ඔබත්, මරණ සතිය වඩන කෙනෙක් වෙන්න

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අපි මරණ සතිය පුරුදු වෙමු... !
    කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුලපැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්.
    කන කෑම හිරවෙලා මම මැරෙන්ටපුළුවන්.
    කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්.
    ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේදේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්.
    වා පිත් සෙම් කෝප වෙලා මම මැරෙන්ට පුළුවන්.
    හොර හතුරෙක් අතින් මම මැරෙන්ට පුළුවන්.
    සර්පයක් දෂ්ඨ කරල මම මැරෙන්ටපුළුවන්.
    සතෙක් සිව්පාවෙකුට ගොදුරු වෙලා මම මැරෙන්ට පුළුවන්. අමනුෂ්‍යයෙක්අතින් වුනත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්.
    මේ පිට වෙන හුස්ම ඇතුල් වෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්.
    මේ මොහොතේම වුනත් මම මැරිල යන්නපුළුවන්.
    මේ විදිහට මම මැරෙන විට මගේ හිතේ රාග, ද්වේෂ, මෝහ තිබුනොත් ඒක මට මහාවිපතක්මයි.
    මම මැරෙන විට රාග, ද්වේෂ, මෝහ නැත්නම් ඒක මට යහපතක්.
    ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි...,
    ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි...,
    ජීවිතයඅනිත්‍යයි..., මරණය නියතයි...
    (නැවත නැවත ආරම්භයේ සිට සිහි කරන්න)
    මේ දිවියෙදීම ලෙඩ රෝග හා මරණයෙන් මිදෙන මාර්ගයක් කියාදෙන්නේ බුදු දහමින් පමණි. මේ ජීවිතයේදීම ඉදිරියට සිදුවියහැකි මහලු වීම, ලෙඩ රෝග ගැන සිතාවත් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න.
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    උබලගේ අම්මත් එක්ක සතියක් හිටියා.
    ගදයි බන් එකි . හෝදලා එවපන් ඊලපාර .
    Hoda baduwak gahapanko ithin Ganda ekakata gahanne
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ඉතින් උබලගේ අම්ම බඩුවක් කියලා තමයි ආවේ.
    ගද උත්තියෙක් නේ. හෝදලා එවපන්.
    Amma marila bn ithin Ganda gahana eka ahannath deyakda
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    https://elakiri.com/threads/මරණානුස්මෘති-භාවනාව.1992844/#post-26788299

    https://elakiri.com/threads/මරණානුස්මෘති-භාවනාව.1992844/#post-26788299

    .
    “ඒකධම්මො භික්ඛවෙ භාවතො බහුලීකතො එකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තති. කතමො ඒක ධම්මො? මරණ සති" යනුවෙන් අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි වදාළ පරිදි මහණෙනි, එක් ධර්මයක් භාවනා වශයෙන් වඩන ලද්දේ නැවත නැවත පුහුණු කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස ද සසර නො ඇලී කෙලෙසුන්ගෙන් දුරුවීම පිණිස ද, විශිෂ්ට ඥාන ලැබීම පිණිස ද, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිස ද, නිවන් පසක් කිරීම පිණිසද පවතී හෙවත් හේතු වේ. ඒ එකම ධර්මය නම් කවරේ ද? මරණ සතිය මරණය අරමුණු කොට උපන් සිහිය යි.

    මරණානුස්සති යනු මරණය පිළිබඳ සිහිය හෙවත් තමා මැරෙන බව නැවත නැවතත් ඊ පිට ඊ පිට නිතර ම තම සිතෙහි උපදවා ගැනීම යි.

    මෙය ඉතාම උතුම් භාවනාවකි.

    අප්පමායු මනුස්සානං - හීලෙය්‍ය නං සුපොරිසො
    චරෙය්‍යාදිත්ත සීසොව - නත්ථි මච්චුස්ස නාගමො

    මිනිසුන්ගේ ආයුෂ ඉතා ටිකයි. සත්පුරුෂයා (නැණවතා) එය සුළු කොට නොසිතන්නේ ය. හේ හිස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේ ය. මරණයාගේ නො පැමිණීමක් නැති බැවිනි යනු මෙහි භාවයයි.

    අප බුදුරජාණන් වහන්සේ පමණ සිත දියුණු කළ අන් කෙනෙක් දෙවියන් සහිත ලෝකයා අතර නැත. සාරාසැකි කප්ලකක් සිත අන්තිම ඉහළට ම වඩා සර්වඥ (සියල්ල දැනගත්) බවට පත් වූ සේක. එබැවින් මෙ ලොවැ පහළ වූ අසහාය මනෝවිද්‍යාඥයා ද, අධ්‍යාපනඥයා ද, චින්තකයා ද, දාර්ශනිකයා ද ශාස්තෘවරයන් වහන්සේ ද වූ සේක.

    ඥානයෙන් අගතැන් පැමිණි පණ්ඩිතෝත්තම වූ මහා කාරුණික වූ ලොව මවිතයට පත් කළ ඉහළ ම පුරුෂෝත්තමයන් වහන්සේ බවට පත් වූ සේක. එබැවින් කරුණා මෛත්‍රීයෙන් සුවඳ කැවුණු මෙලෝ පරලෝ සැපත් සලසා දෙන සව් කෙලෙස් නසා සංසාර විමුක්තියත් සපයා දිය හැකි පණ්ඩිත ගෝචර වූ අසහාය ධර්මයක් දේශනා කළ සේක. පන්සාළිස් වසක් කල් දෙසූ ඒ බුදු දහමෙහි මිනිස් සිත ඉහළට ම දියුණු කැර ගැනීම පිණිස කිය යුතු හැම දෙයක් ම උගන්වා වදාළ සේක.

    දානයෙන් (දීමෙන්) වස්තු සම්පත් ලැබෙන බව ද සීලයෙන් සුගති සම්පත් ලැබෙන බව ද භාවනා වැඩීමෙන් ප්‍රඥාව හෙවත් නුවණ ලැබෙන බව ද වදාළ සේක. ප්‍රඥාව නොලබා ජීවිතයේ යථා තත්ත්වයවත් සසර ස්වභාවයවත් තේරුම් ගත නොහැකි ය. සසරින් එතෙර වැ නිවන් සුව ලබන්නට වත් නොහැකි ය.

