#ඔබට_නිවන්_දැකිය_හැකි_ද?
මෙය බෞද්ධයන් බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයකි.. ඔබට නිවන් දකින්න පුලුවන් නමුත් එයට විශේෂිතම වූ කාරණාවක් තිබිය යුතුමය..
ඔබ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි සිතකින් යුක්ත පුද්ගලයෙක් නම්, මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගත හැක.. මෙහිදී ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය කියා සඳහන් කරනු ලබන්නේ ඔබ කුසල කර්මයක් කරන විට එය අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූලයන්ගෙන් යුක්තව සිදු කිරීමෙන් පසුව ඔබටම ලැබෙන විපාක සිතකි..
ත්‍රිහේතුක කුසල් කිරීම සාමාන්‍ය කෙනෙක්ට අපහසු කාරණාවක් වන මුත් මේ පිලිබඳ අවබෝධයක් ඇත්තෙකු හට එය හිතන තරම් අපහසුද නොවන්නේය.. මන්ද වඩා වැදගත් වන්නේ ඒ පිලිබඳව ඇති අවබෝධයයි.. ඒ අවබෝධය නිසා ඔබ මේ ජීවිතයේ ප්‍රතිසන්ධිය ලබන විට ඉහත කී කුසල මූලයන්ගෙන් උපත ලැබූවෙක් නම් ඔබට නිවන් දැකිය හැකිය..
දැන් ඔබට ප්‍රශ්නයක් ඇත.. කුමක්ද යත්, මම ත්‍රිහේතුක ද ? නැති ද ?
මේ කාරණාව කෙටියෙන් පැහැදිලි කිරීමට නම් නොහැක.. නමුත් පුලුවන් පමණින් කෙටියෙන් සඳහන් කරන්නට උත්සුක වන්නෙමි.. නිදසුනක් ලෙස ඔබ පූර්ව ජීවිතයේ දානයක් දෙන විට, එනම් කුසල කර්මයක් කරන විට කුසලය කිරීමට පෙර, කුසලය කරන අවස්ථාවේ, කුසලය කිරීමෙන් පසුව යන අවස්ථා ත්‍රිත්වයම ඉහත කී කාරණා තුනෙන් යුක්තවම කලේ නම්, ඒ කුසල සිතුවිල්ල ඔබේ මරණාසන්න චිත්‍ත වීථියේදි එම අරමුණම ගෙන, මේ ජීවිතයේ ප්‍රතිසන්ධිය ලබා ගත්තේ නම් ඔබ ත්‍රිහේතුක පුද්ගලයෙකි..
එම පුද්ගලයන්ට කියන කියන බණ පදවල අර්ථය හොඳින් වැටහේ.. ගැඹුරු කාරණා මනාව වැටහේ.. අභිධර්ම කාරණා මනාව අවබෝධ වේ.. ධ්‍යාන ඉපදවීමට හැකිවේ.. එමෙන්ම පෙර කී ලෙස නිවන් අවබෝධ කිරීමට ද හැකිවේ..
දැන් ඔබ විසින් "මට අභිධර්ම කාරණා අවබෝධ වෙන්නේ නෑ.. ඒ නිසා මම ත්‍රිහේතුක නෙවෙයි" කියා පසුතැවෙන්නේ නම් එය මුග්ධකමකි.. අනුවණකමකි.. ඔබ ඔබටම අර්ථකථන දී ගැනීමෙන් වැලකී සිටීම ඉදිරි ගමනට මහත් පිටුවහලක් වනු ඇත..
ඒ දේ සිතීමට පෙර ඔබ කමටහන් ගෙන භාවනවක නියැලිය යුතුය.. යම් සමථ භාවනාවක නියැලුණි නම් එම භාවනාවෙන් ඔබේ හිත සමාධිමත් වී ධ්‍යාන අවස්ථාවකට සිත පත් වුවහොත් ඔබ ඒකාන්තයෙන්ම ත්‍රිහේතුක පුද්ගලයෙකි.. එපරිද්දෙන්ම විදර්ශනා කර මාර්ගඵලයකට පත් වන්නේ නම් ද ඔබ ත්‍රිහේතුකමය.. ධ්‍යානයක් නොලැබුවා කියා මාර්ගඵලයක් නොලැබුවා කියා ඔබ ත්‍රිහේතුක නැතයි සිතීමෙන් වලිකිනු..
