ඔබත් මේ වගේ ප්‍රේම රාජයෙක්ද????

sha34

Well-known member
  • Apr 11, 2015
    1,145
    885
    113
    ඔබත් මේ වගේ ප්‍රේම රාජයෙක්ද????

    🙍🤵පෙම්වතා හරි හැටි හදුනා ගනිමු! ❤
    ==================================
    මේක කොල්ලන්ට කෙල්ලන්ට දෙපාර්ශවයටම වැදගත් කතාවක්. #Gentleman කෙනෙක් වෙනවනම් මෙහෙම කොල්ලෙක් වෙන්න එපා. හොද කොල්ලෙක් හොයනවනම් මෙහෙම උන්ට අහුවෙන්න එපා ✋ සමහර වෙලාවට ඔයා තුල මේ කියන ගති ලක්ෂන අඩු වැඩි වශයෙන් තියෙන්න පුලුවන්. හිතලා බලලා තමන්ගෙ ස්ක්‍රිප්ට් එක එඩිට් කරගන්න. හරි පටන් ගමු.

    ◾වනචර පෙම්වතා 😁

    මේ ඉන්නෙ සමාජයේ බහුලතම කැටගරි එකක්. මුංගෙ ට්‍රයි එක හොද පෙනුම තියන ඇග පත තියන කෙල්ලෙක් කොහොම හරි දැලේ දාගෙන සැපක් ගන්න එක. මුං හොද පෙනුම තියන කඩවසම් චරිත. රස්සාවක් නම් නෑ කියමු. ගොඩක් වෙලාවට යැපෙන්නෙත් කෙල්ලගෙන් හරි ගෙදරින්ම තමයි. එක්කො තමන්ගෙම අක්කගෙ නංගිගෙ පොකට් එකට විදිනවා. සරළවම සල්ලාල හිපි චරිත මුං. කරන්න තියන පාහර බලු වැඩ සේරම කරනවා. බඩු ගහනවා. ඇන්ටිලා ගහනවා. KG ගහනවා, සිගරට් බොනවා, අරක්කු බොනවා, වලි දාගන්නවා. ඒත් ඒ හැම වැරැද්දක්ම කොහොමහරි ශේප් කරගන්නවා. කතාවට දක්ෂ නිසා සහ පෙනුම නිසා. මුංට සමාජෙ යාලුවො එහෙමත් ටිකක් ඉන්නවා. විනෝදෙන් කාලා බිලා ඉන්න නිසා අනුන්ගෙ සල්ලි වලින් හරි. ඉතිං මේ වනචර පෙම්වතා හදුනාගන්නෙ මෙහෙමයි. බස් එකේ හරි කෝච්චියෙ හරි හම්බ වෙලා දත දාලා උඹව අල්ලගන්නවා. මුල් දවසෙම කොහොමහරි පස්සෙන් ඇවිත් නම්බරේ දී ගන්නවා. ගොඩක් දුරට සැරෙන් දෙසරෙන් මුං කෙල්ලෙක් දැලේ දාගන්නවා. මෙහෙම කරලා ඊලඟ දවසෙම බස් එක ඇතුලෙ තොලක් දාලා තමයි වැඩේට බහින්නෙ. කෙල්ලත් බෑ කියන්නෙ නෑ කොල්ල ලස්සන නිසා සහ ආදරේ නිසා. පෙම් මුල්ල සයනයක් වෙන්න වැඩි වෙලා යන්නෙ නෑ. අනිත් මිනිස්සු ඉන්නවද මලාද නොබලා විලි ලැජ්ජාව නැතුව බස් එකේ සමාජය ඉස්සරහා අශෝභන ලෙස හැසිරෙනවා. දෙවෙනි දවසෙ කෙලින්ම කතා කරයි නංගි මට ඔයා එක්ක ටිකක් නිදහසේ කතා කරන්න ඕනෙ අපි කොහේහරි යමුද කියලා. අන්න බලපං කෙලින්ම උඹව අදින්නෙ රූම්. ඒකත් රුපියල් 800/=විතර වෙන බඩු බස්සන ලොජ් එකක්. අන්තිමේ උඹේ මොලේ පැලෝපීය නාලෙන් පහල වුණොත් සේරම හබක්. ජපන් කොඩිය ඇදේ තියලා අඩ අඩ ගෙදර යන්න තමයි වෙන්නෙ. මේ වගේ සල්ලාල සක්කිලින්ට අහුවෙන්න එපා. ඒවගේ උන් අදුරගන්න හොද ඉවක් කෙල්ලෙක්ට තියෙන්න ඕනෙ. ආදරය කරන නියම කොල්ලා කවදාවත් උඹව සමාජෙ බඩුවක් කරන්නෙ නෑ. පාක් එකකට මිසක් රූම් එකකට එකසැරේ අදින්නෙ නෑ. ඌ එක්ක රූම් යන්න එපා කියන්වා නෙවෙයි. රූම් ගියත් ඒකෙ සීමාව දන්නවා හරි පිරිමියා. මම හිතන්නෙ නියම ආදරවන්තයට උඹව ඉඹිනවා හැර උඹ එක්ක නිදිවදින්න උවමනාවක් වෙන්නෙ නෑ. නියම දවස එනකම්. යම් යම් දේ වෙයි. සීමාව දැනන්. සීමාව පනින්න එනවනම් ඒකට අහුවෙලා ජීවිතේ නැතිනාස්ති කරගන්න එපා. සරළව ඩිමාන්ඩ් වෙන්න. හැමදේම දෙන්න එපා. කොල්ලන්ට අගයක් නෑ. ලව් කරන කාලෙ සීමාව දැනන් උපරිම දේවල් කරලා. බැදලා කරන්නත් දෙයක් තියාගනින්. ම්නිස්සු ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුලුවන්. රිස්ක් එකක් ගන්න එපා. ✋
    මේ වගේ එකෙක් සෙට් වුණොත් කොච්චර හැන්ඩ්සම් එකෙක් වුණත් ගානකට ගන්න එපා. පණ බේරගෙන දුවපං. 🤣🤣