    අනාදිමත් කාලයක සිට සසර ඉපිද මැරි මැරී යන සත්ත්වයා වනාහි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ පංචස්කන්ධය යි. මේ පස්කඳ නම් වූ රාශි හෙවත් ගොඩවල් පහ ජාතියක් ජාතියක් පාසා ම ඉපිදැ ඉපිදැ වහ වහා බිඳි බිඳී යන බැවින් අනිත්‍යය හෙවත් සදහට නැත. තාවකාලික ය. මේ පස්කඳ ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් බැවින් සංඛතය හෙවත් පටිච්චසමුප්පන්න ය. යමක් සංඛත ද පට්ච්චසමුප්පන්න ද එය දුක් ය යි වදාළ සේක. මේ පඤ්චස්කන්ධය ම දුක් පොදියකි. නො වෙනස්වන ස්ථිර ව පිහිටා සිටින කිසිවක් මෙහි නොමැති බැවින් සත්ත්වයා කියන මේ පස්කඳ ම අනාත්ම යයි වදාළ සේක.

    පස්කඳ ම වනාහි 1. අනිච්චතො, 2. දුක්ඛතො, 3. රෝගතො, 4. ගණ්ඩතො, 5. සල්ලතො, 6.අඝතො, 7. අබාධතො, 8. පරතො, 9. පලොකතො, 10. සුඤ්ඤතො, 11. අනත්තතො යොනිසො මනසිකාතබ්බා යනුවෙන් වදළ සේක්. ලෝකයා මනුෂ්‍යයා සත්වයා යයි ව්‍යවහාර කරන මේ පස්කඳ ම:

    1. ඇති ව නැති වන බැවින් අනිත්‍ය වශයෙන් ද

    2. නිතර ම පීඩා කරන බැවින් දුකක් වශයෙන් ද

    3. රිදෙන බැවින් රෝගයක් වශයෙන් ද

    4. ඇතුළත දූෂණය වන බැවින් ආබාධයක් වශයෙන් ද

    5. ස්වකීය දෙයක් නොවන බැවින් පරකීය දෙයක් වශයෙන් ද

    6. ජරා මරණාදියෙන් සිඳී බිඳී යන බැවින් (පලොකතො) විනාශවන දෙයක් වශයෙන් ද

    7. හිමියකු නැති දෙයක් හෙයින් ශුන්‍ය දෙයක් වශයෙන් ද

    8. තමන් වසයෙහි නො පවත්නා බැවින් අනාත්ම දෙයක් වශයෙන් යැයි යොනිසොමනසිකාරයෙන් හෙවත් මනා නුවණින් නිතර ම මෙනෙහි කටයුතු ය.

    කාටත් හොඳ භාවනාවක්

    ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනා විසින් නිතර ම භාවනාවක් වශයෙන් වැඩිය යුතු, සිහිකට යුතු කරුණු පහක් බුදු දහමෙහි සඳහන් වේ.

    1. ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා ච පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතේන වා මම ජරාව (දිරාපත්වීම - මහලුවීම) ස්වභාවය කොට ඇත්තෙක්මි, ජරාව නො ඉක්ම වූයෙක්මි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.

    2. ව්‍යාධිධම්මොම්හි ව්‍යාධි අනතීතොති අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං ඉත්ථියා පුරිසේන වා ගහට්ඨෙනවා පබ්බජතේන වා - මම ලෙඩවීම ස්වභාව කොට ඇත්තෙක්මි. ලෙඩ නො ඉක්මවූයෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.

    3. මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං

    ඉට්ටියා පුරිසෙන වා ගහට්ඨෙනවා පබ්බජිතෙන වා - මම මරණය ස්වභාව කොට ඇත්තෙක්මි. මරණය නො ඉක්මවූයෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.

    4. සබ්බේහි මේ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා පුරිසෙන වා ගහට්ඨෙනවා පබ්බජිතේනවා– මම මාගේ සියලු ම පි‍්‍රය මනාප ඇත්තන්ගෙන් හා වස්තූන්ගෙන් වෙන්වීම (අහක්වීම) ස්වාභාව කොට ඇත්තෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහිකටයුතු ය.

    5. කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො යං කම්මං කරිස්සාමි වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති අභිණ්හං පච්චවෙක්කිතබ්බං ඉත්ථියා පුරිසේන වා ගහට්ඨෙනවා පබ්බජිතේන වා - මම කර්මය ස්වකීය කොට ඇත්තෙක්මි. කර්මයට උරුමක්කාරයෙක්මි. කර්මය ප්‍රභවය හෙවත් හටගත් තැන කොට ඇත්තේක්මි.

    කර්මය නෑයා කොට ඇත්තේකමි. කර්මය පිලිසරණ හෙවත් පිහිට කොට ඇත්තේකමි. යම් කල්‍යාණ කර්මයක් හෝ පාපකර්මයක් හෝ මම කරන්නෙම් ද, එයට මම උරුමක්කාරයෙක් හෝ වන්නෙමි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කටයුතු යයි වදාළ සේක.

    මරණ සති වැඩීමේ ආනිසංස

    “මරණසතිං භික්ඛවෙ භාවෙථ, මරණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා”

    (අංගුත්තර නිකාය)

    මහණෙනි, මරණය පිළිබඳ සිහිය වඩවූ, මහණෙනි. මරණ සතිය භාවිත කළේ බොහෝ කොට පුරුදු කළේ මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. නිවනට පැමිණිය හැකි වන්නේ ය. නිවන් සුව ලබන්නේ යයි වදාළ සේක. මරණ සතිය වඩන විට තරුණ මද, ආරෝග්‍ය මද, ජීවිත මද හා මාන මදයෝ සංසිදෙති. උපාදානයෝ (තදින් අල්ලා ගැනීම) තුනී වෙති. සංවේග බහුල වේ තෙමේ තමන්තතු හඳුනාගන්නට සමර්ථ වේ.

    “මරණසතිමනුයුත්තෝ භික්ඛු සත්තං අප්පමත්තෝ හොති” මරණ සිහියෙහි යෙදුණු භික්ෂු තෙමේ, නිතර මැරෙන බව සිහි කරන්නේ මරණයට පළමුව තමා විසින් කටයුතු මෙලෝ පරලෝ වැඩ අප්‍රමාද වැ සැලැකිල්ලෙන් හා උද්යෝගයෙන් වහ වහා කරයි. ඒ ඒ මොහොතෙහි කටයුතු ඉගනීම් ආදී කිසිවක් කල් නොතබයි. මරණාදී විපත්තීන්හි දී ශෝකවීම් ළතැවීම් නැති වැ ධෛර්යයන් හා සිහි නුවණින් කටයුතු කරන බවත් උරග ජාතිකාදියෙන් හා බන්ධුල මල්ලිකා සිටු දේවිය, පේසකාර දුහිතෘ ආදීන්ගේ කථා ප්‍රවෘත්තිවලින් හොඳ හැටි පැහැදිලි වේ.