ඔබ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි චිත්තයකින් යුක්ත නොවේ නම් ඔබ කල යුත්තේ කුමක් ද?
ඔබ මේ ජීවිතයේ කරන කියන සෑම කුසල කර්මයක්ම ඉහත කී අවස්ථා ත්‍රිත්වයේදීම අලෝභ , අදෝස , අමෝහ යන කුසල මූලයන්ගෙන් යුක්තවම කුසල කර්ම සිදුකිරීමයි.. මෙයින් එක් අවස්ථාවක්, අවස්ථා දෙකක් හෝ අවස්ථා තුනේදීම සිත අපිරිසිදු කර ගතහොත් ඔබ ද්විහේතුකයෙක් හෝ අහේතුකයෙක් වී උපත ලබයි.. එසේ වුවහොත් ඔබට ලබන ජීවිතයේ ද නිවන නම් වූ අති සූක්ෂම ධර්මතාවය ස්පර්ශ කර ගත නොහැක..
දානයක් දීමට සිතුණු අවස්ථාවේ පටන්ම ඒ පිලිබඳ අවබෝධයෙන් සිටීම ඉතාම වැදගත්ය.. එසේ නිතරම කුසල ක්‍රියාවල නියැලීමෙන් ඔබට ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල කර්ම රැස් වී විපාකයක් හැටියට ඔබට ත්‍රිහේතුක ප්‍රතිසන්ධි සිතක් ලැබෙනු ඇත..
තවද මනුෂ්‍ය ලෝකය සහ දිව්‍යලෝක යන කාම සුගතීන්හි ප්‍රතිසන්ධිය ගෙනදීමේදී මහා විපාක සිත් අටෙන් එකක් ප්‍රතිසන්ධි සිත වශයෙන් පහළ වීම විශේෂිත වූ කරුණෙකි.. මේ විපාක සිත් ලැබෙන්නේ කුසල කර්ම ශක්තියට අනුකූලවය.. ඥානය යෙදීම හෝ නොයෙදීම අනුව මේ කුසල් සිත් ත්‍රිහේතුක උත්කෘෂ්ට, ත්‍රිහේතුක ඕමක, ද්විහේතුක උත්කෘෂ්ට සහ ද්විහේතුක ඕමක යැයි සතර කොටසකට බෙදිය හැකිවේ.. ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල කර්මයක ප්‍රතිසන්ධි විපාක වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත මහා විපාක සිත් සතරෙන් එකක් උපදී.. හෙතෙම කාමසුගතියෙහි බොහෝ කලක් නොයෙක් සැප සම්පත් විපාක ආනිසංසයන් වශයෙන් විඳිමින් කල් යවන්නේ ය..
සසර නොයෙක් ජන්මවල ඉපිද, මෙබඳු පින්කම් කොට, ඥානය වඩා, භාවනාදිය කොට, ප්‍රාර්ථනා බලයකුත් ඇතිව උත්පත්තිය ලැබූයේ නම්, ඕහට කළ්‍යාණ මිත්‍රයන් ලැබීමෙන් බොහෝ වැඩ සිදුකර ගැනීමට අවකාශ ලැබෙන්නේය.. ඇතැම් විටෙක මෙවැනි හේතු සම්පත් නැති පුද්ගලයෝ භාවනාදිය කොට ඵල ලබා ගැනීමට නො හැකිව සිත් දූෂ්‍ය වීමෙන් සිහි විකල් තත්ත්වයට ද පැමිණෙත්.. දුර්වල වූ ත්‍රිහේතුක කුසලය, එනම් ඥානය දියුණු නොවී ස්වල්ප වශයෙන් දැනුමක් ඇතිව කරන කුසලය, ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ගෙන දීමට තරම් ශක්තිය නැති හෙයින් ද්විහේතුක ප්‍රතිසන්ධියක්ම ගෙන දෙන්නේ වේ.. එවිට ප්‍රතිසන්ධි සිත වශයෙන් පහළ වන්නේ ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් සතරින් එකකි.. ඔහු මිනිස් ලොව ඉපිද ස්වල්ප වූ සම්පතක් ලැබ සතුටු වෙමින් කල් ගත කරන්නේය.. ඒ සම්පත ලබා ගැනීමට ද බොහෝ වෙහෙස මහන්සි විය යුතුයි..
