ඔබත් ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක&

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට හිතෙන විදියට පාරේ පිස්සු කෙලින වැඩි දෙනෙක් (විශේෂයෙන්* බයික්/3 wheel/බට්ටෝ ලොරි/මරුටි සහ අනික්) driving ඉගෙන ගෙන තියෙන්නේ අඳුරන කාගේ හරි වාහනෙකින්. වාහනේ එලවන්න ඉගෙන ගත්තට පාරේ අනිත් මිනිස්සුත් එක්ක යන එක (road ethics and rules) කොහෙන්වත් හරියට ඉගෙන ගන්නේ දැන ගන්නේ නෑ. ලාවට ගියර් එකයි ඇක්සලරේටර් එකයි ගොඩ දාගත්ත ගමන් ලයිෂන් එක අරගෙන පාරට එනවා ලෝර්ඩ් පකීර් වගේ. ඊට පස්සේ පාරේ යන එක ගැන පොරට වඩා දන්න එකෙක් නෑ.

    මේවා හදන්න බෑ, ලංකාව නියුක් කරන්නම වෙනවා...

    * කියපු වාහන විතරක් නෙමෙයි පිස්සු කෙලින්නේ

    සහතික ඇත්ත බන්. මේ ලගදි එයාපෝට් එකේ ඉදන් එන්න වෑන් එකක් හයර් එකට ගත්ත. වයසක පොරක් එලෙව්වේ පාරේ හැම වාහනේටම හෝන් ගහනව සමහර තැන් වල නිකනුත් හෝන් එක ඔබාගෙනම ගියේ. දෙතුන් තැනකදිම කුණුහරපෙන් බැන්න ඉස්සර කරල ගිය උන්ට. ඒ එකෙක් බැහැල ගැහුව නම් එහෙම මූව මැරෙනව ඒ තරම් වයසයි. අන්තිමට අපේ ගෙදර තාප්පෙත් වද්දල හොදටම හූරගෙන ගියේ. උගේ පුතාගේ වාහනේ කිවුව පුතත් මුගෙන්නෙ එලවන්න ඉගෙනගන්න ඇත්තේ අහන්න දෙයක් නෑ ඉතින්. නියුක් කරලම තමයි හදන්න ඕන ලන්කාව :yes::yes:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සහතික ඇත්ත බන්. මේ ලගදි එයාපෝට් එකේ ඉදන් එන්න වෑන් එකක් හයර් එකට ගත්ත. වයසක පොරක් එලෙව්වේ පාරේ හැම වාහනේටම හෝන් ගහනව සමහර තැන් වල නිකනුත් හෝන් එක ඔබාගෙනම ගියේ. දෙතුන් තැනකදිම කුණුහරපෙන් බැන්න ඉස්සර කරල ගිය උන්ට. ඒ එකෙක් බැහැල ගැහුව නම් එහෙම මූව මැරෙනව ඒ තරම් වයසයි. අන්තිමට අපේ ගෙදර තාප්පෙත් වද්දල හොදටම හූරගෙන ගියේ. උගේ පුතාගේ වාහනේ කිවුව පුතත් මුගෙන්නෙ එලවන්න ඉගෙනගන්න ඇත්තේ අහන්න දෙයක් නෑ ඉතින්. නියුක් කරලම තමයි හදන්න ඕන ලන්කාව :yes::yes:

    :lol::lol::lol::lol:
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    ඔබත් උදේ හවස ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක්ද? අපි මෙහෙම කරමුද?
    #SLtraffic_Discuss



    ත්‍රීවීල් චන්ඩි පාර පුරාම ධාවනය කරන්නේ උන්ගේම නීතියකටය. පොලිසිය අනෙක් රෝද 4 වාහන වලට මංතීරු නීතිය ක්‍රියාත්මක කරයි . ත්‍රීවීල් පෙන්නේ නැත. විනයානුකූලව පාරේ පේලියට යන වාහන කාරයන් ත්‍රීවීල් කාරයන්ට කරදරයකි, හිරිහැරයකි, වමට වැඩියෙන් අල්ලාගෙන යන උන් පෙන්න බැරිය. ඔනෙකමින්ම අනෙක් වාහන වල ගාවගෙන බැණ බැණ වමෙන්ම රිංගයි . බයිසිකල් කාරයන් මේ වැඩේම කලත් අනෙක් වාහන වලට කරදරයක් නැත. ත්‍රීවීල් එලෙවන ඕලමොට්ටලයන් හිතන්නේ උන් යන්නෙත් බයිසිකලයක බවයි.

    මේ ත්‍රීවීල් වසංගතයට පෙනෙන තෙක්මානයක විසඳුමක් නැත. හැමදාම traffic වල වේලෙන අපි මොනවහරි කරමු.........

    Traffc වල පේලියට නවත්වාගෙන ඇති වාහන තමන්ගේ ලෙන් එක තුල zig -Zag ක්‍රමයට එකිනෙක අතර ඉඩ නොතබා ගමන්ගන්නේ නම් ත්‍රීවීල් කාරයන්ට වමෙන් දකුණෙන් දෙකෙන්ම ඉස්සර කරගෙන යා නොහැක.

    Taxi මීටර නැති ත්‍රීවීල් වල නගින එක නවත්වමු. හන්දියක් ගානේ පාර්ක් වල ඉන්න හිතෙන හිතෙන ගණන් අයකරන චන්ඩින් හයර් සඳහා යොදා නොගමු.

    ත්‍රීවීල් රියදුරු බලපත් ලබගැනීම සඳහා අවම වයස අවු.35 , වසර දෙකක්වත පැරණි සැහැල්ලු වාහන බලපත්‍රයක් ලබාතිබීම , ලංකාවට ගෙන්වන ත්‍රීවීල් සඳහා සට්‍රීරින්ග් වීල් සහ වටේ දොරවල් සහිතව තිබීම නීතිගත කිරීම , බදු තවත් වැඩි කිරීම වැනි දේ කිරීමට රජයට බලකරමු.

    මෙයට
    උදේ හවස ත්‍රීවීල් වසංගතයෙන් බැටකන විනීත රියදුරන්
    #SLtraffic_Discuss

    ~~~~
    මේ අතර අනිත් අයට ගරු කරල නීතිගරුක ත්‍රීවීල් අයියල ඉන්න බවත් මතක් කරනව
    මේක Sri Lankan Traffic Violations එකෙන් උස්සපු එකක්, මොකද කට්ටිය හිතන්නේ?

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no: