දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දේශීය මෘදුකාංග සමාගම් වලට ෂොට් එක දෙන්නද හදන්නේ? එහෙම කොහොමද? PickMe වගේ දේශීය මෘදුකාංග සමාගම් වලට වගේම Uber වැනි විදේශීය මෘදුකාංග සමාගම් වලටත් එක සමාන බද්දක් ගහන්න කියලා මුදල් කාරක සභාව වගේම මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා. එහෙම නොකළොත් මෙම අංශයේ තරගකාරීත්වයක් නැති වෙනවා. දේශීය මෘදුකාංග සමාගම් වලට අවාසියක් වෙනවා. මේක ජනවාරි 01 වෙනිදා වෙනකොට කරන්නයි තිබුණේ. හැබැයි, දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේක කරන්න අදි මදි කරනවා. ඒ කියන්නේ දේශීය මෘදුකාංග සමාගම් වලට ෂොට් එක දෙන්නද හදන්නේ? එහෙම කොහොමද ? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේක අනිවාර්යෙන්ම කළ යුතුයි.