    මරණය පිළිබඳ සිහිය නිතර උපදවා ගැනීමෙන් මරණය අරමුණු කරගෙන සතිය පිහිටන්නේ ය. නැවත නැවතත් සිහි කිරීම් වශයෙන් ලැබෙන ආසේවන ප්‍රත්‍යයන්ගෙන් සිත එකඟ වන්නේ ය. නීවරණ විෂ්කම්භන හෙවත් යටපත් වන්නේ ය. ධ්‍යානාංග පහළ වන්නේ ය. මේ මරණානුස්මෘති භාවනාවෙහි යෙදුණු තැනැත්තේ සියලු භවයන්හි අනභිරත සංඥාව ලබන්නේ ය. හෙවත් භවයෙහිමි ඇලුම් නොකරන්නේ ය.

    ජීවිත තෘෂ්ණාව හැර දමන්නේ ය. පවට පිළිකුල් කරන්නේ ය. පිනට ලැදි වන්නේ ය. සන්නිධි (රැස්කිරීම්) බහුල නොවන්නේ පරිභෝගයට ගන්නා දේවල් කෙරෙහි මසුරුමල නැත්තෙක් වන්නේ ය. ඔහුට අනිත්‍ය සංඥාව පුරුද්දට යයි. ඒ අනුසාරයෙන් දුක්ඛ සංඥාව ද අනාත්ම සංඥාව ද වැටහෙයි. මරණය පිළිබඳ භාවනා කළෝ මරණාසන්න කාලයෙහි වල් සතුන් - යක්ෂ - සර්ප - සොරුන් - වධකයන් යන මොවුන් විසින් අභිභූත වූවන් වහා තැති ගැනීමට සිහි මුළාවට පැමිණෙත් ද එසේ නොවැ, බියට සිහිමුළාවට නො පැමිණ කලුරිය කරන්නෝ ය. මෙලොවැ නිවන් සුව ලබන්නෝ ය. මේ දිවියෙහි නිවන් සුව නොලද්දෝ නම් මරණින් මතු දෙව් මිනිස් යන සුගතියෙක ම උපදින්නෝ ය.

    මරණානුස්සති භාවනාව වඩන ආකාරය

    දිනක් අප බුදුරජාණන් වහන්සේ මරණානුස්සති භාවනාවෙන් නිවන් සුව ලැබිය හැකි යයි වදාරා, මහණෙනි, තෙපි මරණස්ති කමටහන වඩන්හු ද? යි භික්ෂූන් විමසූ සේක.

    1. එසේ විමසූ කලැ එක්තරා භික්ෂුවක් ස්වාමීනි, මම මරණ සතිය වඩමි යි කී ය. මහණ ඔබ මරණ සතිය කෙසේ වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි. මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි මම රැයක් දවාලක් ජීවත් වෙමි නම් යෙහෙක, එතෙක් කල් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස භාග්‍යවතුන් වහන්සේගේ සස්නෙහි යෙදෙම් නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමිනි, මම මෙලෙස මරණ සතිය වඩමි යි කී ය.

    2. දෙවනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩමි’ යි කී ය. “මහණ ඔබ මරණ සතිය කෙසේ වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි, මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි. මම දවාලක් ජීවත් වෙමි නම් යෙහෙක. එතෙක් කල් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙම් නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩමි යි කී ය.

    3. තෙවනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩමි” යි කී ය. මහණ ඔබ මරණ සතිය කෙසේ වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි මේ කරුණෙහිලා මට මෙබදු සිතක් වෙයි. යම් පමණ කලෙකින් එක් පිණ්ඩපාතයක් වළදමි නම් එතෙක් කල් ජීවත් වන්නේ නම් යෙහෙක. සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙමි නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩමි යි කී ය.

    4. සව්වනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩමි” යි කී ය. මහණ. කෙසේ ඔබ මරණ සතිය වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි, මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි. යම් පමණ කලෙකින් සතර පස් පිඬක් අහර වළඳම්ද එතෙක් කල් ජීවත් වන්නේ නම් යෙහෙක. එතෙක් සෝවාන් ආදී බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩම් යි කී ය.

    5. පස්වනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩම්” යි කී ය. මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි, මට මේ කරුණෙහි ලා මට මෙබඳු සිතක් වෙයි. මම යම් පමණ කලෙකින් එක අහර පිඩක් පසා වළඳම් ද එතෙක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. එතෙක් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙම් නම්, මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩම් යි කී ය.

    6. සවනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩම්” යි කී ය. මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නෙහි දැ? යි විමසූ විට, ස්වාමීනි, මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි. යම් පමණ කලෙකින් ආශ්වාස කොට (හුස්ම ඇතුළට ගෙන) ප්‍රශ්වාස (හුස්මපිට කිරීම) කෙරෙම්ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කෙරෙම්ද එතෙක් කල් ජීවත් වන්නේ නම් යෙහෙක. එතෙක් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙම් නම්, මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩම් යි කී ය.
    ------ Post added on Sep 12, 2023 at 9:04 AM
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් හට මහණෙනි, (මුලින් සඳහන් වූ) 1, 2, 3, 4 යන මේ භික්ෂූන් ප්‍රමාද වැ හෙවත් නො සැළැකිලි ලෙස වෙසෙති. අශ්‍රවක්ෂය (කෙලෙස් දුරු කිරීම) පිණිසලැසි වැ මරණ සතිය වඩන්නාහු ය යි වදාරා,

    මහණෙනි, යම් භික්ෂුවක් මම යම් පමණ කලෙකින් එක අහර පිඬක් සපා වළඳම් ද එතෙක් කල් ජීවත් වන්නෙමි නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේ ගේ සස්නෙහි මඟ ඵල පිණිස යෙදෙම් නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. මෙසේ මරණ සතිය වඩයි ද,

    මහණෙනි, යම් භික්ෂුවක් මම යම් පමණ කලෙකින් ආශ්වාස කොට ප්‍රශ්වාස කෙරෙම් ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කෙරෙම් ද එතෙක්

    4. කාය බහු සාධාරණතො - මේ කය නොයෙක් අබල දුබල කම්වලට ද රෝග පීඩා ආදියට හා මරණයට සාධාරණය. හෙවත් පොදු යයි නිතර සිතා බැලිය යුතුය. මේ කයෙහි නොයෙක් රෝග හටගනී. කොහි සිටියත් මේ කය ගල් මුල්, කඩු කිරිච්චි, වෙඩි පහර, විදුලි සර, හෙණ වැදීම් ආදියට ද සාධාරණය. මැසි මදුරු, පත්තෑ ගෝනුසු, නයි පොළොං ආදී සර්පයන්ගෙන් හා සිංහ ව්‍යාඝ්‍රාදී වල් සතුන්ගෙන් වන උවදුරුවලට ද සාධාරණ වේ. එබඳු ශරීරයක් දරන්නා වූ මට මාගේ මරණය කොයි වේලාවේ පැමිණේ දැයි කිව නොහැකි බව නිති මෙනෙහි කටයුතුය.

    5. ආයු දාබ්බලතො - මේ ආයුෂ නොහොත් පණ නම් ඉතා දුබලය. පණ රඳා පවතින්නේ ආහාරය - ඍතු ගුණය - විහරණය - ආශ්වාස ප්‍රශ්වාස යන මොවුන්ගේ ආධාරයෙනි. එහෙත් මෙයින් එක ද උපකාරක ධර්මයක් මඳ අයුරින් වුවද වෙනස් වුවහොත් පණ නැති විය හැකිය. සාමාන්‍ය වශයෙන් සිතතොත් හුස්ම පිට නො කළොත් පිට කළ හුස්ම ඇතුළට නො ගත හැකිමය. මෙසේ ඉතා දුර්වල වූ ආයුෂයක් ජීවිතේන්ද්‍රියක් ඇති මේ පණ කවර විටෙක යාවි දැයි නො දනිම්යි නිතරම සිතා බැලිය යුතුය.

    6. අනිමිත්තතො - කලින් තීරණය කොට දැන ගන්නට නිමිති (කරුණු) නැතිකම වශයෙන් මරණය ගැන සිතිය යුතුය.

    “ජීවිතං ව්‍යාධි කාලො ච - දෙහනික්ඛෙපනං ගති
    පඤ්චෙතෙ ජීවලෝකස්මිං - අනිමිත්තා න ඤායරේ”

    මේ ලෝකයෙහි උපන් මිනිසුන්ගේ ජීවිතය පිළිබඳ කලින් තීරණය කොට නො දත හැකි කරුණු පසෙකි.

    1. මෙතෙක් කල් ජීවත් වන්නේය යි ආයු ප්‍රමාණය කල් ඇතිව තීරණය නො කට හැකිය.

    2. අසුවල් ලෙඩින් මැරෙන්නේය යි මාරක රෝගය නො දත හැකිය.

    3. උදය හෝ දහවල් හෝ සවස හෝ රෑ හෝ අසූවල් කාලයෙහි හෝ මැරෙන්නේයයි කාලය නො දත හැකිය.

    4. මළකඳ උපන් ගෙහි හෝ අන් ගෙයක හෝ සිය රට හේ අන් රටෙක හෝ දියෙහි හෝ ගොඩෙහි හෝ නුවරෙක හෝ වනයෙක හෝ කොහි හෝ හෙළන්නට වේ දැයි මිනිය දමන තැන හෝ නො දත හැකිය.

    5. මරණින් මතු සුගතියට හෝ දුගතියට හෝ කොහි යන්නට වේ දැයි උපදනා ගතිය (උපදින තැන) ද දැන ගන්නට නිමිති නැත යන ලෙසින් මරණය ගැන සිතිය යුතුය.

    7. අ_ාන පරිච්ඡෙදතො - මිනිසුන්ගේ ජීවත්වන කාලය මෙ පමණ යයි පිරිසිඳීමක් (වෙන් කැර දැක්වීමක්) නැති හෙයින් ද මරණය කවර විටෙක සිදුවේ දැ යි කිව නො හැකිය. යයි හැම දෙනා විසින් ම නිතර නිතර ම සිහි කටයුතුය. සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ජීවන කාලය අවුරුදු සීයක් හෝ ඊට ටිකක් අඩු වැඩි කාලයක් හෝ යයි කිව හැකි වුවද එය ස්ථිර නැත. එහෙත් කවර විටෙක හෝ මරණය නම් ස්ථිර යයි නිති මෙනෙහි කටයුතුය.

    8. බණ පරිත්තතෝ - පරමාර්ථ වශයෙන් සත්ත්වයන් ජීවත් වන කාලය ක්ෂණයෙකි. එය ඉතා ස්වල්පය. එක චිත්තක්ෂණයෙක උප්පාද (සිත ඉපදීම), ඨිති (ස්ථිතිය හෙවත් පැවැත්ම), භංග (බිඳී යෑම), වශයෙන් අවස්ථා තුනෙකි. හැම සත්ත්වයා ම එක සිතක් පිළිබඳ පැවතුම් මාත්‍රක්ෂණයෙහි ම ජීවත් වෙනවා මිස, එකවර චිත්තාක්ෂණ දෙකක හෝ නො සිඳී පවත්නා චිත්තක්ෂණයන්හි ජීවත් නොවේ. මෙසේ හෙයින් ජීවිතයාගේ පැවැත්ම එක ක්ෂණ මාත්‍රයක් ම යැයි මරණ සිහිය වැඩිය යුතුය.

    ධුවං මරණං - මරණං නියතයි (ඒකාන්තයි)
    අද්ධුවං ජීවිතං - ජීවිතය අනියතයි (අස්ථිරයි)

    අරක ශාස්තෘවරයා

    අතීතයෙහි බුදු සමය නො දත් කාමයන්හි වීතරාග වූ අරක නමැති ශාස්තෘවරයෙක් විය. හේ ඔහුගේ සව්වනට (ශ්‍රාවකයනට) මෙසේ දහම් දෙසීය.

    ‘බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය තණපත අගැ පිනි බිඳක් වැනිය. වැසි පොද වැටෙන විට හට ගන්නා දිය බුබුළක් වැනිය. දියෙහි ඇඳී ඉරක් වැනිය. කඳු මුදුනෙන් වේගයෙන් මුහුදට ගලා බස්නා ගඟක් වැනිය. බලවත් පුරුෂයකු දිවගට ගත් කෙළ පිඩක් වැනිය. මුළු දවසම රත් කළ යකඩ කබලයට දැමූ මස් ටිකක් වැනිය. මරන්නට ගෙන යන ගවයා සේ මනුෂ්‍ය ජීවිතයේ ඇසිල්ලක් පාසා මරණයට ළං වන්නේය.

    ‘එපමණ මිනිසුන්ගේ ජීවිතය අස්ථිරය. ස්වල්පය, ටිකය, බොහෝ දුක් සහිතය. බොහෝ ආයාස (ගැහැට) සහිතය. එය නුවණින් අවබෝධ කැරැ ගත යුතුය. එහෙයින් කුසල් කට යුතුය. බඹසර (ශීල, සමාධි, ප්‍රඥාවෙන් යුත්) දිවියක් (ශ්‍රේෂ්ඨ ජීවිතයක්) විසිය යුතුය. උපන්නහුට නො මැරීමෙක් නැත. මරණය ඒකාන්තය.

    මෙසේ අවවාද කරන සමයෙහි මිනිසුනට ආයුෂ අවුරුදු හැට දාහක් (60,000) විය. පන්සිය හැවිරිදි කුමරිය පතිකුලයට යන්නට නිසි වූය. එකල මිනිසුනට ශීත ය. උෂ්ණ ය, සා ය (බඩගින්න), පවස ය (පිපාසය), මලපහ කිරීමය, මූත්‍රා කිරීමය යන ආබාධයෝ සයක් පමණ ඇති වූහ.

    එබඳු වූම අරක ශාස්තෘ තෙමේ මෙසේ දීර්ඝායුෂ්ක වූ අල්පාබාධ වූ මනුෂ්‍යනට හා තම සව්වනට මෙලෙස දහම් දෙසීය.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    https://elakiri.com/attachments/1629758083682-png.140492/


    මේ ලෝකයට උපත ලබන කුඩා දරුවන් අප දැක ඇත. ඔවුන්ගේ උපත සමඟ සතුට ඇති වේ; ප්‍රීතිය ඇති වේ; සියල්ලෝ ම පිනා යති. උපත ලබන කුඩා දරුවා ළදරුවා, ඒ කිසිවක් දක්නේ නැත; දන්නේ නැත. ඔහු ලෝක ධර්මතාවට පමණක් මුහුණ දී ඇත. එනම් එක් ගමනක් නවතා තවත් ගමනක් අරඹා ඇත. මිනිස්, තිරිසන් සියලු සත්ත්වයන්ට ම මෙය පොදු ය.
    අපි උපතේදී සතුටු වෙමු; විපතේදී හෙවත් මරණයේදී දුකට පත් වෙමු. සතුට ප්‍රීතිය සමග අප හමුවට ආ සත්ත්වයා, පුද්ගලයා අපට දුක උරුම කොට දී යම් මොහොතක අපටත් නොකියා, නොදන්වා අපගෙන් සමුගන්නා බව අප සිතන්නේ ද? නැත.
    අප එය කිරීමට පවා ප්‍රිය නො වේ. බිය දක්වයි. මන් ද යත්: යථා ස්වභාවයට අප බිය දක්වන හෙයිනි; එනම් අප තුළ තණ්හාව පෝෂණය කරවන හෙයිනි. ඒ පුහුදුන් සත්ත්වයාගේ ස්වභාවය යි. අප ප්‍රිය දේ අපට අහිමි වීම දුක ගෙන දේ. පි‍්‍රය දේ ලැබීමෙන් සතුට ඇති වේ.
    මෙය ලෝක ධර්මතාව යි. අප කළ යුත්තේ කුමක් ද? ප්‍රිය දේ අහිමි වීම පිළිබඳව සිහි කිරීම යි. එනම් මරණය පිළිබඳව සිහි කිරීම යි. මරණය පිළිබඳව සිහි කිරීම මරණ අනුස්සති භාවනාව යි; සතර ආරක්ෂක භාවනාවන්හි සතර වැන්න යි.
    “ඒක ධම්මෝ භික්ඛවේ, භාවිතෝ බහුලීකතෝ, ඒකත්ත නිබ්බිධාය, විරාගාය, නිරෝධාය, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය සංවත්තති. කතමෝ ඒක ධම්මෝ මරණ සති...” යන ආකාරයෙන් අංගුත්තර නිකායේදී බුදුන් වහන්සේ මරණය සිහි කිරීම බොහෝ කොට වැඩීමෙන් ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස කෙලෙසුන්ගෙන් දුරු වීම පිණිස, විශිෂ්ට ඤාණ ලැබීම පිණිස චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේ.
    එසේ වූ ධර්මය නම් මරණ සතිය යි; මරණානුස්සති භාවනාව යි. මෙසේ මරණය සිහි කිරීමේ වටිනාකම බුදුන් වහන්සේ නොයෙක් අවස්ථාවන්හි දක්වා තිබේ. මිනිසුන්ගේ ආයුෂය අල්ප ය. නැණවත් වූ පුද්ගලයා මේ පිළිබඳව සුළු කොට නොසිතයි. ඔහු හිස ගිනි ගත්තකු සේ කුසල් දහම් සම්පාදනය කරයි; මරණය හමුවේ බියට පත් නො වේ.
    මරණය සිහි කරන්නා මරණාසන්න මොහොතේ සිහි මුළාවෙන් තොර ව කටයුතු කරයි; වීර්ය වන්තයෙකු බවට පත් වේ. අප්‍රමාදි බවින් යුක්ත වේ. තව ද මරණය සිහි කරන යම් අයකු වේ ද, හේ නිතර මැරෙන බව සිහි කිරීම නිසා කුසල් දහම් සිදු කරයි; මරණය සිහි කිරීම තුළින් සිහිය පිහිටුවයි. නැවත නැවත මරණය සිහිකිරීම හේතුවෙන් සිත මනා ලෙස එකඟ වේ. ඒ තුළන් පංච නීවරණ යටපත් වේ.
    ඔහු භවයේ ඇලීම දුරු කරයි. ඒ හේතු කොටගෙන සුගතියක පුනර්භවය සිදු වේ. මෙසේ යම් අයකු මරණ සතිය නිතර වඩයි ද, ඔහු ලබාගත් ජීවිතයේ සැබෑම පලය ලබා ගන්නෙක් වේ. තමා හා තමාගේ යැ යි සලකනු ලබන සෑම ප්‍රිය වස්තූන් අහිමි වීම හමුවේ ඔහු ශෝක නො කරයි. යථා ස්වභාවය මත පදනම් ව සියලු යුතුකම් ඉටු කරයි. එහි ඇලීම බැඳීම ඔහුට නැත.
    ඔහු දුකින් මිදුණු අයකු බවට පත් වේ. ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක ඔහු අත් නො විඳී. ජීවිතයේ මරණය නම් වූ ධර්මතාව ඔහු වටහා ගනී. ඒ සඳහා සෑම සියලු දෙනාට ම ප්‍රඥාව ලැබේ නම් සියල්ලෝම පි‍්‍රයයන්ගෙන් වෙන් වීමේ දුකින් මිදුණු අය බවට පත් වනු ඇත. දිනක් භාග්‍යවතුන් වහන්සේ මරණානුස්සති භාවනාව පිළිබඳව භික්ෂූන් වහන්සේලාගෙන් විමසූ හ.
    පළමුව විමසන ලද භික්ෂූන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්නේ ය:
    “භාග්‍යවතුන් වහන්ස, මම එක් දිනක් ජීවත් වේ නම් යහපත්. එහෙත් කාලයක් නිර්වාණ ගමනය පිණිස බොහෝ කුසල් කරන ලද්දේ යැ යි සිතමි,” යනුවෙන් පිළිතුරු දී ඇත.
    දෙවැනි භික්ෂුව: “
    මම දවාලක් ජීවත් වන්නේ නම් ඉතා අගනේ ය. එහෙත් කාලයක් කුසල් කිරීමෙන් බොහෝ කුසල් කළේ යැ යි සිතමි,” යැ යි කීවේ ය.
    තෙවැනි භික්ෂුව:
    “මම අඩදිනක් ජීවත් වන්නෙම් නම් ඉතා මැනව. එම කාලය තුළ බොහෝ කුසල් කළේ යැ යි සැනසෙමි,” යි කීවේ ය.
    පසුව භික්ෂූන් වහන්සේ නමක්:
    “මට එක් බත් පිඩක් සපා ගිලින තාක් කාලයක් ජීවත් වන්නෙම් නම් ඉතා මැනවි. එම කාලය තුළ බොහෝ කුසල් කෙළ් යැ යි සැනසෙමි.” යි කීවේ ය.
    අන්‍ය භික්ෂුවක්:
    “මම යම් කාලයක් තුළ ආශ්වාස කොට, ප්‍රාශ්වාස කෙරෙම් ද, ඒ තාක් කාලයක් ජීවත් වන්නෙමි නම් ඉතා මැනවි යැයි සිතමි,” යි කීවේ ය.
    මේ අතරින් එක් පිඬක ආහාරයක් වළඳන තරම් කාලයක් ජීවිතය පැවතුණ හොත් ප්‍රමාණවත් යැ යි සිතන භික්ෂූන් වහන්සේ හා ආශ්වාස ප්‍රාශ්වාස කරන තරම් කාලයක් ජීවිතය පැවතුණ හොත් ප්‍රමාණවත් යැ යි සිතන භික්ෂූන් වහන්සේත් පමණක් නිවැරැදිව මරණානුස්සති භාවනාව වඩන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ.
    අන්‍ය භික්ෂූන් වහන්සේලා දෝෂ සහිතව ප්‍රමාදීව මරණය සිහි කරන ලද බව ද උන් වහන්සේ දේශනා කළහ. මේ අනුව මරණය පිළිබඳ කොතරම් උනන්දුවෙන් සිහි කළ යුතු දැ යි මනාව වැටහෙනු ඇත.
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    එකනේ.. මැරිච්ච මනුස්සයට බැනුම් අස්සන්නේ නැතුව පැත්තෙන් පුක දෙන්නේ නැතුව ඉදපන් පොන්නයෝ
    Mama banum assuwe nah oyane banne
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    අම්බපාලි වෛශ්‍යාවක් විමට හේතුව​

    මෙතුමිය විශාලා මහ නුවර අඹ උයනක අඹ අතු අතර ඕපපාතිකව (මාපියන් නැතිව) පහළ වූවා ය. ඇයගේ විශිෂ්ඨ රූපය නිසා සියළු රජ දරුවන්ට, සිටුවරුන්ට පාරිභෝගයට නගර සෝභනියක් ලෙස ප්‍රසිද්ධ කරන ලදි. ඈ මෙලෙස අසරණියක් වූයේ, සිඛී බුදු සසුන කාලයේ මෙතුමිය බ්‍රාහ්මණ කුලයක ඉපිද කිපුණු සිතින් රහත් මෙහෙණකට “වෛශ්‍යාවක් මෙන් අනාචාර ඇතිව බුදු සසුන දූෂණය කරන්නී ය” යැ යි ආක්‍රෝෂ කල බැවිනි. ඒ පවින් නිරා දුක් විඳින්ට ද විය. දස දහසක් ජාතියන් හී ගණිකාවක් ම වූවා ය. නපුරු වූ විෂක් අනුභව කළාක් මෙන් ඒ පාපයෙන් ගැලවී ගත නො හැකිව මේ අවසන් දිවියේදී ද ගණිකාවක්ව ම වූවා ය. පසුව බුදු සසුනේ පැවිදිව රහත්ව සම්බුදු දුවණියක් වූවා ය.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    වචන නිසියාකාරව භාවිතා නොකිරීමෙන් ඇතිවෙන භයානක විපාක​


    සමාජයේ විවිධ තරාතිරම්වල වැජඹුණු කාන්තාවෝ සිය ජිවිතය ගැන කළකිරීමට පත්ව මෙහෙණි සස්නෙහි පැවිදිව භාවනා කොට නිවන් මගට පිවිසියහ. අම්බපාලිය ද එසේ නිවන් මගට පිවිසි භික්ෂුණින් අතුරෙන් එක් රහත් තෙරණියකි. හැම සම්පතකින් ම අනූන නගරශෝභිනියක් වූ අම්බපාලි බෞද්ධ සාහිත්‍යයේ සුප්‍රකට ගණිකාවකි. ඕ තොමෝ ධනයෙන් ආඪ්‍ය වුවා ය. දඹදිව හැම ප්‍රදේශයක ම ඇගේ රූප සම්පත්තියේ ශෝභාව පැතිර ගියේ ය. බුද්ධකාලයෙහි විසාලා මහනුවර ජිවත් වූ රූපසුන්දරිය අම්බපාලි වූවා ය. පරමත්ථදීපනී නම් ථෙරීගාථා අට්ඨකථාවෙහි සඳහන් වන පරිදි ඇය ගණිකාවක් වූයේ ඉහත ආත්මයක කරන ලද අකුශල කර්මයක විපාකයක් වශයෙනි.

    මෙයින් කල්ප තිස් එකකට පමණ පෙර තිලෝගුරු’සිඛී” නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සමයෙහි උන්වහන්සේගේ ශාසනයෙහි පැවිදි වී උපසම්පදාව ලැබූ ’අම්බපාලි” නම් තෙරණිය දිනක් අනෙක් භික්ෂුණීන් වහන්සේලා ද කැටුව චෛත්‍ය වන්දනාවේ යෙදෙන අතරතුර තමාට පෙරටුව ගමන් කළ එක්තරා භික්ෂුණියක හදිසියේ කිවිසීම නිසා කෙළ පිඬක් චෛත්‍ය අංගනයෙහි වැටෙනු දැක කෝපයට පැමිණ ඇයට දොස් පැවරුවා ය. එම භික්ෂුණිය අතින් ඉබේ සිදු වූ වරද සුළු කොට නොතකා කවර ගණිකාවක් විසින් සෑ මළුවට කෙළ ගසා අපිරිසුදු කරන ලද්දේ දැයි අසමින් ඇයට පරිභව කළා ය. නින්දිත වචනයෙන් අවමන් කළා ය. එදා කරන ලද එම අකුශල කර්මය හේතු කොටගෙන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වී බුද්ධත්වය ලබන තුරු කල්ප ගණනක් මුළුල්ලෙහි සංසාරයේ උපන් බොහෝ ආත්ම භවයන් හි දී ගණිකාවක ලෙසින් ජිවිතය ගත කිරීමට ඇයට සිදු විය.

    එපමණක් නොව සිඛී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි භික්ෂුණියක් ව සිටි අම්බපාලිය මව්කුස පිළිසිඳ ගැනීමට ද පිළිකුල් කළ නිසා එහි විපාක වශයෙන් ඇගේ අන්තිම ආත්මභාවය රජතුමාගේ උද්‍යානයේ දී අඹගසක් මුල ඕපපාතික ලෙස සිදු විය. එහෙයින් ඇය අම්බපාලි නමින් ප්‍රකට වූවා ය. අතිශයින් රූමත් වූ ශරීරයක් ඇතිව අඹගසක් මුල උපන් අම්බපාලිය උයන්පල්ලා විසින් නගරයට ගෙන එන ලදී. ඇගේ අතිශය ප්‍රියමනාප රූපසෞන්දර්ය දුටු එනුවර රාජකුමාරවරු ඇය විවාහ කර ගැනීමේ බලවත් කැමැත්තෙන් පසු වූහ. දුටුවන් නෙත් සිත් ඇද ගන්නා ඇගේ මනා රූ සපුවෙන් ඔවුහු මන්මත් ව ඇය තමන් සතු කර ගැනීම සඳහා එකිනෙකා කෝලාහල කළහ. අවසානයේ දී රාජකුමාරවරු සියලු දෙනාගේ ම සිත් සන්තෝෂ කිරීම සඳහා ඔවුන්ගේ පොදු පරිභෝගය සඳහා ගණිකාවක ලෙස ජිවිතය ගතකිරීමට ඇයට සිදු විය. මේ නිසා අම්බපාලි බුද්ධකාලයේ උතුරු දඹදිව වීසු රූමත් අභිසාරිකාවක් ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකට වූවා ය.

    දිනක් වෙසාලි නගරය මැදින් මහසඟන පිරිවරා වඩිනා බුදුන් වහන්සේ හමු වූ අම්බපාලි උන්වහන්සේට දන් පිළිගන්වා ඉන්පසු බණ අසා පැහැදී ඇයට අයත් අඹ උයන පුජා කළ බව ද සඳහන්ව ඇත. එහි දී උන්වහන්සේ’ කායගතාසතිය” පිළිබඳව අම්බපාලි ඇතුළු පිරිසට දහම් දෙසුහ. මෙලොව උපන් සෑම සත්ත්වයකුට ම ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය උරුම ය. තරුණ වියෙහි පවත්නා රූප සෞන්දර්ය සැමදා එලෙසින් ම නො පවති. මහලු වියට පැමිණෙන විට ක්‍රමයෙන් ජරා දුර්වල තත්ත්වයට පත් වේ. හම රැළි ගැසෙයි. කෙස් සුදු වී ගැලවෙයි. දත් දිරා ගොස් වැටී යයි. ඇස් නොපෙනී යයි. සිරුර කුදු වෙයි. අත්පා අවසඟ වෙයි. ඉන්ද්‍රිය විකලත්වයට පැමිණේ. මෙම අනිත්‍යතා ධර්මය මුළු මහත් විශ්වයට ම එකසේ සාධාරණ ය. අන්ධ බාල පුහුදුන් අය විසින් මගේ යැයි සිතාගන්නා මෙම ශරීරය පෙණ බුබුලක් මෙන් වැඩි කල් නො පවති. එහෙයින් ම අස්ථීර ය. අසුභ ය. අසාර ය.

    මේ සිරුර සෑදී තිබෙන්නේ මුතුමැණික් ආදී වටිනා දේවලින් නො වේ. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිඳුලු, වකුගඩු, හෘදය, අක්මාව, පපුමස, බඩවැල්, සෙම, පිත, ලේ, සැරව, කඳුළු, දහඩිය, කෙළ, සොටු, මළ, මුත්‍ර ආදී කුණප කොටස් තිස්දෙකකිනි. ඒ සෑම කොටසක් ම පිළිකුල් සහගත ය. දුර්ගන්ධ ය. දකින්නවුන්ට අප්‍රිය ය. නව දොරටුවකින් නිතර ම අපවිත්‍ර දෑ වැගිරේ. එක් දිනක් නොනෑවොත් සිරුරෙන් දුගඳ වහනය වේ. මේ කය නානාප්‍රකාර පණුවන්ට ආකරයක් වැනි ය. එහෙත් යථාභූත ඥානය නොමැති අන්ධබාල පුහුදුන් සත්ත්වයෝ මෙවැනි පිළිකුල් සහගත වූ කය පිළිබඳව ඇලෙති. ගැලෙති. ආශා කරති. මම ය මාගේ යැ‘යි ශුභ වශයෙන් හා නිත්‍ය වශයෙන් කල්පනා කෙරෙති.

    එම සිතුවිල්ල මුළාවක් බවත්, සක්කායදිට්ඨීය සත්ත්වයා සසරට බැඳ තබන සංයෝජන ධර්මයක් බවත් බුදුහු පැහැදිලි කළහ. යමෙක් මේ දෙතිස් කුණපයන් හි නිමිති අරමුණු කරන සිහිය හෙවත්’කායගතාසතිය” නිතර මැනවින් පුරුදු පුහුණු කරන්නේ නම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, යන පංචස්කන්ධය පිළිබඳව ආශාව දුරු කොට විදර්ශනා ප්‍රඥාවෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කොට නිවන් සුව පසක් කරගනී. මෙම කායගතාසති භාවනාව නියම ආකාරයට පුරුදු පුහුණු කරන කෙනෙකුට සිරුර පිළිබඳව කළකිරීම ඇති වේ. ඉන්පසු සසර ගැන කලකිරීමෙන් රාගාදී කෙලෙස්වලින් ඔහුගේ සිත මිදෙයි. එම විරාගය ඇතිවීම සඳහා කායගතාසතිය වැඩීම නිවන් මගට පිවිසීමකි. බුදුරජාණන් වහන්සේගේ මෙම දම් දෙසුම ඇසීමෙන් ජිවිතය ගැන කළකිරී සිටි අම්බපාලිගේ නුවණැස පෑදුණි. පසුව තමාගේ පුතු වූ විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගෙන් දහම් අසා විමුක්තිය ලබනු පිණිස භික්ෂුණි සමාජයෙහි පැවිදි වූවාය. පැවිදි විමෙන් අනතුරුව විවේකයෙන් පසු වූ අම්බපාලි තෙරණිය සම්බුදු වදන් මෙනෙහි කොට කායගතාසතිය අනුව සිය සිරුරෙහි එක් එක් කොටස් අනිත්‍යතාවට පත්වන අයුරු සිහි කරන්නට වුවාය.

    ඇයගේ සිතේ හටගත් අදහස් නොසඟවා කාව්‍ය රසයෙන් පරිපූර්ණව ධ්‍රැවපද භාවිත කරමින් ධර්ම රසයත් , කාව්‍ය රසයත් දෙක ම කැටි කොට ගෙන අම්බපාලි ථෙරීගාථාවන්හි රචනා කොට ඇති අයුරු දැකිය හැකි ය. ධ්‍රැවපද භාවිතය භාවගීතයන්හි ප්‍රධාන ලක්ෂණයකි. කාලකාභමරවණ්ණසාදිසා - වෙල්ලිතග්ගා මම මුද්ධජා අහු තෙ ජරාය සාණවාකසාදිසා -සව්චවාදිවවනං අනඤ්ඤථා

    තුරුණු වියෙහි දී මගේ කේශකලාපය බමරුන්ගේ පැහැය බඳු කාල වර්ණයෙන් යුක්ත විය. උඩට නැමුණු අග ඇති අක් බමරු මෙන් විය. එහෙත් දැන් ඒ කෙස් ජරාව හේතුකොටගෙන වැහැරී ගිය හණ නුල් ගොඩක් මෙන් සුදු පැහැ වී ඇත.

    සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේගේ වචනය වෙනස් නො වේ. මෙය අම්බපාලි තෙරණියගේ කාව්‍යමය කියමනකි. එකිනෙක මැඩ ගැනෙන්නට වෑයම් කරන රසවත් කියුම් දෙකක් මෙහි ඇත. එහෙත් මෙහි ලා සැලකිය යුත්තේ ඒ කියුම් දෙක ම නො වේ. ඒ කියුම් දෙක එකට කැටි කොට කළ රචනයෙන් තෙරණිය අදහස් කළ අනිත්‍ය ප්‍රතිසංයුක්ත හැඟීම යි. තරුණ කාන්තාවකගේ සුන්දර කෙස් කළඹ අප නිතර දකින්නක් .මහලු ස්ත්‍රියකගේ දිරීමෙන් සුදුවුණු කෙස් වැටිය ද අපට දකින්නට ලැබෙන්නේ කලාතුරකින් නො වේ. අම්බපාලි තෙරණිය ඒ සත්‍ය කරුණු දෙක අපට හඳුන්වා දී ඇත්තේ දක්ෂ කවියෙකු ලෙසිනි. ඇය තම වර්ණ ය සඳහා යොදා ගත් උපමා අලුත් ය. ඇතැම් වචන ව්‍යංග්‍යාර්ථ ගෙන දෙයි.

    කළු වකුටු කෙස් වැටියෙන් වැසුණු සුන්දර හිසක් ඇති තරුණ ලඳකගේ රූ සපුව දකින්නකුට ආස්වාදයක් ලැබේ. එහෙත් හණ කෙඳී සේ දිරා ගිය සුදු පැහැති කෙස් වැටිය දකින්නකුගේ සිතට ඇතිවන්නේ ශෝකාකුල හැඟීමකි, නො එසේනම් පිළිකුලකි. එහෙත් කායගතාසතිය වැඩූ අම්බපාලි තෙරණියගේ සිත තුළ ඇති වූයේ එවැනි හැඟීම් නො වේ. කලු බමර වැනි තම කෙස් වැටිය නිසා වරක් ඈ ලෑබූ රසයට වැඩි රසයක් හණ කෙඳී වැනි කෙස් වැටිය නිසා ඇය විඳීයි. ඒ හැඟීමත්, රසයත් අප ලවා ආස්වාදය කරවීමට ඒ තෙරණිය වෑයම් කරයි. මෙලොව සුන්දර දේ අපගේ හැඟීමට ගොදුරු කර ඇත්තේ එයින් ලබන රසය ඉක්මවන රසයක් විඳීන්නට සලස්වමිනි.

    පසිඳුරන් පිනවීම උසස් කොට සලකන්නකුට එය රුචි නොවිය හැකි ය. එහෙත් සිත එකඟ කොට ථෙරී ගාථා කියවන්නකුට එයින් මහත් රසාස්වාදයක් ලැබිය හැකි ය. අම්බපාලි තෙරණිය සිය සිරුරෙහි හිස කේශකලාපය, දෑස්, බැම, නැහැය, දෙකන්, දත්, කටහඬ, බෙල්ල, දෙබාහුව, දෑත, පියවුරු, කය, දෙකලවා, කෙණ්ඩා, දෙපා යන එක් එක් අවයවයන් වෙන වෙන ම ගෙන ඒවායෙහි පෙර තත්ත්වය දැන් තත්ත්වය වෙනස් වී ඇති අයුරු පවසමින් අනිත්‍යය, අසුභය අප ඉදිරියෙහි මැවී යන පරිදි කාව්‍ය රසයෙන් අනූනව ගාථාවන් 19ක් දක්වා ඇත. මෙසේ අම්බපාලි තෙරණිය සිය කයෙහි ඒ ඒ අවයවයන්ගේ පෙර තත්ත්වය හා දැන් තත්ත්වය සන්සන්දනය කර බලමින් ඒවායේ අනිත්‍ය බව, අසාර බව, අසුභ බව මෙනෙහි කොට ඒ අනුසාරයෙන් සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂ කොට ගෙන විදසුන් වඩා සියලු කෙලෙසුන්ගෙන් මිදී රහත් වූවා ය. ඔබ සැමට ද මෙම සත්‍ය දහම මනාව අවබෝධ කොට නිවන් සුව අත්වේවා.
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    967
    1,155
    93
    හරි විනෝදයි හුත්තෝ. දෙන්නෙක් ඇර ගන්නවා. එකෙක් ඒක බේරන්න වලියට මැද්දෙන් ඒකට හරියන බණ දානවා. මරු හැබැයි.