ඔබත්_සිනහවට_රැවටුන්නාද_?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔබත්_සිනහවට_රැවටුන්නාද_?

    ඔබත් සිනහවට රැවටුන්නාද ?

    01-62.jpg


    මින් වසර 1000කට පමණ මත්තෙන් චීනයේ ෂේජියෑන්ග් පළාතේ සිදු වූ එක්තරා සිදුවීමක් පලමුව මා ඔබට විස්තර කරන්නම්. හණ පිළියෙන් කළ බෑගයක් උරයේ රඳවා ගත් ඉතා විශාල උදරයක් සහිත "චිට් ෂූ" නමින් කව්රුත් හඳුනන මෙම සෙන් අනුගාමික චීන ජාතිකයා ෂේජියෑන්ග් පළාතේ වාසය කල තැනැත්තෙකි. දකින්නන්ගේ සිත් තුළට පි‍්‍රයමනාපභාවයක් එක් නො කළ ඔහු පෙනුමෙන්, ඇඳුමෙන්, පැළඳුමෙන් හා හැසිරීම් ආදියෙන් විකාර රූපී අයෙක් විය. අවශ්‍ය මෙන් ම අනවශ්‍ය වූත් විවිධාකාර බඩු බාහිරාදියෙන් සමන්විත ව තිබූ ඔහුගේ බෑගයේ නිතරම රසකැවිලි කිහිපයක් තිබීම නිසා ඔහු වටා වීදි දරුවන් නිරායාසයෙන්ම එක් රොක් වන්නට විය.

    "බූදායි", "හොටෙයි", "පූටායි" මෙන් ම තවත් නම් කිහිපයකින් හැඳින්වූ සෙන් අනුගාමික චීන ජාතිකයා පිළිබඳ ව ඔබ වඩාත් හොඳින් දැන සිටින්නේ "ලාෆින් බුද්ධා" (Laughing Buddha) වශයෙනි. ජීවත්ව සිටින විට දී ඔහු මෙනමින් හැඳින්වූ බවට තහවුරු කළ හැකි කිසිදු සාධකයක් ඉතිහාසය තුළ හමු නො වන අතර මෑත කාලීන චීන ජනයා විසින් මිථ්‍යා විශ්වාස සහ ජනප‍්‍රවාද මත පදනම් ව ඒ අයුරින් ආමන්ත‍්‍රණය කිරීමට පටන් ගත් බව විශ්වාස කළ හැකි ය. අනාගතයේ දී බුද්ධත්වයට පත්වන මෛතී‍්‍ර බුදුන් තමන් බව චිට් ෂූ ප‍්‍රකාශ කළ බවත්, ඔහුගේ පිළිරුවෙහි පවතින නිතර සිනාසෙන ස්වරූපයත් හේතුවෙන් ඔහුට "ලාෆින් බුද්ධා" යන නාමය පටබැඳුණු බවත් විශ්වාස කෙරේ. පුළුල් මාධ්‍ය හැකියාවන් ඇති, එහෙත් පෙරදිග ශිෂ්ටාචාරයන් පිළිබඳ හරි හැටි වැටහීමක් නැති ඇතැම් බටහිර ජාතීන් මෙකී මූර්තිය "බුදුරජාණන් වහන්සේගේ" යි අනවබෝධයෙන් සැලකීම සහ නොයෙක් මිත්‍යා මත ප්‍රකාශකරමින් මෙයට අනුබල දීම නිසාමෙය අද වන විට ලෝකය පුරා පැතිරී හමාරය.

