    01. නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය

    මෙය දියවැඩියාව වැළඳී ඇතැයි සැක කිරීමට ප්‍රධානතම ලක්ෂනයක් වේ. මෙහිදී ශරීරයට උරා නොගන්නා ග්ලූකෝස් ශරීරයේ ඇති ජලය සමඟ පිටවේ. මෙමඟින් ශරීරය විජලනය වීම සිදුවේ. මේ තත්වය පෙනෙන්නට තිබේ නම් රැධිරය පරීක්ෂාවක් කරගැනීම අවශ්‍ය වේ.

    28-1438066684-toilet-paper.jpg

    02. නිතර පිපාසය ඇති වීම

    මුත්‍රා පිට කිරීමෙන් පසු දැඩි පිපාසයක් ඇති වේ නම් දියවැඩියාව සඳහා ග්ලූකෝස් පරීක්ෂාවක් කරගැනීම වැදගත් වේ.

    dia2.jpg



    03. අසාමාන්‍ය ලෙස බර අඩු වීම

    හදිසියේ ශරීරයේ බර අඩු වීම එතරම් හොඳ ලක්ෂණයක් නොවේ. රුධිරය මඟින් ග්ලූකොස් අවශෝෂණය කරගැනීම සිදු නොවේ නම් එවිට ශරීරයට ශක්තිය නොලැබී යයි. එවිට ශරීරයේ තැන්පත් වී ඇති ශක්තිය ලබා ගැනීම සිදුවන නිසා මෙලෙස සිරුරේ බර අඩු වීම සිදුවේ.


    dia3.jpg


    04. වෙහෙස දැනෙනවාද?

    ඔබගේ ශරීරයේ ශක්තිය ඌන වීම නිසා ඔබ ඉක්මණින්ම වෙහෙසට පත් වේවි. මේ ලෙස වෙහෙසට පත් වීම වැඩි වේ නම් ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරගැනීම වැදගත් වේ.

    dia4.jpg


    05. රුධිරය කැටි ගැසීමට ප්‍රමාද වීම

    තුවාලයක් ඇති වූ විට එය මත රුධිරය කැටි ගැසීම ප්‍රමාද වී තුවාලය සුව වීම ප්‍රමාද වේ නම් එයද දියවැඩියා රෝග ලක්ෂණයකි. ඉතා ඉක්මණින්ම රුධිර පරීක්ෂාවක්කර ගැනීම යහපත් වේ.

    dia5.jpg


    06. ඇස් පෙනීම දුර්වල වීම

    දියවැඩියාව මඟින් ඇස් පෙනීමටද බලපෑම් ඇති කරයි. මෙමඟින් Retinopathy, Glaucoma හා සුද ඇති වීම වැනි රෝග ඇති වේ.

    dia6.jpg


    07. සමේ ගැටළු

    සමේ ගැටළු ඇති වීම ද සමහර විට දියවැඩියාවේ රෝග ලක්ෂණයකි.

    dia7.jpg


    08. ආහාර රුචිය වැඩි වීම

    ශරිරයට අවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණය පටක මට්ටමෙන් නොලැබෙන විට එය ලබා ගැනීමට විශාල වශයෙන් ආහාර ලබා ගැනීමට යොමු වේ.

    09. 40 පැනලද?

    ඔබට වයස 40 පසු වී ඇත්නම් එසේම දියවැඩියාව හා සම්බන්ධ ඉත්හාසයක් ඔබගේ පවුලේ ඇත්නම් පරීක්ෂාවක් කර ගැනීම යහපත් වේ.

    dia9.jpg


    sirasa