ද්විහේතුක උත්කෘෂ්ට කුසලය හෙවත් අලෝභ අදෝෂ යන හේතු දෙක පමණක් බලවත්ව යෙදෙන කුසල් සිතද, ද්විහේතුක ප්‍රතිසන්ධියක් දෙන්නේය.. එනම් ද්විහේතුක හෙවත් ඥාන විප්‍රයුක්ත සිත් සතරින් එකක් පටිසන්ධි සිත වශයෙන් ලැබෙන්නේ ය.. මේ පුද්ගලයා ද දුර්වල ත්‍රිහේතුක පුද්ගලයාට බොහෝ සෙයින් සමානය.. කුසල කර්මය, දුර්වල වූ ද්විහේතුක හෙවත් දුර්වලව යෙදුන අලෝභ අදෝෂ හේතු ඇති, ඥාන විප්‍රයුක්ත සිතකින් කරන ලද්දේ නම්, ඔහුට ඥාන විප්‍රයුක්ත විපාක සිත් නො ලැබෙන්නේය.. ඔහුගේ ප්‍රතිසන්ධිය ඇතිවන්නේ අහේතුක කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතිනි.. දුගී දුප්පත්, අංගවිකලත්වයෙන් යුත්, නුවණ මඳ අසරණ මනුෂ්‍යයන් උපදින්නේ මේ දුර්වල කුසල කර්ම හේතුවෙන් බව දත යුතුයි.. ඥානයෙන් තොරව, අනුන් කුසල් කරන සැටි දැක, තරඟයටත්, ලෝකයාගේ පැසැසුම් ආදිය ලබා ගැනීම පිණිසත් කරන කුසල්, මේ දුර්වල ඥාන විප්‍රයුක්ත කුසල්ය..
අහේතුක සුගති ප්‍රතිසන්ධිය ලැබූ පුද්ගලයාට ඉෂ්ට අරමුණු ලැබුණත් එයින් සතුටුවීමට අවකාශ නොලැබෙන්නේ ය.. මනුෂ්‍යාත්මයෙන් ලැබිය යුතු උසස් ඵල ඔහුට නො ලැබේ.. මහා විපාක සිත් අටෙන් ප්‍රතිසන්ධිය ලැබූ පුද්ගලයා හට කර්ම ශක්තිය ඇති තාක් කල් ප්‍රවෘත්ති විපාක වශයෙන්ද මේ මහා විපාක සිත් අට කර්මයට අනුකූලව හටගන්නේ ය..
ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල් කළ තැනැත්තාට විපාක ආනිසංස වශයෙන් නොයෙක් සැප සම්පත් ලැබීමේ දී මේ මහා විපාක සිත් උපකාර වන්නේ ය.. ඉෂ්ට අරමුණු හමුවීමෙන් චක්ඛු විඤ්ඤාණාදී අහේතුක කුසල විපාක සිත් පළමු කොට ඉපිද, පසුව එයින් ඇතිවන සතුට විඳීමේදී මහා විපාක සිත් ලැබෙන්නේය.. මේ සිත් සොළොසම කුසල කර්මයාගේ විපාකයෝ වන්නාහ.. අප හැම දෙනා විසින්ම සසරෙදී කළ නොයෙක් කුසලාකුසල කර්මයන් මිශ්‍රව තිබෙන හෙයින් ප්‍රවෘත්ති විපාක වශයෙන් මෙකී කාමාවචර විපාක සිත් සියල්ලම, එනම්, අහේතුක අකුසල විපාක සිත් සතත්, අහේතුක කුසල විපාක සිත් අටත්, මේ සහේතුක මහා විපාක සිත් අටත් යන විපාක සිත් විසිතුනම අපට ලැබේ.. බුද්ධාදී ආර්‍ය්‍යයන් වහන්සේලාට ද එසේ මය..