    ◾ දත් කාරයො

    මෙන්න ඊලඟ සෙට් එක. කඩවසම් බව ප්‍රයෝජනයට අරං ගෑනුන්ගෙන් ගලවන්න තමයි මුං ට්‍රයි කරන්නෙ. අධ්‍යාපන මට්ටම බොහෝ විට අඩුයි. ඒත් පෙනුමයි. ඕන එකක් දාගන්න මට්ටමේ පෙනුමක් තියනවා. අන්දලා ගත්තම ශාරුක් ඛාන් වගේ. අනේ රිතික් කැලේ.. මුං ගොඩක් ට්‍රයි කරන්නෙ සල්ලි තියන පවුල් වල කෙල්ලො. ලෝකෙ ගැන තේරුමක් නැති පොඩි කෙල්ලෙක්ව කොහොම හරි දැලේ දාන් යාලු කරන් අන්තිමේ ලමෙක් හදන් ගෙදරට ඇවිත් මාමන්ඩිගෙ දේපල ව්‍යාපාර වලින් සැප ගන්න එක තමයි අරමුන. ඉදලා හිටලා වනචර පෙම්වතාගෙ චරිතයටත් මෙයාලා පණ පොවනවා. රට ඉන්න කසාද අවුල් ගිය ගෑනු. මිනිස්සු හරියට නැති සල්ලිකාර ගෑනු ගැන ඇහැ ගහන් ඉදලා උන්ගෙ දත පන්නන්නෙ කම් සැප ලබා දීලා. ඉතිං ලස්සන කඩවසම් පිරිම් පහසට යටවෙන මෝඩ ගෑනු සමහර විට මිනිහා රට ඉදන් දුක් මහන්සියෙන් එවන සල්ලි ටික අර කොහේවත් ඉන්න හිගන නාම්බෙක්ට පුදලා නැත්තට නැති වෙනවා. අන්තිමේ පවුල් ජීවිතේ පවා අවුල් වෙනවා. මේ වගේ පෙම්වතෙක් ඉන්නවනම් බලන්න ඌ රස්සාවක් නොකර, හේතුවක් නැතුව අරක ගන්න මේක ගන්න සල්ලි ඉල්ලනවනම්, උඹේ පඩියට විදිනව නම්. ආසාවටවත් උඹට පොඩි තෑග්ගක් අරන් නොදෙන ඒත් උඹෙන් තෑගි ගන්නවනම්, උගේ අන්ඩ වෙයා එක ඉදන් අරගන්නෙ උඹෙන් නම් අන්න ඌ නියම දත් කාරයෙක්. දන්නෙම නැතුව උඹේ පතිවතටත් විදලයි උන් උඹේ ලෝකෙන් මාරු වෙන්නෙ. ඒ නිසා පරිස්සමෙන්.

