#ඔබත්_සෙසේජස්_කරලෙ_දෙපැත්ත_කපලද_බදින්නෙ

cat123

Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    🙃
    🙃
    🙃
    🙃
    🙃
    🙃
    🙃
    🙃
    #ඔබත්_සෙසේජස්_කරලෙ_දෙපැත්ත_කපලද_බදින්නෙ

    118792904_3252799191467085_7970197915419184548_o.jpg


    ජොසී පුරුදු විදිහටම සොසේජස් කරල් හතරේ දෙපැත්තෙ කොන් ටික කපලා බැදෙන්න තෙල් තාච්චියට දැම්මා ,
    ඇයි අම්මා හැමදාම සොසේජස් වල කොන්ss# දෙක කපලා බදින්නෙ ? දුව රෝසි ජොසී ගෙන් ඇහුවා .

    හේතුව නම් හරියට දන්නෙ නැහැ , මන් පොඩි කාලෙ ඔයාගේ ආච්චි අම්මා සොසේජස් බදින්නෙ එහෙම තමයි.ඉතින් ඒ නිසා මමත් ඒක කරනවා ..

    ඉතින් අම්මා ආච්චිගෙන් ඇහුවෙ නැද්ද ඇයි එහෙම කරන්නෙ කියලා ..

    මොකක් හරි හේතුවක් හින්දනෙ එහෙම කරන්න ඇත්තේ , හැබැයි හේතුව නම් මන් අහල නැහැ , ඔයාට ඕනෙ නම් ඔයා අහන්නකො ..
    ආච්චි අම්මා , ඇයි ආච්චි අම්මා සොසේජස් බදින්න කලින් කොන කපලා අයින් කරන්නෙ ??

    මගේ අම්මා ,ඒ කියන්නෙ ඔයාගෙ අත්තම්මා අයිනෙ කොන් දෙක කපල තමයි සොසේජස් බැද්දේ , ඉතින් මමත් කළා .හේතුව මොකක්ද කියලා නම් අහලා නැහැ .අත්තම්මාට වයස උනාට තාම හොඳට සිහිය තියනවා , දුවම අහලා බලන්නකෝ ..

    අත්තම්මේ , ආච්චි අම්මත් සොසේජස් බදින්නෙ කොන් දෙක කපලා , අපේ අම්මත් එහෙමයි ..ආච්චි අම්මා කියනවා අත්තම්මා කරපු නිසා කළා කියලා , අපේ අම්මා කියනවා ආච්චි අම්මා එහෙම බැදපු නිසා එයත් එහෙම කරනවා කියලා , හැබැයි කව්රුවත් හේතුව දන්නේ නැහැ .ඇයි අත්තම්මේ සොසේජස් වල කොන් කපලා බදින්නෙ ...

    ඉස්සර මට තිබ්බෙ එකම එක පොඩි තාච්චියක් විතරයි.සොසේජස් කරලම දාන්න ඒකෙ ඉඩ මදි , ඉතින් අයිනේ කෑලි දෙක කපලා තාච්චියෙ ගානට සොසේජස් කරල කපලා බැද්දා ..නැතුව වෙන හේතුවක් නැහැ දුවේ , ඔයාගේ අම්මට ලොකු තාච්චි තියෙද්දී මොකටද කපලා බදින්නෙ ? ඔයාගෙ ආච්චිවත් , අම්මවත් මගෙන් මේ ගැන අහලත් නැහැ , මම කියලත් නැහැ , අපරාදෙ මෙච්චර කල් විසිකරපු සොසේජස් කොන් කෑලි ....
    .........................................................

    කතාව සරළ උනාට , මේක ඇතුලෙ ගොඩක් දේවල් හැංගිලා තියනවා ,

    ♠️
    ගෑණු ළමයෙක් ඉපදීමත් බරක් විදිහට හිතපු , ගෑණු ගෙවල් වලටම සීමා වෙලා හිටපු ඉස්සර කාලෙ , ගෑණු දරුවෙක් මල්වර උනාම , ඇය දීගෙක යන්න සුදුසුයි කියලා ගම් පළාත දැනුවත් කරලා , ඉක්මනට මනමාලයෙක් හොයාගන්න ඕනේ නිසා , මල්වර වීම ගම් හතටම කියලා සැමරුවා , එහෙම වදෙන් පොරෙන් ගෑණු බන්දන්න වුවමනාවක් නැති වර්තමානේ තාමත් ඉහලින් සමරන කොටහළු මගුල් ,

    ♠️
    ඉස්සර ගෙවල් වල මගුල් ගන්න කාලෙ මනමාලයා ඇවිත් එදාම මනමාලිව ගෙදර එක්කන් යන හින්දා ගෙවල් දෙකේම සමරපු දවස් දෙක , සති ගණන් හනි මූන් ගිහින් වෙනම පදිංචියට යද්දිත් හෝටල් දෙකක සමරන පළවෙනි දවස සහ දෙවැනි දවස ,

    ♠️
    පවුලේ දරුවො ඔක්කොම බැඳලා වෙන් වෙලා ගිහාම ගෙදර ඉතුරු වෙන පොඩි පුතා දෙමව්පියො බලාගන්න මහ ගෙදර නවතින නිසා මහ ගෙදර අයිතිය ඉස්සර කාලෙ පොඩි පුතාට දීපු නිසා , දෙමව්පියෝ ලොකු දුව ළඟ ඉඳිද්දිත් පිටරට ඉන්න පොඩි පුතාගෙ තනි අයිතියට ලියන මහ ගෙවල් ,

    ♠️
    වෙල් උඩින් පැනගෙන එන මනමාලයගේ කකුලේ ගෑවුනු මඩ එදා හෝදපු පුරුද්දට අද ෆුල් සූට් ගහලා බෙන්ස් එකේ බහින මනමාලයගේ කන්නඩිය වගේ පොලිෂ් කරපු සපත්තුවට වතුර වක් කරනවා

    ♠️
    ඉස්සර මිනිස්සු ගමන් බිමන්වලට පාවිච්චි කලේ ගොං කරත්ත. ගොඩක් ගමන් කලාම ගොනාගෙ කකුල්වල කුර තුවාල වෙනව. ඒව පැසවල තුවල වැඩි වෙනව ගමන් කරනකොට විශබීජ ඇතුල් වෙලා. ඒක නිසා ඉස්සර ගොං කරත්තයක් ගමනක් යන්න කලින් ගොං කුරවලට පෑගෙන්න දෙහි ගෙඩියක් මිරිස් කරලක් තිබ්බ විශබීජ විනාශ වෙලා තුවාල හොද වෙන්න. අදටත් මේක පුරුද්දට ගිහින් වාහන රෝදවලට දෙහි ගෙඩි තියනව යට වෙන්න

    ♠️
    ඉස්සර ගෑණු රස්සා නොකර ජීවිත කාලෙම සැමියාගෙන් යැපෙන නිසා බැඳලා යද්දී ගොඩ මඩ , ලී බඩු ටිකක් එක්ක පිට කරපු එක අද රස්සාවල් කරන ගෑණු බඳීද්දීත් හොයන දෑවැදි
    ගැන හිතුවම ,

    සොසේජස් කතාව ලංකා වාසී අපිට මොන තරම් අදාලද කියලා හිතෙනවා නේද ?
    හේතුවක් නැතුව , හේතුවක් හොයන්නෙ නැතුව , පරම්පරාවෙන් පරම්පරාවට ඔහේ පැවතගෙන යන කාලෙට නොගැලපෙන තව කොච්චරක් දේවල් අපි කරේ තියන් ගෙනියනවද ?

    උපුටා ගැනීම - FB
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BUMP
    වෙල් උඩින් පැනගෙන එන මනමාලයගේ කකුලේ ගෑවුනු මඩ එදා හෝදපු පුරුද්දට අද ෆුල් සූට් ගහලා බෙන්ස් එකේ බහින මනමාලයගේ කන්නඩිය වගේ පොලිෂ් කරපු සපත්තුවට වතුර වක් කරනවා
    මේක නම් කරන්නෙ මුද්ද ගන්න 😂 😂 😂 😂
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දෙහි විසබීජ නාශකයක් කියලා දැනගෙන හිටියට අමුමිරිස් විසබීජ නාශකයක් කියලා දැනගත්තේ නම් අද 😁😁😁😁😁.
     
    • Like
    Reactions: NRTG