ඔබත් දන්නවාද ?

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    විශ්වයේ ඇති විශාලතම වස්තුව කුමක් ද?

    විශ්වයේ මේ වන විට හමුව ඇති විශාලතම වස්තුව හඳුන්වන්නේ “Hercules-Corona Borealis Great wall” යන නමෙනි. 2013 නොවැම්බර් මස සොයාගන්නා ලද මෙය ගුරුත්වයෙන් එකට බැඳුණු මන්දාකිණි රාශියක එකතුවකි . ආලෝක වර්ෂ බිලියන දහසක් ඈතින් පිහිටා ඇති මෙය ආලෝක වර්ෂ බිලියන 10 ක් පමණම විශාල බවද විශ්වාස කෙරේ. මෙහි ඇති දැවැන්ත විශාලත්වය නිසා මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට තාරකා විද්‍යාඥයින්ට ගැටළු මතු වී ඇති අතර මෙය මහා පිපුරුමෙන් වසර බිලියන 4 කට පමණ පසු ඇති වූ බවට විශ්වාස කෙරේ.


    අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දුරදක්න තිබේ ද?

    සෑම මිනිත්තු 90 කටම වරක් පෘථිවිය වටා යන අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ අධික වේගය කරණ කොට ගෙන තාරකා නිරීක්ෂණය කිරීමට දුරේක්ෂයක් රැුඳවීමට තරම් එය ආරක්ෂිත ස්ථානයක් නොවේ. කෙසේ වුවත් පෘථිඩය නිරීක්ෂණය කිරීමට නම් එය කදිම ස්ථානයක් වන බැවින් 2013 ජනවාරි මස පෘථිවිය නිරීක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දුරේක්ෂයක් සවි කරන ලදි.

    අධික උණුසුමක දී වීදුරු පහසුවෙන් බිඳී යයිද?

    වීදුරු බිඳී යන්නේ අධික උණුසුමේදී නොව වීදුරුවක මතුපිටට එකම අවස්ථාවකදී විවිධ උෂ්ණත්වය් ලැබීම නිසාය.උදාහරණ ලෙස ඔබ වීදුරුවක් අධිශීතකරණයේ පැය කීපයක් තබා එය පිටතට ගත් වහාම එයට නටන උණු වතුර වත් කළ හොත් එය බිඳී යනු ඇත. එයට හේතුව වන්නේ උණු වතුර වත් කළ විට ක්ෂනිකව වීදුරුවේ පතුල දක්වා ඉහළ යාමයි. එවිට එය ප‍්‍රසාරණය වුවද අධික ලෙස සිසිල්ව ඇති වීදුරුවේ ඉහළ දාරය නොවෙනස්ව පවතී. එබැවින් වීදුරුව ඉරි තැලී යාම හෝ බිඳී යාම සිදුවනු ඇත.

    ලොව විශාලතම ගොඩනැගිල්ල කුමක් ද?

    භූමි ප‍්‍රමාණය අනුව චීනයේ Chengduහි ඇති New Century Global Center ගොඩනැගිල්ල ලොව විශාලතම ගොඩනැගිල්ල වේ. මෙය Sydney හි Opera House ශාලාව මෙන් විසිගුණයක් විශාලය. වර්ග මීටර මිලියන 1.7 ක් පුරා පැතිර ඇති මෙය වතිකානුව තරම්ම විශාල ප‍්‍රමාණයේ සුපිරි සාප්පු සංකීර්ණයකි. සාප්පු සංකීර්ණයට අමතරව මෙහි උත්සව ශාලාවක් හෝටලයක් Ice skating ශාලාවක් IMAX සිනමා ශාලාවක් හා කෘතිමව සැකසූ මධ්‍යදරණි ගම්මානයක් හා අති දැවැන්ත පිහිනුම් තටාකයක් ද අඩංගුය.කෘතිමව මුහුදක් ලෙස සකසා ඇති පිහිනුම් තටාකයට සැන්දෑ හිරු බැස යාම දර්ශනය කිරීමට සවි කරන ලද මීටර 150 ක් පළල LED තිරයක් ද මෙහා අඩංගුය


    හොද නම් රෙප් දුන්නට කමක් නෑ