    ◾ අරමුණක් නැති කාලකන්නි

    සමහර පිරිමි ඉන්නවා ජීවිතේට රස්සවක් කරන්න කැමති නෑ. කන්නෙ යැපෙන්නෙ ගෙවල් වලින්, යාලුවන්ගෙන්, එක්කො කාටහරි ගින්දරක් දීලා රවට්ටලා. මුං බිස්නස් එකක් කරන්න පවා අකැමතියි. බලන්නෙම නිකං ඉන්න. කෙල්ල කොච්චර කිව්වත් රස්සාවක් කරන්න මහත්තයො කියලා ගානක් නෑ. ඌට ඕනෙ හැමදාම උඹ එක්ක රවුම් ගහන්න, රූම් යන්න, මල් කඩන්න විතරයි. කසාද බැදලා ඉන්නෙ කොහෙද? කන්නෙ බොන්නෙ කොහොමද කියලා ගානක්වත් නෑ. ඔහේ අහිගුණ්ඨිකයකු වගේ ජීවිතේ ගෙවනවා. පෙනුමයි. ලස්සනයි. ඒත් ඒ දෙක කන්නද බැදලා ලමයි දෙනේක් තුන්දෙනෙක් හැදුවම උඹටයි දරුවන්ටයි කන්න දෙන්නෙ උගේ අහවල් එක තම්බලාද? ඔය වගෙ උන් තමයි අවසානෙ ගෑනි රට පටවන්නෙ. ඒ නිසා ඒ වගේ අරමුණක් නැති එකෙක් නම් කෙලින්ම බූට් එක තියපං. අරයා මෙයා නෙවෙයි #Gentleman කියන්නෙ. ☝️

    ◾කොච්චර කලත් වටිනාකමක් දෙන්නෙ නැති පෙම්වතා..

