ඔබත් මහින්ද රාජපක්ෂගේ වහලෙක්ද?
ඔබත් මැදමුලනෙ වලව් වහලෙක්ද..??? ඔබටත් නිදහස් චින්තකයෙක් වෙන්න ඕනැද..??? මෙන්න මග..
පියවර 1..
2005 වසරේ මහින්ද රාජපක්ෂ බලයට එන විට රටේ ණය බර ආර්ථිකයෙන් 96%ක්ද.. රටේ සමස්ථ ආර්ථිකය ඩොලර් බිලියන 20ක එක තැන පල් වෙමින්ද.. මළ කඳන් ගොඩ ගැහෙන නිමක් නැති දරුණු යුද්ධයක්ද.. බුද්ධි අංශ අබ්බගාත කල පිට කොඳු සිඳුනු හමුදාවක්ද.. ත්‍රස්ත ප්‍රහාර බිය, රක්ෂණ අධිභාර නිසා නැව් ගුවන් යානා ඒමට බිය වූ කෙඩෑරි වූ වරාය ගුවන් තොටුපලද.. රටේ ඉල්ලුමට විදුලිය දීමට නොහැකි විදුලිබල මණ්ඩලයක්ද.. වාරිමාර්ග වූ මහාමාර්ග පද්ධතියක්ද.. පාළු වී වේලෙන සංචාරක කර්මාන්තයක්ද.. මැරයන්ගෙන් කිතුල් පොළු පහර කකා රැකියා ඉල්ලන උපාධිධාරීන්ද.. කනේරු ඇටය සහ වහ කුප්පිය තම උරුමය කර ගත් ගොවි මහතුන්ද.. ත්රස්තවාදීන් කැබලි කල දරුවන් දෑත්මත තබා අවසිහියෙන් දිව යන දෙමාපියන්ද ඇතුළු විශාලාවක් බවට මේ රට පත් වී තිබුනු බව, එය මේ රටේ උරුමය වී තිබූ බව ”’..මුළුමනින්ම..”’ අමතක කරන්න..
පියවර 2..
ඉන් පසු 2015 දී ලංකාවේ පැවති දූශිතම මිලේච්ඡම ඒකාධිපතිම ආණ්ඩුව ලෙස පරදවා මහින්ද රාජපක්ෂව මැදමුලනට පන්නා සාඩම්බරව කිරිබත් කෑවේ.. රටේ ආර්ථිකය ඩොලර් බිලියන 20 සිට 80 දක්වා හතර ගුණයකින් වර්ධනය කරමින්ද.. ණය බර ආර්ථිකයෙන් 96% සිට 70% දක්වා අඩු කරමින්ද.. යුද්ධය නිමා කොට ලංකාව නැවත වර්ග කිලෝමීටර් 65,610 දක්වා විශාල කොට, වාර්ශිකව මිය යන්නට නියමිතව සිටි දෙතුන්දහසකගේ පමණ දිවි ගලවා, රටේ ආර්ථිකයෙන් විශාලම පංගුව වැය කර එකිනෙකා මරාගත් යුද්ධය නිමා කොට, උතුරට වසන්තයත් නැගෙනහිරට නවෝදයත් උදා කරමින්ද.. රටේ සාතිශ්‍ය බහුතරයක් කිසිදා නොදුටු අධිවේගී මාර්ග මවමින්ද.. A ශ්‍රේණියේ මාර්ග 90%ක්ද B ශ්‍රේණියේ මාර්ග 80%ක් ද නවීකරණය කරමින්ද.. ජල හිඟයෙන් පීඩා විඳි ජනතාවගේ හිතසුව පිණිස මහා වේලි දුසිමකට වඩා බන්දා වැව් අමුණු දහස් ගණනක් වැඩි දියුණු කොට ඓතිහාසිකව වාර්ථාගත වූ අස්වනු නෙලමින්ද.. රටම එකම වැඩ බිමක්කොට දේශයට නවීනත්වය කැන්දමින්ද.. රටේ අනාගතය බඳු වූ වරාය ගුවන් තොටුපල ආර්ථික කලාප නව නගර සදහා අඩිතාලම දමමින්ද.. කොළඹ ලෝකයේ කැපී පෙනෙන නගරයක් බවට පරිවර්තනය කිරීමේ පළමු පියවර තබමින්ද.. රටට ඇති තරම් විදුලිය නිපදවන්න අවශ්‍ය බලාගාර ගොඩ නගමින්ද.. සියළු රැකියා නැති උපාධිධාරීන්ට ගුටි නොඇන කෙසේ හෝ රැකියාවක් දෙමින්ද.. ලක්ෂ 1.5 ක් වූ වසරකට ආ සංචාරකයන් ප්‍රමාණය මිලියන 1.5 ක් දක්වා ඉහළ දමමින්ද.. රටත් ජාතියත් ඉහළට ඔසවා තැබූ ඓතිහාසික දශකය බව ”’..මුළුමනින්ම..”’ අමතක කරන්න…
පියවර 3..
ඒ සෝ කෝල් ‘අඳුරු දශකයේ’ එවැනි ආර්ථික පිම්මක් පනින්නේ තිස්වසරක ඉතිහාසයේ ප්‍රථම ෆුල් ස්කේල් ජයග්‍රාහී යුද්ධයක් කරමින්ද.. යුද්ධයෙන් හානි වූ සියළු දේ යලි ගොඩ නගමින්ද.. මෑත ඉතිහාසයේ වාර්ථා වූ දරුණුම ලෝක ආර්ථික අර්බූදයට මුහුණ දෙමින්ද.. බටහිරින් එල්ල වූ බාධක මඩිමින්ද.. මෑත ඉතිහාසයේ වාර්ථා වූ ඉහළම තෙල් මිලට මුහුණ දෙමින්ද.. කියන මහා බාධක මැද බව ””..තරයේ..”” අමතකම කරන්න..
අවසන් පියවර..
(දැන් ඔබ නිදහස් චින්තකයෙක් වෙන්න මූලික බිම් සැකසීම අවසන්.. දැන් පහත ආකාරයට හැකිතාක් හැසිරෙන්න.. ඒ සඳහා දැනටම එක්සිස්ට් නිදහස් චින්තකයන් ඔබට පැන පැන සපෝට් කරාවි..)
ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වැනි විදේශ චරිත සඳහා ගරු බුහුමන් පුද සත්කාර කරන ගමන් මහින්ද රාජපක්ෂ යනු මෝඩ කෂඩ මෙලෝ රහක් නැති ඒකාධිපති පල් හොරෙක් ලෙස දකින්න පුරුදු වෙන්න..
ඒ වගේම රාජපක්ෂවරු යුද්දෙ පටං ගත්තෙ හොරා කෑමටයැ.. පාරවල් හැදුවෙ රටපුරා තමන්ගෙ ඉඩම් වලට යෑමටයැ.. තෙල් මිල අවුලක් නැතුව තියෙද්දි හෙජින් ගැහුවෙ හොරා කෑමටයැ වගේ ‘ටෙක්නිකලි’ හිතන්න පුරුදු වෙන්න..
තාජුදීන් හැප්පුනේ කරටි කැඩෙන්න ගසලා ගිහින් හැප්පිලා නෙවේයැ.. ලසන්තට දුන්නෙ ෆොන්සේකට හොරෙන්යැ.. එක්නැලිගොඩ අහිංසක පට්ට මාධ්යවේදියෙක්යැ තදින් සිතන්න පුරුදු වෙන්න..