    කුඩා දරුවන් මොහු වටා රොක් වූ මොහොතක, තමන් ළඟ ඇත්නම් ඒ දරුවන්ට යම් රස කැවිලි වර්ගයක් ලබාදීම හැරෙන්නට ඔහු තුළ විශේෂ ආධ්‍යාත්මික සංවරභාවයක් තිබූ බව වාර්තා නො වන අතර, පැහැදිලි බුද්ධ වචනයෙන් වෙනස් වූ මහායානික බලපෑම් සහිත "සෙන්" දහම අදහන්නෙක් විය. පෘථිවි තලයේ ජම්බුද්වීපයෙන් පරිබාහිර වූ දේශයක බෝධිසත්වයන් වහන්සේලා මෙන් ම බුදුරජාණන් වහන්සේලා ද පහළ වන්නේ නැත. එය ලෝක ධර්මතාවයකි. සත්‍යය එසේ තිබිය දී චීනයේ ඉපිද, තමන් මෛතී‍්‍ර බෝධි සත්වයන් වශයෙන් හඳුන්වා දුන් චිට් ෂූ නම් තැනැත්තාව මෛතී‍්‍ර බෝධි සත්වයන් වහන්සේ ලෙස පිළිගෙන ඒ පිළිබඳ ප‍්‍රකාශ කළ සියල්ලෝ ම හසුවී ඇත්තේ සුලූපටු මුළාවක නො වන බව නම් ඉතා පැහැදිලි කරුණකි. අප රට පුරා ද සම්මන්ත‍්‍රණ, වෙළෙඳ ප‍්‍රදර්ශන පවත්වමින් අනර්ථය වපුරා රන් කහවණු සෙවීම දැන් දැන් විශාල ලෙස සිදුවෙමින් පවතී. මෙය ද එහෙව් වෙළෙඳ ගනුදෙනුවක ප‍්‍රතිඵලයක් විය නො හැකි ද?

    ඇතැම් බෞද්ධයන් විසින්ද මෙකී ප‍්‍රතිමාවේ රැඳි රුව ගෞතම බුදුරජාණන් වහන්සේගේ යැයි කල්පනා කිරීම මහත් වූ අභාග්‍යයක් නොවේද ?. මේ තත්ත්වය හැකි ඉක්මනින් නිවැරදි නො කළ හොත් බුද්ධ මන්දිරයේ වැඩ සිටින දෙතිස් මහා පුරුෂ ලක්ෂණානූන බුදුරජාණන් වහන්සේගේ රූපකාය අතුරුදන් ව ඒ වෙනුවට මෙකී විකාරරූපී ප‍්‍රතිමා ආදේශවීමේ අවධානමද අප ඉදිරියේ පවතී.

    ඉතා ම දීර්ඝ කාලයක් පුරාවට පාරමීධම් පුරමින් පැමිණ, අවසානයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විතව මනුලොව ජම්බුද්වීපයේ උපත ලැබූ, ලෝ සත්ත්වයන්ගේ හිතසුව පිණිස තමන් වහන්සේ විසින්ම අවිද්‍යා අන්ධකාරය දුරලමින් ප‍්‍රඥාලෝකය විහිදුවාලූ උතුම්ම මනුෂ්‍ය රත්නය අපි "බුද්ධ" යනුවෙන් හඳුන්වනු ලබයි. දීඝ නිකායේ ලක්ඛණ සූත‍්‍රයට අනුව පහත සඳහන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් උන්වහන්සේ ශෝභමාන වූ සේක.