සෝමනස්ස සහගත සහ උපේක්ඛා සහගත යනුවෙන් කුසල් සිත් දෙකක් ඇත.. එම කුසල් සිත් වලින් බලගතු වන්නේ උපේක්ෂා සහගත සිතය..
එයට හේතුව ඔබ කුසලයක් කිරීමෙන් අනතුරුව යම් කිසි ප්‍රාර්ථනාවක් සිදු කරන්නේ නම්, එසේත් නැති නම් මේ පිනෙන් මෙය ලැබේ කියා සිතනවානම් එය එතරම් බලගතු වෙන්නෙ නැත..
යමෙක් කුසලයක් කිරීමෙන් අනතුරුව ප්‍රාර්ථනාවක් නොකර මේ කුසල කර්මයත් කවදා හරි දිනක විපාක දී අනිත්‍ය වී යනු ඇත.. යනුවෙන් සිතීමෙන් එය බලවත් වේ.. එය අන්තයකට යෑමක් නොව.. කෙසේ වෙතත් අන්තයකට නොයා සිටීමට ඔබ විසින් වග බලා ගත යුතුය..
කුසල කර්ම කිරීමෙන් අනතුරුව විපාක ලැබෙන විට සෝමනස්ස සහගත සිතින් කුසල කර්මය කළ පුද්ගලයා යම් තරමකට විපාකයේ මුලා වන අතර උපේක්ෂා සහගතව කුසල කර්මය කළ අය විපාකයේ මුලා නොවේ.. උදාහරණයක් ලෙස සෝමනස්ස සහගතව දන් දීපු කෙනෙක්ට අධි සුඛෝපබෝගී වාහනයක් ලැබෙන විට උපේක්ෂා සහගතව දන් දීපු කෙනාටත් එසේම ලැබේ.. වෙනස නම්, සෝමනස්සව දන් දීපු කෙනාගෙ වාහනයට අනතුරක් සිදු වූ විට ඒ කෙනා පසුතැවේ.. නමුත් උපේක්ෂා සහගතව දන් දීපු කෙනාගෙ වාහනයට අනතුරක් වූ පසු ඒ කෙනා ඒ සිදුවීම දෙස මධ්‍යස්ථව බලයි.. දුක් නොවේ.. යතාර්ථය ම කල්පනා කරයි.. සියල්ල අනිත්‍යය යනුවෙන් සිහිපත් කරයි..
බුද්ධ දර්ශනය යනු සිතත් එක්ක යන ගමනකි.. මෙයට එක එක අර්ථකථන දිය හැක.. ඒ එක් එක් අයගෙ දැනුම් පරාසයන්ට අනුකූලවය.. ඔබට ඔබ කරන සෑම කුසල කර්මයක්ම අලෝභ අදෝස අමෝහ සිත් මූලික කරගෙන කරගන්නට ලැබේවා..
ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල කර්ම කිරීමෙන් විපාකයන් වල මුලා නොවී ඉක්මන් භවයකම නිවනින් නිවී යා හැක.
එනිසා ඔබ කරන කුසලයන්ට ලැබෙන විපාකයේදිත් මුලා නොවී සසර ගමනින් එතෙර වන්නට මේ දහම් පණිවිඩය ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල කර්මයක්ම වේවා....
තෙරුවන් සරණයි..
Serunuwara Kusalawansha Himi