ඔබත් තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්ද?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අද බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 2563ක් වූ වෙසක් පුන් පොහෝ දිනයයි.. 🙏
    අද වගේ දවසකවත් පොඩ්ඩක් හිතල බලන්න ඔයා හරියටම තෙරුවන් සරණ ගිය කෙනෙක්ද කියල..
    එහෙමත් නැත්නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධයෙක්ද කියල..

    හරි අපි එහෙනම් බලමු තෙරුවන් සරණ යන්නේ කොහොමද කියල..
    අපි හැමෝම පොඩිකාලෙ හරි පන්සිල් අරන් තියනවනෙ..
    මුලින්ම "නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" (භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා) කියල තුන්වරක් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරල පටන් ගන්න..
    ඊටපස්සෙ පිළිවෙලින්
    "බුද්ධං සරණං ගච්චාමි" (මම බුද්ධ රත්නයේ සරණ යමි)
    "ධම්මං සරණං ගච්චාමි" (මම ධම්ම රත්නයේ සරණ යමි)
    "සංඝං සරණං ගච්චාමි" (මම සංඝ රත්නයේ සරණ යමි)
    කියල දුතියම්පි, තතියම්පි වශයෙන් තුන්වරක් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ සරණ යන්න ඕනේ..

    හැබැයි ඒ විදියට කිව්ව කියල වැඩක් නෑ ඔයාලට බුද්ධ, ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නය ගැන නොවෙනස් වන ශ්‍රද්ධාවක් සහ විශ්වාසයක් නැත්නම්..
    (බුද්ධ රත්නයේ ගුණ හයක් ගැන පහල playlist එකේ තියනව)

    මේ වගේ මිනිස් ආයුෂ අවුරුදු 100ට වඩා අඩු කාලයක ඇතැම් සංඝයා වහන්සේල අතින් සිද්ධ වෙන යම් යම් අඩුපාඩු වැරදි දැකල මුළු සංඝරත්නය ගැනම කලකිරෙන එකනම් කවදාවත් කරන්න එපා..
    ඒකෙන් වෙන්නෙ ඔයාට තෙරුවන් සරණ නැතිව යන එක විතරයි..
    බුද්ධ දේශනාවෙ තියෙන්නෙ බුද්ධ ශාසනය පිරිහිලා යන කාලෙදී ඉතිරි වෙන සියලු දුෂ්චරිතයෙන් පිරුණු අතේ කහ නූලක් විතරක් බැඳගෙන ඉන්න කාසාය කණ්ඨකලාට පවා වන්දනා කරල සංඝ රත්නයේ සරණ යන්න කියල..

    හරි දැන් අපිට පුළුවන් පන්සිල් සමාදන් වෙන්න..
    එකටත් අපි පස් පවෙන් වැළකිලා ඉන්න ඕන..
    නැත්නම් වෙන්නේ මුසාවාදය සිද්ධ වෙලා හතරවෙනි සිල්පදය නිකන්ම කඩෙන එක..

    දිනපතා මේ විදියට ප්‍රායෝගිකව තෙරුවන් සරණ ගිහින් පන්සිල් සමාදන් වෙන්න පුළුවන් නම් ඔයත් නියම බෞද්ධයෙක්..
    එතකොට ඔයාට තේරෙයි නමට බෞද්ධ වෙලා ඉද්දි නොලැබුණ මානසික සහනයක් වගේම ලෞකික, ලෝකෝත්තර දියුණුවක් ඉබේම වගේ ඔයාගේ ජීවිතේට ලැබෙන්න ගන්නව කියල..
    ඉතින් හැමෝටම තෙරුවන් සරණ ප්‍රර්ථනා කරන ගමන් කතාව ඉවර කරන්නම්.. :)
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    බුද්ධ දේශනාවෙ තියෙන්නෙ බුද්ධ ශාසනය පිරිහිලා යන කාලෙදී ඉතිරි වෙන සියලු දුෂ්චරිතයෙන් පිරුණු අතේ කහ නූලක් විතරක් බැඳගෙන ඉන්න කාසාය කණ්ඨකලාට පවා වන්දනා කරල සංඝ රත්නයේ සරණ යන්න කියල..
    :rolleyes2::rolleyes2::rolleyes2:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉරෝසන් ට කුනු හරුපයක් කිව්වේ නැත්නම් ඉතින් වැඩක් නෑ එතකොට ඉතින් සිල් පදයක් කැඩෙනවා
    අනික මස් මාලුවක් නැතුව කෑමක් කන්න ටිකක් අමාරුයි එතකොටත් තව 1ක් කැඩෙනවා
    ඔක අරගෙන කඩනවට වඩා නොගෙන ඉන්න එක හොදයි කියලා හිතාගෙන ඉන්නේ වැරදි වෙන්න පුලුවන් ඒත් ඉතින් වෙන විදියක් නෑ