    මේ අනිත් කාලකන්නි හැත්ත. මුං වෙනුවෙන් අනන්ත කැප කිරීම් කරන කෙල්ලො ඉන්නවා. ඒත් උන්ට ලොකු උගේ රස්තියාදුකාර බේබදු යාලුවො රැල. මහ රෑ තිස්සෙ රස්තියාදු ගහලා වලි දාන් ගුටි කාලා ඇවිත් අන්ත්මේ පොලීසියට ගිහින් ඇප දෙන්න වෙන්නෙ කෙල්ලට හරි අම්මට හරි. කවුරුත් කියන දෙයක් මුං කනකට ගන්නෙ නෑ. අනාගතයක් ගැන හිතන්නෙ නෑ. නිතර බනින්න රන්ඩු කරන්න හේතු නැතුව හරි දක්ශයි. මොනාහරි දෙයක් වුණාම ගන්නෙම අසාධාරණ පැත්ත. මෙහෙම උන්ට ලව් කරන කාලෙ ඉවසන් ඉදලා කරාම අන්තිමේ ප්‍රශ්ණ එන්නෙ බැදපු කාලෙක. විශේෂයෙන් මුං එක්ක ඉන්න වෙන්නෙ උන්ගෙම හැත්තක් එක්ක. තමන්ටම කියලා ගෙයක් දොරක් නිදහසක් නෑ. පවුලෙ 7-8 එක්ක තමයි හැමදාම ජීවිතේ ගෙවන්න වෙන්නෙ. හැරුනොත් අක්කට වැරදියි, ඇන්දොත් අම්මට වැරදියි. එතනින් එහා ඉතිං කතා කරලා වැඩක් නෑ. කිසිම දවසක වෙනම ජීවත් වෙන්න අකැමතියි කියන පිරිමියෙක් එක්ක යන්න එපා. ජීවිතේ සැප නෑ. දුක විතරයි. හැබැයි පවුලෙ එකානම්, ඉන්නෙ අම්මා, අප්පා විතරනම් චාන්ස් එකක් දෙමු. ❤ ඒ මිනිස්සු අසරන වෙනවනෙ නැත්තම්. මේ මොනා වුණත් ප්‍රශ්ණ වෙන්න පුලුවන්. රිස්ක් තමයි. හොදම දේ කුලියට හරි වෙනම ඉන්න එක තමයි. පුලුවන් ඉක්මනට තමන්ගෙම පැලක් අටවන එක තමයි.☝️

    ◾ වංචාකාරයා

    මේ විවාහකයන්, එක්කො ඩිවෝස් වුණ උන්. එහෙම නැත්තම් මං වගෙ එක් දරු පියානෝ 🎹 ලා. ඒත් සමාජෙට පේන්න හැසිරෙන්නෙ තනිකඩ මල් කැකුලු වගේ. ෆේස්බුක් එකෙ වැලපෙනවා කෙල්ලෙක් නෑ කියලා. ඈත පිටිසර පාලු ගමක මුං වෙනුවෙන් ගෑණියෙක් ඉන්නවා. ඒත් කොළඹට ඇවිත් බෝඩිං වෙලා හවසට රස්තියාදු ගහනවා කෙල්ලො හොයං. කිසි වෙලාවක ඇත්ත කියන්නෙ නෑ කසාද බදිම මට්ටමට ගෑණු රවට්ටනවා. සමහර වෙලාවට ගෑනු 7-8 රවටලා. මුං අල්ලන්නත් ලේසියි. මේ වගේ උන් සෙනසුරාදා ඉරිදා හෝ පෝය දවස් වල ගමේ යනවා. එක සැරේ අතුරුදහන් වෙන්න පුලුවන්. ෆෝන් වැඩ නෑ. මෙන්න මේ වගේ වෙලාවට කල්පනාවෙන් ටාගට් කරන් ඉන්න. දන්නෙ නෑ වගේ. ටයිමින් බලන්න. අතුරුදහන් වෙන. පිට වැඩ වැටෙනව කියන. බොහෝ විට ඒ අප්පච්චි කෙනෙක් වෙන්න පුලුවන්. ඒ වගේම මුං කෙල්ල ගැන ගෙදරට කියන්න පස්ස ගහනවා, මොකක් හරි හේතු දාලා මග අරිනව නම් ඌ බැදපු එකෙක් අනිවාර්යයෙන්. උගේ ගැන දැනගන්නකොට පෙරහැරේ කරඪුවත් වඩම්මලා ඉවරයි. තනිකඩයි වගේ පෙන්නන සෝබන කාරයො වැහි වැහැපු සමාජෙක හරි අමාරු වෙයි කොල්ලෙක් හොයාගන්න මොකද කන්‍යා පටලයක් මවලා නෑනෙ පිරිමියගෙ කුමරබ ඹසර මනින්න. මොලෙන්ම තමයි ගේම ගහන්න වෙන්නෙ. බුද්ධිමත් නොවුණොත් සේරම හබක්. 😁 යකෝ බැදලා ලමෙක් හිටියා කියලා අවුලක් නෑ. ඇත්ත කියලා ඉදපලලා. දරුවට අම්මලා ඕන තරම් හොයාගන්න පුලුවන් තාත්තා වැඩකාරය නම්.🤣🤣
    මේ අපිට වගේ.. 😏
    බොරුවෙන් වංචා කරනවට වඩා තිත්ත වුණත් ඇත්ත සුන්දරයි. නිදහස්. ❤