යහපාලනයේ මහ බැංකු ප්‍රහාරය ගැන පෝස්ට් දැක්කම නොදැක්කා සේ සිට පරණ රාජතාන්ත්‍රික බිලක් දුටු විට මිනිබාර් එකේ තිබුනු දේ පවා සොයා බලා කෙස් පලන්න.. හොරුන් ඇර අනිත් අය රාජතාන්ත්‍රික සංචාරවල යෙදෙන විට සයිවර් කඩයකින් කා සාමාන්‍ය හෝටලයක ඉන්නා ආකාරය හිතින් මවන් හොරුන්ට සාප කරන්න..
මහ බැංකු වංචාවට අගමැතිතුමාගේ ජනපතිතුමාගේ නම ගෑවී ඇති බවට තහවුරු වෙනතෙක් ඔවුන් නිර්දෝශී බව පිලිගන්න.. උසාවියෙන් නඩු අසා නිදහස් කරත් හෙල්පින් හම්බන්තොට හොරා, මිග් හොරා, ඇවන්ගාඩ් හොරා වැනි නම්බුනාම අත් නොහැර දිගටම පරිහරණය කරන්න..
ලංකාවේ ඔප්පුවක් ඇති ඉඩමක අයිතිකාරයෙකු සොයා ගත නොහැකි පොලිසි ඇති බව පිළිගන්න.. එසේ අයිතිකාරයෙකු සොයා ගත නොහැකි සියල්ල රාජපක්ෂලාගේ බව පිළිගන්න.. පතුරවන්න.. එසේ තමන්ගේ නොවන දේපලකට නම ඈඳ ගැනීමට ඔවුන් හිරේ පවා ගොස් යහපාලනය සමඟ ඩීල් දැමූ බව කියන්න.. ඩීල් ඇති බවට ඔබට ඇති සාධක මොනවා දැයි කිසිවෙකු ඔබෙන් අසන්නේ නැත.. බිය නොවන්න..
රාජපක්ෂවරුන් රටට කල කී දෑ දැනටම අමතක කර ඇති නිසාත්.. ආගම් වැනි විද්‍යාත්මකව ඔප්පු කල නොහැකි කෙහෙල්මල්වලින් නිදහස් නිසා කලෙහිගුණ වැනි විකාර අදාල නැත.. රාජපක්ෂලාට මැරෙන්න පෙර හිරේ ගොස් දස වද විදවන්නට අවශ්‍ය චෝදනා නැති නම් ඒවා මවන්නට උතුම් යහපාලකයන්ට උදව් කරන්න..
පදනමක් තිබුනත් නැතත් අතට හසුවෙන ඕනෑම එකකින් මේ රටට ලොකුම නපුරුකම් අවැඩ කල ඔවුන්ට පහර දෙන්න..
රටපුරා ඔවුන් ඉදි කල සියළුම ඉදිකිරීම්වල අඩුපාඩුවක් සොයා ඒ තුලින් පහර දෙන්න.. කිසිවක් සොයා ගත නොහැකි නම් ඒවායේ උරුමය වෙන අයට පවරන්න.. ඒත් බැරි නම් ඒ ගැන කථා නොකර සිටින්න.. හම්බන්තොට ගල උමාඔය හිල ෂැංග්‍රීලා අක්කර 6 වැනි ඒවායින් හැකිතාක් පහර දෙන්න..
කොටින්ම රාජපක්ෂලා රට කෑවා මිස හූණු බිජ්ජක දෙයක් නොකල බව හැගවෙන්න කථා කරන්න..
මේ සිරිත්.. සොරි.. සිරිත් විරිත් තියෙන්නෙ කෂඩ බයියන්ට නෙවැ.. මේ ප්‍රොසීඩියර් ප්‍රොටොකෝල් ෆොලෝ කරලා ඔබටත් පුළුවන් වහල්භාවයෙන් ගැලවිලා ලිබරල් උගත් බුද්ධිමත්තු.. මාක්ස්වාදී සහෝදරවරු වගේ නිදහස් චින්තකයන් අතරට යන්න.. එයාලගෙ සමාජෙ පොරක් වෙන්න..
ඔන්න ක්‍රමේ කිව්වා.. සුබ පැතුම් එහෙනම්..