    රෝසම ම නෙමේ සමහර නූගත් උන් ඉන්නවා අපිට කුනු හරුප කියාගෙන එන්නේ උන්ට බන දෙසන්න ගිහින් වැඩක් නෑ ඒ බාසාවෙන් ම උත්තර දෙන්න ඕන
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඔව් මචන් ස්වාමීන් වහන්සේල දුෂ්චරිතයෙන් පිරුණට අපි වන්දනා කරන්නෙ සරණ යන්නෙ මහා සංඝ රත්නයයි..
    ඒ කියන්නෙ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ ඉඳන් සියළුම සංඝ රත්නයයි..
    මේ හැමදේටම මූලික වෙන්නෙ අපේ හිතයි..
    ඉතින් ස්වාමීන් වහනසේලගේ වැරදි හොය හොයා හිටියොත් වරදින්නෙ අපිටමයි
    ඉරෝසන් ට කුනු හරුපයක් කිව්වේ නැත්නම් ඉතින් වැඩක් නෑ එතකොට ඉතින් සිල් පදයක් කැඩෙනවා
    අනික මස් මාලුවක් නැතුව කෑමක් කන්න ටිකක් අමාරුයි එතකොටත් තව 1ක් කැඩෙනවා
    ඔක අරගෙන කඩනවට වඩා නොගෙන ඉන්න එක හොදයි කියලා හිතාගෙන ඉන්නේ වැරදි වෙන්න පුලුවන් ඒත් ඉතින් වෙන විදියක් නෑ

    රෝසම ම නෙමේ සමහර නූගත් උන් ඉන්නවා අපිට කුනු හරුප කියාගෙන එන්නේ උන්ට බන දෙසන්න ගිහින් වැඩක් නෑ ඒ බාසාවෙන් ම උත්තර දෙන්න ඕන
    ඒ දෙකෙන්ම පන්සිල් කැඩෙන්නෙ නෑනෙ මචං..
    බුදුහාමුදුරුවො කිසිම දේශනාවක කියල නෑ මස් මාළු කන ඒකෙන් පව් සිද්ධ වෙනව කියල..
    පවක් සිද්ධ වෙන්නෙ අපි කොහෙහරි ගිහින් අපි වෙනුවෙන් සතෙක් මරවාගෙන කෑවොත් තමයි..

    ඉරෝසන්ට බැන්නම කැඩෙන්නෙ පරුෂාවාචා සිල්පදයනේ.. ඒ අටසිල් :D
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනික මස් මාලුවක් නැතුව කෑමක් කන්න ටිකක් අමාරුයි එතකොටත් තව 1ක් කැඩෙනවා
    කුනු හරුපයක් කිව්වේ නැත්නම් ඉතින් වැඩක් නෑ එතකොට ඉතින් සිල් පදයක් කැඩෙනවා
    oya dekenma pansil kadenne na mcn..but boru kiwwoth nam kadenawa :lol:

    ඒ වුනාට පව් සිද්දවෙනවා නේද?
    ow..pawak nm sidda wenawa bt pansil kadenne na
    ------ Post added on May 22, 2022 at 3:48 PM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    oya dekenma pansil kadenne na mcn..but boru kiwwoth nam kadenawa :lol:

    ow..pawak nm sidda wenawa bt pansil kadenne na
    ------ Post added on May 22, 2022 at 3:48 PM
    ඒක තමා හරියටම දන් නෑ කිවුවේ සැරයක් බනට හාමුදුරුවෝ කියනවා ඇහුනා පන්සිල් අරගෙන රකින්න බැරිනම් ගන්න එපා කියලා මේක උදේ ගන්නවා හවසට කඩනවා එක්කෝ නොගෙනම ඉන්න කිවුවා බනට නෙත් එෆ් එම් එකේ බන කියන හාමුදුරුවෝ වගේ මතක සමන්තස් බිස්නස් නෙමේ
    අනික දහම්පාසලට ඔව කියාදෙන්න වෙලා නෑ එකේ කියලා දෙන්නේ ඩීප් ම කෑලි මේ පොඩි පොඩි ඒවට ටයිම් නෑ ඉක්මනින් නිවන් යන්න ඩීප් කෑලි ටික කියලා දෙනවා
     
    • Like
    Reactions: pasansnoop

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බනට හාමුදුරුවෝ කියනවා ඇහුනා පන්සිල් අරගෙන රකින්න බැරිනම් ගන්න එපා කියලා මේක උදේ ගන්නවා හවසට කඩනවා එක්කෝ නොගෙනම ඉන්න කිවුවා
    මොන මෝඩ හාමුදුරු කෙනෙක්ද මන්දා.. සාසනේ පිරිහෙන්නේ ඕන්න ඔයවගේ ගණගෙඩි නිසා තමයි.. පන්සිල් සමාදන් වෙන්න උවමනාවක් තියෙන්නෙත් කීයෙන් කී දෙනාටද? රකින්න අතපසු වෙන්න පුළුවන්, හැබැයි ඉතින් කවදාහරි සිල් රැකෙන්නේ සමාදන් වුනොත්.. සමාදන් නොවුනොත් කවදාවත් රැකෙන්නේ නෑ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මොන මෝඩ හාමුදුරු කෙනෙක්ද මන්දා.. සාසනේ පිරිහෙන්නේ ඕන්න ඔයවගේ ගණගෙඩි නිසා තමයි.. පන්සිල් සමාදන් වෙන්න උවමනාවක් තියෙන්නෙත් කීයෙන් කී දෙනාටද? රකින්න අතපසු වෙන්න පුළුවන්, හැබැයි ඉතින් කවදාහරි සිල් රැකෙන්නේ සමාදන් වුනොත්.. සමාදන් නොවුනොත් කවදාවත් රැකෙන්නේ නෑ
    දැන් බණ ඔහොම තමා.

    තමාගෙ මතයයි ඉස්මතු කරන්නෙ.
     
    • Sad
    Reactions: siri_ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    මංනම් පන්සිල් ගන්නෙ නෑ, හැබැයි මම සත්තු මරන්නෙත් නෑ. හොරකම් කරන්නෙත් නෑ. අනුන්ගෙ ගෑනුන්ට බුම්කන්න යන්නෙත් නෑ. බොරු කියන්නෙත් නෑ. පොඩ්ඩක් අනුමත වෙනව විතරයි.
     
    • Love
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මංනම් පන්සිල් ගන්නෙ නෑ, හැබැයි මම සත්තු මරන්නෙත් නෑ. හොරකම් කරන්නෙත් නෑ. අනුන්ගෙ ගෑනුන්ට බුම්කන්න යන්නෙත් නෑ. බොරු කියන්නෙත් නෑ. පොඩ්ඩක් අනුමත වෙනව විතරයි.
    mamath issara anumatha una ban yaluwo set unama..
    corona walin passe ekath sahenna adu una..
    ekanisa dan pansil ganna puluwan..

    ubata pansil ganna bari unata rakina sil pada hathara gena hithala sathutu wenna..
    lankawe godak denek namata bauddha unata maduruwekta hari gahanawa