    ◾නපුංසක පෙම්වතා.

    නංගියෙ උඹ හිතන් ඉන්නවනම් කොල්ලා එක්ක ලං වෙන්නෙ මංගල රෑට විතරයි කියලා උඹේ මොලේ පරික්ෂා කරගනින්. උඹ ගන්නෙ පට්ට රිස්ක් එකක්. යකෝ පිරිමි ඉන්නවා සමාජෙ ගෑනියෙක් ගන්නෙ සමහර විට ලෝකෙට පේන්න. උන්ට බෑ ගෑනියෙක් එක්ක ඉන්න. උන් ගතින් පිරිමි වුණ හිතිං ගෑණු. එක්කො ක්ෂනික මෝචන කාරයො. නැත්තම් පොඩි මල්ලිලා. 🤣🤣🤣😉

    මෙ මොක්කු වුණත් ඉස්සෙල්ලා තමන්ගෙ එකා පිරිමියෙක්ද කියලා චෙක් කරන් ඉදපං. නැත්තම් බැදලා උඹව නිදි කරලා ඌ යාවි වෙන එකෙක් එක්ක තුරුල් වෙන්න. මේවා සමාජෙ සිදුවන දේවල්. එක්කො කොල්ලා සමලිංගික, නැත්තම් ලිංගික අප්‍රාණික. මේ වගේ දෙයක් වුණොත් ඌ එක්ක දරුවෙක් මල්ලෙක් හදන් ඉන්න බෑනෙ. එක්කො පිට යන්න වෙනවා. අවදානමට පෙර සූදානම් වීම වටිනවා.ඒ නිසා උඩින් හරි අල්ලලා බලපං පිහිටලා තියනවද කියලා. හැගීමක් දැනීමක් නැති තාපසයෙක් නම් ඌ එක්කො.ලෙඩෙක් නැත්තම් කොලු කාරයෙක්.🤣🤣
    මේ මම දන්න තරමින් ඔය පට්ටම සුදු හරිම ලස්සන උන් ගොඩක් එහෙමයි. 🤣🤣සිරා සිද්දි මේවා. ගල් කාරයො හැම තැනම. සරළව ලස්සන රැවුලක් තිබ්බට, පිරිමි ඇගක් තිබ්බට, රළු කටහඩක් තිබ්බට යටට පෑන්ටි අදින එකෙක් වෙන්න පුලුවන්. ඒ නිසා මංගල රෑ කදුලු බොන්න තියාගන්න එපා. සැරයක් හරි ට්‍රෑල් පලයං. 😏 හැබැයි කල්පනාවෙන්.

    ◾ පොර ටොක් කාරයා.