    01. සුප්පතිට්ඨිත පාද ඇති බව – මනා ව පිහිටි සිරිපා යුග.
    02. සක් ලකුණු ඇති බව – යටි පතුල්වල සියුම් රේඛාවලින් යුත් නිම් වළලූ සහිත සක් ලකුණින් සැදි සොඳුරු පා යුග.
    03. දික් විලූඹ ඇති බව.
    04. දිගු ඇඟිලි ඇති බව
    05. ඍජු සිරුර ඇති බව
    06. සත් තැනක උස් වූ මාංශ පිහිටා ඇති බව.
    07. මෘදු තරුණ අත් පා ඇති බව.
    08. ඉතා නම්‍යශීලී අත් පා ඇති බව.
    09. උස් වූ ගොප් ඇටය (වළලූකර) සහිත පාද ඇති බව.
    10. උඩු අතට සකස් වූ ලොම් ඇති බව.
    11. ඕලූ මුවන්ගේ බඳු කෙණ්ඩා ඇති බව.
    12. දූවිලි නො රඳන සියුම් සමක් ඇති බව.
    13. රන්වන් පැහැයෙන් යුතු සිරුරක් ඇති බව.
    14. රන් කෙමියක බහාලූ ආකාරයට රහසඟ පිහිටා තිබීම.
    15. සම වූ උස මහත ඇති නුග රුකක් සේ ක‍්‍රමාණුකූල ව වැඩුණු ශරීරයකින් යුතු බව.
    16. නො නැමී දණහිස පිරිමැදිය හැකි බව.
    17. සිංහයෙකුගේ බඳු දේහයක් ඇති බව.
    18. පිරුණු පිට කය සහිත දේහයක් ඇති බව.
    19. උසට සරිලන මහතකින් හා උසකින් යුතු දේහයක් ඇති බව.
    20. ඉතා පිරිසිදු ලෙස රසය දැනෙන රස නහරින් යුතු වීම.
    21. ඉතා නිල්වන් නෙත් ඇති බව.
    22. ළදරු වසු පැටවෙකුගේ බඳු දෙනෙත් ඇති බව.
    23. පිරිපුන් නළල ද පිරිපුන් හිස ද ඇති බව.
    24. එක් රෝම කූපයක එක් රෝමයක් පමණක් ඇති බව.
    25. දෙබැම අතර ඌර්ණ රෝම ධාතුවක් ඇති බව.
    26. ශ‍්‍රී මුඛයේ දත් හතළිහකින් යුතු වීම.
    27. දත් අතර සිදුරු නැති බව.
    28. ඉතා විචිත‍්‍ර ලෙස හඬ හැසිරවිය හැකි දිගු පළල් දිවක් තිබීම.
    29. බ‍්‍රහ්ම ස්වරයක් ඇති බව.
    30. සිංහයකුගේ මෙන් පිරිපුන් උඩු හා යටි හණු ඇති බව.
    31. ශ‍්‍රී මුඛයේ සම දත් ඇති බව.
    32. ඉතා සුදු දත් ඇති බව.


    බුදුරජාණන් වහන්සේ යනු රාග, ද්වේෂ, මෝහ පරිපූර්ණව ප‍්‍රහාණය කළ, ලෝකයේ යහපත උදෙසා ජීවිතය කැප කළ අතිශ්‍රේෂ්ඨ, අසමසම ශාස්තෘවරයෙකි. සියලූ දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍යය ධර්මයන්, අන්‍යයන්ට ද අවබෝධ කර ගැනීම පිණිස, ඉතා සුන්දර ලෙස, ඉතා පැහැදිලි ලෙස, පැහැදිලි වචනවලින්, පැහැදිලි අර්ථවලින් දේශනා කොට වදාළ නිසා "බුද්ධ" වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් හෙබි වූ රන්වන් මනස්කාන්ත රූ ශෝභාවකින් ද, මනා ලෙස දමනය වූ ඉඳුරන්ගෙන් ද යුතු විය. "බුද්ධ" නම් ගුණ ඇති තථාගතයන් වහන්සේ එවන් වූ අසහාය උත්තමයෙකි. එසේ නම් මොහු…? "චිට් ෂූ" නම් වූ මෙම පුද්ගලයා උදෙසා හෝ ඔහුගේ ප‍්‍රතිමා උදෙසා හෝ "බුද්ධ" යන ශ‍්‍රී නාමය භාවිතා කිරීමට කෙතරම් අකැප ද? අසාධාරණ ද? යන්න සමස්ත බුද්ධිමතුන්ගේ නැණවත් අවධානයට යොමු විය යුතු කරුණකි.

    02-61.jpg

    විවිධ ඉරියව්වලින් මෙන් ම විවිධ ලෝහයන්ගෙන් තැනුණු මෙම සිනාසෙන මිනිසාගේ ප‍්‍රතිමා චීනයේ විහාරාරාම, නිවාස, ආපනශාලා, වෙළෙඳ සැල්වල සුලභ දසුනකි. බලූ නඟුටෙන් පවා වාසනාව, ධන ලාභ හා සශ‍්‍රීකත්වය ලැබෙන්නේ යැයි හිස් මත දරන්නන් විසින් ශී‍්‍ර ලංකාව තුළ ද මෙම මිථ්‍යාව දරුණු ලෙස ව්‍යාප්ත කරමින් සිටියි. මෙම ප‍්‍රතිමාවේ සිටින මෙම පුද්ගලයාගේ විශාල උදරය දිනපතා පිරිමැදීමෙන් වාසනාව, සශී‍්‍රකත්වය, ධනය ලබාගත හැකි බවත්, මෙම ප‍්‍රතිමා මඟින් ආයතනයක හා පුද්ගලයන්ගේ ඍණ බලපෑම් උරා ගන්නා බවත්, ධන බලපෑම් මුදාහරින බවත් සත්‍යය නො දත් ජනතාව මුළාවෙහි දැමීම පිණිස උපයෝගී කරගන්නා තවත් මුසාවන්ය. තවද මෙවැනි ප‍්‍රතිමාවක් නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ තබා ගැනීම මංගල කාරණාවක් ලෙසින්ද හුවා දක්වමින් සාවද්‍ය මිත්‍යා මත පතුරුවයි.

    සැබැවින් ම මංගල කරුණු දැනගනු රිසියෝ ගෞතම බුදුරජාණන් වහන්සේ සියලූ දෙව්මිනිසුන්ගේ හිතසුව පිණිස "මහා මංගල සූත‍්‍රය" තුළින් ලොවට හෙළි කළ ඒ උතුම් මංගල කාරණා තිස් අට නිවැරදි ව දැන දිවියට සියලූ යහපත උදා කර ගනිත්වා ! සැබෑ ම යහපත ගැන ලෝකයට දේශනා කළ මුනිවරයන් වහන්සේගේ රැකවරණය ලබා ගැනීමට සිත් යොමු වේවා ! ආළවක සූත‍්‍රයේ සඳහන් අයුරින් ධනය උපයාගෙන සැපවත් ජීවිත ඇති කරගන්නට සැම හට වාසනාව උදා වේවා !

    බාරගෙන එන වගකීම් හැම
    වීරියෙන් කටයුතු ද කරනා
    නො පසුබසිනා වීරියෙන් යුතු
    කෙනෙකු වේ නම්
    රැස් කරයි හේ සියලූ ධනය ම…!


    ආළවක සූත‍්‍රය – සුත්ත නිපාතය)

    උපුටාගැනීමකි . . .


     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    පිස්සු නැත්තම් හොඳයි.. කාට නැතත් මේකෙන් ආසිරි වනිගරත්නට නම් වාසනාව උදාවුනා.. :lol:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    රැවටුණේ නම් නෑ:no::no:
    11.gif
    බාරගෙන එන වගකීම් හැම
    වීරියෙන් කටයුතු ද කරනා
    නො පසුබසිනා වීරියෙන් යුතු
    කෙනෙකු වේ නම්
    රැස් කරයි හේ සියලූ ධනය ම…!
    11.gif

    REP ADDED
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිස්සු නැත්තම් හොඳයි.. කාට නැතත් මේකෙන් ආසිරි වනිගරත්නට නම් වාසනාව උදාවුනා.. :lol:

    මට ඕකව පේන්න බෑ බං. ගේමක් නැතුව අතේ පැලවෙන බොරු කියනවා බං හිනාවේවි. අපේ අම්මලත් උඩ පැන පැන බලන්නේ.
    :growl::growl::growl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මට ඕකව පේන්න බෑ බං. ගේමක් නැතුව අතේ පැලවෙන බොරු කියනවා බං හිනාවේවි. අපේ අම්මලත් උඩ පැන පැන බලන්නේ.
    :growl::growl::growl:

    සරලව කිව්වොත් උන් දක්ෂ මනෝ වෛද්‍යවරු වගේ කාලයක් දනාත්මක චින්තන කියල සෙට් එකක් පොත් විකුණුව දැන් මොකද්ද සගරාවක් තින්නේ ඔබ බඩා ගේ පිළිම විකුණන් එකත් එහෙම තමයි අපේ රටේ ගෑනු අහු වෙනවා ගින්නක් නැතුව
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ලක්ෂපතියකු වන්නේ කෙසේද කියලා පොතක් අච්චු ගැහුවලු මිනිහෙක්
    ඒ මිනිහා පස්සේ කාලෙක පට්ටම විදියට සල්ලි කාරයෙක් වුනාලු
    මොකද හැම එකාම ඒ පොත ගත්තලු සල්ලි කාරයෙක් වෙන්නේ කොහොමද කියලා බලන්න

    අන්න ඒක තමා ඔය ආසිරි වනිගරත්න කියන හෝහපුටුවා කලේ
    දෙරණේ එහෙම උදේට උදේට යන්නේ උගෙ බයිලා
    අපි බලනවා ඒක . මොකද ඌ කියන ගොන් කතා ඇහුවම කකා ඉන්න කෑම දිරවනවා හොදට. ඌ තියන සම්මන්ත්‍රණ වලට හෙන සෙනගක් එනවා. දුක හිතෙනවා අනේ මෙහෙමත් මෝඩ තකතීරු මිනිස්සු කියලා

    අපේ මිනිස්සු කැමතියි අත පය හොල්ලන්නේ නැතිව පට පට ගාල සල්ලි හොයන්න. අන්න ඒ කම්මැලිකම තමා මේ යකා දඩමීමා කරගත්තේ


     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගොං පාට් බං හැම රෙද්දම. ගේ හරියට හදල නැත්තං හරියන්නෑලු. ළිඳ වැරදි දිශාවෙ තිබ්බම ආර්ථිකය අයහපත් වෙනවලු.

    මෝඩ හරක්. තමන්ගෙ කාලකණ්නි කම වෙන වෙන ඒවට පටවනව
    :baffled::baffled:
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මට ඕකව පේන්න බෑ බං. ගේමක් නැතුව අතේ පැලවෙන බොරු කියනවා බං හිනාවේවි. අපේ අම්මලත් උඩ පැන පැන බලන්නේ.
    :growl::growl::growl:
    ඕවට යන එවුන්ට ගහන්න ඕනේ.. දැන් මිනිහගේ අලුත්ම business එක ඝණ දෙවියන් විකුණගෙන කෑම..

    :rofl::lol::yes: එකෙන්ම........
    :yes:

    rep++



    e kawda bn??
    අර ෆෙන්ෂුයි කියල කෙහෙල්මලක් ලංකාවට උස්සන් ආවේ.. හන්දියක් හන්දියක් ගානේ මිනිහගේ කඩවල් තියෙනවා දැන්..
    ගොං පාට් බං හැම රෙද්දම. ගේ හරියට හදල නැත්තං හරියන්නෑලු. ළිඳ වැරදි දිශාවෙ තිබ්බම ආර්ථිකය අයහපත් වෙනවලු.

    මෝඩ හරක්. තමන්ගෙ කාලකණ්නි කම වෙන වෙන ඒවට පටවනව
    :baffled::baffled:
    වාස්තු විද්‍යාවේ ඇත්තක් තියෙනවා.. ඒක මම පෞද්ගලිකව අත්දැකලා තියෙනවා.. ඒ උනාට මූ කරන්නේ අමු බොරුව..