    බුදු අම්මො මෙන්න ඊලගට ඉන්න අමරුකාරම ඩයල්. මුං තරන් සියල්ල දත්ලා කොහේවත් නෑ. ලෝකෙ වටේම මූට බිස්නස. කන්ටැක්ට්. අර ඇමති. මේ මන්ත්‍රි නතිං. ඒත් බැලුවම ඇති ලබ්බක් නෑ. කයි පොයි ඔන්ලි. මුං එක්ක ගමනක් බිමනක් යන්න බෑ කතා කරන මිනිහා ඉස්සරහා ලෝකෙ නැති බොරු කියලා ලැජ්ජා කරනවා. තමන් අහවලා. අහවලා කිය කිය පොර ජාතකය දෙසනවා. ඒ වගේම මුං සල්ලි පොලියට ගන්න. ඇප අත්සන් කරන්න අනිවාර්යයෙන් උඹවත් පටල ගන්නවා. බදින්න කලින්ම උඹ රස්සවක් කරනවනම් උඹේ නමටත් ලෝන් එකක් අරන් ඒකට විදිනවා. ඉතිං පොර ටෝක් දෙන මේ වගේ ඩයල් එකෙන් දෙකෙන් හලපං.

    ◾ආත බූත පෙම්වතා..

    මේ අපි කතාකරන අවසන් ටයිප් එක. ඇත්තටම ගෙදරට ඕනෙ නිසා කසාදයක් කරන් ඔහේ මලකද වගේ ජීවත් වෙන්නන් වාලෙ ජීවත් වෙන පිරිමි අඩල තමයි මේ ගනේට වැටෙන්නෙ. කිසිම සමාජයක් නෑ. පොතට විතරයි. මේ වගේ උන්ට ප්‍රශ්ණයක් ආවම දරාගන්නත් බෑ. තීරණයක් ගන්නත් බෑ. ගෑනු ඊට හොදයි. හැබැයි මගුල් විසේ කරේ බැදන් ගමේ වන්නම් නටපු සක්කරවට්ටමකට එල්ලෙන්න නියම ටයිප් එක මේක. ඔන්න චාන්ස් එක ඔලුව තියන එකෙක්ට. දෙයියනේ කියලා කාල බීලා ඉන්න පුලුවන්. ගෑණු අඩලෙත් එක්ක. 🤣 මෙහෙම උන්ට කැමති උනුත් ඉන්නවා. ඒ වගේ පිරිමි තමයි මේ වගේ පෝස්ට් වලට බැනැලා කමෙන්ට් දාන්නෙ හැම පිරිමියම ඇඩ්මින් වගේ හිතන්නෙ නෑ කියල. මොකද මේකෙ මම විවිධාකාර පැති පෙන්නදි උන්ට පේන්නෙ උන්ගෙ පැතිකඩ විතරයි. ඉතිං උඹේ කමෙන්ට් එකෙන් මම දන්නවා උඹේ ගෑනි ගැන කියන්න. සරලව ☺️ ඒ වගේ එකෙක් පේජ් එකට 4.8 නෙගිටිව් Review එකකුත් දාලා. මටනම් ගානක් නෑ.. උඹ කියවනවනම් ගෑනි ගැන ටිකක් හොයලා බලපං 😏

    හරි ලිපිය අවසන්. මේකෙ මම කිව්වා පිරිමින් කීපයක් ගැන ඇත්තටම කෙල්ලෙක්ට, ගෑනියෙක්ට උන් එක්ක ගමන්ක් නෑ. පොලවෙ පය ගහල ඇවිදින උත්සාහවන්තයාට හිත දීපං. චන්ඩි, සල්ලාලයො, කුඩුකාරයින්ට අහුවෙලා නිකන් ජීවිතේ කාලකන්නි කරන් අවසානෙ මුලු මහත් පිරිමි සංහතියටම වෛර කරලා අපාගත නොවී මේව කියවලා හැදියන්. තමන්ගෙ තාත්තා වගේ පිරිමියෙක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ. ඒත් එක වතාවක් ජීවිතේ වැරදුනා කියලා දෙවෙනියට ජීවිතේට එබෙන එකා දිහා වපර ඇහෙන් බලන්න එපා. මොකද සුනඛයෙක්ට අහුවෙලා පොල්ල තියන්නෙ මනුස්සයෙක්ට. ගොඩක් තැන් වලදි වෙන්නෙ මේකයි. 💔 ගත්තේ FB Gentlemen's ZONE